Skip to content

ගජිනි | Ghajini

දෙසැම්බර් 27, 2008

Ghajini Hindi Movie Poster

ඔන්න ආමීර් ඛාන් ගේ අළුත් චිත්‍රපටියක් ප්‍රදර්ශනය ආරම්භ කරලා. ඒ ගජිනි.

තාරේ සමීන් පර් චිත්‍රපටියේ අති සාර්ථකත්වයෙන් පසුව නැවතත් බොලිවුඩ් පුරයට ඇතුලත් වන ආමීර් ඛාන් නම් විශ්වාස කරන්නේ මේ චිත්‍රපටියත් තමන්නේ අනිත් චිත්‍රපටි වගේම සාර්ථක වෙයි කියලයි. ඒ වුනත්, මේ චිත්‍රපටිය අළුත්ම එකක් කියලා කියන්න බෑ. අළුත් චිත්‍රපටියක් වුනාට කතාව නම් පරණයි.

මේ දමිළ Ghajini චිත්‍රපටියේම හින්දි නිෂ්පාදනයයි. මේ චිත්‍රපටියේ තියෙන්නේ එකම වෙනසයි. ඒ ප්‍රධාන නළුවාගේ වෙනස පමණයි. දමිළ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරූපනය කරේ සූර්යා සිවකුමාරන් විසිනුයි. හින්දි චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ වෙන කවුරුවත් නෙවෙයි ආමීර් ඛාන් විසිනුයි. ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ දමිළ චිත්‍රපටියෙත් රඟපාපු ආසින් විසින්මයි.

අධ්‍යක්ෂණය ඒ. ආර් මුරුග‍දෝස් විසින් වන අතර සංගීත අධ්‍යක්ෂණය මගේ ප්‍රියතම සංගීත අධ්‍යක්ෂකවරයෙකු ‍වන ඒ. ආර් රහමානුයි. ආරන්චි විදිහට මේ ඉංග්‍රීසි චිත්‍රපටියක් වෙන Memento චිත්‍රපටියේ කොපියක්. කොපියක් කියන එක හරි නෑනේ… අපි මෙහෙම කියමු. මේ Memento චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක්. කොහොමින් කොහොම වෙතත්, මම නම් මේ චිත්‍රපටි 3ම බලලා නෑ. හින්දි චිත්‍රපටිය බලන්නයි ඉන්නේ. (ඇයි ඉතින් මම බොලිවුඩ් පිස්සා නෙව).

මේ චිත්‍රපටිය දවස් දෙකකට කලින් ලොව පුරාම ප්‍රදර්ශනය ඇරඹීමත් විශේෂත්වයක්. දැන් බොලිවුඩ් චිත්‍රපටි හොලිවුඩ් ආක්‍රමණය කරන්න පටන් ඇරගෙන කිව්වොත් ඒ‍කේ ඇති වරදකුත් නෑ. මේ චිත්‍රපටිය ආරම්භ කරපු දවසේම විශාල ආදායමක් උපයන්නත් සමත් වෙලයි තියෙන්නේ. දැන් මේ චිත්‍රපටිය ප්‍රීමියර් කොන්කෝර්ඩ් සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කෙරෙනවා. (මාත් යන්න ඕනේ බලන්න) ගජිනි චිත්‍රපටියෙන් ආමිර් ඛාන්, ෂාරුක් ඛාන්ව පැරැද්දුවා කියලා තමයි බලපු අයනම් කියනවා ඇහෙන්නේ…

මම මේ චිත්‍රපටි‍‍යේ ආසම සින්දුවක් තමයි ‍මේ…


V HOST වෙතින් මිළදී ගන්නා ඕනෑම ඩොමේන් නාමයක් රු. 1200/=ක් පමණයි. ඔබ මිළඳී ගන්නා සෑම ‍ඩොමේන් නාමයක් සමඟින් මෙගා බයිට් 50ක (50MB) වෙබ් ඉඩක් නොමිලේ! මේ දීමනාව සීමිත කාලයකට පමණයි. වැඩි විස්තර සඳහා ලියන්න supun[at]sudaraka.com හෝ අමතන්න 0718064010

ප්‍රතිචාර 5 leave one →
  1. දෙසැම්බර් 27, 2008 7:59 ප.ව.

    ශේප් එකේ බිස්නත් එකත් ක‍රනවා වගේ :P

  2. දෙසැම්බර් 27, 2008 8:09 ප.ව.

    එහෙම නැතුව ;)

  3. අගෝස්තු 6, 2009 10:14 ප.ව.

    ගජිනි කියන්නෙ Memento කොපියක් කියන්නත් බැරි තරම් විකාරයක්.

  4. අගෝස්තු 6, 2009 10:17 ප.ව.

    @kc- මට හිතෙන විදිහට නං. ගජිනි කියන්නේ memento එක තනිකරම කොපි කරලා හදපු එ‍කක් නෙවෙයි. ඒකෙන් අදහස අර‍ගෙන හදපු එකක්. මට නං මේක සිරා… :) (හින්දි එක.‍ දෙමළ එක නං අවසානය එච්චර ඇල්‍ලුවේ නෑ)

  5. ජූනි 29, 2011 7:51 පෙ.ව.

    Hmmm…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers