Categories
තොරතුරු තාක්ෂණය

සේල් සේල් සේල්! ඇමතුමක් රුපියල් 2යි!

Sri Lanka Telecom Mobitel

ආ… මෙන්න නියම ආරංචියක්! මේ ආරංචිය මොබිටෙල් පෙර ගෙවුම් පාරිභෝගිකයන්ටයි! අද (16) මධ්‍යම රාත්‍රී දොළහෙන් පසු අලුත් මිල ගණන් යටතේ ඔබට දුරකථන ඇමතුම් ලබාගැනීමට හැකිවේවි! මාත් උපහාර ‍එකෙන් ආපහු Pre-Paid වලට මාරු වෙන්න හිතුවා. මෙන්න මෙහෙමයි ගාස්තු.

පිටතට ගන්නා ශබ්ද හා වීඩියෝ ඇමතුම් (පැය 24 පුරාවට) – පළමු අවුරුද්ද
මොබිටෙල් වෙත – රුපියල් 2යි
වෙනත් ජාල සඳහා – රුපියල් 2.50යි

පිටතට ගන්නා ශබ්ද හා වීඩියෝ ඇමතුම් (පැය 24 පුරාවට) – දෙවන අවුරුද්ද
මොබිටෙල් වෙත – රුපියල් 1.80යි
වෙනත් ජාල සඳහා – රුපියල් 2.25යි

පිටතට ගන්නා ශබ්ද හා වීඩියෝ ඇමතුම් (පැය 24 පුරාවට) – තෙවෙනි වසරේ සිට ඉදිරියට
මොබිටෙල් වෙත – රුපියල් 1.60යි
වෙනත් ජාල සඳහා – රුපියල් 2යි

ලැබෙන ශබ්ද හා වීඩියෝ ඇමතුම් සියල්ලම නොමිලේ!

කෙටි පණිවිඩ සඳහා ගාස්තු
මොබිටෙල් වෙත – ශත75යි
වෙනත් අංක සඳහා – රුපියලයි!

කෙටි පණිවිඩ සඳහා ගාස්තු – දෙවෙනි අවුරුද්ද
මොබිටෙල් වෙත – ශත68යි
වෙනත් අංක සඳහා – ශත90යි

කෙටි පණිවිඩ සඳහා ගාස්තු – තෙවෙනි වසරේ සිට ඉදිරියට
මොබිටෙල් වෙත – ශත60යි
වෙනත් අංක සඳහා – ශත80යි

විදේශයන් සඳහා කෙටි පණිවිඩ ගාස්තුව එක් පණිවිඩයක් සඳහා රුපියල් 5කි

MMS සඳහා ගාස්තු
මොබිටෙල් වෙත – රුපියල් 2යි
වෙනත් ජාලයන් සඳහා – රුපියල් 5යි
විදේශයන් සඳහා – රුපියල් 10යි

MMS සඳහා ගාස්තු ‍- දෙවෙනි අවුරුද්ද
මොබිටෙල් වෙත – රුපියල් 1.80යි
වෙනත් ජාලයන් සඳහා – රුපියල් 4.50යි

MMS සඳහා ගාස්තු ‍- තෙවෙනි වසරේ සිට ඉදිරියට

මොබිටෙල් වෙත – රුපියල් 1.60යි
වෙනත් ජාලයන් සඳහා – රුපියල් 4.00

GPRS සඳහා කිලෝ බයිට් එකකට එක් ශතයක් පමණි!

මීට අමතරව M Best Friend අංකය සඳහා ගන්නා ශබ්ද සහ වීඩියෝ ඇමතුම් සඳහා ගාස්තුව රුපියලක් පමණි. කෙටි පණිවිඩ සඳහා ගාස්තුව ශත 50ක් පමණි.

මෙම පැකේජය ක්‍රියාත්මක කරගැනීම සඳහා #111# යොදා SEND කරන්න.

මේක නම් සුබම සුබ ආරංචියක්. දැන්නම් Airtel, Dialog වලට මිල හොඳටම අඩුකරන්න වේවි වගේ. ඇත්තටම ලංකා‍ව ලෝකයේ අඩුවෙන්ම දුරකථන ගාස්තු අයකරන රටක්. මට හිතෙන විදිහට ඉදිරියට ස්ථාවර දුරකථන හා CDMA දුරකථන භාවිතා වී‍මේ ප්‍රතිශතය අඩුවෙන්න පුලුවන්. SLT වලට නම් ADSL සඳහා ස්ථාවර දුරකථනයක් අවශ්‍යයි නමුත්, ඔවුන් ඉදිරියට දුරකථන පහසුකම් ලබාගැනීමෙන් තොරව සෘජුවම ADSL පහසුකම ලබා ‍දෙනවානං ඒක පාරිභෝගිකයන්ට වාසියක් වේවි. ම්… තාම හැබැයි ADSL ගාස්තු පරණ පාරිභෝගිකයන්ට අඩුවෙන පාටක් නෑ. ආරංචි විදිහට විදුලි සංදේශ නියාමන කොමිසම ඔවුන්ගේ මිල ගණන් සඳහා අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කරලාලු. ඒක ඇත්තනම් පාරිභෝගිකයන්ට තමයි කෙළවෙන්නේ!.

යාවත්කාලීන කිරීම  – ඔන්න කියලා කට ගන්න ලැබුනේ නෑ. ටෙලිකොම් පරණ පාරිභෝගියන්ටත් මිල අඩු කරලා. වැඩි විස්තර

වැඩි විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න.

13 replies on “සේල් සේල් සේල්! ඇමතුමක් රුපියල් 2යි!”

“විදුලි සංදේශ නියාමන කොමිසම ඔවුන්ගේ මිල ගණන් සඳහා අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කරලාලු” ඈහ් ඒ‍ මොකද ඒ අඩුකරනවට අකමැති. 🙁

ආ එක දෙයක් අමතක වෙලානේ. මේක ක්‍රියාත්මක කරගන්න #111# ඔබලා send කරන්න ඕන.

@පහන් – ඒක නම් හරියට දන්නේ නෑ. මට ලැබුනු දූසමාන ආරංචියක්. 😀
@ශාකුන්තල – නෑ නෑ අයියෝ! මාත් මොබිටෙල් නිසා, මේක ආරන්චි වෙච්ච ගමන්ම ඇතිවෙච්ච ආතල් එක නිසා දැම්මේ 😀
@රුක්ෂාන් – ඒක තමයි! දැන් හැමෝම මොබිටෙල් වගේ!. ඔහොම ගිහිල්ලා ඔක්කොම මොබිටෙල් වලට මාරු වෙයිද මන්දා
@කිසංක – ඒක තමයි. මාත් Airtel සිම් එකක් ගන්න හිටියේ. බලනකොට මේ අයත් Airtel වලින් ගේම ඉල්ලලා වගේ 😀

SLT එකේ ඉන්න මගේ යාලුවෙක් කිව්වා unlimited package එක 1600/- හා 1GB එක 500/- ට තව මාස 2ක් ඇතුලත වෙනස් කරනව කියලා.
ඊට අමතරව 1.0 mbps හා 4.0 mbps package 2කුත් එනවලු. ඒවගෙ price එක තවම තීරනය කරල නැහැ.

Dear Sudaraka,

Thanks for dropping a line.

I am just having some fun and I hope you have taken my writings in the same spirit. I really have nothing personal against you, however if you are offended my writing just leave a comment, though you are not even an indirect target in these writings.

Take care, have fun and best wishes !!

how is the signal strength?. according to that I will suggest to use dialog. I think dialog has the best coverage with the more value added services.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.