ප්‍රගති මහීලාල් (1964 – 2009): ඔහු නොවූයේ නම් 'විජය පරිගණක' සඟරාවද නොවන්නේය සඳහා ප්‍රතිචාර

Supun Sudaraka ගෙනි
@Palitha Amarasooriya- ඔබතුමා‍ගේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි. ඇත්තටම ඔබතුමාගේ ප්‍රතිචාරය මේ බ්ලොග් අඩවියේ තවත් සංධිස්ථානයක් සනිටුහන් කරනවා කිව්වොත් නිවැරදයි. ඇත්තටම මාත් පරිගණකයට පිවිසියේ විජය පරිගණක සඟරාව හරහා. තාත්තා සඟරාව ගෙනැල්ලා දුන්නාම මේ පරිගණකය කියන්නේ මොකක්ද කියන දේ ගැන හොයන්න බලන්න ‍යොමුවුනා. ඉතින් මම වගේම තවත් බොහොම දෙනෙක්ගේම පරිගණකයට මුල් අඩිතාලම දැම්මේ, දමන්නේ විජය පරිගණක සඟරාව බව අවිවාදාත්මකයි…

Palitha Amarasooriya ගෙනි
විජය පරිගණක කවදත් මතභේදයට තුඩු දුන් සඟරාවක්. විජය පරිගණක සඟරාවේ කර්තෘකම කරන්නට 2004 දෙසැම්බර් මසයේ මා එන විට තිබූ සඟරාව බොහෝ සෙයින් දියුණු කිරීම පාලන අධිකාරියේ අපේක්ෂාව වී තිබුණා. දැනටමත් ඉන්නා පාඨකයින් රඳවා ගන්නා ගමන් අලූත් පාඨකයින් ගෙන්වා ගන්නට කළ යුතු දේ මොනවාද යන අභියෝගය මා ඉදිරියේ තිබුණා.

පරිගණක සඟරාවකින් හුදෙක් පාඩම් ඉදිරිපත් කිරීමවත්, පරිගණකයෙන් වැඩ කරන හැටි ගැන ඉගැන්වීමවත් ප‍්‍රමාණවත් නැහැ. විශේෂයෙන්ම ලෝකයේ පරිගණක දියුණුවන දිශාව මෙරට පාඨකයින්ට පෙන්වීමට අවශ්‍යයි. පාඨකයින් ළිං මැඬියන් වීම වළක්වන්නට එය කළ යුතුයි. එනිසා නොයෙක් පුවත් විශේෂාංග පළ කිරීම ඇරඹුවා. මේ පුවත් පෙළ ගැස්වීම අපගේ හිතුමතයට කළ හැක්කක් නොවෙයි. අපට කළ හැක්කේ එදිනෙදා පුවත් අතරින් අපේ පාඨකයින් දන්නා මාතෘකා ගැන ලිවීමයි. ලෝකයේ ප‍්‍රචලිත සමාගම් හැම එකකගේම වාගේ නිෂ්පාදන ගැන ලීවත්, අවාසනාවකට මයික්‍රොසොෆ්ට් සමාගම ගැන ලියන දේ පමණක් බොහෝ දෙනා කතා කරලා හිත් නරක් කර ගන්නවා. ඒක අපේ ප‍්‍රශ්නයක් නොවෙයි, රටේ ප‍්‍රශ්නයක්. රටේ වැඩි හරියක් පරිගණකවල දුවන  ඕඑස් ගැන, සොෆ්ට්වෙයාස් ගැන ලියන්නේ නැතිව කොහොමද? මේ සොෆ්ට්වෙයාස්වල සීඞී කොපි කඩපිල්වල වැහිවැහැලා තියෙද්දී ඒ ගැන කතා නොකර ලිනක්ස්, ඩිස්ට්‍රෝස් ගැන කතා කරන්න ගියොත් මොකද වෙන්නේ?

මේක අභියෝගයක්! යම් මෘදුකාංග වර්ගයක් ප‍්‍රචලිත කිරීම උර දෙනවා කියන්නේත්, යථාර්ථයට මුහුණ දෙනවා කියන්නේත් දෙකක්. අප කළේ රටේ යථාර්ථයට මුහුණ දීමයි. අපේ පාඨකයින්ගෙන් 80% ක් දෙනා නිතිපතා ඉන්ටනෙට් පාවිච්චි කරන අය නොවෙයි. ස්ක‍්‍රීන් ෂොට් බලලා මෘදුකාංග ගැන අවබෝධය ලබා ගන්නා අය. ඒ අයට ෆයර්ෆොක්ස් ගැන, උබුන්ටු ගැන කියා දුන්නේ අපියි. නොමිලේ උබුන්ටු සීඞී ගෙන්වා ගන්නා හැටි ඉගැන්වූයේ විජය පරිගණක සඟරාවයි. ඒ වගේම දැන් අපි ධචැබ ඡුක්‍ කියලා වෙනම අතිරේකයක් පළ කරනවා. එය මෙරට මුද්‍රණ ඉතිහාසයේ පළමුවරට විවෘත හා නිදහස් මෘදුකාංග ගැන පළ කරන අතිරේකය. ඊට කලින් කවදාවත් එහෙම එකක් තිබිලා නැහැ. ‘ලිනක්ස් ඩිස්ට්‍රෝස්’ විතරක් නොවෙයි, ඉන්ක්ස්කේප්, ගිම්ෆොටෝ, ස්ක‍්‍රයිබස්, කැල්ක්, රයිටර් පාඩම් අපි පළ කරනවා. එහෙත් අවාසනාවකට වගේ මේ විවේචනවලට සම්බන්ධ වෙන අය කතා කරන්නේ වර්ඞ් ගැන විතරයි.

ඒ වගේම පරිගණක සඟරාවේ දැන්වීම් පළවීම ගැනත් චෝදනා මුඛයෙන් කතා කරන අය ඉන්නවා. ඒ අයට මේ පැහැදිලි කිරීම වටීවි.

විජය පරිගණක සඟරාව සම්පූර්ණ වර්ණ සඟරාවක්. මේක මුද්‍රණය කරන්න කඩදාසි, තීන්ත, වෙනත් යාන්ත‍්‍රික උපකරණ  ඕනෑ. මේ සියලූ දෙයට මුදල් වියදම් කරන්න  ඕනෑ. ශ‍්‍රමය හැර අනෙක් කිසි දෙයක් අපේ රටේ නැති නිසා මේ හැම දෙයක්ම පිටරටින් ගේන නිසා, ඩොලරයේ වටිනාකමට මේවා මිලදී ගන්න වෙලා තිබෙනවා. මේ සියල්ලට මුදල් වියදම් කරලා අවසානයේ මනරම් සඟරාවක් රුපියල් 50කට විකුණනවා. එයිනුත් විජය පුවත්පත් සමාගමට ලැබෙන්නේ රුපියල් 40යි. ඉතිරි රුපියල් 10 පත්තර වෙළෙන්දාට දිය යුතුයි.

ඊට අමතරව මේ සඟරාවට අවශ්‍ය ලිපි-ලේඛන සපයන ලේඛකයින්ට ගෙවිය යුතුයි. කර්තෘ මණ්ඩලයට පඩි-නඩි-යාන-වාහන දිය යුතුයි. දුරකතන බිල් ගෙවිය යුතුයි. බෙදාහරින ලොරි-වෑන්වලට තෙල් බිල සහ නඩත්තුවට ගෙවිය යුතුයි. එ පසුබිමේ ඉන්න සේවකයින්ට පඩි-නඩි ගෙවිය යුතුයි. එනිසා සඟරාවක් මුද්‍රණය කොට සෑම මසකම පළමුවැනිදා ගම් දනව් පුරා බෙදා හැරීම, බ්ලොග් එකක් ලියනවා වගේ පහසු-ලාබ දෙයක් නොවෙයි.

පාන් රාත්තලක් රුපියල් පනහකට කිට්ටු වෙච්ච, පොල් ගෙඩියක් රුපියල් 25ක් වෙච්ච, කිලෝමීටර් බාගයක් යන්න හෝ ත‍්‍රීවීලරයකට ගොඩ වුනොත් රුපියල් 50ක් ගන්න රටක, පිටු 64ක වර්ණ සඟරාවක් රුපියල් 50කට දෙන්න පුළුවන්ද කියල කල්පනා කළ යුතු වෙනවා.

මේ බර පැන මැද රුපියල් 50කට සඟරාව නිෂ්පාදනය කිරීම කොහෙත්ම කළ නොහැකියි. එසේ නම් එය කරන්නේ කෙසේද? එය කරන්නේ වෙළෙද දැන්වීම්වලින් ලැබෙන මුදල්වලින් තමයි.

රූපවාහිනි නාලිකාවක් සෑම විනාඩි තුන-හතරකට වරක් වෙළෙද දැන්වීම් මාලයක් පෙන්වන්නේ එය පවත්වාගෙන යාමටයි. එය නොමිලේ නිසා එගැන කතා නොකරනවා වෙන්න පුළුවන්. පරිගණක සඟරාව රුපියල් 50කට විකුණන නිසා මේ ගැන කතා කරනවා වෙන්න පුළුවන්. එහෙත් මෙය ලාබ කළ භාණ්ඩයක් බව කල්පනා කිරීම සාධාරණයි.

විජය පුවත්පත් සමාගම ලංකාවේ දැවැන්තම ප‍්‍රකාශන ආයතනයක්. මේ ආයතනයේ තිබෙන අනෙක් ප‍්‍රකාශනවලට තිබෙන පහසුකම්වලින් ප‍්‍රයෝජන අරන් තමයි මේතරම්වත් අඩු මිලට මේ සඟරාව නිෂ්පාදනය කරන්නෙ. එහෙම නැතිව මේක කරන්න බැහැ.

අපට සිහිනයක් තිබෙනවා. එ සිහිනය තමයි විජය පරිගණක සඟරාව නොමිලේ බෙදාහැරීම. හරියට ටීවී චැනල් එකක් වගේ. රේඩියෝ චැනල් එකක් වගේ. එය යථාර්තයක් වෙන්නේ සඟරාවේ නිෂ්පාදන වියදම සහ එ සඳහා ආයෝජනය කොට තිබෙන ධනස්කන්ධයට ලැබිය යුතු සාධාරණ ලාබය වෙළෙද දැන්වීම්වලින් ආවරණය කර ගන්න පුළුවන් වුණු දවසටයි.

පරිගණක සඟරාවේ වෙළෙද දැන්වීම් ගැන නොසටතුට පළ කරන අය තමන්ගේ රුපියල් 50 ගැන සිතනවා වගේම මේ ප‍්‍රකාශනය පවත්වාගෙන යන්නට රුපියල් කෝටි ගණනක් යොදවා තිබෙන සමාගමත් තමන්ගේ ආයෝජනය ගැන සිතිය යුතුයි. විජය පුවත්පත් සමාගම පුණ්‍යායතනයක් නොව වෙළෙද සමාගමක් නිසා, පාඩු පිට ප‍්‍රකාශන පවත්වාගෙන යාම අපේක්ෂා කරන්නේ නැති බව සමාජයේ සාධාරණ යුක්තියට අනුව කාටත් පිළිගන්න වෙනවා.

මේ පැහැදිලි කිරීමට අමතර වශයෙන් තවත් දෙයක් මෙතැනදීම කිව යුතුයි.

පරිගණක ගැන මෙලෝ හසරක් දන්නෙ නැති අහිංසක දරු දැරියෝ මේ සඟරාව කියවා එ ගැන හුඟක් දේ දන්නා අය බවට පත් වෙනවා. එත් මේ අහිංසක අයගෙන් වැඩි දෙනෙක්ට සඟරාවෙන්ම දේවල් ඉගෙන ගෙන පරිගණක ගැන හොඳ දැනුමක් ලබා ගත්තාම එතැනින් එහාට යන්නට සඟරාවේ දැනුම ප‍්‍රමාණවත් නැති වෙනවා. එතකොට මේ අයට සඟරාව මදි! එතකොට නිරායාසයෙන්ම අදහසක් එනවා පරණ සඟරා තරම් දැන් සඟරාව ප‍්‍රයෝජනවත් නෑ නේද කියලා. මේ අදහස හොඳට ජීර්ණය කර ගෙන, තමන්ගේ ගෞරවය ගඟුලෙන් එතෙරවූ ඔරුවට දීලා, මහපාරේ යන වෙනත් ලොකු වාහනයකට නැඟලා තමන්ගේ ගමන යන සෙනඟ වැඩියි.එ අතර තවත් අය ඉන්නවා නැඟපු ලොකු වාහනය, ඔරුවත් එක්ක සංසන්දනය කරල බලන. එතකොට එ අය කියනවා, අර ඔරුව බලාපිය! එකේ එන්ජිමක් නෑ. ඔරුකාරයා වගේ හඞ්ඩෙක්ද මේ ඩ‍්‍රයිවර්, බලාපිය වාහන මැදින් මේ වාහනේ ගෙනියන අපූරුව… ඔන්න ඔය වගේ දෙවල්. එ වගේම ඔරුවේ නොයෙක් ඇද පළුදු, වෙන අයට පෙන්න-පෙන්න හිනාවෙනවා.

විජය පරිගණක සඟරාව ඔරුවක් විතරයි. අවුරුදු දහතුනක් තිස්සේ අපි කළේ, ගඟුලෙන් එතෙර වෙන්න බැරි ලක්ෂ ගණනක් මෙරට අහිංසක දරු දැරියන්ට, වැඩිහිටියන්ට ඔරුවක් වුණු එක විතරයි. අපි මේ ඔරුව සැප පහසු බෝට්ටුවක් කර ගන්න මහන්සි වෙනවා. එත් මේක නැවක් කරන්න බැහැ. මොකද පිටරටවල්වල ගංගාවල් වගේ ලොකු ගංගාවල් අපේ රටේ නැති නිසා.

එහෙත් අද මේ රටේ පරිගණක ක්ෂෙත‍්‍රයේ වැජඹෙන බොහෝ දෙනා තමන්ගේ ජීවිතයේ කවදා හෝ විජය පරිගණක සඟරාවෙන් ආභාෂය ලබා තිබෙන බව අවිවාදිතයි. අපේ සතුට සහ ආත්ම අභිමානය වඩවන්න එය හොඳටම ප‍්‍රමාණවත්.

පාලිත අමරසූරිය

විජය පරිගණක සඟරාවේ කර්තෘ

Buddhika Jayasinghe ගෙනි
“පරිගණක” මුල්ම කලාපයේ පටන් 2000 වසර වන තෙක්ම මමත් එහි පාථකයෙක්. තොරතුරු තාක්ශන ක්ෂේත්‍රයට මා යොමුවීමට මෙම සගරාවෙන් ලැබූ උත්තේජනය හේතු වුනා. එම කාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂනයේ සීමා මායිම් අප දැනගත්තේ “පරිගණක” සගරාවෙන්. මෙවැනි මෙහෙවරකට මූලික වී ක්‍රියාකල කෙනෙකු මෙලොවින් සමුගැනීම අප රටට ලොකු පාඩුවක්. මෙම ලිපියෙන් මම පරිගණකය ගැන මුල් පාඩම් ඉගෙන ගත් හැටි යලිත් මතකයට නැගුනා.

ඩනිෂ්ක ගෙනි
“මගේ දැනීමේ හැටියට එය දකුණු ආසියාවේ දේශීය භාෂාවකින් පළවන, වැඩිම අලෙවියක් ඇති පරිගණක/සන්නිවේදන මාසිකයයි.”

මේ සඳහා කෝ දත්ත?

බුධාජීව ගෙනි
@ Chanuka :

“විජය පරිගණක”යේ ඉතාමත් භයානක දෝෂයක් වුනේ “මයික්‍රොසොෆ්ට් ඔෆිස්” පිළිබඳ “ආරම්භක පාඩම්”ම පමණක් 5ක් 6ක් පසුගිය වසර කිහිපය පුරාවට පළ කෙරුමයි. මේ මස එකක් පටන් ගනියි.. තව මාස 6ය 7ක් ගිය පසු නැවත මුල සිට පටන් ගනී !

ඇත්තටම ඔෆිස් පැකේජ පිළිබඳ පාඩ්ම් මාලා “විජය පරිගණක”යට අනවශ්‍යයි. කාර්යාලයීය මෘදුකාංග පැකේජ පිළිබඳ ඇති තරම් දැනුම ලාංකිකයා තුල ඇතැයි මම පෞද්ගලිකව විශ්වාස කරනව.

ඒ ඉඩකඩ වෙනත් හරවත් ලිපි සඳහා යොදාගන්නේ නම් මැනවි.

අනෙක් කරුණ නම් ළඟදී සිට “විජය පරිගණක”ය දැන්වීම් වලින් පිරී ඉතිරී යාමයි. ඒ සම්බන්‍ධව නම් වහා පියවර ගතයුතුයි.

බුධාජීව ගෙනි
@ Chanuka :

ඇත්තෙන්ම “විජය පරිගණක”යේ ආකර්ෂණය රැඳී ඇත්තේ එය හුදෙක් පාඩම් සඟරාවක් නොවීම මතයි.

අයෙකුට අවශ්‍යනම් අන්‍තර්ජාලයේ මතුනොව CHM ගොනු වල ඇති කරුණුද උකහාගෙන පොත් ගෝනි පිටින් සහ සඟරා ලොරි පිටිං පළකළ හැකිය. නමුත් සැබෑ ප්‍රයෝජනවත් මෙන්ම අසීරු කාර්යය වන්නේ කාලයේ තාලයට ගැළපෙන ලෙස පාඨකයාගේ රිසිතාවයට වුවමනා වන පරිදි ප්‍රකාශනයක් පළ කෙරුමයි.

“විජය පරිගණක” සම්බන්‍ධයෙන්ද මා හට විවේචන නොතිබුනේ නොවේ. මා මෙන්ම අප සොයුරන් කිහිප දෙනෙක් අදහස් කළ පරිදි “විජය පරිගණක”ය බිල් ගේට්ස් ට දුන්නා වැඩිය. නමුත් පසුගිය කාලය තුල Canonical විසින් Ubuntu ලිනක්ස් නොමිලේ බෙදා හැරීම තුල ලංකාවේ ඒ සම්බන්‍ධව පැවති උනන්‍දුව වැඩිවීමට අනුරූපී ලෙස “විජය පරිගණක”ය ටද FOSS සම්බන්‍ධ ලිපි පෙලක් ඇතුලත් වීම අගය කළ යුතු කරුණකි.

වැදගත් වන්නේ සියළු දේ මුල සිට එකට අනාගෙන, සම්බල් කොට ගෙන පසුව වැඩේ කචල් කරගැනුම නොව, සමාජයේ අදාළ ඉල්ලුම ඇතිවුනු පසු ඒ සඳහා නිසි සැපයුම ලබා දීමයි. ඉල්ලුමක් නිර්මාණය කිරීමට උත්තේජන ලබාදීම කළ යුතු වුවද කෘත්‍රීම ඉල්ලුමක් නිර්මාණය කිරීම නිශ්ඵළ කරුණකි. එබැවින් FOSS හා සබැඳී ලිපි මාලාවද නිසි කල්හි පටන්ගැන්ම ගැන නොවක් තුති සමග සුභ පැතුම් පුද කරමි.

කිවයුතු වන්නේ “විජය පරිගණක”ය පාඩම් සඟරාවක් නොකොට ඒ සඳහා තමන්ටම කියා එකක් ඇරඹුම ඉහත නම් සඳන් මහතා ගත් වැදගත් ක්‍රියාමාර්ගයක් බවයි. මන්‍ද, එසේ නොවිනි නම්, තොරතුරු තාක්‍ෂණය පිළිබඳ යම්තරමක හෝ පනිවුඩයක් ජනතාව අතරට ගෙනයාමට තිබූ “විජය පරිගණක”ය අකාලයේ මියැදීමට ඉඩ තිබූ බැවිනි.

Chanuka Wattegama ගෙනි
විජය පරිගණක සඟරාවේ ආකෘතිය ගැන මුල සිටම වාද තිබිණි. පිරිසකට (එන්. පී. විජේරත්න ඇතුළු) අවශ්‍ය වූයේ එය තනිකරම ‘පාඩම්’ සඟරාවක් කිරීමටය. පරිගණක සිසුනට පමණක් නොව පොදුවේ හැම දෙනාටම කියවිය හැකි, ලිහිල් බසින් පරිගණක හා සන්නිවේදන තාක්ෂණය ගැන කතා කරන සඟරාවක් කිරීමයි මගේ අරමුණ වුණේ. (උදාහරණයක් හැටියට අපි පරිගණක ආශ්‍රිත ප්‍රතිපත්තිමය ගැටළු ගැන විමල් වීරවංශ, රවි කරුණානායක හා සුසිල් ප්‍රෙම්ජයන්ත් සමඟ කළ සාකච්ඡා පවා පළ කළෙමු.)  කාලයකට පසු එන්. පී. අපෙන් බිඳී ගොස් ‘පාඩම්’ සඟරාවක් පළ කළේය. එය තාම ඇත්දැයි නොදනිමි.

ChuttaFX ගෙනි
මම මුලින්ම විජය පත්තරේ, ගිය පරිගණක ලිපි පෙළ කියෙව්වා. ඒකෙ තිබ්බ දැන්වීමක් දැකලා තමා විජය පරිගණක කියවන්න පටන් ගත්තේ. පරිගණක සම්බන්ධ බොහෝ ක්ෂේත්‍ර වල මූලික දේවල් මං ඉගෙන ගත්තේ ඒකෙන්. අර N. P. විජෙරත්නගේ ප්‍රායෝගික පරිගණකෙත් ටික කාලයක් කියෙව්වා. එයා ඉස්සර විජය පරිගණක සගරාවේ ඉදලා පස්සේ අයින් උනේ මොකද කියලා කවුරු හරි දන්නවද?

PS: මල්ලිට සුභ අලුත් අවුරුද්දක්!

බුධාජීව ගෙනි
මා පරිගණක සඟරාවේ පාඨකයකු වන්නේ 2003 ජනවාරි මස සිටයි.

මා සතුව පරිගණකයක් නොතිබූ එම යුගයේ පරිගණකයක් සම්බන්‍ධව තිබූ මගේ ආශාව යම් තරමකට හෝ දුරු කර ගත්තේ එහි වූ සියළු කරුණු මුළ සිට අගටත් අග සිට මුළටත් කියවීමෙනි. පරිගණකයක් සතු නොවූවද එහි පළවන screen shots වෙත මුහුණ ඔබා සිටිමින් පරිගණකයක් තිබුනා නම් ක්‍රියාකරනා ආකාරය ගැන කල්පනා කළා මතකය.

එහි පළවූ Visual Basic පිළිබඳ පාඩම් මාලාව මා අධ්‍යයනය කළේ codes තනිරූල් පිටු වල ලියමිනි. එම පිටු වල debuggerයන්, auto-correction පහසුකම් නොවුවත් පසු කළක එවා පරිගණකයක් මගින් අත්හදා බලන විට මා තනිරූල් කොල වල ලියූ “programs” බහුතරය දෝෂ රහිත ඒවා විය.

ඉදින්, පරිගණක සඟඑරාවට ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.

Chanuka Wattegama ගෙනි
මුල් කලාපයේ පටන්ම පරිගණක තාක්ෂණය ගැන ලිපි අප පළ කළා. උදාහරණයක් හැටියට දෙවන කලාපයේ පරිගණක ජාල ගැන මා පිටු පහක් පුරාවට ලියු ලිපි, පස් වන කලාපයේ සිට එන්. පී විජේරත්න ලියන්න පටන් ගත් ලිපි (ඔහු වසර තුනක් පමණ අපට ලිව්වා, තමන්ගේම සඟරාවක් පටන් ගන්න කලින්) දක්වන්න පුළුවන්.

නමුත් ඇත්ත, අප පරිගණක පාඩම් ක්‍රමවත් ලෙස පළ කිරීම පටන් ගත්තේ කාලයකට පසුව. (මගේ විරෝධයත් ඇතිව.) මට අවශ්‍ය වුනේ පරිගණක සඟරාවේ සැකසුම එහෙමම තබා ගන්නා අතර ‘පරිගණක අත්පොත’ නමින් පාඩම් විතරක් පළ කිරීමට තවත් මාසිකයක් පටන් ගැනීම. සම්පත් හිඟවීම වැනි කරුණු නිසා එය කෙරුණේ නෑ.