Categories
නිර්මාණ විකාර හිනා

විකාර

ඔව්… මේ දවස්වල විකාරයි තමයි. ඔන්න ඔහේ බකන් නිලාගෙන ඉඳිද්දී නිදාගන්න යන්න ඕනෙයි කියලා නිකම් පුරුද්දට වගේ ලියැවුනා Facebook එකේ තවත් විකාර status message එකක්. ඒ මොකක්ද ඒ? මේ… තියෙන්නේ ඒක.

අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා හරිහම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් කොස් කොටන්න දාලා යුද්දෙට නැති කඩුව උනු හින්දා බොන්න බැරි නිසා බලල්ලු ලවා කොස්සැට බෑව්වා…

කිසිම තේරුමක් නෑ… හරියට නිකම් රම්බරී සින්දුව වගේ නේ… 😉

ඉතින් ඕක ඔළුවේ තියාගෙන නිදාගන්න යනකොට ඇඳ ළඟ තියෙන මේසෙ උඩ ගණං හදන්න කටු කොලයක් විදිහට ගත්තු Tuition ක‍ඩ ගැන තියෙන කොලේක තව තව එව්වා ලියන්න හිතු‍නේ නිකමට…

යුද්දෙට නැති කඩුව කොස් කොටන්න අරගෙන වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටුනාම කටුස්සාගේ කරේ රත්තරන් බැඳලා දවල් වැටුන වලේ රෑ වැටිලා කබරගොයා තලගොයා කරගෙන ඌරෝ කැකුන තලන්න ගත්තා…

විකාරයි වගේ නේ… මෙන්න නිකම්ම ලියැවෙන්න ගත්තා… තව එකක්! 😮

අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා බෝක්කුවක් උඩ ඉන්නකොට දුන්න දුනුගමුවේ ඊතල කිතලගමුවේ කියාගෙන ආපු මනුස්සයෙක් රම්බරී කියපං උඹේ නොම්‍බරේ කියලා පාරේ යන ගෑනු ළමයෙක්ට කෝචොක් පාරක් දැම්මා…

මෙලෝ තේරුමක් නෑ… ඒත් පොඩියක් ගතියක් තියෙනවානේ…

පිටුවේ ගණං හදලත් තිබ්බ නිසා… ඒ පිටුව ඉවරයි. ආපහු පොඩ්ඩක් කැරකිලා ඇවිල්ලා වාඩි වුනාමයි දැක්කේ තවත් කොල කෑල්ලක්…

නිකන් තියෙන කොලේ මෙන්න මේකත් ලියවුනා…

මල් පිට මල් වැටෙන දිගු මාවතේ වාහනේ එළවාගෙන යනකොට දිය මත පිය තබමින් හිනැහෙන නුඹ දැකපු මගේ සුක්කානම හුරු දෑතට දහ අට වංගුව මතක් වෙලා වගේ, ගාල කඩාගත්ත හරකා වගේ වාහන් එළවලා දඩයක් කන්න වුනා…

අන්න ඒකේ නම් යම්කිසි තේරුමක් තියෙනවා නේ… ඔළුවට ආපු ගී පද දෙකක් එකතු කරලයි ඒක නම් ලියැවුනේ. ඒ… අමල් පෙරේරා කියන ගායකයා‍ කියන “මල් පිට මල්” සින්දුවයි, “එක හිත නැති උඹේ හිතත් දහඅට වංගුව වාගේ” (මේකේ ගායකයා නම් මතකෙට එන්නේ නෑ 🙁 ) කියන සින්දු දෙකේ පද ඇරගෙනයි…

මෙන්න තව එකක්… ඒකෙ‍ත් ඉතින් ඒ හැටි තේරුමක් නෑ හැබැයි… කො‍හොම නමුත් හොඳ ‍හොඳ තේරුම් තියෙන ඒවා පස්සේ පස්සේ ලියැවෙන්න ගත්තා… ඔහොම ඉස්සරහට කියවාගෙන යන්නකෝ…

නිකන් දෙන අස්සයාගේ දත් ගනින්න එපා කිව්වාම උගේ වයස දැනගන්න දත් ගනින්න කට ඇරියාම ඌ හිනාවෙලා මට අනිත් පැත්ත හැරිලා පයින් දෙකක් දුන්නාම ආලෝක වර්ෂ ගානක් එහාට පෙනිච්ච තරු ඔළුව වටේ කැරකැවෙන්න පටන්ගත්තා…

හෙ‍හ්… රෑට ඔළුවට එන විකාර නේ… අප්පා… 😀

මෙන්න සිරාම තේරුමක් තියෙන එකක්. කසුන් කල්හාරගේ “ආදර මල්වල” කියන සින්දුවෙන්… පොඩි උපුටාගැනීමක්…

උදේ පාන්දර ආදර මල්වල පාට හොයන්න ගිහිල්ලා ඇස් නිලංකාර වුනාමයි, කරපු වැරදි තේරුනාමයි මතක් වුනේ අස්සයා පැනලා ගිහාට පස්සේ ඉස්තා‍ලේ වහලා යරියන්නේ නම් නෑ කියලා…

මෙන්න මෙතැනින් පස්සේ තමයි ලියැවුනේ සිරාම ටික. නොකඩවා කියවාගෙන යන්නකෝ එහෙනං… 😉

ගමේ තිබිච්ච අවුරුදු උත්සවේ කොට්ටා පොර ගහන්න ගිහිල්ලා ගමේ ගෑනු ළමයෙක් ඉස්සරහා එක ඇහැක් පියවුනාම කොහෙන්දෝ කඩා පාත් වෙච්චි සද්දන්තයෙක් කොට්ට 4ක් 5ක් සයිස් සද්දන්ත හස්තයෙන් ඔළුවට නෙලනකොටයි මතක් වුනේ තාම තර‍ඟේ පටන් ගත්තේ නෑ කියලා…

සොයන්නාට සම්බවේ කියලා කියාපු නිසා දහ අතේ රට වටේ හොය හොය ඉන්නකොට පිටට තට්ටු කරපු එකෙක් ඇහුවා “මොනවාද හොයන්නේ?” කියලා… එතකොටයි මතක් වුනේ මාත් වැඩකරලා තියෙන්නේ “කළුවා මාරපන් ගියා වගෙයි” කියලා…

අවුරුදු ගානක් කට්ට කාලා ඉගෙනගත්තු දේවල් පේපරේ ලියන්න පැය 5ක් මදි නිසා අවුරුද්දෙන් අවුරුද්දට එක ප්‍රශ්නෙට උත්තරේ ගානේ ලියන ‍මගේ මේ පස් වෙනි අවුරුද්ද…

පවතින ක්‍රමේ ඉඳගෙන පවතින ක්‍රමේට බැන බැන ක්‍රමේ කඩාගෙන බිඳගෙන එන්න දඟලන එවුන් පවතින ක්‍රමේ  විසින්ම තලා පෙලා පොඩිකර දාන අපූරුව…

විද්‍යා‍වේදී එකෙක් කියපු දේ තව එකෙක් බොරු කරලා, ඌ කියපු දේ තව එකෙක් බොරු කරලා මෙහෙම බලාගෙන යනකොට විද්‍යාව කියන්නේ පට්ටපල් බොරු!

මහ නගර සභාවෙන් අවුරුදු ගානකට පස්සේ ඇවිල්ලා කුණු ගොඩ අස් කරනකොටයි තේරුනේ අපි ජීවත් වෙලා ඉන්නේ කුණු ලොරියකය කියලා…

නිවුටෝනියානු යාන්ත්‍රණේ අයින්ස්ටයින් මාමාගේ සාපේක්ෂතාවාදයෙන් ‍බොරු වෙලා යනකොට අපිට තාම උගන්නන්නේ නිවුටෝනියානු යාන්ත්‍රණයමයි. හැබැයි සූත්‍ර වලින් එන උත්තර ආසන්න වශයෙන් සමානයිලු. ඒත් ඉතින් හත්තිලව්වේ අපි ඉගෙනගන්නේ බොරුමනේ…

අයිසෙක් නිව්ට‍න්ගේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටෙන්නේ නැතිව පොල් ගෙඩියක් වැටුනානං අපි මෙච්චර දුක් විඳින්න ඔනේ නෑ කියලා කවුද එකෙක් කියනකොට, එහේ ඒ ‍කාලේ පොල් තියෙන්නේ නැතුව ඇති කියලා ප්‍රති උත්තර දුන්නාට මගේම යටි හිත කියනවා මගේ ඔළුවට පොල් ගෙඩියක් වැටුනානං ලෝකෙම වෙනස් කරන්න තිබුනා කියලා… ඔච්චර පොඩි ඇපල් ගෙඩියක් ඔහොම ඔළුවට වැටිලා ඔච්චර දෙයක් හොයාගත්තානං ඔළුවට ‍හොඳවයින් පොල් පරාලයක්, යගුලියක් හරි තඩි කලු ගලක් හරි වැටුනානං මොනවා කරන්න තිබුනාද කියලා කාටද කියන්න පුලුවන්?

ඇහැට නොපෙනෙන ‍ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගැන ඉගෙනගෙන හිරෝෂිමාවට බෝම්බ දාලා ලක්ෂ ගණනින් මරණවාට වඩා හොඳ නැද්ද තමුන්ගෙම කියලා කුඹුරක් කොටාගෙන දෙ‍තුන් දෙනෙක් ජීවත් කරන එක?

ධන වාදය, සමාජ වාදය, නාසි වාදය, අර වාදය මේ වාදය ගැන වාද කර කර හිටපු කාලේ වෙන වැඩකට යොදාගන්න පුලුවං වුනානං දහස් ගානක ජීවිත බේරන්න තිබුනා. පරිසර දූෂණේ නැති කරන්න තිබුනා… සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තිබුනා…

හික් හික් තව තව එව්වා ලියැවුනා… ඒවායේ නං කිසි වැදගම්මක් ඇති දේවල් නෙවෙයි… බලන්නකෝ ‍ප්‍රස්ථාව පිරුළු වලින් පටන්ගෙන ඉවරවෙනකොට මොකද වෙලා තියෙන්නේ කියලා… මට නං හොඳටම විකාර! මං යනවා නිදාගන්න 😀 මේවා හීනෙනුත් පෙනෙයිද මන්දා… 😮

35 replies on “විකාර”

wannamen banda aalee rea pura heena atharin maa ennam saamadaa maa ee heena thatakeka moona balagena obata katha keruwa paara purawata aala nurawata api natamu preethi weela sema ek wee gee gayala kimado me thaniweela sema eka wasanthayaka.. eka rathriyaka.. danunaa mathakai.. mata ibema waagea.. obe suwanda danee danee denawa.. udaa hiru eliyeaaaa… aluth irak doa mea.. hithata galanawa heetha bindu bindu tharaka kandulu mal vile ron soya piyambana samanaliyaka waage risi lesa sarasamu wana piyasee…

hada gahena hema welee.. obawamai maa pathuwe.. hima kandakin sangawa ganna ganna maage roope man photogenic.. aarichchi borichchi kambi kooru bola maari eek athata meeka athata angara dangara omari papa mukulu papa ape lanagata ennako.. omari papa mukulu papa apata kiya dennako.. gaaniyekda pirimiyekda driver ko car eke balagenai ane apoi paare unta maarake… hemin warella…. lai lai lai lai lai lai lai lai lalai lilai..

nadee gangaa tharanaye sari sara seda maaruthe indra kheelayak sea.. nelum vilen pena kithul malen pena mal kinithhaka ron podak gena pem benda sith benda neth kelma ran sihina seya.. bingu dunna se nasena rawatilla luhubandina liya thambara mudu kusumaki aea.. thawusange dehene sama bindinaa.. naa looke jeewath wennata lassana onaa we.. loke lassana wannata dedeneku ona we…

හෙට ඉස්කෝලේ ඇරිලා කෙළින්ම යන්න Glass House පැත්තට. 175 බස් එකේ නැගල ඕවයින් දෙකක් විතර කියල වාඩි වෙන්න. කොන්දොස්තර සුදාරක මලයව නියම තැන බස්සයි. 😉

LOL මල්ලියේ උඹට නම් හොඳටම පිස්‌සු! හැබැයි ඉතින් මිනිස්‌සු සතුටු කරන එක ලොකු පිනක්‌ ලු නෙ, නේද? Thanks kiddo, really enjoyed this post! 😀 😉

මේක මොකේ අතුරුපලයක්ද මන්දා
5 ටොෆී ද? , ගංජා ද? සිරප් ද? කුඩු ද? අනේ මන්දා

මේක නං නියමයි 😀

අර ඔලුවට පොල් වැටෙන කතාව කියවනකොට අටවක පුත්තු එකේ දෙල් ගෙඩිය වැටිල ඔක්කොම විපර්යාස පටන් ගත්ත හැටි මතක් වුනා. සුදාරක ඒක කියෙව්වදැ?

@Anandawardhana – කෝ… කොහෙද… තාම පොත අතට අහු‍වුනේ නෑ නෙව. ඒක නං අනිවා කියන්න ඕනේ… හෙහෛ 🙂

මොකද බං උබට උනේ හැබැයි විකාරෙනුත් හිතිලා තියෙන්නේ ලේසී පහසු එවා නෙමේයි. 😀
ගෙදර ඈයින්ට කියලා බෙහෙත් ටිකක් ගත්තොත් හොද නැද්ද ? 🙂

‍මේක නම් හැබැයි බෙහෙත් අරගෙන සනීප කරගන්න හොඳ නැති ලෙඩක්… මේවා ලියනකොට මාර සතුටක් දැනෙනවා බං… හෙහෛ 😉

මේක නම් සිරාම සිරා මචං. උඹට මෙව්වා කොහෙන් ඔළුවට නඩාපාත් වෙනවද දන්නෑ. මට තාමත් හිනා 😀 😀 😀

අප්පා…! සුදා මලයෝ… බලන් ඉදලා බෑ.. යං යං.. බෙහෙත් ටිකක් අරන් දෙන්න..

මේක නම් නියමයි බං! 😀 උඹට මේ අදහස් කොයි ලෝකෙන් එනවද කියල හිතාගන්න බෑ 😛

අනේ අනේ මල්ලියේ !
හිතෙන දේවල් නේද?

“හෙට ඉස්කෝලේ ඇරිලා කෙළින්ම යන්න Glass House පැත්තට. 175 බස් එකේ නැගල ඕවයින් දෙකක් විතර කියල වාඩි වෙන්න. කොන්දොස්තර සුදාරක මලයව නියම තැන බස්සයි.”

ඒක නම් හොද අදහස 🙂

මේව කියවල හොඳට ඉන්න මටත් පිස්සු වගේ බං..
මොකක් උනත් අදහස් ටික නම් මරු..
කෝකටත් අම්මට තාත්තට නම් පේන්න තියන්ට එපා… උඹව උස්සගෙන යයි.

මේ ටික නම් මරු තමයි මල්ලී… ඒවුනාට ඔවා ලියන අතරේ පාඩම් වැඩත් හොදට කරගන්න ඔනී…

එළ එළ මචං උඹට පිස්සු, හොදටම පිස්සු
නියම talk 1 ලියපං දිගටම ලියපං දීපන් ඇටි හැලෙන්න.

@sandun- මට දැනුයි හරියට කියවන්න ලැබුනේ ඔයාගේ comment තුන… නරක නෑ… අති විශිෂ්ඨයි! 😀

@ශාකුන්තල- හෙහෛ… “දවසේ උපදේශය” 😛

@ඉද්දා- අර කිව්වා වගේ අම්මට හරි තාත්තාට හරි අහුවුනොත් ඉවරටෙම ඉවරයි 😀

@Angel Anu- හෙහෛ… අනිවා! 🙂

@පොඩ්ඩා- හෙහෛ… ඉස්සරටහටත් මේ වගේ දේවල් ලියැවුනොත් නම් හොඳා 😀 ලියැවුනොත් අනිවා බ්ලොග් එකට දානවා…

@Thilina- හෙහෛ ඇත්ත ඇත්ත. සිරාවටම ලෙඩක්… 😀

මමත් කාලෙකට ඉස්සර ලිව්ව ඔහොම එකක්

http://whiledliving.blogspot.com/2008/10/blog-post_11.html

යන්න එපා මෙන්න කොපි & පේස්ට් 😀

ම ජීවිතේ නොසිතූ ලෙසේ ගෙවුණේ සැමදා
කාලයා විසින් සැදූ ලොවක් හමු වුණා
වෙනසක් නෑ සැමදා සැප දුක සැම බෙදුණා
දුකත් මට සතුටක් ජීවිතේ සැමදා

I’m having illusion many confusions
break the ice
stop be when you start confession
just forget about it

– චින්ති

මුළු ජීවිතේම දුක් ගීතයක් ගයන්න නොහිතා හිතේ පෙම් පුරාගෙන ඉරි තැණුනු වලා උඩු වියන් යට ගෝලීයකරණයේ මුදු පලස මතින් විශ්ව ගම්මානයේ ඇවිදින්න යන්න හිටපු ආදරේ කුරුටු ගෑ, නෙතු පුරා කඳුළු අතුරපු හසඟනාවි පාවෙලා යන්නවත්, ආලවන්ත වීදියේ නෙක විසිතුරු සල්පිලක හීනයක් වෙන්නවත් මට ඉඩ නොදී ජීවිතේ පුරා පැතූ සිහින බොඳ වෙන්න කලින් සිනහ පොකුරක් අරන් එයි කියල සොවින් පිරි මගේ හදවත ළමැද සුව යහනක් ඇයට තනා දෙන බලාපොරොත්තුවෙන් ඇය තවමත් ඇය තමයි කියල හිතාගෙන බවෙන් බවේ පෙරුම් පුරා බලා සිටිනවා.

– හෙන සෙට් එකක්

ඉතිං දෙයියනේ ජීවත් වෙන්න ඒ ටිකම මදිද කියල හැමදාම රෑට නිදාගන්න කලින් මතක් කලත් දවල්ට උගුර කඩාගෙන සින්දු කියල නලියල දඟලල බැරි තැන කී බෝඩ් එකටත් තඩි බාල ඒත් මදි වුණාම දවස් ගානක් නිදාගන්න මගේ ජීවිතේ කොයි තරම් සුන්දරද සත්තලං?

– මම

දැන්නං හොඳටම ෂුවර් මූට පිස්සු කියල

– ඔබ

සිරා අදහස් ටික….කොහෙන් ඔලුවට එනවද මන්දා….

ech- අඩේ සිරා අයියේ!!! මට ඒක කියවන්න බැරිවුනා නෙව.. සිරා සිරා.. සිරා!!!!

@නිලන්ත- අහ්… ඇත්තටම ඒ වගේද පෙන්නේ… අයියොහ් 🙁

@නලීන්- ඒක තමයි මේ මාත් කල්පනා කරේ… කොහෙන් ඔළුවට එනවාද මංදා? පොඩිකාලේදීවත් ඔළුවට පොල් ගෙඩියක් වැටුනාද මන්දා හෙහෛ 😀

සුදු පාට මල් වැටුණු

රතු පාට චීත්ත සාය

චංචලා කදුලු පිසු

හොරකම් කරන් මටත් හොරෙන්

සමාවන්න… මාතෘකාවට අදාල නැති දේවල් කතා කරන්න එපා. කරුණාකර වෙන වේදිකාවක් මත ඔබලාගේ අදහස් හුවමාරු කරගන්න.

එක හිත නැති උඹේ හිතත් දහඅට වංගුව වාගේ
Meka kiyanne kumar aththanayaka

මරු, නිර්මාණශිලියි. ෙත්රුමක් නෑ ව ෙග් තිෙබන ඒවාෙය් වුණත් ෙත්රුමක් අැතුව බැලුෙවාත් ෙත්රුමක් ගන්න පුළුවන්
ඒ… ඒ ඒ හිත් ව්ලට ගෝචර විධියට.

Leave a Reply to Supun Sudaraka Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.