Skip to content

ඕම් ශාන්තී ඕම් ද?, ඩූම් 2 ද?, රේස් ද? එහෙමත් නැත්නම් රිදී රැයක් ද?

දෙසැම්බර් 27, 2008

වෙන දවස්වල නම් අවුරුද්ද අවසානේ ලංකාවේ අපේ රූපවාහිනී නාලිකාවල දෙසැම්බර් 31 වෙනිදාට පෙන්නුවේ සංගීත ප්‍රසංගයක්. ඒ වුනාට දැන් ලංකාවේ තත්ත්වෙත් එක්ක සංගීත ප්‍රසංග වලට එච්චර තැනක් නෑ. ඉතින් දැන්, රූපවාහිනී නාලිකාවල අන්තිම දවසේ පෙන්නන්නේ චිත්‍රපටි. මේ පාර හොඳම වර්ගයේ හින්දි චිත්‍රපටි 3ක් පෙන්නනවා. ඒ, ස්වර්ණවාහිනියේ ඕම් ශාන්තී ඕම්, සිරසේ ඩූම් ටූ (2) සහ TV දෙරණේ රේස්. මම නම් ඔය තුනම බලලා තියෙනවා. හැබැයි ඩූම් 2නම් හරියට බලලා නෑ. ඉතින් බලන්න ඉන්නේ ඒක තමයි. මොකද ඉතින් ඕක ජනතාවගේ නාලිකාව නෙව :P ‍රිදී රැයකට නම් මම කැමතිම නෑ. ඔන්න දැන් කියන්න එපා උඹ ලංකාවේ කිසි දෙයක් අගය කරන්නේ නෑ කියලා. මට ඒක නම් අප්පිරියමයි. අපේ ආච්චිලා සීයලා ඔයිට වඩා හොඳට නටාවි. හොඳම වැඩේ දැන්ම ගෙදරට ටීවී දෙක තුනක් ගෙනැල්ලා තියාගන්න එකයි ;-)

ප්‍රතිචාර 7 leave one →
  1. දෙසැම්බර් 28, 2008 1:42 පෙ.ව.

    උඹ සිරසට බැන බැන ඒකම බලපං…. ;)

  2. දෙසැම්බර් 28, 2008 10:48 ප.ව.

    @ SRIshanu – ඒකත් ඇත්ත, බැන බැන බලනවා. අනිත් ඒවායේ බනින්න දේකුත් නෑ, බලන්න දේකුත් නෑ :D

  3. දෙසැම්බර් 30, 2008 8:46 පෙ.ව.

    අනේ හැබෑට මුන් ඉංගිරිසි චිත්‍රපටයක් පෙන්නන්නෙ නැති හැටි. කාලෙකින් දැක්කෙ නෑ ටීවී චැනල් එකක ගිය ඉංගිරිසි එකක්. :(

  4. දෙසැම්බර් 30, 2008 11:54 පෙ.ව.

    දැන් ලංකාවේ ඉංග්‍රීසි චිත්‍රපටි වල‍ට තැනක් නෑ හලෝ, Bollywood Rocks! :P

  5. දෙසැම්බර් 30, 2008 12:30 ප.ව.

    Not much ban not much. Sad to see sri lanka becoming another india. Movies, television… Too bad :D

  6. දෙසැම්බර් 31, 2008 1:10 ප.ව.

    මම නම් බලන්න ඉන්නෙ ඔම් ශාන්ති ඔම්. නැත්නම් රේස්.

  7. ජනවාරි 3, 2009 8:51 පෙ.ව.

    අපේ මිනිස්සුන්ගෙ රසවින්‍දනයට ගැළපෙන චිත්‍රපටි ලංකාවෙ ඉන්න සිනමා කරුවෝ හදන්නෙ නැතිකොට, මිනිස්සු බොලිවුඩ් සහ හොලිවුඩ් වෙත නැඹුරු වීම වලක්වන්න බැහැ. ඒක ඉන්‍දියානු ගැති වීමක් කියා නම් කිරීම දරුණු වැඩි වුනත්, ඔය චිත්‍රපටි හරහා ඉන්‍දියානුවෝ තමංගේ දේශාභිමානය ඉස්මතු කරන්නට ඕනෑ හැටි හොඳට දන්න නිසා, අපේ අයගේ මනස තුලත් යම් යම් වෙනස් කම් කරන්නට මේවා සමත් වන බය පිළිගන්නට ඕනෑ.

    දැං බලන්න, ආදි කාලෙ ඉඳන් ලංකාවෙ බිහිවෙලා තියෙන්නෙ සිංදු කිය කියා, මල් ගස් වටේ නටන බාල බොළඳ ආදර චිත්‍රපටි පමණක්මයි කියල කියන්න පුළුවන්. කලාතුරකින් හරි එයින් පිට පැන්නොත් ඒක “ළමා චිත්‍රපටයක්” වෙන්න ඕනෑ. නමුත් මේ ළමා චිත්‍රපට වල ඉන්න කෘත්‍රිම “ළමයින්” කරන වැඩ ඇත්ත සමාජයේ වෙනවද කියන එක බලන්න ඕනෑ. මම කියන්නෙ නෑ චිත්‍රපටයක් ඇත්තම පෙන්වන්න ඕනෑ කියලා,නමුත් බොරු වුනත් ඇත්ත වගේ පෙන්වීමේ හැකියාව සිනමා කරුවාට තියෙන්න ඕනෑ නමුත් ලංකාවේ එහෙම නොවෙයි. කොච්චර බොරු බව තේරුනත්, ඒක තේරෙන්නේ නෑවගේ අමාරුවෙන් චිත්‍රපටය “රස විඳින්න” ඕනෑ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers