Skip to content

අයියන්ඩිය බිය නොවන්න! SLT ADSL බිල ලඟදීම අඩුවේවි!

පෙබරවාරි 6, 2009
සුපුන් සුදාරක ගෙනි

ආ… කට්ටිය දැන් බයවෙලා මේ මොකද වෙන්නේ කියලා. එළකිරි අඩවියේ එහෙම ටෙලිකොම් එකේ පලු පැලෙන්න බනිනවා. ඒ අතරේ එක එක තැන්වල එක එක කතා. මේ ඔක්කොම පටන්ගන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් නවතම ප්‍රචාරණ වැඩසටහන එක්කයි. ඒ මොකක්ද ඒ?

මේ තියෙන්නේ ඒක…

SLT Promotion

ගත්තා ටෙලිකොම් ADSL පාරිභෝගික සේවාව. පුදුමයකට වගේ ඉතාමත් ක්ෂණික ප්‍රතිචාරයක් ලබාගන්න ලැබුනා. ඒක ලොකු දෙයක් නැත්නම් ගොඩක්‍ වෙලාවට වෙන්නේ පාරිභෝගික සහය Dial කරලා ෆෝන් එක කනේ තියාගෙන ඉන්ට. එතකොට අපි ඉන්න තැන්වල මුල් ඇදලා. අලුත් පැල හැදිලා ඔක්කොම වෙලා තියේවි…

ආ කතාව කිව්වේ නෑනේ…

SLT ADSL ඔය කරන්නේ සාමාන්‍ය Promotion එකක්. ඒ කරන්නේ ළඟදීම මිල අඩු කරන බවට අඟවන්නයි. මේ අවස්තාවේ ඒ අය හදන්නේ උපරිම පාරිභෝගිකයන් පිරිසක් එකතුකරගන්න. ඒකයි මේ වැඩේ ඒ අය කරන්නේ. ළඟඳීම සාමාන්‍ය පාරිභෝගිකයන්ගේ මිළ අඩුකරන බවට ඒ පාරිභෝගික සහාය නිලධාරියා කිව්වේ හෙන වේගෙකින්. මං හිතන්නේ ‍දැන් ගොඩක් අය ඒ ගැන අහලා Call කරන නිසා වෙන්න ඇති. පවු. මිනිහාටත් එපා වෙලා වෙන්න ඇති :D

ඔන්න ඕකයි තත්ත්වේ.
අපිට SLT ගැන හොඳ බලාපොරොත්තු තියාගන්න පුලුවන් වේවි.

මිළ අඩු කරන ගමන්. වේගෙත් වැඩි කරොත් එළම කිරි!!!

යාවත්කාලීන කිරීම – ඔන්න ADSL ගාස්තු අඩුකරලා! -

ප්‍රතිචාර 7 leave one →
  1. පෙබරවාරි 6, 2009 10:00 ප.ව.

    මමත් අද එළකිරි ඉද්දි ඔය ගැන දැකලා හිනා ගියා :D , ඉස්සර මතකනේ Airtel එන්න කලින් . හි හි ඒ ගැන නම් කත කරලා වැඩක් නැහැ.
    අපිනම් ඔය ගැන සතුටු වෙන්න ඔනේ. මොකද ලගදිම SLT ADSL ලොකු වෙනසක් කරන්න යන බව හොද පෙර නිමිත්තක්.

  2. චතුර වික්‍රමරත්න permalink
    පෙබරවාරි 6, 2009 10:16 ප.ව.

    අහ්… මමත් මේ බල බල හිටියෙ මොකක්ද අපිට වෙන මේ අසාධාරණේ කියල… එල එල… ඉක්මනට අඩු වෙනවනම් හොඳයි… :D

  3. පෙබරවාරි 7, 2009 8:13 පෙ.ව.

    ටෙලිකොමයා මේ පාර මොකාටද එන්න හදන්නේ?

    පැකේජ ගාස්තුත් අඩු කරලා, ඒ ගොල්ලන්ගෙන්ම රවුටරයත් ගන්න පොළඹවනවා.

    කොහොම වුනත් ඉතින් ගාස්තු අඩු කරනවනම් ඉතින් පාරිභොගිකයන් වන අපිටම නොවැ වාසිය… :D

  4. පෙබරවාරි 7, 2009 11:38 පෙ.ව.

    හොද නිව්ස් එකක් නම් තමා .අඩු වෙයිද/?

  5. Mahi permalink
    පෙබරවාරි 7, 2009 1:02 ප.ව.

    I have not standard SLT telephone line.Therefore using mobitel 3g.
    mobitel ekath mila adu karana aarachi thibeda?

  6. පෙබරවාරි 7, 2009 11:05 ප.ව.

    @Mahi – මොබිටෙල් වල 3.5G Broadband මිල දැනටමත් අඩු කරලා තියෙන්නේ. ;) වැඩිවිස්තර මොබිටෙල් වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන් වේවි.

  7. draco permalink
    පෙබරවාරි 8, 2009 10:19 පෙ.ව.

    SLT එක කියන්නෙනම් දැයට කිරුළ එකේදි ADSL ගත්ත අයට විතරලු ගාන අඩු කරන්නෙ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS