Categories
විවිධ

ඔබේම බ්ලොග් අඩවියක්, ඔ‍බේම තැනක, ඔබේම විදිහට

දැන් බොලිවුඩ් ගියා ඇති. තව ටිකකින් ආපහු එක්ක යන්නම් කැමති නම්. මිනි මැරතන් වෙලාවේ සිංහලෙන් බ්ලොග් ලියන අයටයි, බ්ලොග් දිහා බලාගෙන ඉන්න අයටයි දැනගන්නත් එක්ක, ටිකක් තාක්ෂණික වටිනාකමක් තියෙන බ්ලොග් සටහනක් ලියන්න හිතුනා. මේ ලියන්නේ බ්ලොග් ගැන. ඒ කියන්නේ බ්ලොග් එකක් තමන්ගේ තැනක කරගෙන යන්නේ කොහොමද කියලා පොඩි හැඳින්වීමක් කරන්නයි.

බොහෝ දෙනෙක් කැමතියි තමන්ගේ කියලා වෙබ් අඩවියක් පවත්වාගෙන යන්න. ඒකට තියෙන ‍හොඳම ක්‍රමේ තමයි බ්ලොග් අඩවියක් ලියන එක. ඒ වුනත් වෙබ් අඩවියක් කිව්වාම ඉතින් තමන්ගේ කියලාම ඩොමේන් නාමයක් තියෙන එක තමයි හොඳ. හරියට… sudaraka.com, malinthe.com, harshana.net, kalingasblog.com වගේ එකක්. blogspot.com, wordpress.com ව‍ගේ කෑල්ලක් තියෙනකොට බ්ලොග් අඩවියට එන කෙනාට ටයිප් කරන්න හිතෙන්නේ නෑ.  ඉතින් ඒකට තියෙන හොඳම විසඳුම තමයි ඩොමේන් නාමයක් මිලට ගන්න එක. ඩොමේන් වලට ගෙවන්න ඕනේ අවුරුද්දෙන් අවුරුද්දට, නියමිත කාල සීමාවට පස්සේ… ඒ කියන්නේ අවුරුද්දකට ලියාපදිංචි කරා නම් ඒ අවුරුද්දට පස්සේ, අපි ආපහු ඊළඟ වසරකට ගෙවලා ඩොමේන් නාමය අළුත් කරගන්න ඕනේ. ඩොමේන් නාමයක් ඇරගෙන ඒක ඔබේ blogger බ්ලොග් අඩවිය එක්ක හරි වර්ඩ්ප්‍රෙස් අඩවිය එක්ක හරි පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි වර්ඩ්ප්‍රෙස් වල නම් දැන් අමතර ගානක් ගෙවන්න වෙනවා. ඉතින් ඒකට තියෙන හොඳම විසඳුම තමන්ගේ තැනකම wordpress self-hosted බ්ලොග් අඩවියක් පටන් ගන්න එකයි. එතකොට පහසුකම් ‍ගොඩක් වැඩියි. තමන්ට කැමති විදිහකට, කැමති කැමති Theme එක්ක, Plugin එක්ක තමන්ගේ බ්ලොග් අඩවිය පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඔබට කරන්න තියෙන්නේ Web Hosting ආයතනයකින් වෙබ් ඉඩක් වෙන් කරවාගන්න විතරයි. වෙබ් ඉඩ සඳහා ඔයාට කැමති විදිහකට, මාසෙන් මාසට, අවුරුද්දෙන් අවුරුද්දට ගෙවීම් කරන්න පුළුවන්.

බ්ලොග් අඩවියකට සාමාන්‍යයෙන් අවශ්‍යවෙන්නේ මෙගාබයිට් 20කටත් අඩු ප්‍රමාණයක්. විශ්වාස කරනවානං විශ්වාස කරන්න, නැත්තං ඒත් විශ්වාස කරන්න… මගේ බ්ලොග් අඩවියත්, වෙබ් අඩවියත් එක්ක මට අවශ්‍ය වෙලා තියෙන්නේ මෙගාබයිට් 30ක් විතරයි. හැබැයි වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕ‍නේ Bandwidth එක ගැන. මේ මාසයට මගේ බ්ලොග් අඩවියේ පාවිච්චි කරලා තියෙන Bandwidth එක ගැන කිව්වොත් 1500ක්! ගිය මාසේ අන්තිමට නම් මෙගාබයිට් 2500ක්! ඒක නිසා, ඔබට පොඩි වෙබ් ඉඩක් හා බෑන්ඩ්විඩ්ත් එකක් තියෙනවානම්, අනවශ්‍ය දේවල් වලින් ඒ ඉඩ පුරවන්න‍ එපා. සියළුම ජායාරූප, MP3 වගේ දේවල් ඔක්කොම Image Hosting, File Hosting අඩවි වලට ඇතුලත් කරන්න. මම නම් නිර්දේශ කරන්නේ www.mediafire.com වෙබ් අඩවිය තමයි.

මම හිතෙනවා මේ මැරතන් දුවන වෙලාවේ, මේ ටික වැදගත් වෙයි කියලා. මම ආපහු එන්නම්, එතෙක් රසවිඳින්න Singh Is King!

[youtube=http://www.youtube.com/watch?v=Ezd-ZMjRJJY&hl=en&fs=1]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.