Skip to content

අනාගතය වෙනුවෙන් වර්තමානයට‍ කොමාවක්.

ජනවාරි 7, 2009

ම්… මේක සැහෙන්න හිතලා… කොටින්ම කියනවානං අහස පොළව ගැටලන්න කම්පනා කොරලා ගත්ත තීරණයක් ඕං. අකමැත්තෙන් වුනත් මේ තීරණය ගත්තා. උසස් පෙළ කියන්නේ සාමාන්‍ය පෙළ වගේ ‍ලේසි විභාගයක් (ගණන් පේපරේ අමතක කරමුකෝ) නෙවෙයි කියන එක ඉතින් හැමෝම දන්නවානේ… ඉතින් උසස් පෙළ ට්‍රැක් එකෙන් එළියට වැටුනොත් ආයේ පීලි වලට වැටෙනවා කියන එක බොරු. ඉතින් මුල ඉඳලාම තමන්ගේ වැඩ හරියට කරගන්න ඕනේ. සා.පේ කාලේ පිස්සු කෙළියා වගේ නෙවෙයි උසස් පෙළ කියන්නේ. අනික මමත් හිතලා හිතලා තෝරාගත්තේ ජල්තර විෂයක් නෙව. ඔව් ගණිතය ගැන තමයි කියන්නේ. ඉතින් ඒක නිසා, බ්ලොග් අඩවිය හැර අනිත් ඔක්කොම අඩවි වලට නැවතීමේ තිත තියන්නයි මේ හදන්නේ. පහුගිය කාලේ විභාගේ නිසා, වෙබ් සම්බන්ධව අතගහන්න බැරි වෙච්ච නිසා, මුදල් අතිනුත් පාඩුයි. ඉතින් ඒක නිසා කරන්න තියෙන හොඳම වැඩේ මේවා නවත්තන එක. ඒක නිසා බ්ලොග් අඩවිය හැර, අනිත් ‍ඔක්කොම අඩවි ටික වහන්න තීරණය කරා. ඔන්න කැමති කෙනෙක් ඉන්නවා නම්, YuthMAX වෙබ් අඩවිය මිලට ගන්න පුලුවන්. ගාන කතාකරගන්න, මේල් කරන්න (supun[@]sudaraka.com) වලට.

පහුගිය කාලේ ළිඳේ පනින්න තිබ්බ ආකල්පය නම් නිවාරණයි ඕං. ඇයි ඉතින් ආපහු පන්ති යන්න පටන් ගත්තා නෙව. පන්ති යන්නේ නුගේගොඩ රොටරි‍යේ. ‍හොස්ටල් එකේ යාලුවොත් ළඟ ළඟ බෝඩිම් හොයාගෙන. කට්ටිය එන්නෙත් රොටරිම තමයි. ඉතින් සා.පෙන් පස්සේ වෙන් වෙනවායි හිතුවාට කිසිම වෙන්වීමක් නෑ. ජීවිතේ ඉතින් ‍ඔහොම තමයි. ගල්, මුල්, මල්, තිත්, කොමා, විශ්මයාර්ථ ලකුණු වලින් පිරිලා… පස්සේ වෙලාවක තව ලියන්නම්කෝ… :D

ප්‍රතිචාර 10 leave one →
  1. ජනවාරි 7, 2009 7:58 ප.ව.

    :-)

  2. Malee_msg permalink
    ජනවාරි 7, 2009 8:30 ප.ව.

    සුභ පැතුම්.. මුල ඉදලම හරියට කරන්න මල්ලියෝ වරදින්නේ නැහැ…!

  3. ජනවාරි 7, 2009 9:02 ප.ව.

    සුබ පතමි

  4. ජනවාරි 7, 2009 9:11 ප.ව.

    අවුරුදු දෙකනෙ. පොඩි ක‍ට්ටක් කාලා ගොඩදාගත්තොත් තව අවුරුදු 3-4 මදි නොකියන්න කට්ටක් කන්න පුලුවන්. අනාගතය ගැන ගන්න පුලුවන් සුභදායක තීරණයක්. ඉදිරි කටයුතු වලට ජයෙන් ජයවේවා යැයි පාර්ථනා කරනවා

  5. ජනවාරි 7, 2009 10:41 ප.ව.

    හොද තොරාගැනිමක්. මුල ඉදලම කැපවිමෙන් වැඩ කරගෙන යන්න. ඔබට ජය

  6. ජනවාරි 8, 2009 11:56 පෙ.ව.

    මමත් හිතන්නෙ හොද තෙ‍්රිමක් මමත් තලේ ගණිතය ඔයා වැඩ කාරයාන් ඔයාට පුලුවන්

  7. ජනවාරි 8, 2009 8:28 ප.ව.

    අමෝ රොටරි කිව්වාහම තමයි කෙලපු පිස්සු රික මතක් වෙන්නේ, දැන්නම් දුකයි ඒවා මතක්වෙනකොට….
    මාර ජොලියක් ගත්තා ඒකාලේ….

  8. කසුන් permalink
    ජනවාරි 9, 2009 11:56 පෙ.ව.

    සුභ පැතුම්! මල්ලි

  9. ජනවාරි 9, 2009 7:25 ප.ව.

    මරු තීරණේ… උපෙ මුලදි අනාගත්ත කියන්නෙ අලම තමා. ඒක නිසා මුල ඉඳලම පීල්ලට වැටිල එළටම කරගෙන යන්න.

  10. ජනවාරි 10, 2009 7:28 ප.ව.

    සුබ පැතුමට බොහෝම ස්තූතියි. කොහොමහරි A/L ගොඩදාගෙන ආපහු අවුරුදු 3කට පස‍්සේම වැඩේට බහිනවා. එතකන් ඉතින් බ්ලොග් අඩවිය හරහා තමයි වැඩ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers