Skip to content

සස්රුත – සත්‍යයේ රූපතාව…

මැයි 3, 2009

sasrutha

සිංහ‍ල යුනිකේතයේ දියුණුවත් සමඟම සිංහල භාෂාවෙන් නිර්මාණය වන වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි සඳහා ‍විශාල අවධානයක් යොමුවෙන් පවතින කාල සීමාවකි මේ. මේ පිළිබඳව ඔබ දැනටමත් හොඳින් දන්නවා ඇති. මේ කියන්නට යන්නේ “සස්රුත” වෙබ් අඩවිය පිළිබඳවයි. සිංහල යුනිකේතය භාවිතයෙන් අන්තර්ජාලයේ නිර්මාණය වී ඇති වෙබ් අඩවි සෙවීමේදී අන්තර්ජාලයට නවකයින් මුහුනදෙන ගැටළුවක් තමයි සිංහල භාෂාවෙන් යතුරුලියනය කිරීම.  මෙහිදී එම බාධකයට ඉතාමත් සාර්ථක පිළිතුරක් ලබාදී ති‍බීම සතුටට කාරණයක්. සිංහල යුනිකේතය යතුරුලියනය කිරීමට “කිසිවක්” (මෙහිදී කිසිවක් යන්නෙන් අදහස් කරේ කෙටි ක්‍රමද ඇතුලුවයි) නොදන්නා ඕනෑම පුද්ගලයෙකුට සස්රුත වෙබ් අඩවිය ලබා‍දීමෙන් කිසිදු අමතර සෙවීමකින් තොරව එම වෙබ් අඩවිය තුලම හිඳිමින් තමන්ට සෙවීමට අවශ්‍ය කරන සෙවුම් වදන් ඉතාමත් පහසුවෙන් ඇතුලත් කළ හැකියි. මෙහි නිර්මාණය කර ඇති On-Screen යතුරු පුවරුව ඉතාමත් දැකුම්කලු, නිර්මාණශීලි එකක් වීම වි‍ෙශ්ෂයි.

On Screen Keyboard

On Screen Keyboard

සිංහල යුනිකේතය ප්‍රවර්ධන කිරීම සඳහා මෙවැනි වෙබ් අඩවියක ප්‍රයෝජනය වචන වලින් පැවසීම අපහසු කාර්යයක්. දැන්, වාණිජමය මෙහෙයුම් පද්ධති වන Windows Vista, Windows7 වැනි මෙහෙයුම් පද්ධති සමඟ කිසිදු අමතර මෘදුකාංග පිහිටුවාගැනීමෙන් තොරවම සිංහල යුනිකේතයට භාවිතා කළ හැකි නිසාවෙන්, එම මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන සාමාන්‍ය අන්තර්ජාල භාවිතාකරුවෙකුට සිංහල යුනිකේතයේ ප්‍රයෝජනවත් බව පෙන්නුම් කිරීමට මෙම වෙබ් අඩවියට පිවිසෙන්න යැයි දැනුවත් කිරීම ප්‍රමාණවත් බවයි මගේ හැඟීම. නිර්මිත දැකුම්කළු නිමාවත්, සරල බවත් නිසාවෙන් එය වෙබ් අඩවි පරිශීලකයා ඉතාමත් ඉක්මනින් ග්‍රහණය කරගන්නවාට කිසිදු සැකයක් නැහැ. මේවන විට සස්රුත වෙබ් අඩවිය පවසන අයුරින් ඔවුන්, බිලියන දොළහකට ආසන්න වෙබ් පිටු සංඛ්‍යාවක තොරතුරු සස්රුත සෙවුම් යන්ත්‍රයට අන්තර්ගත කොට තිබෙනවා.

මෙහි නිර්මාණකරුවා විදේශයක සිටිමින් වුවත් සිංහල භාෂාව පිළිබඳව තම අවධානය යොමු කරමින් මෙවැනි සද්කාර්යයකට දායක වීම අප අගය කර යුතුයැයි හැඟුනෙන් මෙසේ මෙම බ්ලොග් සටහන ලියැවුනා.

එසේනම්…
ඔබත් පිවිසෙන්න “සස්රුත” සෙවුම් යන්ත්‍රයට
ඔබේ මිතුරන් මෙම වෙබ් අඩවිය පිළිබඳව දැනුවත් කරන්න.


මේ පිළිබඳව ලියැවුනු වෙනත් බ්ලොග් ලිපි.
සස්රූත ~ සිංහල සර්ච් එන්ජිම

ප්‍රතිචාර 9 leave one →
  1. මැයි 3, 2009 8:18 පෙ.ව.

    මේක බොහොම හොඳ අඩෙවියක්. ඒ වගේ ම ඔවුන් user feedback ගැන ගොඩක් සැලකිලිමත් වෙන බවත් මට අත්දැකීමෙන් ම දැකගන්න ලැබුන. එනිසා ම ඒක ඉක්මනින් දියුනු වෙනව.

  2. පොතේ ගුරා permalink
    මැයි 3, 2009 8:26 පෙ.ව.

    මමත් දැක්ක මේක ටික දවසකට කලින්..ගොඩක් ප්‍රයෝජනවත්..ඒ උනාට තාම හරියට ප්‍රසිද්දියක් ලැබිල නෑ මම හිතන හැටියට..

  3. මැයි 3, 2009 8:31 පෙ.ව.

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard

  4. මැයි 3, 2009 9:19 පෙ.ව.

    මීට පෙර මම මේ ගැන ලියන්න හිතුවා,අනවශ්‍ය ප්‍රචාරයක් විදිහට වරදවා වටහා ගනීද කියා සිතූ නිසා පමා වුනත්,සිංහල වෙනුවෙන් කරන ‍සස්රැත උත්සාහයට හදවතින්ම ශුභ පැතුම් !

  5. මැයි 3, 2009 9:26 පෙ.ව.

    ඉතා හොඳ අඩවියක් තමා
    ප්‍රථිඵල විටුවෙ ඉඳලා ආයි වචනයක් හොයන්න ඕනේ උනාම එතනම ටයිප් කරන්න විදිහක් තිබ්බනන්ම් හොඳයි වගේ

    අළුත් බ්ලොග් එකේ පෙනුම හොඳයි.
    comment subscriber එකක් දාන්න බැරිවෙයිද? තිබ්බනම් හොඳා නැත්නම් අපි කියපු එකකට අනික් අය බැනලා යනවද කියලවත් දන්නේ නැහැ.

  6. මැයි 4, 2009 2:41 පෙ.ව.

    ම කිව්ව එකත් සලකලා බලන්න මල්ලි, ඒක වැදගත්. ඒ එක්කම තවා තියෙනවා පොඩි පොඩි අවුල. මං කියන්නම්කෝ මේල් හරි චැට් එකෙන්.

    කොහොම වුණත් වටිතා අඩවියක්, සිංහල අත්තර්ජාල ලොවට මේක වැදගන් නොවනු අනුමානයි!

  7. මැයි 4, 2009 2:43 පෙ.ව.

    @ම, ඔයා අන්තිමට කිව්ව එව්වා “Subsribes to this topic Comment Rss or TrackBack” වචන අස්සේ තියෙනවානේ ;)

  8. මැයි 19, 2009 10:08 ප.ව.

    @මලින්ත, ucsc හි online යතුරුපුවරුව සමඟ මෙහි සම්බන්ධයක් නැති බව නිර්මාපකයා මාහට දැනුම් දුන් අතර මෙය ඉදිරියේදි Firefox සිංහල සමඟ භාවිතයට ඔබට අවකාශ සැලසෙනු ඇත.

  9. ජූලි 5, 2009 12:00 ප.ව.

    “”"”"”"සිංහලයෙක් ලෙස ඔබ ගත්උත්සාහය අගය කරමි. මම http://www.sasrutha.com වෙබ් අඩවියට ගිය විට ප්රශ්ණ කීපයක් පැන නැගුනි. හැකිනම් පිළිතුරු සපයන්න.
    * ඔබ සිංහල search engine ලෙස අදහස් කලේ කුමක්ද?
    * google හා yahoo වැනි serach engine වල පවා සිංහලෙන් search කිරීමේ හැකියාව තිබේ. එසේ නම් සිංහල සෙවුම් යන්ත්රයක් කුමටද?
    * ඔබ සිංහල සෙවුම් යන්ත්රයක් නිර්මාණය කිරීමෙන් බළාපොරොත්තු වන්නේ කුමක්ද?”"”"”"”
    By : අපේ Facebook සහෝදරයෙක්

    මේක දැක්කම හිතට පොඩි දුකක් හිතුනා, මොකද ඒ සහෝදරයා අහල තිබ්බා,

    * ඔබ සිංහල search engine ලෙස අදහස් කලේ කුමක්ද?
    * google හා yahoo වැනි serach engine වල පවා සිංහලෙන් search කිරීමේ හැකියාව තිබේ. එසේ නම් සිංහල සෙවුම් යන්ත්රයක් කුමටද?

    යකෝ සිංහල search engine එකක් ඕනෙ සිංහලෙන් search කරන්නනෙ.
    පුලුවන් නම් ගූග්ල් එකෙන් සහ යාහූ එකෙන් සර්ච් කරල බලන්න සස්රුත දෙන රිසල්ට් දෙනවද කියල……..

    Sorry වෙන්න ඕනෙ, මොනා හරි නරක වචනයක් කිව්වනම්. නමුත් ඇත්ත ඒකයි…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers