Skip to content

ඩුප්ලිකේට් සුදාරකලා බිහිවීම

පෙබරවාරි 6, 2009
සුපුන් සුදාරක ගෙනි

දැන් ඇතිවී ඇත්තේ විශාල අර්බුධයකි. පිරිමිකමටත් නැති ගැහැනුකමටත් නැති සිංහල “පො”යන්නෙන් පටන්ගන්නා අනන්‍යතාවයක් නැති උන්ට මගේ නම වහකඳුරුය. මගේ නම ‍යොදාගෙන එක එක බ්ලොග් වලට කුණුහරුප ප්‍රතිචාර ඉදිරිපත් කරයි. දැන් මට සිදුවී ඇත්තේ මේ ප්‍රතිචාර මා විසින් ඉදිරිපත් කර නැති බවට හැමතැනම ලියන්නටයි. මේ ආතක් පාතක් නැති පො– රැළ බොහෝ විට මා‍ හොඳින් හඳුනනා අය වීමට ඉඩ ඇත. අඟේ ඉඳන් කන කන මුන්ට මුකුත් නොකියා සිටිමි. ළඟදී දවසක Facebook හී Supuni Sudarshika කියන නමින් Profile එකක් නිර්මාණය කොට එයට මා‍ගේ දුරකථන අංකය යොදා ලිංගික ක්‍රියාරකම් සඳහා කැමතිදැයි අසා තිබුනි.
තමන්ගේ නමින්හෝ වෙනත් තමාගේ අනන්‍යතාවයකින් ලිවීමට නොහැකි. අනුන්ගේ නම් භාවිතා කරමින් පුද්ගලයින් අපහසුතාවයට පත් කරන මුන්ට මින් ඉදිරියට ප්‍රතිචාර නොදක්වමි. හෘද සාක්ෂියකට එකඟව ක්‍රියාකිරීමට බැරි අන්තර්ජාල හාල්පාරුවන්ව වැලැක්වීමට අපට තියා සක්කරයාටවත් බැරිය.  ඔවුන් තමා කරන්නේ හරි දෙයක්දැයි සිතා මතා සිතඟ එකඟව අනුන් කොටවන්නේ නැතිව ක්‍රියාකරොත් යහපති. තමන්ගේ අදහස තමන්ගේ අනන්‍යතාවකින් යුතුව ලියන්න. මේ අදහස් කරන්නේ තමන්ගේ ඇත්ත නමින් අනිවාර්යයෙන් ලිවිය යුතු යැයි නොවේ.  ඔවුන් අන්තර්ජාල‍යේ ඔවුන්ගේ අනන්‍යතාවයෙන් ලියන්නේ නම් යහපති. තමුන් බාවිතා කරන කේතනාමයක් වුවද භාවිතා කිරීම කම් නැත.

මෙවන් දේවල් වූයේ මා හට පමණක් නොවේ.
මට වඩා වෙනස් ආකල්ප දරණ shanට හා beyondframeටද මෙම සන්තෑසියම සිදුවිය.

මෙපමණයි.
මෙහි පළමුවෙන් මාගේ නමින් ප්‍රතිචාර දක්වා ඇත්තේ මා නොවේ.

www.itn.lk හට නිවන් සැප ලැබේවා! (ITN වෙබ් අඩවියේ “අල” කතා වස්තුව)

නිදහස් සිතිවිලි: ඒකීය සිංහල රටක දෙමළාගේ අනාගතය

:(

ප්‍රතිචාර 34 leave one →
  1. පෙබරවාරි 6, 2009 10:17 ප.ව.

    නැහැ ඔබ පසුබට විය යුතු නැහැ, මෙවැන් පො- වැඩ කරන්නන් හැම තැනමනේ. අපි ඔබ සමගයි.

  2. පෙබරවාරි 6, 2009 10:23 ප.ව.

    මා ඔබ සමගයි. මෙයට යමක් කල යුතුමයි. මෙමෙ පො_ _ රැලට තවත් මෙසෙ වැඩ නොකිරීමට වැඩක් කල යුතු යැයි කියා ඔබට නොසිතේ ද මිතුර?

  3. පෙබරවාරි 6, 2009 10:25 ප.ව.

    @ඉද්දා – ‍මේ මානසික ලෙඩ කාරයින්ට මුකුත් කරන්න බෑ. කරන්න ඕනෙත් නෑ. උන් දැනගන්න ඕනේ හැදෙන්න.

  4. පෙබරවාරි 6, 2009 11:28 ප.ව.

    සුදාරක,
    ඔබේ avatar එක නිසා අපට සැබෑ සුදාරක හඳුනාගන්න පුලුවන්. ඔබට ජය !

    දැන් දැන් සංසදයේ ගූගල් සමූහයටද මෙබඳු පො– කුම්භාණ්ඩයන් එකතු වී ඇති බව පෙනෙනවා.

  5. පෙබරවාරි 7, 2009 12:25 පෙ.ව.

    ගනං ගන්න එපා මල්ලි. ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ. උන්ට ඉරිසියා හිතෙනවා ඇති බං උඹ ගැන. ඕව ගනං ගන්න එපා.

  6. පෙබරවාරි 7, 2009 12:34 පෙ.ව.

    ‍ඕකනං ලෙඩක් වීගෙනයි එන්නේ පුතෝ…
    නිසි බලදාරීන්ට බැයිද බේතක් හොයන්ඩ ඕකට.
    සුදාරක ඕව ගනං ගන්ඩ එපා.. මොනව කරන්ඩද? අරක නැති කමනෙ.
    එහෙම නැත්තං තාත්තගෙ නමත් ඕව‍ගේද දන්නෙ නෑනෙ. :P

  7. පෙබරවාරි 7, 2009 1:25 පෙ.ව.

    අපි දන්නවනෙ ඔරිජිනල් සුදාරක. මේව කරන කස්ටිය අල්ලාගන්න පුළුවන් නේද?
    ඒ අයගෙ භාෂා විලාසය ටිකක් හොඳින් අධ්‍යනය කරන්න. ඒ ‍කමෙන්ට් දාපු වෙලාවෙම වගේ වෙනත් බ්ලොග් අඩවි වල කමෙන්ට් දාපු අය ගැන ටිකක් විමසිලිමත් වෙන්න. මොකද සතුරා ඉන්නෙත් අප අතරමයි.
    IP එහෙම බලන්න පුළුවන් නේද?

  8. පෙබරවාරි 7, 2009 1:46 පෙ.ව.

    ආ.. තව එකක් කියන්න අමතක වුණා. බ්ලොග් වල comment ලියද්දි OpenID පාවිච්චි කරන්න. Gravatar අනාරක්ෂිතයි.

  9. පෙබරවාරි 7, 2009 9:09 පෙ.ව.

    හප්පා මම කලින් මේ පොස්ට් එක දැක්කට දැනුයි පො*** දාපු කමෙන්ට් දැක්කේ. තත්වය සෑහෙන්න බරපතලයි වගේ.

  10. පෙබරවාරි 7, 2009 9:13 පෙ.ව.

    මම මේ කාරනේ ගැන කලින් ලියූ දෙයක්.
    http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/2f9f7fc891e48b3e/34f6a738e8283a91?lnk=gst&q=%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A#34f6a738e8283a91

    මේ ගැන සංවාදයක් ඇති වුන එක ගොඩක් හොඳයි.

    තමුන් එකඟ නොවෙන අදහස්වලට පවතින්න ඉඩක් නැතිය කියල හිතන්න ගත්තම ඕන දෙයක්
    කරන්න පෙලඹෙනව. බ්ලොග් අවකාශය තුල (සිංහල නොවන බ්ලොග්අවකාශය තුලත්) මේ
    වගේ දේවල් සිද්ද වෙනව.

    මර්දනය කරන්න අවශ්‍ය කෙනෙකුගේ නමින් අප-ප්‍රතිචාර දැමීම, බ්ලොග් අඩෙවි
    අරඹා අදාල පුද්ගලයාගේ වේශයෙන් අප-ලේඛන පල කිරීම, අදාල පුද්ගලයා වෙනත්
    සන්දර්භ තුල පීඩනයට හා අගතියට ලක් කිරීම ආදියත් ආරූඪ නාම/ලේඛක නාම
    එලිදරවු කිරීමත් ඒ වගේ වැඩක්. මෑත සති කිහිපය තුල මේ සියල්ල සිංහල බ්ලොග්
    අවකාශය තුල සිදු වෙනු දකින්න ලැබුනා. මේ පැති ගනනාව ම නිදහස් අදහස්
    සංසරනයට බාධාවක් වෙන්න පුලුවන්.

    මේ වගේ වෙලාවක අගතියට පත් පාර්ශ්වයට කරන්න දෙයක් නැද්ද? එකක් තමයි
    කිසියම් බලය පැවරිය හැකි ප්‍රතිචාර ක්‍රමවේදයක් අනුගමනය කිරීම. තමා බවට
    නිශ්චිත ව වගකිය හැකි ක්‍රමයක්. openID භාවිත කිරීම හොඳ විසඳුමක්. එමගින්
    ලොග් වී blogspot, livejournal, typepad වගේ ගොඩක් සේවාවන්ට ප්‍රතිචාර
    ලියන්න පුලුවනි. නිකම් වෙබ් ලින්ක් එකයි ඊමේල් ලිපිනයි දාලා ඕන කෙනෙකුට
    ප්‍රතිචාර දක්වන්න පුලුවන්. නමුත් අරක කරන්න බැහැ නේ. අවාසනාවකට
    wordpress.com වල නම් එහෙම බැහැ මම හිතන්නෙ. දැන් blogspot ගිනුමක්
    openID එකක් හැටියට යොදාගන්නත් පුලුවනි.

    එතනින් එහාට ඉතින් තියෙන්නෙ අගාධ සාගරයත් සදාචාරයත් තමයි. ඇතැම් අය
    කල්පනා කරන්නෙ නීති සහ රීති පමනක් රැක්කාම ඇති කියල. ආචාරධර්ම (ethics)
    ආරක්ශා කිරීම ඒ වගේ බැඳීමක් සහිත දෙයක් නොවන බව තමයි ඇතැම් අයගේ ආකල්පය.
    නමුත් වඩා “වැදගත්”, සරුසාර හා “උසස” බුද්ධිමය සංස්කෘතියක් තුල ආචාරධර්ම
    ගොඩනැගෙනවා, ඒ විතරක් නෙමෙයි ඒවා සුරකින්න පොදුවේ බැඳීමකුත් ඇති වෙනවා.
    එවැනි සන්දර්භයක් තුල දී එකඟ නොවෙන අදහසක් හමු වුනත්, අදාල කෙනාට දඩයම්
    කරන්න බලාගෙන එයාගෙ නමින් අප-ප්‍රතිචාර, මඩ-බ්ලොග් ලියන්න යන්නෙ නැහැ.
    අදාල කෙනාගේ ආරූඪ නාමය, ගෙදර ලිපිනය එලි කිරීමේ සුඛය භුංජනය කරන්න යන්නෙ
    නැහැ. ඒවා එවැනි සංස්කෘතියකට තරම් නොවෙන දේවල්.

    ඒ වෙනුවට එකඟ නොවන දෙයෙහි පැවැත්ම වෙනුවෙන් පවා අරගල කරන්න පෙලඹෙන්නෙ
    අභිප්‍රේරනයක් ඇති වෙන්නෙ එවැනි “උසස්” ආචාරධාර්මික සංස්කෘතියක් තිබුනොත්
    තමයි. එය ඉහලින් නීති පනවා කරන්න පුලුවන් දෙයක් නම් නෙමෙයි.

    නමුත් වැඩි වැඩියෙන් විවෘත සාකච්ඡා ඇති වීම මගින් එවැනි සංස්කෘතියකට දොර
    ඇරගන්න පුලුවන් වේය කියලා මම කල්පනා කරනවා

  11. පෙබරවාරි 7, 2009 9:27 පෙ.ව.

    මේ තත්වයට එරෙහි ව “සටන්” කිරීම හැටියට IP address පසුපස හෝ භාශා ශෛලිය පසුපස පන්නමින් වෙහෙස වීම පවා අදාල අපචාරකරුවාගේ ජයග්‍රහනයක් බවයි මගේ නම් අදහස. මොකද එවැන්නකින් සිදු වන්නෙ ඔබ ඔහුට/ඇයට අවශ්‍ය මට්ටමේ ප්‍රතික්‍රියා දැක්වීමක්. අනික ඒ විදිහට අල්ලන්න අපහසුයි මේ වගේ අය ඇතැම් විට ශෛලීන් පවා ආරූඪ කරගනිමින් ලියන නිසා. ලෝක ප්‍රකට ලේඛක නීල් ගේමන් නමින් වෙනත් අයෙක් වෙබ් අඩෙවියක් සහ මයිස්පේස් අඩෙවියක් පවත්වාගෙන ගියා මේ ආකාරයට :-) නමුත් සැබෑ නීල් හොරු අල්ලන්න දිව්වෙ නෑ ඒ වෙනුවට තමන්ගේ නිල profile එක නිවේදනය කලා. ඔට පස්සෙ තමුන්ගෙ වැඩක් බලා ගත්තා :-D

    සුදාරක, ඔබේ නිල profiles සියල්ල open ID profile එකක් යටතට ගන්න. මේ වැඩේට හොඳ ම http://claimid.com/ එමගින් බොහෝ ජාලගත අනන්‍යතා verify කොට එකට බැඳගත හැකියි.

    ඉන් පසු ඔබේ වෙබ් අඩෙවිය තුල පිටුවක disclaimer එකක් යොදන්න සියලු තන්හි මම ප්‍රතිචාර පල කරන්නේ මේ profiles යටතේ පමනක් බවට. opem ID මගින් ම බ්ලොග් ප්‍රතිචාර ලියන්න. open ID login නැති තැන්වල ප්‍රතිචාර යොදන්න බැරි නම් ඒ ගැන වද වෙන්න එපා.

    ඉන් පසු අනිත් සියල්ලට නිශ්ශබ්දතාව නමැති කෙවිටෙන් දෙකක් ඇන බැහැර කරන්න. ඊට වඩා තැනක් දෙන්න අවශ්‍ය නැහැ ඕවට. මේ ගැන බ්ලොග් සටහන් ලියමින් හොරු අල්ලන්න වෑයම් කරමින් ගත කරන කාලය වෙනත් පලදායක දෙයකට යෙදිය හැකියි.

  12. කසුන් permalink
    පෙබරවාරි 7, 2009 12:18 ප.ව.

    කාගේ හරි කොන්ද පන නැති බූරුවෙකුගේ වැඩක්.
    x-(

  13. පෙබරවාරි 7, 2009 3:16 ප.ව.

    ඔවා ගනන් ගන්න එපා ,බොරුවට ආයුශ අඩුයි.

  14. සාගර permalink
    පෙබරවාරි 7, 2009 10:54 ප.ව.

    මට ඇති ප්‍රශ්නය මෙයයි. Beyond Frame ගේ නමින්, Shan ගේ නමින් හා මගේ නමින් මෙසේ අප ප්‍රතිචාර දමද්දී, අපේ ප්‍රතිචාර මකද්දී, කුණුහරුප ලියද්දී කවුරුවත් ඒවාට විරුද්ධ වුනේ නැත. Beyond Frame ට ‘දෙඤ්ඤම් බැටේ’ ආකාරයේ ප්‍රහාරයක් මඩ බ්ලොග් එකක මේ ලියන මොහොතේදීත් ක්‍රියාත්මකය. එය Beyond Frame ට මරණ තර්ජන එල්ල කරන මට්ටමට ගොස් ඇත. කවුරුවත් ඒවාට බනින්නේ නැත. හරියට ලසන්ත වික්‍රමතුංග මිය ගිය විට පිරිසකට විශාල ජොලියක් ගියා වගේය. හැමෝටම රිදෙන්නේ තමන්ට වැදුනු විටය. අනෙකාට වදින විට ගානක් නැත. නැත්නම් ෆුල් ජොලිය.

    මහින්ද රාජපක්ෂ මෑතදී සිදුවූ අසික්කිත ක්‍රියා “හෙළා දුටු” උදාසීන ආකාරයෙන් මේවා හෙළා දකින්නට මට උවමනාවක් නැත. කළ යුත්තේ හෙළා දැකීම හෝ කළවුන්ට කුණුහරුපයෙන් බැනීම නොව මින් ඉදිරියට ඒවා සිදුවනු වැළැක්වීමයි.

    ලියන පුද්ගලයා කවුරුද යන්න නොසලකා මේ අසික්කිත වැඩ වලට විරුද්ධ වීමට අපට බැරි ඇයි? අපේ මහින්ද සමාජය ඒ තරමටම පිරිහිලාද?

  15. සමරවීර permalink
    පෙබරවාරි 7, 2009 11:00 ප.ව.

    සාගර මහත්තයෝ,
    ඔයා මහින්ද රාජපක්ෂ එක්ක තරහ වෙන්න පුලුවං. ඒකෙන් අපිට කමකුත් නෑ. ඒත් මේ හැම කමෙන්ට් එකකම ඒ බව ලියන්න අවශ්‍ය නෑ. අපිට දැං ඔහේගෙ කමෙන්ට් වල ඕක දැකල ඇතිවෙලා.

    කරුණාකරල පෝස්ට් එකට අදාල දේවල් විතරක් කමෙන්ට් එකේ ලියනවද මහත්තයෝ ?

  16. සාගර permalink
    පෙබරවාරි 7, 2009 11:11 ප.ව.

    @සමරවීර,

    මහින්ද රාජපක්ෂ අපේ සමාජයේ Big Brother ලෙස හැසිරීම නතර කරන තුරු ඔහු අප කරන කියන හිතන පතන හැම දෙයටම අදාළය. මා ඔහු ගැන ලියනවාට අකමැතිනම් ඔබ කළ යුත්තේ ඔහුට ලාංකික සමාජයේ Big Brother ලෙස හැසිරීම නතර කරන ලෙස කීමය.

  17. සමරවීර permalink
    පෙබරවාරි 7, 2009 11:14 ප.ව.

    ඉතිං සාගර මහත්තයෝ ඔහේට පුලුවං නොවැ රාජපක්ස මහත්තයාට විරුද්දව බ්ලොග් එකක් පටං ගන්න. ඒක මේ කනුවක් කනුවක් ගානෙ මුත්තරා කරනවට වඩා නම්බුයි නොවැ ?

  18. පෙබරවාරි 7, 2009 11:15 ප.ව.

    සාගරට සද්දෙට වාතයක් ගියත් එකටත් බැනුම් අහන්න වෙන්නේ රාජපස්සට.

  19. සාගර permalink
    පෙබරවාරි 7, 2009 11:54 ප.ව.

    @සමරවීර,

    කමෙන්ට් බ්ලොග් සංස්කෘතියේ කොටසකි. මා මෙහි කමෙන්ට් පළ කරන්නේ ඒ සඳහා විවෘත අවසරයක් ලැබී ඇති නිසාය. බ්ලොග් එකක් කණුවක් ලෙසත් කමෙන්ට් කිරීම මුත්‍රා කිරීමක් ලෙසත් මා දකින්නේ නැත.

    මගේ මූලික ප්‍රශ්න තවමත් උත්තර නැතිව බලා හිඳී. Beyond Frame නමින් Shan ගේ නමින් මගේ නමින් අපප්‍රතිචාර පළ කරන විට ඊට එරෙහි වූවෝ කවරහුද? කිසිවකු ඊට එරෙහි නොවූයේ ඇයි?

    යමකු සඳට ඇඟිල්ල දිගු කරන විට ඇඟිල්ල දෙස නොව සඳ දෙස බලන්න පුරුදු වන්න.

  20. සමරවීර permalink
    පෙබරවාරි 8, 2009 12:03 පෙ.ව.

    සාගර මහත්තයෝ, කමෙන්ට් කොරන්න ඔහේට අවසර තියෙනවා තමයි. ඒත් ඉතිං අදාල නැති දේවල් කමෙන්ට් වල ලිව්වාම කියවන අපිටත් එපා වෙනවා නොවැ. බල්ලා කනු ගානේ මුත්තරා කොරන්නේ තමුංගෙ වැයික්කිය මාක් කොරන්න නොවැ. ඉතිං මට පේන්නේ ඔහේත් රාජපස්ස මහත්තයට විරුද්දව ඔහේගෙ මතය හැම බ්ලොග් එකකම ගාන්න හදනවා. ඒකත් ඉතිං කණු ගානෙ මුත්තරා කොරනව වගේ තමයි.

    අනික මෙතන කිරි ගැන කතා කොරනකොට ඔහේ ඒ අස්සේ ගොම ගැන කතා කරනවනං, ඔහේ හඳ පෙන්නනකොට අපි ඇඟිල්ල දිහා බැලුවම මොකෝ ?

  21. Brave Heart permalink
    පෙබරවාරි 8, 2009 6:35 ප.ව.

    Mekai sudaraka, oya wage wada karanawa boho durata “Deshapalanika satahan” iwasanna bari aya. samaharawita oya ara Mahinda rajapakse gan liwwa Blog ekata against una THATHTHA UNP una ayage wadak wenna bari ne.

  22. Brave Heart permalink
    පෙබරවාරි 8, 2009 6:38 ප.ව.

    Mata mehemath hithenawa Sudaraka, samahara with oya SAGARA wage kattiyath athi(eha gedera THATHTHA UNP una)

  23. පෙබරවාරි 8, 2009 9:54 ප.ව.

    සාගර,
    Shan හා Beyond Frame නමින් ප්‍රතිචාර දමද්දී කවුරුත් විරුද්ධ නොවුනේ ඒ බ්ලොග් වැඩිය කවුරුත් කියවන්නෙ නැති නිසා. බ්‍රහ්මදන්ඩනය දීල තියෙන්නෙ බොහොමයක් අය.

  24. සාගර permalink
    පෙබරවාරි 8, 2009 10:55 ප.ව.

    මේ සිංහල බ්ලොග් අවකාශයේ ඇති අවාසනාවන්ත තත්වයයි. සුදාරක තමන්ගේ නමින් වෙනකෙනකු අපප්‍රතිචාර දමද්දී විරුද්ධ වෙයි. එහෙත් තවත් පිරිසක් මට අසාධාරණ ලෙස පහර දීමට ඔහුගේ බ්ලොග් එක යොදා ගනිද්දී ඊට ඉඩ දී නිහඬව බලා සිටී. මේ බ්ලොගවකාශයේ දෙබිඩි සදාචාරයද?

    (බ්ලොගවකාශයේ අසික්කිතයන් බිහිවන්නේ ඔවුන්ට ක්‍රියාත්මකවීමට සමහර බ්ලොග් කරුවන් ඕනෑකමින්ම අවකාශ සපයා දෙන නිසාය.)

  25. සමරවීර permalink
    පෙබරවාරි 9, 2009 9:52 ප.ව.

    ඔන්න ඔන්න සාගර මහත්තයෝ ඔහේ නැට්ට පාගගෙන,

    ඔහේට අසාදාරන විදියට පහර දීලා තියෙන්නෙ කවුද ?

    අපි කියලා තියෙන්නෙ පෝස්ට් එකට අදාල නැති ඔහේගෙ දේසපාලන ජරාව කොමෙන්ට් වල ලියන්න එපා කියල.

    හොඳයි බොරුද?

  26. nirnaamika permalink
    පෙබරවාරි 10, 2009 7:54 පෙ.ව.

    මෙය වෙන තැනක ලියූ සටහනක්. නමුත් මෙතැනට අදාළ වෙයි කියා සිතුනු නිසා පළ කරනවා.

    @ආනන්දවර්ධන,

    මා මෙය කියන්නද නොකියන්නද බොහෝ කල් බලා සිටියා. නමුත් ඔබ සුදාරක ගැන දීර්ඝ වර්ණනාවක් කර තිබෙන නිසා කියන්නම වෙනවා.

    ඔබ සිතන්නේ සුදාරකගේ බ්ලොගවකාශයේ හැසිරීම සංවර බවද? කණගාටුයි කියන්න, ඔහු ඉතා අසංවර ලෙස හැසිරෙනු මා නම් දැක තිබෙනවා. පාසල් ශිෂ්‍යයකුට කෙසේ වෙතත් සාමන්‍ය බ්ලොග් කරුවකුටවත් නොගැළපෙන වාග් ව්‍යවහාරයක් ඇතිව.

    මේ උපුටන බලන්න.

    “පිරිමිකමටත් නැති ගැහැනුකමටත් නැති සිංහල “පො”යන්නෙන් පටන්ගන්නා අනන්‍යතාවයක් නැති උන්ට මගේ නම වහකඳුරුය.”

    “මේ ආතක් පාතක් නැති පො– රැළ බොහෝ විට මා‍ හොඳින් හඳුනනා අය වීමට ඉඩ ඇත.”

    “හෘද සාක්ෂියකට එකඟව ක්‍රියාකිරීමට බැරි අන්තර්ජාල හාල්පාරුවන්ව වැලැක්වීමට අපට තියා සක්කරයාටවත් බැරිය.”

    “ඔය අසූචි කියන වචනය වෙනුවට ‍බ්ලොග් කියන වචනේ එක්ක සමගාමීව යන අර.. “බො*” වචනය ‍යොදාගන්න.”

    “ජාති‍යේ අවාසනාවට එසේ නොතේරෙන හාල් පාරුවන්ද ඇත.”

    ඔබ සිතන්නේ රාජකීය විදුහල්පති උපාලි ගුණසේකර මහතා ආඩම්බර වෙයිද තමන්ගේ ශිෂ්‍යයකු ලියන මෙවන් දේවල් කියවන්න? print එකක් අරන් යවලා බලමුද?

  27. පෙබරවාරි 10, 2009 8:47 පෙ.ව.

    @nirnaamika – ඔහොම නැතිව වෙන කොහොමද ඔය වගේ අයට ආමන්ත්‍රණය කරන්න ඕන? ඒකත් අනිත් අය කියවන නිසා සම්පූර්ණ වචනය වත් යොදලා නැහැ. හාල්පාරුවා කියන වචනය කුණුහරුපයක්ද? බ්ලොග් අවකාශයේ සංවරව හැසිරීම ලෙස ඔබ දකින්නේ මෙය නම්, එය නොවේ සංවරව හැසිරීම. අනුන්ගේ නම් තමන්ගේ නම් කරගෙන ඒ අයව ‍කොටවන එක සංවරකමද? හොඳයි, ඒ අයට මීට වඩා සංවරව අමතන්න හැකිද?

  28. nirnaamika permalink
    පෙබරවාරි 10, 2009 8:58 පෙ.ව.

    හොඳයි ඔබ මේවා සංවරයි කියලා කියනවානම් අපි ඔබේම විදුහලේ විදුහල්පතිතුමාගෙන්ම අහලා බලමුකෝ. එතුමාටත් email එහෙම ඇති නෙවැ. එතුමා මේවා සංවරයි කියලා කියනවා නම් මා පිළිගන්නම්.

  29. nirnaamika permalink
    පෙබරවාරි 10, 2009 9:42 පෙ.ව.

    හාල්පාරුවා කියන වචනය කුණුහරුපයක්ද?

    අසභ්‍ය කියන්නේ ලිංගේන්ද්‍රියන්ට භාවිතා කරන පදවලට පමණක් නොවේ. අසභ්‍ය කියන්නේ සභාවක භාවිතා නොකළ යුතු වචනය. කෙසේවෙතත් ඔබ දෙමාපියන් ගුරුවරුන් සමඟ කතා කරන්නේ මෙවන් වචන වලින් නම් ඔබට ඒවා භාවිතයට නිදහස ඇත. මා ඉගෙන ගන්නා කාලයේදීනම් රාජකීය විද්‍යාලයේ එවන් වචන භාවිතාවක් නොවීය.

    ඉංගිරිසියේ bastard යන වචනය මම කලක් බහුල ලෙස භාවිතා කළෙමි. ඒ එහි අරුත නොදැනය. දිනක් වැඩිහිටියෙක් “Son, better look that word at a dictionary” යි පැවසීය. එතැන් පටන් මම එම වචනය භාවිතයෙන් වැළකුනෙමි.

  30. පෙබරවාරි 20, 2009 4:44 ප.ව.

    සුදාරක මලයා… එක එක නානාවිධ ගසගරත්නලා ඔවුන්ගේ හෙලුව වසාගැනීමට අනික් එවුන්ගේ පොල්කීරි පෙන්නීමට පටන් ගෙන ඇත… ලියද්දෝ ලියද්දෙන් මමත් පිලිතුරු ලිවීමට ගොස් එහි ඇති අර්ථරහිතභාවය අවබෝධ කර නිහඬව සිටිමි… නිහඬව පසුවීම මා සිතනා සැටියට අර්ථාන්විතය… කොන්ද පන නැති ගස් ගොබිලන්ට තව කාලයක් යන විට දූරීන්භූත වී යනු ඇත… ජය…

  31. Thilina permalink
    මාර්තු 21, 2009 7:22 ප.ව.

    කාටවත් වචනෙ හරියට ලියන්ඩ බැරි වුනානෙ. ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍මෙ පොන්නයින්ට දෙන්ඩ ඔනෙ කන පැලෙන්න

  32. මාර්තු 26, 2009 9:40 ප.ව.

    මම නම් හිතන්නෙ අපි ඒ වගෙ වචන භවිත නොකල යුතුයි කියල මොකද එතකොට අපිත් ඒ අය වගේ වෙනව. මෙව ගනන් ගත යුතු නෑ. ඔය ටිකක් කල් කරගෙන යනකොට ඒ අයටම එපා වෙයි.

  33. කසුන් permalink
    මාර්තු 27, 2009 11:08 පෙ.ව.

    අපි ඔබ සමගයි.

  34. සුදර්ශන permalink
    අප්‍රේල් 15, 2009 3:56 ප.ව.

    මමත් කියන්නෙ මෙහෙම එවු‍න්ගෙ ප්රනතිචර ගනන් ගන්නෙ නැතිව ඉන්න ඕන මොකද එතකොට තමා උන් උඩ යන්නෙ. තේරැමක් නැ කියල දැනුනම ඕව නවත්ත ගනිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS