Skip to content

මදෙස බලා ඉඟිකරන්න, මට පුළුවන් බලා ඉන්න

මාර්තු 27, 2009
සුපුන් සුදාරක ගෙනි

දවසක් මං නුඹව දුටුව උදයේ පිපුන මලක් විලස
නුඹට කතා කරන් නැතිව හිටියේ මම ආදරයට
නුඹ දිහාම බලා හිටියේ නුඹේ ‍සොඳුරු බව නිසාම
එළි වැට නැති ආදර කවියක් ලියැවුනි නුඹේ නමට

මා සිතනා පතනා දෙය නුඹටත් එලෙසම දැනෙනවා ද?
නොදනිමි නුඹ මා ගැන එක වරකටවත් හිතනවා ද?
අද රෑටත් නුඹ මට සිහිනෙන් පෙනෙනවා ද?
සින්දු කියන, සිහින ‍දකින මේ හදවත දැනෙනවා ද?

තත්පරයෙන් තත්පරයට හොරැහින් නුඹ දෙස බැලුවට
හිතන්නෙපා අහිතක් මා ගැන හිතකින් කවරදාක
හිතේ තියෙන දේ කියන්න මටත් ටිකක් ඉ‍ඩ දෙනව ද?
හැමදාටම නුඹේ දිහා බලා ඉන්න මට දෙනවද?

වදන් නොමැති කවක් විලස නිරර්ථකව සැලුනු මසිත
වදන් බිඳක් තෙපලන්නට දැන් වලිකන මගේම සිත
නුඹ‍ වෙනුවෙන් වදන් බිඳක් හෙට දවසේ තෙපලන්නට
මදෙස බලා ඉඟිකරන්න, මට පුළුවන් බලා ඉන්න

නුඹේ නමක්, නුඹේ ගමක්, නුඹේ වතක් නොදන්න මට
නුඹේ නමත්, නුඹේ ගමත්, නුඹේ වතත් කියන්න මට
ම‍ගේ නමත්, මගේ ගමත්, මගේ වතත් කියන්න හෙට
මදෙස බලා ඉඟිකරන්න, මට පුළුවන් බලා ඉන්න

පාට පාට හීන අතර පැටලි පැටලි ඉන්න අපිට
අනාගතේ කළු සුදු බව දුරුකරන්න දැනුම අවැසි බව කියන්න
ආදරයද ජීවිතේට ඕනෑ බව කියාදෙන්න
මදෙස බලා ඉඟිකරන්න, මට පුළුවන් බලා ඉන්න

ආදරයද, සිප් සතරද සම සම ලෙස රැගෙන යන්න
ප්‍රබුද්ධ‍ ලෙස ආදරයට නව අරුතක් ලබා දෙන්න
නුඹේ‍ සොඳුරු ආදරයට ආදරයක් ලබා දෙන්න
මදෙස බලා ඉඟිකරන්න, මට පුළුවන් බලා ඉන්න

ආදරබර නුඹේ හදේ කවි දහසක් ලියා යන්න
ඉමක් කොනක් නොපෙනෙන ආදර අහසේ පියාඹන්න
යෞවනයේ ආදරයට නව අරුතක් ලබාදෙන්න
මදෙස බලා ඉඟිකරන්න, මට පුළුවන් බලා ඉන්න

ප්‍රතිචාර 10 leave one →
  1. මාර්තු 27, 2009 9:20 පෙ.ව.

    ඔබ දුටු ඒ මුල් දිනේ ..සිදුවූ සැම දේ …තවමත් මගෙ මතකයෙහි රැඳේ … http://www.youtube.com/watch?v=5EHjkw8t4PI

  2. මාර්තු 27, 2009 9:24 පෙ.ව.

    මලේ, නිදැස නම් එළ. ටිකක් වැල් බැල් දැම්මා නම් එළ නේද?

    පාට පාට සිහිනයක් අරං
    සත් ගව්වක් ගව්වක් පුරා
    හිරු දකිනා පිණි මෙන්
    සයුරේ රළ පෙළි මෙන්
    නො කියාම යන එන
    ආදරේ මේ ජිවනයේ

    මලේ ඔන්න මේකේ දෙපැත්තටම ලිව්වේ, හොඳ නරක… පොඩ්ඩක් පරිස්සමෙන්. රෝස මල සිඹ ගන්න ගිහින් කටුවට ඇනෙන්න එපා, එහෙම නොවි සිඹ ගන්න. ඉන්පසුත් පරිස්සම් වෙන්න කටු නො ඇනෙන්නට.

  3. මාර්තු 27, 2009 10:46 පෙ.ව.

    සුදාරක මලේ උඹටත් මට වගේම සැරටම ලව් සික් වගේ.
    ඔන්න මම අලුත් පොස්ට් එකක් දැම්මා.

  4. මාර්තු 27, 2009 11:33 පෙ.ව.

    කවිය නම් මරේ මරු!!! සුදාට සැරටම පිස්සුව හැදිලා වගේ! :P

  5. මාර්තු 27, 2009 2:21 ප.ව.

    ලෙඩේ අසාධ්‍යයයි වගේ. ICU දාන්න වෙයිද?

  6. kasun permalink
    මාර්තු 27, 2009 6:11 ප.ව.

    It’s nice!

  7. මාර්තු 27, 2009 8:19 ප.ව.

    අප්පා.. කොල්ල කවිකාරයෙක් වෙලා.

    සුදාරකයා කවිරාරයෙකු කිරීමේ සද්කාර්යයට දායක වූ ඒ නංගීට, සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය වෙනුවෙන් අපේ ප්‍රමාණය !

    හික් ! :-D

  8. මාර්තු 27, 2009 8:58 ප.ව.

    “දස දහසක් දෙදරන දඟර සුලං”. කෙල්ලෙකුට කොල්ලෙක්ගෙ ජීවිතේ කොච්චරනං වෙනස් කරන්න පුලුවන්ද. ජීවිතේට කවි නොලියපු සුදාරකත් කවි ලියල. පුඃ……!

  9. මලී permalink
    මාර්තු 27, 2009 9:40 ප.ව.

    බුදු අම්මියෝ…!!!

  10. චතුර නිර්මාල් permalink
    මාර්තු 27, 2009 9:58 ප.ව.

    කොල්ලා හොදටම නරක් වෙලා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS