Skip to content

ඊළඟ බ්ලොග් සටහනකට පෙරවදනක් සමඟින් තවත් බොහෝ දෑ

මැයි 16, 2009

අලුත්ම අලුත් උණු උණු ප්‍රවෘත්ති වටින් ගොඩින් ඇහෙනාතුරේ (ඇහෙන + අතරතුරේ) TV එක දැම්මේ නිළ වශයෙන් තහවුරු කරන ලද ( ;) ) ප්‍රවෘත්ති මොනවාද කියලා දැනගන්නයි. චැනල් මාරු කරනාතුරේ සුදාරක‍ට වුනේ කබලෙන් ලිපට වැටෙන්නයි. එක චැනල්ලෙකක සින්දු කියනවා. ඒකේ තරඟකරුවෝ විනිසුරු උතුමන්ගේ රෙදි ගලවලා යන නිසාත්… ඒවා කොටු කොටු දාලා වහන්නැති නිසාත්… ටීක්! ටීක්!! ගාලා ශබ්ද වාරණ දාන්නේ නැති නිසාත්… ඊළඟ චැනල් එකට මාරු කරාම ඒකෙත් හත්වලාමේ මෙන්න සින්දු කියනවා. ඉතින් මොකද කරේ. එබුවා ඊළඟ අංකේ රිමෝට් එකේ. මෙන්න මේකේ නටනවා! නිකම් නෙවෙයි. තර‍ඟෙට නටනවා. එළ එළ! උන්ගේ පාඩුවේ උන් ඔහේ නැටුමක් නටාගනිච්චාවේ කියලා තව චැනල් එකකට මාරු වෙද්දී… මෙන්න අම්මලා තර‍ඟයෙන් දිනන්න පොඩි එවුන් ‍නටෝනවා. පොඩි එවුන් දැන් අම්මලා තාත්තලා නටවද්දී ඕකත් මහලොකු දෙයක්ද කියලා, ඊළඟ චැනල්ලෙකට (චැනල්+එකට) මාරු වුන සුදාරක දැක්කේ ආච්චිලා සීයලා නටනවා… ෂහ්… හැටපැන්නත් වඳුරා බිමිං නොයයි කියන කියමන සුදාරකට සර්වකාලීනයි වගේ හැඟිච්ච නිසා ආයෙත් මාරු කරලා චැනල්ලෙක. හත්වලාමයි! මෙන්න බොලේ එක කොල්ලාට කෙල්ලෝ හැට හුටාමාරක්! :-o මයේ අම්මෝ… මෙහෙමත් ගෑනු තොගයක් අපිට ආදරේට අපේ පස්සෙන් ඇඳුම් තෝර-තෝර-නට-නට-කව-කව ආවොත් කොහොම හිටියිද කියලා හිතනකොට… සුදාරක හිතුවේ තරුව තමං වෙලා එක තරඟකාරියකට විතරක් තර‍ඟෙට එන්න දීලා නිතරඟයෙන්ම දිනන්න දෙන තරඟයක් ගැන. ඒත් ඒක එච්චර නුවනටයි නුවණටයි දෙකටම හුරු තරඟයක් නොවන නිසා වැඩේ පොඩ්ඩක් අතුගාලා දාලා හ‍දවතේ කොනකට ගොඩගහලා තිබ්බ කුණුකන්දල් ගොඩට එකතු කරා.

රෑට රෑට ආකාසෙ පායන තරු වලට අමතරව මෑතකදි ‍ගේ ඇතුලේ පායන්න පටන්ගත්තු තරු ගැන හිත හිත ඉන්න සුදාරකට රෑ වුනත් දවල් තරු පෙනුනේ උගුරට හොරා බෙහෙත් ‍බොනවා ව‍‍ගේ ළඟකදී ඉඳන් කරන ලයිට් කැපිල්ල සිද්ධවුනාම. බල බල හිටපු ‍පොතේ අන්තිම හරිය කියවන්න බැරි වෙන බව මතක්වුනාමයි. සුදාරක‍ ටෝච් එළියෙන් හරි “අටවක පුත්තු” පොත කියවන්න උත්සාහ ගත්තේ ඒ තරම් පොත ගැන පිස්සු වැටිලා හිටපු නිසාමයි. දමයන්තට මොකද වුනේ? රෙජින නෝනා මැරුනාද? දිල්කි ආදරේ කියලා කියාවිද? අනෝමක්කා මැරුවාද? “මැරුනාද?” මාර ප්‍රශ්න තොගයයි! ආපහු ලයිට්ටාපු දවසක “අටවක පුත්තු” ‍පොත ගැන බ්ලොග් සටහනකින් ලියන්න හිතේ තියාගෙන සුදාරක නින්දට යනවා…

මෙහි සමහරක් දෑ කල්පිතයක් පමණි! ලයිට් නැතුව කොහොමෙයි මේ බ්ලොග් පෝස්ට් එක ලිව්වේ? ඉතින් ඒක කල්පිතයක්ම විතරයි!

ප්‍රතිචාර 5 leave one →
  1. මැයි 16, 2009 11:57 ප.ව.

    ඇයි මං නම් ups එකේ කංක‍රච්චලේ ඇහෙද්දිත් වැඩ. උඹත් ගනිං ups එකක්. :P :lol:

  2. මැයි 17, 2009 6:48 පෙ.ව.

    මොකද කියන්නෙ, අපි සිංහල බ්ලොග් ස්ටාර් කෙනෙකුත් තෝරමුද? හික්…

  3. මැයි 17, 2009 9:18 පෙ.ව.

    හරි ම ලස්සන ලිවිල්ලක්!

  4. මැයි 17, 2009 9:21 පෙ.ව.

    @Anandawardhana- ලිවිල්ලට උත්ප්‍රේරකය “අටවක පුත්තු” පොතෙන්… ;)

  5. මැයි 17, 2009 10:04 පෙ.ව.

    @thilina අන්න හොද අදහසක්…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS