Skip to content

සුබ අලුත් අවුරුද්දක් වේවා!

ජනවාරි 1, 2009

ලැබුවා වූ‍ මේ 2009 නව වසර, සමස්ත ‍ලෝක වාසි සියළුම සිංහල, දමිළ, මුස්ලිම් සහ බර්ගර් ශ්‍රී ලාංකිකයන්ට සාමය සතුට උදාවන; සෞභාග්‍ය උදාවන; අළුත්වූ ශ්‍රී ලංකාවක් නිර්මාණය වන; යුධ ගිනි නිවෙන සුබම සුබ නව වසරක් වේවා!

විවිධ වූ ලෝක ආර්ථික, සාමාජීය ප්‍රවණතාවන්හි බලපෑම් මධ්‍යයේ සෙමින් සෙමින් ඉදිරියට ඇදෙන නිදා සිටින යෝධයා අවදි කරන්නට අවශ්‍යයි. ඒ සඳහා ශ්‍රී ලාංකිකයිනි, මේ නව වසරේදීවත් එකට අත්වැල් බැඳගන්න! පරිසරයට ආදරය කරමින්, පරිසරයත් රැකගනිමින් නූතන කාර්මික විප්ලවට සාර්ථකව මුහුණදීමට සූදානම් වන්න. ඇද වැටී ඇති අධ්‍යාපන ක්ෂේත්‍රය ගොඩ නැගීමට නව සැලසුම් ක්‍රියාවට නංවමු. අදූරදර්ශී පාට, පක්ෂ දේශපාලනයෙන් මිදීමට මේ කාලයයි. අපේම ජන්දයෙන් ලොව විශිෂ්ටතම ගව ගාල නිර්මාණය කිරීමට අපි සමත්වුනෙමු. එනයින් වැරදි කාරයන්ද අපිමය. පක්ෂ විපක්ෂ දෙපසම දෙකක් නොව එකකි. සියල්ලෝම සිය බලය වෙනුවෙන් කුලල් කා ගනිති. ඉදින් අප බලාසිටිනුයේ කෙසේද? අපේ පාලනය අපේ අතට ගත යුතුය. අළුතින් හිතන්න, අළුතින් යමක් නිර්මාණය කරන්න. පොත් පත් කියවන්න. ලොව දැනුම් සාගරය වන අන්තර්ජාලය තුලට කිමිදෙන්න. දේශපාලකයින්ගේ සිලබස් වලින් අධ්‍යාපනය ලබාදෙන තෙක් කට අයාගෙන බලා සිටින්න එපා. එයින් අධ්‍යාපනය ලැබෙන තෙක්, අතිරේක අධ්‍යාපන මාර්ග අනුගමනය කරන්න. පොත් පත්, අන්තර්ජාලය වැඩි වශයෙන් පරිශීලනය කරමින් දැනුම තර කරගන්න. දැනුම බලය කරගන්න. සියල්ල දේශපාලකයින් කරදෙන තෙක් බලාසිටින්න එපා. තමන්ගේ මාර්ගය තමන්ම සාදාගන්න. මිත්‍රත්වයේ බැමි තරකරන්න. දෙස් විදෙස් බල ලෝභීන්ගේ බලපෑම් වලට සාර්ථකව මුහුනදෙන්න. අභියෝග ජයගන්න. වහල්ව නොසිතන්න. නිවහල්ව සිතන්න. තමා තමන්ගේ නායකයා වන්න. විල මැද බංගලාවේ එකිනෙකා සමඟින් වාද කරමින් සීතල කාමර වල රජ සැප විඳින පක්ෂ විපක්ෂ දෙපසම විශ්වාස කරන්න එපා. ඔවුන්ට බලයක් ඇති නිසාවෙන් ඔවුන් යමක් කරාවි. නමුත් ඔවුන් අපේ ඉටු දෙවියන් යැයි සලකන්න එපා. ආත්මාර්ථකාමී වන්න එපා. අවි ආයුධ භාවිතා නොකරන, ප්‍රජාතන්ත්‍රවාදී, අවිහිංසාවාදී, මානවවාදී අපේම පාලනයක් නිර්මාණය කරගමු. නොබෙදුනු දේශයක් නිර්මාණය කරන්නට වෙර දරන, සිය අවසන් අදියරේ මෙහෙයුම් කරමින් සිටින ත්‍රිවිධ හමුදා සොයුරන්ගේ බලාපොරොත්තු බිඳ හෙලන්න එපා. ඔවුන් ඒ සටන් වදින්නේ ඔබට, මට, ඔවුන්ගේ දරුවන්ට නිවහල් රටක් තුල එක්සත්ව, එක්සිත්ව වාසය කිරීමටයි. රට රැකගන්න. කර්මාන්ත නගා සිටුවන්න. සොබාදහම් මෑණියගේ ආශිර්වාදය ලබාගන්න. නවීන කෘෂිකාර්මික උපක්‍රම නිර්මාණය කරන්න. ඛණිජ තෙල් වෙනුවට ඉදිරි වසර කීපයක් තුලදී ආදේශණය වන්නේ ආහාර හා ජලයයි. සොබාදහම් මෑණියගේ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකාව ජලයෙන් ස්වයංපෝෂිත රටකි. මේ ජලය රැකගැනීමට කටයුතු කරන්න. කෘෂිකර්මාන්ත නැවතත් නගා සිටුවිය ‍යුතුය. ඉදිරි වසර තුලදී විශාල‍ ලෝක ආර්ථික පසුබෑමක් සහ විශාල පාරිසරික අර්බුද නිර්මාණය වීමට නියමිතයි. එහෙයින් ජීවත්වීමට අවශ්‍ය ජලය, ශාක හා ජෛව විවිධත්වය ආරක්ෂා කරගන්න. බොහෝ විට ඉදිරි වසර කීපය තුලදී නැවතත් අඳුරු යුගයක් නිර්මාණය වීමට ඇති ඉඩකඩ බොහෝමයි. රටවල් එකිනෙකා හා ස්වාභාවික සම්පත් වෙනුවෙන් යුද වදීවි. විශේෂයෙන්ම ජලය හා ඛණිජ තෙල් සඳහා යුධ වදීවි. මේ සම්පත් දෙකෙන්ම සුපෝෂිත රටක් ඇත්නම් ඒ ශ්‍රී ලංකාවයි. එහෙයින් වෙනත් රටවලින් ලංකාවට එල්ල වන පීඩනය වැඩි වනු ඇත. ඒ නිසා ඉතාමත් දූරදර්ශීව ක්‍රියාකරයුතුය. පාලකයන් එසේ දූරදර්ශීව ක්‍රියා නොකරන්නේ නම් කුමක් කරන්නේද? නව දැනුම හොයායන්න. නව දැනුම සොයන තරුණ ශ්‍රී ලාංකිකයන් ලොව පුරා තම රට වෙනුවෙන් විසිර යායුතුය. නව දැනුම සොයා යා යුතුය. ඉදිරි දිනය ලොව බලවතෙකු ‍සේ නැගී සිටීමට අවශ්‍ය නම්, සිංහලයන් උතුරු ඉන්දියාවෙන්ද, දමිළයන් දකුණු ඉන්දියාවෙන්ද, මුස්ලිම් වරුන් අරාබි රටවල්වලින්ද වෙන්වූ පැවැත්මක් ඇතිව ශ්‍රී ලංකාව තම මව් බිම ලෙස පිළිගනිමින් ශ්‍රී ලාංකිකයන් ලෙස එක් ජාතියකට අයත් වූවන් ලෙස නැගී සිටිය යුතුය.

ඔබ ‍එසේ නැගී සිටින්නට සූදානම්ද?
එයයි ගැටළුව.

එසේ එක් වීමට ඔබට හැකිනම්, ‍ප්‍රමාණයෙන් කුඩා මේ ‍පින් බිම මහා දේශයක් කරන්නට අපට හැකිවනු ඇත. අනෙකුත් යුරෝපා සහ ධනය පමණක් සිතූ අනෙකුත් රටවල් මහා ආර්ථික අර්බුධයන්ට මුහුණ දීමේදී, ශ්‍රී ලංකාව සෞභාග්‍යවත් ලෙස ලෝක බලවතෙකු ලෙස ඉදිරියට එනු ඇත.
ධනවාදී, සමාජවාදී අන්ත දෙකම අත්හරින්න. අන්ත දෙකේම ඇති යහපත් දෑ පමණක් භාවිතයට ගෙන අපේම පාලන තන්ත්‍රයක් නිර්මාණය කරගමු.

ඔබ සැමට යහපත උදාවෙන සුබම සුබ නව වසරක් වේවා!

ප්‍රතිචාර 7 leave one →
  1. ජනවාරි 1, 2009 12:18 පෙ.ව.

    නව වස‍රේ පළමු සිංහල බ්ලොග් සටහනට පළමු අදහස මගෙන් :) සුභ නව වස‍රක් වේවා…

    ප‍රිස‍රය රැක ගන්නා හැටිනම් පුපුරණ රතිඤ්ඤා වලින් පෙනේ.

  2. මාලින්ද permalink
    ජනවාරි 1, 2009 12:41 පෙ.ව.

    එසේම වේවා

  3. ජනවාරි 1, 2009 8:34 පෙ.ව.

    සුදා…
    අළුත් අවුරුද්දෙ නොමිලේ වෙබ් ඉඩ ජාවාරම දියුණුවෙන් දියුණුවට පත්වේවා!
    2009 සුපර් අළුත් අවුරුද්දක් වේවා!

  4. kasun permalink
    ජනවාරි 1, 2009 10:06 පෙ.ව.

    maxxa :)

    Each moment in a day has its own value. Morning brings HOPE, Afternoon brings
    FAITH, Evening brings LOVE, Night brings REST, Hope you will all of them
    everyday. HAPPY NEW YEAR.

  5. ජනවාරි 1, 2009 10:42 පෙ.ව.

    සුභ අලුත් අවුරුද්දක් වෙවා.

  6. ජනවාරි 1, 2009 11:27 පෙ.ව.

    සියලු දෙනාටම ලැබුවා වු නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ නව වසරක් වේවා

Trackbacks

  1. සිංහල බ්ලොග් කියවනය » Blog Archive » මේ තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන වසරයි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers