Categories
විවිධ

සා.පෙ සාපයක් නොවූ වගයි!

ඔන්න අපි සාමාන්‍ය පෙළ නීත්‍යානුකූලව අවසන් කරලා ඉවරයි!  මට මේ Post එක කොහෙන් පටන් ඇරගෙන කොහෙන් ඉවරකරන්නද කියලා හිතාගන්න බෑ. හරි, මෙහෙම පටන්ගමු. සාමාන්‍ය පෙළ විභාගෙට ලියපු හැටි ගැන අතීතාවර්ජනයක් කරලාම පටන්ගනිමුකෝ… ම්… මේ ගැන සටහනක් මම කලින් ලියලා ඇති

මම සාමාන්‍යයෙන් නැවතිලා ඉන්නේ ඉස්කෝලේ ඉඳලා ඩොටේ (ඩොටේ කියන්නේ හුඟක් දුර, හද්ද පිටිසර) නිසා මේ පාර විභාගෙ ලිව්වේ හොස්ටල් එකේ ඉඳලා කියලා කියවපු අයට මතක ඇතිනේ. ඉතින් විභාගේ ලියපු කාලේ නොකෙලපු පිස්සුවක් නෑ. ඉස්කෝලේ ළඟ තියෙන café අස්සේ රිංගුවා. ඒක එක පිස්සු තමයි. ඇයි මහ රෑ වෙනකන් හින්දි සින්දු ඇහුවා… අයියෝ නිකම් ‍ඉස්කෝලේ යන කාලේවත් එහෙම පිස්සුවක් කරේ නෑ ඕං. ඇයි ඒ විතරක්ද? රෑට Raheema එකෙන් කන්න හොස්ටල් එකෙන් රෑ පැන්නත් එක්ක.

ඉතින් ඔන්න ඔහොම තමයි මම සාපෙට ලිව්වේ. ඇත්තම කිව්වොත්… මම හරියට මගේ එක සටහන් පොතක්වත් සම්පූර්ණ කරලා තිබුනේ නෑ (ඔව්! සිරාවටම) ‍‍ මේ දවස්වල උසස් පෙළ ගණිත ගැටළු විසදන්න ගන්නේ ඒ පොත් ටික තමයි! 😀

දන්නෙම නැතිව විභාගේ ලියලා මාස 4ක් ගියා කිව්වාම ඉතින් කාටද පිස්සු නොහැදී තියෙන්නේ. ඔන්න දැන් තමයි කතාවේ හොඳ හරිය. කට්ටිය අහනවා/කියනවා…

කවදාද රිසල්ට් එන්නේ?
අන්න සයිට් එකේ රිසල්ට් දාලාලු
නෑ පිස්සුද බං අද අප්‍රේල් පළවෙනිදානේ
අපෝ ඉවරයි
ෂික් මේ මඟුල දීලා ඉවර කරන්නේ නෑ බං
අපෝ… රිසල්ට් ඕනේ නෑ වගේ බං…

ඔන්න ඊයේ (අප්‍රේල් 03) මොබිටෙල් එකෙන් හෙන ගහනවා වගේ මගේ ෆෝන් එකට SMS එකක් පතබෑවා කියහංකෝ. මේකේ කියාපි… ඔන්න පුතේ රිසල්ට් ආවාම, ආපු ඉක්මනින් රිසල්ට් එවනවා දැන්ම ප්‍රතිඵල සඳහා ලියාපදිංචි වන්න…

ඔන්න දැං කට්ටිය බය වෙලා. Facebook එක ඇතුලේ එකම ගාල ගෝට්ටියයි. මාත් ඇතුලුව අපේ කට්ටිය ඔන්න දැන් හිටු කියලා Status Update කරනවා. සමහරු Doenets එකට බනිනවා… තව සමහරු Mobitel එකට බනිනවා ඉවරයක් නෑ. කොහොමහරි තත්ත්වය ටිකක් සමනය වෙලා ගියා පෙරුම් පුරාගෙන අන්තර්ජාලයෙන් ප්‍රතිඵල බලන්න හිටියාට… එදා ආපු රිසල්ට් එකක්නම් නෑ ඕං.

ඔන්න අද කාලිංග මාමාගේ 30වෙනි උපන්දිනේ. (51 නෙවෙයි 😉 ) ඉතින් මටත් පොඩි ආරාධනාවක් ලැබුනා එතුමාගේ ප්‍රිය සම්භාෂනයට ගොඩ වදින්න. ඔන්න එදා තමයි ඇහැට නොදැකපු බ්ලොග් ලියන යාලුවෝ හතර පස් හත හත අට දෙනා අඳුරගත්තේ… මට ඉතින් මුකුත් කියවගන්නත් බෑ මං ඉතින් කට වහගෙන බලාගෙන හිටියා මොකද වෙන්නේ කියලා. ඔළුව ඇතුලේ එක එක මඟුල්. අරයා, ප්‍රතිඵල, අරයාගේ ප්‍රතිඵල, මගේ ප්‍රතිඵල… හිත ඇතුලේ එක එක එව්ව‍ා කෝටියයි.

ඔන්න කාලිංග මාමා තමයි මගේ ප්‍රතිඵල මුලින්ම බලලා දුන්නේ. මටවත් අදහගන්න බෑ ඒ මමද කියලා. හිත කිව්වත්, ආපහු නම්බරේ චෙක් කරලා බලන්න කියලා… මට ඒක කියැ‍වුනේ නෑ ඕං ආපු පීඩනයට…
පාටියත් ඉවරවෙලා… ඉස්කෝලෙටත් ඇවිල්ලා. එතැනිනුත් ප්‍රතිඵල තහවුරු කරගෙන යහතින් ගෙදර ආපු එක තමයි ඊළඟට වු‍නේ. අන්තිමට ගෙදර ඇවිල්ලා ආපහු Internet එකෙනුත් බැලුවා…

ආ… මේ තියෙන්නේ…

results

ඉතින් ඔන්න ඔහොමයි වෙලා තියෙන්නේ… මට අප්සට් ඇයි හත්තිලව්වේ අච්චර ලේසි විද්‍යාව පේපරේ කෙලවගත්තේ කියලා… හැබැයි මං හිතන්නේ, මට ඒකට B එකක් ආවේ මගේ වාසනාවකට කියලා (හැමදේම වෙන්නේ හොඳටයි කියනවා නෙව) දැන් මට විද්‍යාවට වැඩිපුර ගැම්මක් දාලා උසස් පෙළ කරන්න පුලුවන් වෙයි කියලා හිතනවා. කොහොමත් මට විද්‍යාව කියන්නේ එච්චර පත්තියං වෙච්ච විෂයක් නෙවෙයි. අනික මං පන්ති ගියෙත් නෑ. පංති ගියෙත් ගණං වලට විතරයි. ඉතින් මට මාර සතුටුයි! විද්‍යාවට B එකක් හරි තියෙන එක ගැන. Re correction  දාන්න කියලා කිව්වත් මං දාන්නේ නැත්තේ ඕක C වලට බහියි කියන බයට 😀

මට ඇත්තටම පුදුමයි, හරියට සටහන් ‍පොත නොලියා, අන්තර්ජාලේ බ්ලොග් ලිය ලිය පිස්සු කෙළ කෙළ හිටියාට ලැබිච්ච ප්‍රතිඵලේ ගැන (බලපු අයට වැරදිලාද මන්දා හැබෑටම)  හැබැයි පුතෝ උසස් පෙළට නම් ඔහොම පිස්සු කෙලින්න බෑ කියලා හොඳට තේරුම් ඇරගෙන තියෙන්නේ දැන්නම්.

ඇත්තටම සා.පෙ කියන්නේ එච්චර ලොකු විභාගයක් නෙවෙයි කියලා තේරෙන්නේ දැං තමයි. ඔන්න දැං තමයි නියම ගේමට බැහැලා තියෙන්නේ… අපි බලමුකෝ තව අවුරුදු 2කින් මොනවා වෙයිද කියලා හා…

UPDATE:
ඇයි හත්තිලව්වේ මට මේක ලියන්න අමතක වුනේ. හදිස්සියට වෙන්න ඇති. සමාවෙන්න ඕ‍නේ. මේ වෙලාවේ අපේ ගුරුවරු නම් අමතක කරන්න බෑ. විශේෂයෙන්ම ඉතිහාසය උගන්නපු පංති භාර ගුරුතුමිය. ඒ වගේම වාණිජ අධ්‍යයනය උගන්නපු ගුරුතුමිය මතක් කරන්න ඕනේ. (අපිට උගන්නන්ම අ‍පේ Commerce මිස් හෙන කට්ටක් කෑවේ – මගේ යාලුවාගේ අදහසක්) ආ ඒ විතරක්ද? අපේ ඉංග්‍රීසි ගුරුතුමිය? සිරාවටම ඉගැන්නුවා. ලියුම් ලියලා, ‍පේ‍පර් කරලා කියලා වැඩක් නෑ.  ඒත් එක්කම අපේ නාට්‍ය හා රංගකලාව ගුරුතුමිය, රත්නා ලාලීනී ගුරුතුමියත්. තොරතුරු තාක්ෂණය උගන්නපු ගුරුතුමියත්. අමතක කරන්න බෑ. මම කෙළවගත්තත් විද්‍යාව 10 වසරේ උගන්නපු ගුරුතුමියයි, 11 වසරේ උගන්නපු ගුරුතුමායි අමතක කරන්නම බෑ.

මේ සුභපැතුම් එක්ක‍රන්නේ මාත් එක්කම සාමාන්‍ය පෙළ ලියපු මගේ බ්ලොග් ලියන ‍සහෝදරයන්ටයි.

ඉද්දා
සුපුන් බුධාජීව
ගයාන් කල්හාර
අංජු ජයතිලක

(සමාවෙන්න, මට දැන් හරියට වචන පිටවෙන්නේ නෑ. වචන හිරවෙලා. සටහන කියවාගෙන යන්න අමාරු ඇති කියලා හිතෙනවා)

ඒ වගේම, කාලිංග මාමාට සුබම සුබ උපන්දිනයක් වේවා.

කතාව සාරාංශයක් කරලා කිව්වොත්, අද ම‍ට පට්ට සුවිශේෂී දවසක්
අංක එක – ප්‍රතිඵල ආපු එක
අංක දෙක – ඇහැට නොදැක්ක යාලුවෝ තොගයක් මුනගැහෙන්න ලැබිච්චි එක
අංක තුන- අන්තර්ජාලයෙන් මුලින් බලන්න හිටපු ප්‍රතිඵල ඉස්කෝලෙටම ගිහිල්ලා බලන්න වෙච්ච එක
අංක හතර – 2008 ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල (නැවත විකාශය) බලන්න ලැබුන එක

සුබ පතපු, සුබ පතන සුබ නොපතන හැම දෙනාටම ස්තූතියි 🙂

41 replies on “සා.පෙ සාපයක් නොවූ වගයි!”

කොහොම හරි ආපු එකනම් ලොකු දෙයක්, අපිට ගොඩක් සතුටුයි, මටත් ගොඩක් සතුටුයි ප්‍රතිපල මට කියන්න ලැබුන එක ගැන… ජය කියලා තමයි ඉතින් කියන්න ඕනේ… වැඩිය කෙල්ලෝ ගැන හිතන්න එපා, ඉගෙන ගන්න හොද තැනකට ආපුවහම කෙල්ලෝ ඔයාගේ පස්සෙන්, එයි.

අඩේ මචෝ උඹට මගේ සුභම සුභ පැතුම්. නියමයි මල්ලී. උඹටත් ගයාන් මල්ලී වගේම වරදින එකක් නැහැ. කොහොමවුණත් මේ ප්‍රතිඵලය වැඩිය ගණං ගන්න එපා මල්ලී, එහෙම දෙපැත්තට (අධි සුභවාදීව, හීනමානව ) හිතපු අය අසමත් වෙනවා, මහන්සි වුණොත් තමා ඉතිං ගොඩ එන්නේ. එළ මල්ලී කාලිංග අයියාට සුභ පැතුම් එක් කරමින් මල්ලීටත් සුභ පතනවා.

ඔයාටත් සුබ පෑතුම් මල්ලි.උසස් පෙලත් මේ විදියටම ඉහලින්ම ගොඩ දා ගන්න ලෑබෙවා කියලා ප්‍රාර්තනා කරනවා

කොන්ග්‍රෑට්ස් කිව්ව.(බොක්කෙන්ම )…

මට පේන්නෙ අන්තර්ජාලෙ හින්ඳ මොකක් හරි වෙනවද කොහෙදෝ. මොකද කකුල් වතුරෙ දාං පිට ලෝකයක් ගැන දනනෙ නැතුව, පොතේම හිටපු/ එක විෂයට පංති 3-4 ගියපු උන් (මම දන්න එකෙක් IT වලට පංති 2කට ගියා ඒත්.. හෆොයි ) උන්ට සාපෙ වැදිල තියෙන හැටි දැක්කාම දුකේ බෑ බන්ස්…. මම හිතන්නෙ දෙපැත්තම සමබරව යන එක තමා හොඳ.. (මම කියන්නෙ සාපෙට විතරයි, උපෙ නම් නම් ඉතින් වෙනම කතාවක් නෙව )

ඉතින් අර කිව්වා වාගේ.. ඌපේ බලා ගමනේ යා…..

නියමයි මල්ලි… මගෙනුත් උණුසුම් සුභ පැතුම්…

උණුසුම් සුභ පැතුම් මල්ලී! ප්‍රතිපල විශිෂ්ටයි. ගෑණු ෙහායන එකට වැඩි අවධානයක් ෙයාමු ෙනාකෙරුෙවාත් තමයි ෙහාඳ 😛

මං ඔයාට කලින්ම සුබ පැතුවානේ.. මේ ඔයා ඔය කාලිංග මාමා කියන ඒවා අහන්න එපා. ලොකු තැනකට ගියාම පස්සෙන් එන කෙල්ලන්ගෙන් වැඩක් නෑ..එයාලා එන්නේ තත්වය පිළිගැනීම අරක මේක නිසා මිසක් ඔයා ගැන ම හිතලා නෙවේ..(කාලිංග මාමා ට ඕවා තේරෙන්නේ නෑ).. සු මල්ලි .. අරයගේ ප්‍රතිඵල කොහොමද දන්නේ නෑ නේද ? 😀 ඉතිරි ටික හොඳට කරගන්න හැබැයි අධික උනන්දුව නිසා සාමාන්‍ය දේවල් අල කරගන්න නම් එපා..වෙනද වගේම හින්දි ෆිල්ම් එකක් බලලා මනුස්සයෙක් වගේ ඉන්න හරිද 😀

@කාලිංග- ආ… බොහොම ස්තූතියි. Birthday Boy(/Uncle 😉 ) ගේ කටි‍න්ම ප්‍රතිඵල අහගන්න ලැබිච්ච එක තමයි ලොකුම දේ! 😉
@බින්කු- බොහොම ස්තූතියි. ඔව් ඔව්, සාමාන්‍ය පෙළ කොහොමත් සාමාන්‍යයි නෙව. උසස් පෙළ ගොඩදාගන්න ඕනේ මොන දහංගැටයක් දාලා හරි 😀
@නුවන්- බොහොම ස්තූතියි. උසස් පෙළ ගොඩදාගන්න තමයි දැන් සූදානම.
@Chanuka Wattegama- Thank you. 🙂
@pissa- Thank you 🙂
@බුධාජීව- ඔව් ඔව්, දැං ඉතින් උ.පෙ තමයි. කට්ටියම එකතුවෙලා කොහොමහරි ගොඩදාමු. උඹටත් සුබ පැතුම්
@ගයාන් කල්හාර- ආ මචන්! උඹටත් තෑන්ක් යූ කිව්වා (බොක්කෙන්ම 😉 ඒක නම් ඇත්ත. ගොඩක් පීඩනේ දාගත්ත එවුන්ට නම් ප්‍රතිඵල ‍පොඩ්ඩක් අප්සට් ‍වගේ තමයි. හැබැයි සමහරු නම් නැතිවා නෙවෙයි, ඔය විදිහටම A9 ගහපු එවුන්. ඔළුවේ තමයි බං ඔය හැම ලෙඩක්ම තියෙන්නේ 😀
@චතුර වික්‍රමරත්න- බොහොම ස්තූතියි අයියා.
@Malinthe- ආ බොහොම ස්තූතියි :D. කෝ ඊයේ උඹත් එක්ක හරියට කතාකරගන්නවත් බැරිවුනා නෙව. මේ මඟුල් ඔළුව ඇතුලේ හිරවෙලා නිසා. 😀
@ලක්ෂිත- බොහොම ස්තූතියි අයියේ. ගෑනු ළමයා තමයි ප්‍රශ්නේ 😀
@සූ- ආ සුබ පැතුමට ස්තූතියි. හ්ම්, හ්ම්… ඒකත් ඇත්ත. මොනවා වුනත් හින්දි ෆිල්ම් බලන එකනං අතාරිනේනේ නෑ අනිවා! 😀

එල එල, සුභ පැතුම්!!!

කාලිංග අංකල්?? හෙට අනිද්දට මේකා මටත් අංකල් කියයිද මංදා.. 🙁

@සු – සූ අක්කේ, අරයා විද්‍යාවට A ඇරගෙන නම් මාව ගනන් ගන්න එකක්වත් නෑ අයියෝ, ෆේල් නං පන්ති එන එකකුත් නෑ. 😀

අප්පට සිරි, සමාවෙන්න ඕනේ, පොඩි වැරදීමක්, මං FB එකේ Photos ටික හොඳට බැලුවෙ දැනුයි.
අංකල් කිව්වට අවුලක් නෑ වගේ.. 😛 😆

හොඳ ප්‍රතිඵලයක්,සුභ පැතුම් මල්ලී, උසස් පෙළ හොඳින්ම ජය ගන්න සුභ පැතුම්.

දැන් තමයි ගේම… ඒලෙවෙල් එලටම කරන්න,, මගේ සුභපැතුම්panhida

අනේ සොරි වෙන්ට ඕන… මේක දැක්කෙ පරක්කු වෙලා. දැන් ඉතිරි ටික තමයි ගේම් එක. මෙතෙක් නැග්ගෙ ඉණිමගක, ඉතිරි අවුරුදු දෙක යන්න තියෙන්නෙ ස්පයිඩර් මෑන් වගේ බිත්තිය දිගේ. ඉතින්…. ඔන්න මගෙනුත් සුභ පැතුම්. ලව් ඉලව් පැත්තක දාන්න එපා.. ඒකත් හිමීට කරගමු… මේ මං වගේ ඒ පැත්තෙනුත් සාර්ථක වෙන්න පුළුවන් වේවා කියල පතනවා 😀 .

ඔබට මගෙන් සුභ පැතුම් මල්ලියා!
මේ බ්ලොග් එකේ මගේ 1st කමෙන්ට් එක.

ම‍ට සමාවෙන්න පුතා. මම අදයි අන්තර්ජාලේ පැත්තේ ආවේ. දවස් ගානකට පස්සේ. මම ඔයාට සුභපතනවා. සුභ අනාගතයක්. ඔයා ලියන ලවු එකටත් මම සුභපතනවා. ඒවත් මේ වගේම සාර්ථක වේවා

@namal- බොහොම ස්තූතියි 🙂
@ශාකුන්තල- ආ ඒක ඇත්ත :D. බලමුකෝ… 🙂 බොහොම ස්තූතියි සුබ පැතුමට
@ChuttaFX- බොහොම ස්තූතියි සුබ පැතුමට. ඒ වගේම බොහොම ස්තූතියි ඔබේ පළමුවැනිම ප්‍රතිචාරයට
@Sampath- බොහොම ස්තූතියි
@sanjeew- බොහොම ස්තූතියි
@Anju- Thank you මචන්! අනේ සොරි වෙන්න ඕනේ මචන් උඹේ නම ‍මේකට දාලා නෑ. ඔන්න දැම්මා මචං. උඹටත් උණුසුම් සුබ පැතුම්
@ෆා ද බ්ලොගී- බොහොම ස්තූතියි අක්කේ
@කාවින්ද කොටුවේගෙදර- බොහොම ස්තූතියි සුබ පැතුම් දෙකටම. 🙂

සමාවෙන්න, පරක්කුවෙලා හරි මේක කියන්නම ඕනෙ.

මල්ලි ඔය වැඩ කරගෙන යන විදියටම කරගෙන යන්න. වෙනස් වෙන්න එපා. මොකෝ ඔයා සාර්ථකව හැමදේම කරානෙ.

ගෑනු ලමයි ගැනනම් ඉතින් හිතුවට කමක් නෑ.. හැබැයි ඔයාට ඕනෙ තරං කල් තියෙනව ඕව තේරුම් බේරුම් කරගන්න. අපි කිව්වට අහන්න එපා, ඔයාම හිතල බලන්න.

මොනා කරත් බ්ලොග් වැඩනම් නවත්තන්න එපා හොඳේ..

ආහ් අමතක උනානෙ කියන්න, හොඳට විභාගෙ පාස් උනාට අපෙන් සුභ පැතුම්!!!

ඔබට ජය!

අම්මේ නියම ප්‍රතිඑලයක්නෙ.
ඔන්න මගෙනුත් උණුසුම් සුභපැතුම්!
දැන් ඉතින් බකං නිලා ගෙන ඉන්නෙ නැතුව උසස් පෙළ සඳහා සූදානම් උනොත් හොඳයි.

සුභපැතුම්! මලෙ‍්…. උසස් පෙළ හොඳට කරගන්න සුභම සුභ අනාගතයක්

@උන්මන්තක- බොහොම ස්තූතියි 🙂
@හර්ෂදේව ආරියසිංහ- අපෝ… මොකට සමාව ඉල්ලනවාද? ;), අනිවාර්යයෙන්ම හිතලා බලනවා. බ්ලොග් වැඩ නම් නවත්තන්නේ නෑ මැරෙනකම්! 😀 බොහොම ස්තූතියි සුබ පැතුමට!
@රැපා- බොහොම ස්තූතියි 🙂 දැන් ඉතින් උසස් පෙළ තමා… 😀
@Thilina- බොහොම ස්තූතියි 🙂
@Anandawardhana- බොහොම ස්තූතියි 🙂

අදයි මේ පෝස්ට් එක දැක්කෙ
සුභ පැතුම් මල්ලි !
උසස් පෙළත් මීට වඩා හොඳට ගොඩ දාගන්න

Leave a Reply to Supun Sudaraka Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.