Categories
විවිධ

කාලෙකට පස්සේ…

අප්පේ… බ්ලොග් එක දැකපු කල්… මගේ මොනිටරේට කෙළවෙලා ගියා නෙව. ඒ අතරේ පන්ති වල වැඩ වැඩිවෙනවා හිටු කියලා. අපේ ගණන් සෑර් ගණන් ටියුට් එකක් දීලා කියනවා. ඔන්න පුතේ ගණන් එකසිය හැට හුටාමාරක් තියෙනවා හදාගෙන එන්න කියලා. ගෙයින් එළියට බහින්න එපා පුතේ අහල පහළ ගෙවල් වල ඉන්න අයත් එකතු කරගෙන ගණන් ටික හදාගෙන එන්න පුතේ. ඔන්න හරියටම තව දවස් හතක් තියෙනවා කියලා මේ සෑර් කියනවා ඕං. මෙන්න මෙයා ඒ පාර අහනවා…

ෂෝ‍ක් නේ?

දන්න අය දන්නවා කවුද ‍මේ සර් කියලා… මටත් ඉතින් මළ. මොනා කරන්නද… මේ දවස්වල ඕක කරගෙන යන එක තමයි වැඩේ. හැබැයි ගණන් පංතිය විතරක් නම් මදෑ. අලි මදිවට හරක් කිව්වාලු. භෞතික විද්‍යා පන්තියත් ඊට හපන්. උදේ හතේ ඉඳලා දවල් දොළහා වෙනකන්. “සැප කනේ”.!!!

මේ දවස්වල ADSL පාරිභෝගිකයන්ට Peo TV රුපියල් 1000ට දෙනවා. මාත් ඉතින් කහනවාට ගත්තා නෙව… හපෝයියා! නිකං දුන්නත් ගන්න එපා කියලා තමයි මට නං කියන්න වෙන්නේ ඩයලොග් ටීවි ‍මීට වඩා හොඳයි කියලා තමයි කියන්න වෙන්නේ. සිරාවටම Peo TV නම් චාටර්ම චාටර්. ඔන්න MTV එකේ ඇඩ් එකක් ගියා පහුගිය ඉරිදා රෑ අටට Filmfare awards පෙන්නනවා කියලා. හැබැයි Peo TV වල Filmfare awards පෙන්නන චැනල් එක. ඒ කියන්නේ SET (Sony Entertainment) කියන චැනල් එක දෙන්නේ නෑ. ඉතින් අපි පාරිභෝගික සහයට කතා කරලා බැලුවා මේ SET කියන චැනල් එක ගන්න පුලුවන්ද කියලා. ‍කෝ… ඒ අක්කා කියාපි… නෑ එහෙම චැනල් නෑ. එහෙම එකක් ඉදිරියට දෙන එක ගැන කියන්න බෑ කියලා… ඉතින් අපිත් හිත හදාගෙන වැඩේ අතෑරලා හිටියා.

මෙන්න බොලේ ඊට පහුවෙනිදා උදේ SET චැනල් එක එකතුකරලා!!! දෙන්න හිතෙනවා!!!! මේ ටෙලිකොම් එකනම් මහා ජරා යක්කු ඕන වෙලාවට කිසි දෙයක් කරගන්න බෑ කියලා මට හිතුනා… හැබැයි ඔන්න අප්‍රේල් 10වෙනිදා ඉඳලා IPL නම් බලන්න පුලුවන් වෙයි. ඒත් මේක හිතුනොත් දීලා දානවා. දැන් දවසක දෙකක ඉඳලා මේක අම්බානකට හිරවෙනවා. ඉතින් මෙලෝ ‍මඟුලක් බලාගන්න බෑ. ඉතින් බලනවාට වඩා හොඳයි නිකන් ඉන්න එක. මේකේ තියෙන එකම වාසිය තමයි Time Shifting TV කියන එක. ඒ කියන්නේ මේ දවස් තුනක් පරණ වැඩසටහන් බලන්න පුලුවන් සේවාවක් නේ. හැබැයි ඒත් සීමිත චැනල් ගානක් විතරයි පුලුවන්. ලංකාවේ චැනලුයි. BBC වලටයි අල් ජසීරා වලටයි විතරයි මේ පහසුකම තියෙන්නේ. ගන්න හිතන් ඉන්නවානං ගන්න එක ගැන නොහිතා වෙන අතක් බලාගන්න කියලා තමයි මටනං කියන්න වෙන්නේ. ‍මේකේ චාටර්ම වැඩේ කියන්නේ සමහර චැනල්වලට වෙනම සල්ලි ගෙවන්න වෙන එක. උදාහරණයක් විදිහට SET චැනල් එකයි… SET MAX එකටයි රුපියල් 50ගානේ දෙකටම රුපියල් 100ක් ගෙවන්න වෙනවා. HBO චැනල් 4ට රුපියල් 400යි. HBO වලට නම් කමක් නෑ කියමු. ඒත් ඇයි මේ? SET චැනල් දෙකට? ඒවායේ වෙළඳ දැන්වීම් පුරවලා. ‍හොඳ ෆිල්ම් එකක් බල බල ඉන්නකොට ඒ අතරමැද දාන දැන්වීම් ටික බලාගෙන යනකොට චිත්‍රපටියේ අන්තිමට බලපු ටිකත් අමතක වෙලා යනවා කියලා තමයි මගේ යාලුවා කියන්නේ නම්…

ඉතින් ඔන්න ඔහොම තමයි ජීවිතේ… පංති යනවා… වැස්සේ තෙමිගෙන ගෙදර එනවා. ලයිට් නැති දවසකට Peoත් නෑ Computer එකත් නෑ. ඒවා නැති එක කමක් නෑ කියමු. වතුරත් නෑ… අව්වට තෙමෙනවා… වැස්සට වේලෙනවා…. නෑ… අව්වට වේලෙනවා වැස්සට තෙමෙනවා. ‍ඒ මදිවාට දැන් සෙම්ප්‍රතිශ්‍යාව. දත් වලත් මොකක්දෝ ලෙඩක්ද කොහෙද…

අයියෝ…!!!!

15 replies on “කාලෙකට පස්සේ…”

මේ කොල්ලා ලෙඩ වාට්ටුවක් වෙලානේ.. ඒ මදිවට හංගන්න බැරි ලෙ‍‍ඩෙත් හදාගන්න වගේ හදන්නේ.. හික් හික්.. කමක් නෑ.. කමක් නෑ.. ඔහොම යං!

පහුගිය දවස්වල තිබ්බ තර්ජන ගර්ජන වල හැටියට කාලෙකින් සද්දයක් නැති නිසා මම හිතුව පැහැරගෙන යාමකට ලක් වෙලාවත්දෝ කියල. බලපුවහම කොල්ල අමාරුවෙ වැටෙන්න try කරල.

හප්පා… දැක්ක කල්… අර කිව්වත් වගේ ලෙඩ ගොඩකුත් හදාගෙන. අන්තිමට කියපු ලෙඩ වලට නම් වහා දොස්තර මහත්තයෙක් හම්බ වෙලා බෙහෙත් ගන්න. අර මෙව්ව ලෙඩේට නම් බෙහෙත් තියෙන්නෙ මෙව්ව එක්කෙනා ගාවම තමයි 😉

peoTV ගැන කියපු එකට ඒක ගන්න බලං හිටපු අය ස්තූති කරයි. 🙂

Except for the Peo TV part, this would have been a word to word identical note I have made in 1984 – eight years before you were born. Things have not changed much, except for the technology.

ඔය නොකියන ලෙඩේට බෙහෙත මං කලින් දවසක කිව්ව මතකද? ගෑණු ළමය කොහොමද? උස එහෙම ගැලපෙනවද? නැත්තං මං පොඩි පෝටබල් බංකුවක් එවන්නං මලයගෙ පාවිච්චියට. 😀

ඒක නෙවෙයි……….. ගියෙ නැද්ද නිල් මහ හටන පැත්තෙ එහෙම?

අඩෝ..

ඔය මෙව්ව ලෙඩේට කරන්න තියෙන්නෙ එක දෙයයි.. රෝග නිධානෙයි වෛද්‍යවරයයි දෙන්නම එකයි.. ගිහිං හම්බවෙලා අහන්න බෙහෙත් දෙන්න පුළුවං ද කියල.. හැබැයි සමහර විට කියයි 2011 අගෝස්තු වෙනකං බෙහෙත් සාප්පුව වහල තියෙන්නෙ කියල.

විසඳුම් 2ක් තිබේ.

1. බෙහෙත්සාප්පුව විවෘත කරනතුරු සිටීම.
2. වෙනත් වෛද්‍යවරයෙක් හොයා‍ගෙන යාම.

උඹට හැදිල තියෙන්නෙ සිරාම ලෙඩක් නං 1 විසඳුම හොඳයි. කාගෙං බෙහෙත් ගත්තත් එකයි වගේ දැනෙනවනං 2 විසඳුම හොඳයි.

(කාටවත් කියන්න එපා.. මං 1 විසඳුම තෝරගත්තා‍‍..)

අනිත් එක,

මෙන්න උඹේ ‍‍ෆ්‍රෙඩා – රජිතයා, අපි ඌට කාඩ්ඩක් දැම්ම “දෙබරා” කියල.. හොඳයි නේ ? – මාතර ඇවිත් පිස්සු නටනවා.. ඌටත් හරිහමං බෙහෙත් සාප්පුවක් හොයාගන්න බැරුව ඉන්නේ.. ඌට ලෙඩේ හැචෙනවා – නැති වෙනවා.. මාර සීන් එක..

අනේ මන්ද.. අපි හැම එකාටම ලබල තියෙන්නෙ එකම දසාවට කොහෙද !!!

😀

මටත් ඔය කාලෙදි ඔය ලෙඩේම හැදුණ. ඉතිං මාස හයක් තිස්සෙ බොහොම අමාරුවෙන් බස් හෝල්ට් වලයි අතන මෙතනයි රස්තියාදු වෙලා කොහොම හරි බෙහෙත් සාප්පුව ඕපන් කරගත්තා… හැබැයි බෙහෙත් හම්බ වු‍ණේ ඒ ලෙවල් කළාට පස්සෙ. දොස්තර නෝනගෙ යාළු‍වො දැනගත්තොත් කරදරයිලු. 😀

‍ඉතිං තාම බෙහෙත් බොනවා.. සනීපයක් නෑ. මේ ගත වෙන්නෙ ජයග්‍රාහී පස්වෙනි අවුරුද්ද! 😛

මචං! උඹව මැරෙන්න ලඟයිද කොහෙද… 😛
තියෙන මොනමොනව හරි මගෙ නමටත් ලියල තියපන් හොඳේ? 😀

ඔන්න මලයා මේ ටික කාලෙට අපිව අමතක කරලා තියෙන්නෙත් ඔය හඟන්න බැරි කැස්සට නේද? අන්තිමට කිව්ව ලෙඩේට ඕනේ තරම් බෙහෙත් තියෙනවා. අනිත් ලෙඩේට බෙහෙත තව ලෙඩෙක් යෝජනා කරලා තවකෙක් සම්මත කරලානේ. ඉතින් ඔහොම ගනිං බෙහෙත කොහොම හරි, ඒත් බෙහෙත දෙන දෝස්තර පස්සේ බෙහෙත් වරද්දාගෙන දෙන්න ගතොත් හරි මොකක් හරි වුණොත් ඉතින් දන්න ඇත්තෝ දන්නවා උණේ හැටි.

ටැන්කියු මලේ. මමත් මේ Peo TV ගන්න කියලා හිටියේ හොඳ වෙලාවට ගුණ දොස් කීවේ. දැන් ඉතින් Dialog ම ගන්නව

මොනව කලත් කමක්නෑ උසස් පෙළ හොදින් සමත්වෙන්න උත්සහ කරන්න. කොයි ලෙඩේටත් බෙහෙත් තියෙනව නේ. හෙමින් සීරුවෙ බෙහෙත් ටිකක් ගමු.

සුදා ඔය ලෙඩේ නම් පට්ට ලෙඩක්… මටත් තියනවනෙ. මගේ ලෙඩේ නම් ටිකක් වෙනස්. ඔය ලෙඩේ සිරාවටම හැදුනොත් ටිකක් භායානකයි ලු නෙව. කෝකටත් පරිස්සමෙන් හරි?

Leave a Reply to Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.