Categories
විවිධ

මැරතන් ඇරඹුනා!

ටිකක් දුක සහිත ඇරඹුමක් තමයි. හැම දේකම පටන් ගැන්ම ටිකක් දුක්බරයි තමයි. ඒත් අවසානය නම් හැමවිටම යහපත්.
හොඳයි, අපි මෙතෙක් පුල පුලා බලා සිටි සිංහල මිනි බ්ලොග් මැරතන් ඉසව්ව මෙසේ ආරම්භ වුනා. පැය 6ක්. විනාඩි 15න් පහළොවට පැයට සටහන් හතර බැගින් තම තමන්ගේ බ්ලොග් අඩවියට එකතු වෙන්නයි තියෙන්නේ. හොඳයි මම සූදානම් මේ පැය හය ඇතුළත (තව පැය 5යි විනාඩි 15යි හරියටම තියෙන්නේ) ඔයාලාව….

  • හොලිවුඩ්, බොලිවුඩ් පුරවරයේ සවාරියක් එක්ක යන්න. අළුත්ම චිත්‍රපටි ගැන විනෝදාත්මක තොරතුරු රැසක් දැනගන්න නම් ඔන්න එකතු වෙලා ඉන්න.
  • ඇයි? ඒ විතරක්ද? කැමතිද අතීතයට යන්න? අනුරපුර පොළොන්නරු නටඹුන් අතරින් අපේ ඉතිහාසය, ලෝක ඉතිහාසය දකින්න කැමතිද? එහෙනම් මෙන්න ඔයාලාව අතීතයට එක්කගෙන යන්න සුදාරක ලෑස්තියි.

ඒ තමයි මේ බ්ලොග් අඩවියෙන් මැරතන් වලට එකතු කරන ප්‍රධාන දේවල්. ඒවාත් එක්ක තව තව බොහෝ දෑ එකතු වුනාම හොඳ ලස්සනට තියේවී.

ඔන්න අමතක කරන්න එපා…
සෙල්ලම් පෙන්නනවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.