නව රසායන විද්‍යා විෂය නිර්දේශය සිසුන්ට විෂ වෙයිද? 25

හපුතලේ කන්ද දැකලා කරත්තකාරයෙක්ට බඩදන විදිහටමයි මට අලුත් රසායන විද්‍යා සිලබස් එක දැකලා බඩ දන්න ගත්තේ. අහල පහළ ඩයජින් එකක්වත් හොයාගන්න තරම් පිනක් නොතිබුන නිසා ෆේස්බුක් එකේ Status Message පාරකට ‍හේත්තු වෙලා ඉන්නකොටයි අපේ තූර්ය අයියා කතාවට එකතු වුනේ. අලුත්ම අලුත් රසායන විද්‍යා විෂය නිර්දේශය ගැනයි මේ කතාබහ ඇතිවුනේ… ඉතින් ඒ කතාබහ. බ්ලොග් සටහනකට පෙරළලා ...

කෙටි/නව කතාවකට මූල බීජයක්… 14

“උඹ ඒකිට ආදරෙයිද බං?” “ඔව්…” “උඹ ඒකි වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්තියිද බං?” “ඔව්…” “හරි. ම‍ට ඇත්තම කියපං…” “හරි. කියන්නම්.” “ඒකි උඹට මැරෙන්න කිව්වොත්, උඹ මැරෙනවාද?” “හ්ම්…” “මොකක්ද හ්ම්….?” “හ්ම්…” හ්ම් හ්ම් හ්ම්… රෑට බකමූණෝ කෑ ගහන්නේ ඔහොම. බක‍මූණොත් එක්ක එකතු වෙලා කෑ ගහන මගේ හදවත කෑ ගහන්නෙත් ඔහොම. ළඟදී අහවරයක් කරලා දාපු යුද්දේ නිසා මිනිස්සුන්ගේ ...

සිංහල බ්ලොග්කරණ තරගාවලිය – මාධ්‍ය සාකච්ඡාව දා… සහ තවත් අතුරු කතා 17

සිංහල බ්ලොග්කරණ තරගාවලිය - මාධ්‍ය සාකච්ඡාව දා... සහ තවත් අතුරු කතා
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව පවත්වනු ලබන “අසෙනිය කුසුම” භාෂා හා සාහිත්‍ය කළා උළෙල හා සමගාමීව පැවැත්වෙන  සිංහල බ්ලොග්කරණ තරගාවලිය පිළිබඳ මාධ්‍ය  සාකච්ඡාව හා සංකේතාත්මක අනුග්‍රාහක චෙක්පත් ලබාදීම පසුගිය බ්‍රහස්පතින්දා දින (2009 මැයි මස 24 වැනිදා) පැවැත්වුනා. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) පූර්ණ අනුග්‍රාහක මේ සඳහා හිමිවීම ...

අභියෝගයක අවසානය, අභියෝග රැසක ආරම්භය 10

අභියෝගයක අවසානය, අභියෝග රැසක ආරම්භය
සුදාරක ඊයේ උදේම නැගිටලා අති විශේෂ වැඩක‍ට ඉස්කෝලේ යන්න පාරට බැස්සාම තමයි දැක්කේ පාර දිගටම ජාතික කොඩි. ජාතික කොඩි යටින් ඇවිදගෙන යනකොටනම් දැනුනේ පුදුමාකාර හැඟීමක්. ඒ හැඟීම මෙහෙමයි කියලා විස්තර කරන්න අමාරු වුනත්. ඒක දේශාභිමානී හැගීමක් තමයි කියලා සුදාරක තහවුරු කරගත්තා. මග දිගට ජාතික කොඩි මේ උදේ පාන්දර. නැගෙනහිරින් පායාගෙන හිරුත් එක්ක තාමත් පහවෙලා නොගියපු ...

අටවක පුතාලයි-මායි 26

පහුගිය බදදා දවසක පන්තියට වේලාසනින් ගියේ එක්තරා ආකාරයේ වැඩකට වුනත් කවුරුවත්ම පන්තිය ළඟ හිටපු නැති නිසා කෙලින්ම සරසවියට ගි‍යේ පොතක් දෙකක් ගන්නම හිතා ගෙන නම් නෙවෙයි. හුඟ කාලෙකට කලින් ඉඳලාම “ආනන්දවර්ධන” මාමා විසින් රෙකමදාරු කරලා තිබ්බ “අටවක පුත්තු” පොතයි “මාස්ටර් සහ මාගරීටා” පොතයි දැකලා ඒක ගන්නමයි කියලා හදවත වද දුන්නා. ළඟදී තිස්ස ඉඳලා යාලුවෙකුගෙන් උස්සගෙන ...

ඊළඟ බ්ලොග් සටහනකට පෙරවදනක් සමඟින් තවත් බොහෝ දෑ 5

අලුත්ම අලුත් උණු උණු ප්‍රවෘත්ති වටින් ගොඩින් ඇහෙනාතුරේ (ඇහෙන + අතරතුරේ) TV එක දැම්මේ නිළ වශයෙන් තහවුරු කරන ලද ( ) ප්‍රවෘත්ති මොනවාද කියලා දැනගන්නයි. චැනල් මාරු කරනාතුරේ සුදාරක‍ට වුනේ කබලෙන් ලිපට වැටෙන්නයි. එක චැනල්ලෙකක සින්දු කියනවා. ඒකේ තරඟකරුවෝ විනිසුරු උතුමන්ගේ රෙදි ගලවලා යන නිසාත්… ඒවා කොටු කොටු දාලා වහන්නැති නිසාත්… ටීක්! ටීක්!! ගාලා ශබ්ද ...

විකාර 35

ඔව්… මේ දවස්වල විකාරයි තමයි. ඔන්න ඔහේ බකන් නිලාගෙන ඉඳිද්දී නිදාගන්න යන්න ඕනෙයි කියලා නිකම් පුරුද්දට වගේ ලියැවුනා Facebook එකේ තවත් විකාර status message එකක්. ඒ මොකක්ද ඒ? මේ… තියෙන්නේ ඒක. අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා හරිහම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් කොස් කොටන්න දාලා යුද්දෙට නැති කඩුව උනු හින්දා බොන්න බැරි නිසා බලල්ලු ලවා ...

සස්රුත – සත්‍යයේ රූපතාව… 9

සස්රුත - සත්‍යයේ රූපතාව...
සිංහ‍ල යුනිකේතයේ දියුණුවත් සමඟම සිංහල භාෂාවෙන් නිර්මාණය වන වෙබ් අඩවි සහ බ්ලොග් අඩවි සඳහා ‍විශාල අවධානයක් යොමුවෙන් පවතින කාල සීමාවකි මේ. මේ පිළිබඳව ඔබ දැනටමත් හොඳින් දන්නවා ඇති. මේ කියන්නට යන්නේ “සස්රුත” වෙබ් අඩවිය පිළිබඳවයි. සිංහල යුනිකේතය භාවිතයෙන් අන්තර්ජාලයේ නිර්මාණය වී ඇති වෙබ් අඩවි සෙවීමේදී අන්තර්ජාලයට නවකයින් මුහුනදෙන ගැටළුවක් තමයි සිංහල භාෂාවෙන් යතුරුලියනය කිරීම.  මෙහිදී ...