මාත් පටන්ගත්තා Micro Blog එකක්!
ඔය එක එක මහප්‍රාණ බ්ලොග් වැඩසටහන් වලට බෑ මාව නවත්තන්න. මාත් මයික්‍රෝ බ්ලොග් එකක් පටන්ගත්තා. ඒක හරි සිම්පල් බ්ලොග් ක්‍රමයක්!
මොකක්ද මේ මයික්‍රෝ බ්ලොග් කියන්නේ. ඒක එක එක අයට එක එක විදිහට නිර්වචනය කරන්න පුලුවන්. තව කෙනෙකුට කියන්න පුලුවන්. තමා දැන් කර කර ඉන්න දේ ගැන කෙටියෙන් කියන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා
ඔව්. ඒක වැරැද්දක් නෑ.
තව කෙනෙකුට පුලුවන් තමන්ගේ හිතට එන ඔය පොඩි පොඩි අදහස් ලියලා පෙන්නන්න පාවිච්චි කරන්න. ඒකෙත් වැරැද්දක් නෑ.
ඉතින් මගේම කියලා මයික්‍රෝ බ්ලොග් එකක් ලියන්න මම පාවිච්චි කරේ, Tumblr. ඒක හරි සිම්පල් වැඩසටහනක්
අමුතුවෙන් ස්ථාපනය කර කර ඉන්න ඕනේ නෑ. tumblr.com ගියා ලියාපදිංචි වුනා. වැඩේ පටන්ගත්තා! හරිම සරලයි!! හරිම පහසුයි!!! තමන්ගේම ඩොමේන් එකක් තියෙනවානං, තමන්ගේ ඩොමේන් එකට පොඩි A Record එකක් දාලා තමන්ගේ ඩොමේන් එක එකතු කරගන්න පුලුවන්
ඔන්න මගේ මයික්‍රෝ බ්ලොග් එක – http://micro.sudaraka.com

