Skip to content

කොටම කොට නිසඳැස් දෙකක්…

අප්‍රේල් 28, 2009

Physics පන්තිය ඇතුලේ නිකන් ඉන්නකොට ලියැවිච්ච විකාර නිසඳැස් දෙකක්…

නුඹට කියන්නට…

සැමඳා බලා ඉන්නට නොහැකි නිසාම
සිතින් විඳවන්නට නොහැකි නිසාම
කියන්නට යමක් ඇත නුඹට…
ඒ…

නිදහස

ආකලනය, විකලනය
වන සිතුවිලි
අංග විකල නොවන ලෙස
ප්‍රකාශනයට

මේ දවස්වල මුකුත් හරියට ලියැවෙන්නෙත් නෑ අප්පා. දන්නවානේ ඉතින් කේස් එක ;) ඉතින් ඒ කොහොම වුනත් මේ දවස්වල එක පැත්තකින් පන්ති වලට. අනිත් පැත්තෙන් ව්‍යාපෘතියකට. තව පැත්තකින් මගේම හිතට හිරවෙලා… :D අලි මදිවට හරක් කියනවා වගේ බ්ලොග් අඩවියටත් සම්බාධකයක් පැනවුනා. ඔන්න සම්බාධක බිඳගෙන නැවතත් සුදාරකගේ අන්තර්ජාල සටහන ලියැවෙනවා.

සස්රුත ගැන ලිපියක් ලියන්නත් තියෙනවා… සමාවෙන්න ඕනේ ප්‍රමාද වෙනවාට. මට මේ දවස් වල කට කපලා වැඩ :D

ප්‍රතිචාර 20 leave one →
  1. අප්‍රේල් 28, 2009 8:31 පෙ.ව.

    ආ.. උඹ phy පන්‍තියෙදි මේවද කරන්නෙ ? පල සිංහල පංතියකට !!

    උඹ කෙළගත්තොත් ඒකිත් නෑ බොට උඹවත් නෑ.

    ඒ විවේචන, දැං ඇගයීම… ;-)

    මචෝ, පළවෙනි නිසඳැසෙන් උඹට කියන්න ඕන වුනු එක හරියටම ලියවිලා කියන එක සුවර් දැ ? දෙවන එකනං හොඳා.. නිකං pure පංතියක ලීෆ්ලට් එකකිං ගත්ත වගේ.. හෙහෙ !

    ගණං ගන්න එපා, ජෝක්ස් එකක් කළේ.. වැඩේ එළ!

  2. අප්‍රේල් 28, 2009 8:33 පෙ.ව.

    හික් නෑ බං… සර් කාරයා පම්පෝරි ගහන වෙලාවක අහං ඉන්න බැරි නිසා ලියැවිච්ච කවි දෙකක් ඔය. ගඟේ මූදේ දානවා කිව්වත් පාඩම් වැඩ නම් අකුරටම ඕං! :D

  3. අප්‍රේල් 28, 2009 8:34 පෙ.ව.

    *මචෝ, පළවෙනි නිසඳැසෙන් උඹට කියන්න ඕන වුනු එක හරියටම ලියවිලා කියන එක සුවර් දැ ?*

    ම්… ඒක හරියට කියවාගන්න බැරි වෙච්ච නිසයි නිසයි නිසඳැස ඔහොම ලියැවිලා තියෙන්නේ ;)

  4. අප්‍රේල් 28, 2009 8:36 පෙ.ව.

    ඒත් මචං පන්ති ගිහිල්ලා කවි ලිය ලිය ඉන්න එකම කරන්නත් එපා. ඉගෙන ගන්න එකත් කරපන්. මගෙ මීටරේට වැටුණු හැටියට උඹ පළවෙනි කවිය ලියල තියෙන්නෙනම් උඹේ ලව් එකට නේද? :)

  5. අප්‍රේල් 28, 2009 9:02 පෙ.ව.

    හික් හික්, මාත් ඔව්ව තමයි Physics class එකේ කළේ. හැබැයි Physics කියන්නෙ පට්ට subject එකක්

  6. අප්‍රේල් 28, 2009 9:20 පෙ.ව.

    කවි ??? කෝ .. ?? :D

  7. කුමාර ෙසෙනවිරත්න permalink
    අප්‍රේල් 28, 2009 9:24 පෙ.ව.

    පළෙවනි නිසදැෙසන් කියපු ෙද් කියල කර ගත්තට පස්ෙස ෙදෙවනි නිසදැෙසන් කියන ෙද් නැතිෙවනවා.

  8. මලී permalink
    අප්‍රේල් 28, 2009 9:33 පෙ.ව.

    අපරාදේ සිංහල කරා නම් පංති නොයාම පාස් වෙන්න තිබ්බා :p

  9. අප්‍රේල් 28, 2009 9:34 පෙ.ව.

    නියම නිදැස. තව කෑලි දෙකක් ඕන වෙස් පොතේ ඔයාට දැම්මා. මෙතන දැමිම හරි නෑ වගේ.

  10. අප්‍රේල් 28, 2009 9:58 පෙ.ව.

    එල එල නියමයි.මගෙත් ඒ දවස් වල favorite subject එක physics තමයි

  11. Angel Anu permalink
    අප්‍රේල් 28, 2009 10:36 පෙ.ව.

    නිසඳැස් නම් ලස්‌සනයි… හැබැයි ඉගෙන ගන්න වෙලවේ මේවා ලියන එකනම් වැරදිලූ… :P
    දැන් ඉතින් මේකෙ ලිව්වයි කියලා අරයා දකින්නෙ නැහැනේ… පව්… :)

  12. අප්‍රේල් 28, 2009 1:06 ප.ව.

    නිසඳැස් ගැන නම් කියන්ට ඕනෑ එව්ව කියල.

    යකෝ මෙච්චර තාක්ෂනය දියුණුවෙලා. සෙනෙහෙකොලයක් සම්ප්‍රේශනය කරගන්න බෑනෙ…

    එහෙම පුලුවන් නම් මේ බ්ලොග් පෝස්ට් වල යූආර් එල් ටික විතරක් දීපන්. එතකොට නැන්දම්මට අහුවුනත් එච්චර අවුලක් නෑ නෙ

    ඇති යාන්තම් අපිටත් බලන්න පුලුවන් බ්ලොග් ඇදුමක් ලැබිල.. මම හිතන්නෙ හුඟ කලකින් මම අඩවියට ආවෙ. වෙනද ලෝඩ්වෙන්න යන ඉක්මන නිසා ෆීඩ් රීඩර් එකෙන් විතරයි බැලුවෙ.. (පොඩ්ඩක් පෙම් පාට කරල ගත්තනම් . හාර්ට් එකක්(හයොපොතැලමසයක්) දාලා. ඊතලයක්(T56ක්) දාල ගත්තනම් එල. අත්දුටුවයි (මම නෙමෙයී)

  13. අප්‍රේල් 28, 2009 2:50 ප.ව.

    කාලිදාස වගේ “මේඝ” නැත්නම් “දූතයෙක්” මගින් වත් අදහස පැහැදිලිව කියා නොදැම්මොත් නම් විරහ ගී තමයි ගයන්න වෙන්නේ.

  14. අප්‍රේල් 28, 2009 4:37 ප.ව.

    @Anju- ඔව් ඔව්! පන්ති ගිහිල්ලා කවි ලිය ලියාම ඉන්නේ නෑ. පන්තියේ නිකන් ඉන්න වෙලාවක ලියැවුනු කවි දෙකකුයි මේ. දිගටම ඔළුව Science වල තියාගෙන හිටියාම නිකන් පිස්සු වගේ නේ බං. කලාව පොඩ්ඩකුත් පැත්තෙන් තියාගෙන වැඩකරාම අර පීඩනේ නිකම්ම නැති වෙලා යනවා… :)

    @Thilina- දාන්න 5ක්! :D ඔව් ඔව් Physics කියන්නේ පට්ට Subject එකක් තමා… :)

    @su- ඇයි කවි වගේ නෙවෙයිද පේන්නේ ආ… :P මේවත් කවි ‍”වගේ” කවි හරී!!!

    @කුමාර සෙනෙවිරත්න- හෙහෛ ඒක නම් ඉතින් ඇත්ත හැබැයි. මටත් එහෙම වෙයිද මන්දා :D

    @මලී- ඒකනේ මම මුලින් කළා අංශෙන් යන්න ට්‍රයි කරේ. කොහෙද මේ කෲර සමාජය විසින් කළාවට හිමි උතුම් තැන විනාස කරලා නෙව. හැබැයි ඉතින් කලාව කරොත් මේ Physics පන්තියට යන්න නම් ලැබෙනවා කියන එක බොරු. එතකොට මට “අරයා” මඟඇරෙනවා නෙව :D

    @-බිன்ku– ආ එළ එළ :D මං දැක්කා ඒ දෙක. ඒවාත් සිරා!

  15. අප්‍රේල් 28, 2009 4:43 ප.ව.

    @chathuranha- ආ. සිරා? ඒ කියන්නේ අයියත් Physics Class එකේ මං වගේ නිසඳැස් ලිව්වාද? එළ එළ! :D

    @Angel Anu- ඔව් අප්පා… මම පව්ව්ව්ව්…. :D

    @ගයාන් කල්හාර- අනේද කියන්නෙ බං… එයා හරි ගණං! සෙනෙහෙකොලයක් තියා ටොපි කොලයක්වත් ගන්නේ නැති තරං ගණං! :(

    ‍හෙහෛ යෝජනාව නම් එළ. බලමුකෝ සලකා බලලා… ;)

    @saman/meegodaya- ඔව්. ඒක නං. ඇත්ත. කොහොමහරි හි‍තේ තියෙන දේ කියාගන්න ඕ‍නේ… :)

  16. අප්‍රේල් 28, 2009 8:57 ප.ව.

    කවි දෙකම නොකියා කියන වර්ගයේ ඒවා නේ… හික් හික් මාත් මගේ x වෙනි පෙම් කවිය ගැන හිතුවෙ අනාකූල ප්‍රවාහ ගැන ඉගෙනගන්න ගමන්. දැන් ඒ ප්‍රවාහ මුකුත් මතවත් නෑ අප්පා.

  17. අප්‍රේල් 28, 2009 9:07 ප.ව.

    ඒයි මෙන්න මේ comment form එක අපට stranger කිය කිය බනිනවා :D

  18. අප්‍රේල් 28, 2009 9:14 ප.ව.

    @Malinthe- හත්වලාමයි මලින්තයියේ මට ඒ ගැන හාන්කවිසියක්වත් නිනව්වක් තිබ්බේ නෑ නෙව… :D ඔන්න වෙනස් කරා. මේ තීම් එක හදපු එකා කව්ද දන්නෑ හැබෑටම :D

  19. මැයි 1, 2009 7:23 පෙ.ව.

    ෂහ් මරු තීම් එක. කියවන්න ආස හිතෙනවා.
    මලිති ෆොන්ට් එකෙන් බලනකොට තමයි ගොඩක්ම හොඳට පේන්නේ.

  20. මැයි 1, 2009 8:35 පෙ.ව.

    @ප්‍රවීන් ඉන්ද්‍රනාමයියා- වැඩේ හරි. ඔන්න Malithi Web Font එකත් දැම්මා :)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers