Skip to content

එව්වා මෙව්වා…

ජනවාරි 25, 2009

අප්පා ඇති යාන්තං… ගණිත ප්‍රශ්න පත්තරෙත් ඉවරයි. මේ පාර පේපරේ පට්ට ලේසියි. ඒ පාර මේ පේපරේ ලේසියි, ටියුෂන් ගුරුවරයෙක්ට වුනත් හදන්න පුලුවන් කියලා අවලංගු කරලා ආයිත් පාරක් තියයිද දන්නේ නෑ :D එදා ගජිනි බලන්න ගිහිල්ලා, හෝල් එක ළඟ තිබ්බ කඩේකින් කාපු ඒවා වැඩකරනවා ‍වගේ. මොනා කරන්නද? ගත්ත සිද්ධාලේප අසමෝදගම්! :D ඔන්න උසස් පෙළ කරන්න පරණ නේවාසිකාගාර යාලුවෝ දෙන්නෙකුත් අපේ ගෙදර නැවතුනා. ඔන්න ඒ දෙන්නත්, ළඟදීම බ්ලොග් අවකාශයට එකතු වේවි. ඒ දෙන්නා එක්ක එකතු වෙලා නෝමල් එකේ YuthMAX අඩිවයත් නිකන් විනෝදාංශයක් විදිහට කරගෙන යන්න හිතාගෙන ඉන්නවා. බලමුකෝ ඉස්සරහට… ආ ඒක නෙවෙයි, මට එයා ටෙල් ගැන කතා කරන්න බැරි වුනා නෙව. මේ දවස්වල ‍මේ පැත්තේ හැමෝගෙම ෆෝන් වලට ‍කෝල් එකක් ආවාම ඇහෙන්නෙම එයාටෙල් tone මයි. හැබැයි බැලුවාම එක්කෝ connection එක මොබිටෙල්, එහෙම නැත්තම් ඩයලොග්. විලි ලැජ්ජාවේ සන්තෝ‍සේ බෑ කියලා මාත් දාගත්තා ෆෝන් එකට එයාටෙල් ටෝන් එකක්. ඒක මාර ලස්සනයි අප්පා. ගොඩක් Airtel ටෝන් හදලා තියෙන්නේ A. R. Rahman කියලා තමයි ආරන්චි. ආ… A. R. Rahman කිව්වාමයි, මතක් වුනේ. A. R. Rahman විසින් සංගීත නිර්මාණයෙන් දායකවුනු Slumdog Millionaire චිත්‍රපටියත් ඔස්කාර් සම්මාන 10ක් සඳහා නිර්දේශ වෙලා කියලයි ආරන්චි. ඒ සම්මාන 10න් 3ක් සඳහා නිර්දේශ වෙලා තියෙන්නේ A. R. Rahman ම තමයි. ඔව්, මේ චිත්‍රපටියේ තමයි, මෑතකදී අන්තර්ජාලයේ කතාවට ගැනුනු MIA නම් ගායිකාගේ Paper Planes ගීතයත් ඇතුලත් වෙලා තියෙන්නේ. ඔව්,සංගීත නිර්මාණය A. R. Rahman ගේ තමයි. හ්ම්… මම සින්දු ටික නම් ඩවුන්‍ලෝඩ් කරලා බැලුවා. ඒත් තාම හිතට වැදුනේ නෑ. සමහර විට ‍චිත්‍රපටිය බැලුවාට පස්සේ ‍තේරුම්ගන්න පුලුවන් ‍වේවි සින්දු ටික නම්. මේ… ඒක නෙවෙයි. මොකද කියන්නේ? Age of empires online play කරමුද? ;)

ප්‍රතිචාර 14 leave one →
  1. ජනවාරි 25, 2009 6:00 ප.ව.

    machan sinhalen daanna ba, convertare vada karanne na :(
    kohomada vibaage? mata nam polowa palaagena yanta hithuna bun, :D , eeth ape godak unta NET WORK TIMED OUT vela hiks…

    eeka nemei, AOE ekata set venna daval velaavak gamuko…

  2. ජනවාරි 25, 2009 6:22 ප.ව.

    මම නම් AOE Play කරන්න ඕන වෙලාවක රෙඩි. විභාගේ නම් ප්‍රශ්නයක් නෑ :D පට්ට ලේසියි :D

  3. ජනවාරි 25, 2009 6:47 ප.ව.

    unicode online converter eka vadada??

    mata peenne na ne :(

  4. ජනවාරි 25, 2009 8:04 ප.ව.

    “ඔන්න උසස් පෙළ කරන්න පරණ නේවාසිකාගාර යාලුවෝ දෙන්නෙකුත් අපේ ගෙදර නැවතුනා. ” අනේ පව් අසරණයෝ දෙන්නා. :D

  5. ජනවාරි 25, 2009 9:25 ප.ව.

    “ඔන්න උසස් පෙළ කරන්න පරණ නේවාසිකාගාර යාලුවෝ දෙන්නෙකුත් අපේ ගෙදර නැවතුනා. ”

    දැන් අර ඩෝම් එකේ කරපුවා ගෙදර ඉදන් කරනවාද ? :D අව්වි ඒවට සපෝට් ද ?

  6. ජනවාරි 25, 2009 9:28 ප.ව.

    @Pahan, @ Kalinga Filing the blanks

    Sudaraka now in a relationship with his hostel

  7. ජනවාරි 25, 2009 9:29 ප.ව.

    hik .. AOE නෙවෙයි. Warcraft (DotA)ගහන්න එන්න

  8. Malee_msg permalink
    ජනවාරි 25, 2009 10:58 ප.ව.

    ආහ් මේ පාර ලේසිද? හොදා හොදා…!

  9. චතුර වික්‍රමරත්න permalink
    ජනවාරි 26, 2009 12:53 ප.ව.

    @සුදාරක
    ආහ්… ආයි කෙළවෙයි කියල බයට ලේසි එකක්ම දෙන්න ඇති. සේරටම A තියෙයිද දන්නෙ නෑ මේ පාර. හික්… :D

    @ගයාන් කල්හාර
    පහු‍ගිය දවස් දෙක තුනේ UCSC එකේ Servers Down වෙලා තිබ්බෙ… ඒකයි Sinhala Unicode Converter එක වැඩ කළේ නැත්තේ. අද ඉඳන් හරි.

    @තිළිණ
    අන්න Game එක :D

  10. ජනවාරි 26, 2009 3:11 ප.ව.

    ඔන්න ගහනව නම් අද රෑට සෙට්වෙමු, 6 ක් පුලුවන් උනත් එච්චර ආවාම වැඩේ අවුල් වෙනව, 4-5ක් නම් අවුලක් නෑ, ඒත් 2නෙක් නම් ආතල් එක අඩුයි.. හෙහෙහෙ… ගොඩක් සෙට් උනාම, එල සීන් වනව. මරාගන්නෙ නැතුව විතරයි.

    මට එක පාරක් මරු වැඩක් උනා, මම 3න් දෙනෙක් එක්ක ඕක ප්ලේ කලා, මම එකෙක් ව විතරයි දන්නෙ, අනිත් එකා නම් දන්නව, ඉතින් මම තමා හතුරා අර එච්චර අඳුනන්නෙ නැති එකයි මගේ ෆ්‍රෙන්ඩයි එක පැත්තක, මමයි ඌයි 4න් එකෙන් කථා කර කර ගැහුව,( අපි ගැහුවෙ අර ක්ලිෆ්ස් තියන මැප් එක ) මම ඌට කියල අනිත් එකාට පැන ගන්න තියන පාරෙ ගෙවල් පේලියක් හැදෙව්ව, ඊලඟට මම කැටපෝල ටිකක් හදාගෙන අනිත් එකාගෙ බිල්ඩින් ඔක්කොටම ගේම දීල, අශ්ව බැටෑලියන් එක දාල කොනක ඉදන් සුද්ද කලා, උන් ටික ඉවර කරල බලනකොට මගේ යාලුව කියපු එකා මාර සේනාවක් හදාගෙන මාව දෙපැත්තෙන්ම වට කරල, හික්ස් ඉතුරු ටික කියන්න බෑ ඇඬෙනව (හුවැඇඇඇඇඇ ) මම අර පැය ගානක් තිස්සෙ හදාගත්තු ආම් එකයි, අනිත් මිනිස්සු ටිකයි, අමු අමුවෙ සාහසික විදියට සමූල ඝාතනය කලා :(

    හික්ස් එදයින් පස්සෙ නම් ඌත් එක්ක සහයෝගෙන් ගැහුවෙ නෑ, (ඒක විතරයි ඌ දිනුවෙ :P )

    ඉතින් ඒවාගෙ පට්ට ආතල් තියනව මල්ටිප්ලේයර් ගහනකොට,,,

    කව්ද එන්නේ, කීයටද ?

  11. ජනවාරි 26, 2009 3:15 ප.ව.

    mama langa thiyenne AGE OG KINGS (AOE 2), AOE 1, AOE Rise of rome..

    mokadda gahanne, AOE 2 thamaa patta

  12. ජනවාරි 26, 2009 3:23 ප.ව.

    @ ගයාන් කල්හාර – අපි ගහන්න නම් හිතාගෙන ඉන්නේ AOE3 හැබැයි :)

  13. ජනවාරි 26, 2009 3:27 ප.ව.

    හරි හරි අවුලක් නෑ, මම ඒක හදාගන්න ඕනෙ ඉක්මනට, (මම උබුන්ටු වලනෙ,) AOE 3 වයින් වලට හදාගෙන පස්සෙ දවසක එන්නම්.. K

  14. ජනවාරි 26, 2009 5:46 ප.ව.

    @චතුර වික්‍රමරත්න – හික්! ඒක තමයි මේ පාර හැමෝටම A තිබ්බොත් මාර ජංජාලයක් වෙන්නේ. හැමෝටම A තියෙනවයි කියලා, පේපරේ අවලංගු කරයිද දන්නෑ. හැබැයි පැය දෙකකින් ලියන්න පුලුවන් මේ වගේ පේපර් තමයි. ගණං ‍දෙවෙනි පේපරේට පැය දෙකක් දීලා දැනුම පරික්ෂා කරන්න බෑ කියලයි අපේ තාත්තා නම් කිව්වේ, මොකද ගණං කියන්නේ හිතන්න ඕන දෙයක් නිසා. දැන් තියෙන්නේ, උත්තරෙත් දීලා මේ උත්තරේ හරිද කියලා බලලා දෙන්න කියනවා වගේ ප්‍රශ්න පත්තර :D

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers