Skip to content

විශේෂ ප්‍රවෘත්තියක්! – සියලුම පුරවැසියන් අන්තර්ජාලය හරහා ලියාපදිංචි විය යුතුයි.

ජනවාරි 10, 2009

අද ඉතින් මං A/L පන්ති ගියා නෙව. (බබා දැන් ලොකු එකෙක් වෙලා නෙව :-D ) ඒක නෙවෙයි, බස් එකේ ගැස්සි ගැස්සි එද්දී මගේ ෆෝන් කෙටි පයිංඩයක් ආවා. මට ඉතින් කවුරු කියලා කෙටි පයිංඩ එවන්නද? :D ලංකා පුවත් වලින් තමා පයිංඩේ. ප්‍රවෘත්තියෙන් කියවුනේ මෙන්න මෙහෙම දෙයක්…

ආරක්ෂක තත්වය මත සියලු ලාංකිකයින් WWW.CITIZENS.LK වෙබ් අඩවි‍යේ ලියාපදිංචි විය යුතුය.

වැඩේ හොඳ නරක සාකච්ඡා කරන එක ඔබට භාරයි. ඉතින්… මමත් වෙබ් අඩවියට හොට දාලා බැලුවා. හැබැයි ලියාපදිංචි වුනේ නම් නෑ. වෙබ් අඩවිය නම් ෂෝක් හරිම සරලයි. හැක් කරන්න දන්නවා නං ෂෝක් එකට හැක් කරතෑකි. ඒක නිසා වෙබ් අඩවිය බාරව ඉන්න අය මේක ගැන හොඳ අවධානයෙන් සිටීම වැදගත් වේවි. ඒ වගේම ප්‍රශ්නයක් තියෙනවා. මේක ටිකක් උසස් තත්ත්වයෙන්, රාජ්‍ය මට්ටමෙන් කෙරෙන දෙයක් නිසා, විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යංශයෙන් කෙරෙන නිසා, ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. පුද්ගල තොරතුරු ඇතුලත් කරන පිටුව http නැතුව https තිබුනානං හොඳයි. මේක අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. වෙබ් අඩවියට ගිහිල්ලා බලන්න. මම නං කියන්නේ… තව ටිකක් හොඳට වෙබ් අඩවිය සංවර්ධනය කරලා දියත් කරා නං තමයි හොඳ.

ප්‍රතිචාර 23 leave one →
  1. ජනවාරි 10, 2009 7:57 ප.ව.

    හපොයි මේකත් අර බබා අඩවියක්නේ…

  2. ජනවාරි 10, 2009 8:09 ප.ව.

    මල්ලි මේක ගෙයින් ගෙට ඇවිල්ලත් කරනවා. කාර්යබහුල අයට වෙන්න ඇති අන්තර්ජාල පෝර්මය දීලා තියෙන්නෙ.

  3. ජනවාරි 10, 2009 8:17 ප.ව.

    හැක් කිරීම කෙසේ වෙතත් මම කල්පනා කලේ රටේ හැමෝම මේකේ register කරන්නේ කොහොමද කියල. මම දන්න අපේ රටේ අන්තර්ජාල භාවිතය මුළු ජනගහනයෙන් 3%ක් වත් නෑ. මෙකත් බලන්න.
    අන්තර්ජාලය කියන්නේ මොකද්ද කියල වත් දන්නේ නැති අය 90%ක් ඉන්නවා(වයස 5 – 69 ) කන්න පාන් කෑල්ලක්වත් ගන්න බැරි අය කැෆේ වලට ගිහින් register වෙනකම් කට්ටිය මඟ බලාගෙන ඇති.

  4. ජනවාරි 10, 2009 8:17 ප.ව.

    ඔව් ඔව් . මාත් ඔය අඩවියට කොටල බැලුව.. කියන්න අසන්තෝසයි.. මොකද්ද මොකද්ද වගේ හිතුන.. ඒක හරියට පොඩි එකෙක් නිකමට හදපු එකක් වගේනෙ… සරල වීම නරක නැ..ඒත් ආන්ඩුවෙ අඩවියක තියෙන්න ඕන පෙනුම මේ අඩවියේ නෑ

    ඒක පෑත්තකින් තියමුකො.. ආරක්ෂාව අතින් නම් අන්තිමයි.. මම දන්න ක්‍රම 21න් 19ක්ම පහසුවෙන් යොදා ගන්න පුලුවන්… මේ ගැන බලදාරීන් අවදානය යොමු කලොත් හොදයි

    අනිත් එක මේවගෙ වඩක ප්‍රතිපලයක් නම් මටනම් පෙන්නෙ න… මොකද ඕනෙම පරිගනකයකින් ලියාපදින්චි වෙන්න පුලුවන් නේද??

  5. ජනවාරි 10, 2009 9:34 ප.ව.

    සුදාරක, මේක හොයගත්ත එකනම් ලොකු දෙයක්. මට අනිත් අයට තරම් ලොකුවට ගැන දැනීමක් නෑ, සාමාන්‍ය විදිහට මට පේන ප්‍රශ්ණ මෙන්න.

    1. මේක ඇත්තටම කරන්නෙ කවුද? (සිරාවට අහනව නෙමේ, ඒත්…) මේක ආණ්ඩුවේ වැඩක් නම් ඇයි හරිහමන් විදිහට .gov.lk අඩවියක නැත්තේ? .lk අඩවියක් ගන්න ගියහම තියෙන නාඩගම් ටික දන්න නිසා අපි දන්නවා මේක දෙව්යන්වහන්සේගෙ පුත්‍රයාටවත් ආණ්ඩුවේ අවසරේ නැතුව ගන්න බැරි වග. ඒත් මිනිස්සු දණුවත් කරනම් හොඳයි නේද ප්‍රවෘත්ති වලින් (පත්තර හරි රේඩ්යෝ වලින්)වත්?

    2. මම මේකේ රෙජිස්ටර් වුනොත් මට මොකක්ද ලැබෙන සහතිකේ? පොලීසියට දෙන එකේ නම් අඩුම ගානේ බාරගත් නිලධාරියාගේ අත්සන එක්ක photocopy එකක් ගැහව්වැහකි. මට මේකෙදි ලැබෙන්නෙ මොකක්ද? printout එකක්ද?

    3. මට මෙකෙ account එකක් නැද්ද? මම බැන්දොත් හරි, ගෙදර තව එකෙක් ඉපදුනොත් හරි මොකො කරන්නේ? ආපහු අමුතුවෙන් රෙජිස්ටර් වෙන්න ඕනෙද? (සමහරවිට registration process ඉවර වෙනකොට එකක් ලැබෙනවා ඇති, ඒත් අඩුම ගානෙ help/faq page එකක් තිබ්බනම් හොඳයි නේද?)

    4. ඊට පස්සෙ ඉතින් හැමූම කියපු ටික තමා; පොඩි එකෙක් හැදුව වගෙ නැතුව ටිකක් වැදගත් කමක් පේන විදිහට හැදුවනම් හොඳයි නේද?

  6. ජනවාරි 10, 2009 9:43 ප.ව.

    @Kulendra – ඔව් කතාව ඇත්ත. පළවෙනි ප්‍රශ්නෙට නම් උත්තරයක් තියෙනවා. හැබැයි අනික්වාට නම් නෑ. මං අහගෙන රජයේ නාලිකාවල ප්‍රවෘත්ති විකාශයේ වෙබ් අඩවිය ගැන සඳහන් කරනවා. මම කෝකටත් තාම ලියාපදිංචි වුනේ නෑ. හදිසියෙවත්, ප්‍රහාරකයෙක්ගේ අතට අහුවුනොත්? හදිසියෙවත් කොටින්ට මේක Hack කරලා අපේ තොරතුරු ගන්න පුලුවන් වුනොත්? මලින්ත අයියා මට කියපු විදිහට… අඩු ගානේ Privacy Policy එකක්වත් නෑ නෙව. අපිට තව ටික කාලයක් මේ වෙබ් අඩවිය සංවර්ධනය වෙනකන් බලං ඉන්න වේවි. එහෙම නැතිනම් අදාල අංශ දැනුවත් කරන්න වේවි.

  7. ජනවාරි 10, 2009 10:26 ප.ව.

    මටත් දැක්කම හිතාගන්න අමරුයි මේක Professional ද කියා.

  8. ජනවාරි 10, 2009 10:31 ප.ව.

    sorry for not writing in sinhala.
    it is a government website registered to ” ministry of defence, public security, law & order”

    but could you direct me to official announcement that says this is a must requirement and not an optional thing.
    mcns website or mod website does not have any such announcement at this point.
    mirror.lk which broke this doesn’t give any more details either.
    the webiste concened which is http://www.citizens.lk while creepy looking , does not have any such announcement either.

  9. තාරක permalink
    ජනවාරි 11, 2009 12:12 පෙ.ව.

    මේක අසාර්ථක ක්‍රමයක් නේ……….

  10. ජනවාරි 11, 2009 2:35 පෙ.ව.

    http://www.citizens.lk/makeimg.php

    very funny :D

  11. ජනවාරි 11, 2009 7:42 පෙ.ව.

    http://www.sundaytimes.lk/090111/News/sundaytimesnews_02.html
    has more details
    i was commenting on
    http://dinidudealwis.com/?p=658
    post just now . thought i will ask the same thing here too
    (again sorry for english – must learn to type sinhala)

    -
    this seems optional to me legally speaking.
    at present at least -
    “no time frame”
    but
    “may have to enforce registration through the law, perhaps even using emergency regulations” ” if the response from the public is slow – “-
    then again notice “if” , “perhaps”

    also, all this on hulugalle’s authority? he is hardly the most reliable person. is he?
    -
    in any case expect this to fall apart due to bureaucratic incompetence and other practical difficulties before going far.
    -
    btw do you know whether other countries have citizen registration? and which ones?
    of course authoritarian countries have or try to have something like this. but i am asking about “democracies”.
    i know usa does not. but what about europe? japan?
    singapore does have something similar i think but then it is a nanny state. israel does have one.

  12. Malee_msg permalink
    ජනවාරි 11, 2009 9:56 පෙ.ව.

    ම‍ටත් පණිවිඩේ නම් ආවා.. හැබැයි දැන්ම ලියාපදංචි වෙන්න බෑ….වගේ හිතෙනවා….!

  13. චතුර වික්‍රමරත්න permalink
    ජනවාරි 11, 2009 11:32 පෙ.ව.

    ඔන්න මමත් ඊයෙ රෑ ප්‍රවෘත්ති වලට දැකල ගියා මේකෙ මොනවද තියෙන්නෙ බලන්න. අනේ ඉතින් මොනව කියල කියන්නද? දැක්කම දුකයි. මේක හැදුව මිනිහට පැය 2ක් වත් යන්න නැතුව ඇති. නැත්නම් කාගෙ හරි පළවෙනිම site එකද දන්නෙ නෑ. හික්. . . ඒක ගැන කථා කරල වැඩක් නෑ. ඔන්න ඉතිං මමත් ලියාපදිංචි වෙන්න කියල මගෙ විස්තර දාගෙන ගියා. හැඳුනුම්පත් අංකය ඇතුළු කරන්න ගියාම මෙන්න මෙහෙම කියාපි.

    “This NIC has already been registered.”

    එහෙනම් මගෙ හැඳුනුම්පත් අංකයම තියෙන තව කවුරුහරි ඉන්නවද දන්නෑ. මොකද මගෙ යාළුවෙක්ට ටික කාලෙකට කළින් එහෙම එකකුත් වෙලා තිබ්බා. අනේ මන්දා. . . ඕන නෑ ඔය ලියාපදිංචිය. ඕන්නම් ගෙදරට ඇවිත් අරන් යන්නෙ නැතෑ.

  14. ජනවාරි 11, 2009 6:31 ප.ව.

    sorry for posting in English. i have to practice sinhala typing too. agree with all you say. one question, what will happen if i want to register a child who doesn’t have an ID?? and there is no place for the postal ID although it was considered something legal when we are doing the O/L s. On the other hand, this site doesn’t have the logo of the government, who can believe that this is not a fake?

  15. ජනවාරි 11, 2009 7:06 ප.ව.

    “this site doesn’t have the logo of the government, who can believe that this is not a fake?”
    no website is not a fake. whois says it is registered to “ministry of defence, public security, law & order” as i said in my first comment.
    but there are questions as to practicality of implementation , and its similarity to other programs in other countries.

  16. ජනවාරි 11, 2009 7:11 ප.ව.

    not to mention whether this a requirement ( as stated in main post htre)as opposed to an option. presently in legal terms it seems to be optional and the main post wrong

  17. අරවින්ද permalink
    ජනවාරි 11, 2009 7:48 ප.ව.

    එක්කෝ ලංකාවේ ජනගහනයෙන් විසි තිස්දාහක් මේකේ ලියා පදිංචිවේවි
    නැත්නම් අන්තිමට ලංකාවේ ජනගහනය වගේ දෙතුන් ගුණයක් මේකේ ලියා පදිංචි වේවි.(දන්නේ නැද්ද අපේ අයගෙ වැඩ)

  18. Janaka permalink
    ජනවාරි 12, 2009 9:59 ප.ව.

    email විත‍රලු ඕනෙ register වෙන්න
    http://www.infosl.com/doyouknow/?p=86

  19. ජනවාරි 17, 2009 10:29 ප.ව.

    ඔව් නම් වෙන්න ඔනී එඋනාට එ මගුල හ‍රියට කියක‍රාන්නෑ :(

  20. kookimebux permalink
    පෙබරවාරි 1, 2009 11:43 ප.ව.

    Hello. And Bye. :)

  21. පෙබරවාරි 10, 2009 12:01 ප.ව.

    අනේ අපි නොදන්න ආන්ඩුවේ අන්තර්ඡාල කෙරැවාව!පුරවැසියාගේ හැදුනුම්පත,රියදුරැ බලපත්‍රයවත් නිසිලෙස පරිගණකගත කර නොහැකි හණමිටි රාඡ්‍ය සේවාය.මෙන්න ලග උදාහරණ කීපයක්,2002 -ITC DEVELOPMENT ROADMAP.E SRI LANKA.2005 NATIONAL EDUCATION DRIVE.2009 YEAR OF ENGLISH
    මා පාට කන්නාඩි පාවිච්චි නොකරන බව කරැණාවෙන් සළකන්න.

  22. මාර්තු 20, 2009 6:29 ප.ව.

    very intresting

Trackbacks

  1. www.citizens.lk: Government wants two nude photos of every citizen for security purposes « Dare to be different

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers