සිංහල බ්ලොග්කරණ තරගාවලිය – මාධ්‍ය සාකච්ඡාව දා… සහ තවත් අතුරු කතා 17

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව පවත්වනු ලබන “අසෙනිය කුසුම” භාෂා හා සාහිත්‍ය කළා උළෙල හා සමගාමීව පැවැත්වෙන  සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ මාධ්‍ය  සාකච්ඡාව හා සංකේතාත්මක අනුග්‍රාහක චෙක්පත් ලබාදීම පසුගිය බ්‍රහස්පතින්දා දින (2009 මැයි මස 24 වැනිදා) පැවැත්වුනා.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) පූර්ණ අනුග්‍රාහක මේ සඳහා හිමිවීම තවත් සුවිශේෂී කරුණක්. මෙම අවස්ථාව ‍කොළඹ රාජකීය විද්‍යාලයේ ඉතිහාසයේ රන් අකුරෙන් සටහන් වනවාට කිසිදු සැකයක් නැහැ.

මෙම අවස්ථාව සඳහා සහභාගී වු කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක තිෂ්‍ය වික්‍රමසිංහ විසින් පැමිණ සිටි පිරිස පිළිගත් අවස්ථාවයි මේ…

4332_1177407714986_1221911471_30517251_8101294_n1

කොළඹ රාජකීය විද්‍යාලයේ ගරු විදුහල්පති උපාලි ගුණසේකර මැතිඳුන් මාධ්‍ය ඇමතූ අවස්ථාවයි මේ…

4332_1177408034994_1221911471_30517259_3669729_n1

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ සභාපති ලක්පති විජේසේකර සොහොයුරා සභාව අමතමින් මෙහි අරමුණ හා ඉදිරිදැක්ම ප්‍රකාශ කළ අවස්ථාවයි මේ දැක්වෙන්නේ…

කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය වෙනුවෙන් සිංහල බ්ලොග්කරණ තරගාවලියේ ව්‍යාපෘති නිලධාරී සුපුන් සුදාරක (මම 😉 ), සිංහල බ්ලොග්කරණ තරඟාවලිය පිළිබඳ ‍තොරතුරු හා පැහැදිලි කිරීම් ඉදිරිපත් කරනු ලැබුවේ මේ ආකාරයටයි…

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සන්නිවේදන හා ජනමාධ්‍ය අංශයේ වැඩසහන් ප්‍රධානී, අතුල පුෂ්පකුමාර මහතා මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මෙහි පූර්ණ අනුග්‍රාහකත්වය ලබාගැනීම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සිදුකරනු ලැබුවා… ඒ, මේ ආකාරයටයි…

ඉන් අනතුරුව කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය භාර ආචාරිණී ඉන්ද්‍රා මාදුගොඩ ගුරුතුමිය මාධ්‍ය ඇමතුවේ මේ ආකාරයෙන්.

4332_1177418315251_1221911471_30517333_4016627_n1

අවසාන වශයෙන් සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ ලේකම් ලහිරු වික්‍රමසිංහ සොහොයුරා මාධ්‍ය අමතමින් මෙම අවස්ථාව සඳහා සහභාගි වූ සියලුම දෙනා වෙනුවෙන් තම ස්තූතිය පුදකරනු ලැබුවා.

4332_1177418515256_1221911471_30517338_3957330_n

මේ එම අනුග්‍රාහක චෙක්පත සංකේතාත්මකව ලබාදුන් අවස්ථාවයි…

හරි. ඒ ප්‍රධාන කතාව. දැන්…. අතුරු කතාව.
මේ කටයුත්ත පිටිපස්සේ තවත් බොහෝ පිරිසක් ඒක රාශී වෙලා සිටිනවා. දැනට බ්ලොග්කරණයේ නියැලෙන කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් වන අන්ජු ජයතිලක, වරුණ ඉද්දමල්ගොඩ, කසුන් කපුරුබණ්ඩාර යන සොහොයුරන්ගෙන් මේ සඳහා ලැබෙන්නේ නොමඳ සහයෝගයක්. ඔවුන් නැතිනම් මෙම කටයුත්ත ඉතාමත් දුෂ්කර කාර්යයක් වනවාට කිසිදු සැකයක් නැහැ. ඒ වගේම කොළඹ රාජකීය විද්‍යාලය තුල සිසුන් කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබන LE ROYALE නිදහස් මාධ්‍ය ඒකකයත් අමතක කළ ‍නොහැකි මාතෘකාවක්. සිසුන් සිය ස්වේච්ඡාවෙන් පාසලේ සිදුවන සියලුම කටයුතු සඳහා පුළුල් ප්‍රචාරණයක් අන්තර්ජාලය තුල ගෙනයමින් පවතිනවා. මෙය ඉතාමත් සුවිශේෂී, එමෙන්ම භාරදූර කාර්යයක්. වගකීමක්. මෙම අවස්ථාවත් ඔවුන්ගේ ආවරණයට ලක් කර අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අපගේ නොමඳ ස්තූතිය පුද කෙරෙන බව දැන්වීමට කැමතියි.

මෙයට අමතරව මෙම කටයුත්ත සඳහා අනුග්‍රාහකත්වය සපයන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණ නි‍යෝජිතායතනය සුවිශේෂීයි. මේ සඳහා අවශ්‍ය කරන සියලූම තාක්ෂණික දැනුම, තාක්ෂණික පහසුකම් ලබාදෙමින් ඔවුන් ලබාදෙන සහයෝගය මෙම කටයුත්තේ සාර්ථකත්වය සඳහා ඉතාමත් වැදගත්. ඔවුන්ගේ ආයතනය අපට විවෘත කරමින් දින දෙකක් ඇතුලත ඉතාමත් ක්ෂණික සංවිධානය වු මෙම මාධ්‍ය සාකච්ඡාවට උපකාර කරමින් ඔවුන් දැක්වූ සහයෝගය අපට අමතක කළ නොහැකියි. විශේෂයෙන්ම ප්‍රියංක ආරියසුමන මහතා සහ ශාමෙන් පි‍ල්ලේ මෙනෙවිය මෙ‍හිදී අමතක කළ නොහැකි සුවිශේෂී චරිත දෙකක්. සෑම අවස්ථාවකම අපට උපදෙස්, පහසුකම් සපයමින් ඉතාමත් සුවි‍ශේෂී කාර්යභාරයක් ඉටු කරන ලද චරිත දෙකක් ඒ…

සිංහල බ්ලොග්කරණ තරගාවලිය ජුනි මස සිට අ‍ගෝස්තු මාසය දක්වා කාලය තුල පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙනඒමට අප www.sahithya.lk වෙබ් අඩවිය හරහා සුදානමින් සිටින බව ඔබට මෙයින් දැනුම්දීමට කැමතියි. තරඟාවලිය පිළිබඳ තොරතුරු ඔබට ‍මේ හරහා ලබාගැනීමට හැකියි. අප මාධ්‍ය නිවේදනය ලබාගැනීමට මෙම වෙබ් පිටුවට පිවිසෙන්න.

සිංහල බ්ලොග්කරුවනි, සූදානමින් සිටින්න!
තරගාවලිය පිළිබඳ තොරතුරු www.sahithya.lk වෙබ් අඩවිය හරහා බලා පොරොත්තු වන්න.

ඩනිෂ්කගේ දින පොත – සාහිත්‍ය.lk

දෙබස – Podcast episode 01 – පළමු වැඩසටහන : sahithya.lk සහ වෙනත් කතා

Lakpathy’s Blog – Press Release

17 thoughts on “සිංහල බ්ලොග්කරණ තරගාවලිය – මාධ්‍ය සාකච්ඡාව දා… සහ තවත් අතුරු කතා

  1. Reply Anandawardhana May 24,2009 3:20 pm

    අනර්ඝයි! ව්‍යාපෘතිය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා! ජය වේවා!
    🙂

  2. Reply පාලිත May 24,2009 5:17 pm

    නියමයි මල්ලි, සාහිත්‍ය අළුත් මානයකට යන්න ඕන. එතනදි හංදියේ කඩේ කතන්දර, බස්‍එකේ කතන්දර වලින් එහාට ගිහිං සාහිත්‍ය සොයාගෙන යනවා වගේ බ්ලොග්වලත් හංදියේ කතා හරි, ලිදලග කතාවලට වඩා සාහිත්‍ය සංගමයක් විදිහට ඒ දෙස බැළුවනම් හොදයිද කියලත් හිතෙනවා. කොහොම වුනත් මොන කතාව කරන්න වුනත් මාධ්‍යයක් තියෙන්න ඕනනේ. ඒ සදහා මෙම මාධ්‍ය ප්‍රචලිත කරන එක බොහෝම ඇගයිය යුත්තක්. ජය වේවා! පුලුවන් සහයෝගයක් අපිත් දෙන්නම්.

  3. Reply සමීර ශාකුන්තල May 24,2009 5:44 pm

    අපූරුයි. සිංහල භාෂාවෙ උන්නතිය සඳහා මේ වගේ ව්‍යාපෘති බොහොම වැදගත්. 🙂

  4. Reply -සමබර- May 24,2009 6:45 pm

    ඉතාමත් සුබවාදී පැතිකඩක ආරම්භයක්..මෙම වෑයම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!! සුබපැතුම්!!

  5. Reply ගයන්ත May 24,2009 7:04 pm

    හොඳ වැඩසටහනකට අත ගහල තියෙන්නෙ…

    එළ එළ… ‍ඔහොම යං.. 😀


    උඹේ කතාව තමයි කතාව.
    මොකෝ ඒ ‘ප’යන්නට විතරක් තඩි ‘බේස්’ ප්‍රහාරයක් වදින්නෙ 😛

  6. Reply Thilina May 24,2009 7:05 pm

    එළ වැඩක් බව පේනවා. ජය වේවා! උඹේ කතාව ඉතින් විනාඩි 10 ක් විතර තියෙනවනේ. ටිකයි අහන්න ලැබුනේ සම්පූර්ණායන් අහන්න 22.7MB අන්තර්ජාල වත්කමක් ම‍ට නැහැ

  7. Reply Supun Sudaraka May 24,2009 11:23 pm

    @Anandawardhana- බොහොම ස්තූතියි 🙂 ඔබතුමාගෙන් ලැබෙන උදව්තුත් ඉතින් අමතක කරන්න බෑ!
    @පාලිත- බොහොම ස්තූතියි. අනිවාර්යයෙන්ම මෙම ඉසව්ව වඩාත් ඵළදායී කාර්යයක් සඳහා යොදවන්නයි අපේ බලාපොරොත්තුව
    @සමීර ශාකුන්තල- ඔව්, ඔන්න අපිට අනිවාර්යයෙන්ම USCS එකේ අයගේ බ්ලොග් ටිකකුත් එකතු කරගන්න ඕනේ… 😉
    @-සමබර- බොහොමත්ම ස්තූතියි.
    @ගයන්ත- ‍බොහොම ස්තූතියි. අනේ මන්දා… අකුරේ වැරැද්දක් වෙන්න ඇති 😀
    @Thilina- බොහොම ස්තූතියි. ඇහුවේ නැතිවාට ‍මොකෝ… ඔන්න තරගෙට නම් සහභාගී වෙන්න ඕනෑ… 😉

  8. Reply -බිன்ku- May 25,2009 6:59 am

    ප්‍රමාදයට කණගාටුව, මුලින් මම මේක බැලුවේ පන්සලේ ඉඳන්නේ.

    නියමයි මල්ලී, ඔයාලා කස්ටියටම මම හඳවතින්ම සුභ පතනවා මේ කටයුත්තට. දිගටම කරන්න, ඒ ආකාරයෙන්ම අනෙක් ඉසව් ගැනත් යොමු කරන්න පුලුවන් වෙවි.

    සුභාසිරි!

  9. Reply Supun Sudaraka May 25,2009 8:39 am

    @බින්කු- බොහොම ස්තූතියි 🙂

  10. Reply හිරන්‍යා May 25,2009 1:31 pm

    ඉතාමත්ම හොඳ වැඩක්.

    මෙය සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.

  11. Reply nidhahasa May 25,2009 3:27 pm

    ජයවේවා සුදාරක.

  12. Reply මනුශාන් May 26,2009 7:06 am

    එළ වැඩේ සුදා
    මේ වැඩේ සාර්ථකව කරගෙන යන්න මගෙන් සුබ පැතුම්.

  13. Reply kasun May 27,2009 9:36 am

    සුබපැතුම්!!

  14. Reply Supun Sudaraka Jun 5,2009 7:43 am

    @හිරන්‍යා, nidhahasa, මනුශාන්, kasun- බොහොම ස්තූතියි 🙂

  15. Reply වසන්ත Jul 3,2009 10:58 pm

    මගේනුත් මේ පෙරටුගාමී වැඩේ ට සුභ පැතුම්!
    මට මතකයි සුදාරක ගිනි නරියා සිංහල වෙළුම නිතුත් කළ වෙලේ ඇති වුනු කුණාටුවට අහු වෙලා ලිව්වා “චී චී ලැජ්ජයි ICTA” කියලා බ්ලොග් එකක්. සුදාරකත් කාලිංගත් එකතු ව පසුව ඒ ගැන සොයා බලා පසු කටයුතු කලත් එයින් ඉක්ටා එකටත් කරුණු පැහැදිලි කරන්න මැදිහත් වුනු මටත් සෑහෙන්න අපවාද ලැබුනා. මට ඍණාත්මක වුනත් අමු මිරිස් ආදි බ්ලොග් වලින් විශාල ප්‍රසිද්ධියකුත් ලැබුනා:)
    දැන් මේ සම්බන්ධයෙන් නම් සුදාරක ඉක්ටා එකෙන් ලද සහය අගය කරනවා. මේ වෙලාවෙ හොඳත් ඒ වෙලාවෙ නරකත් දෙකම ලැබුනේ ක්ටා එකෙන් තොරතුරු කාක්‍ෂණ දේයකරණය සම්බන්ධයෙන් නිසා දැන් ඔබ මේ ගැ ආපසු හැරී බැලීමේදී දකින හැටි කිව්වොත් හෙදයි නේද! මේ ලිව්වේ ප්‍රශස්ති පලාපොරොත්තුවෙන් නම නොවේ!

  16. Reply Supun Sudaraka Jul 3,2009 11:29 pm

    @වසන්ත- ඔව් අනිවාර්යයෙන්ම. මේ කරුණු දෙක ගැනම මේ ව්‍යාපෘතියේ අවසානයේ ලියන්න හිටියේ. ‍අනිවාර්යයෙන්ම ලියනවා. ඒ ගැන කිසිම දෙගිඩියාවක් අවශ්‍ය නෑ 🙂

  17. Reply Charana Widuranga Aug 6,2009 9:01 pm

    එල එල මස්සිනා… වැඩේට සුබ පතනවා….!!!

Leave a Reply

%d bloggers like this: