Skip to content

මට ඉන්න බැරියෝ! මම ළිඳේ පනිනවෝ!

දෙසැම්බර් 26, 2008

Boooooring!

(ඉහත ජායාරූපය අන්තර්ජාලයේ කොහෙන්දෝ තැනකින් උපුටා ගන්නා ලද්දකි)
අයියෝ මට නම් දැන් නරක දසාවක් ලබල වගේ, මලින්ත අයිය‍ගේ ලෙඩේ බෝවෙලාද කොහේද.
විභා‍‍ගේ ඉවරවෙලා කියවන්න කියලා පොත් ප්‍රදර්ශනෙන් ගත්ත පොත් ටික කියවලා ඉවරකරන්න හිතෙන්නේ නෑ
ටීවි එකේ යන චිත්‍රපටියක් බලන්න හිතෙන්නේ නෑ
ලියන්නවත් කිසිම අදහසක් එන්නේ නෑ
ජනවාරි 24 වෙනිදා ගණන් පේපරේට ලියන්න සූදානම් වෙන්නවත් හිතෙන්නේ නෑ
විභාගේ ලියලා ඉවරවෙලා බලන්න හිතාගෙන හිටපු චිත්‍රපටි ටික බලන්න හිතෙන්නේ නෑ]
කන්න, බොන්න, නාන්නවත් හිතෙන්නේ නෑ (හපොයි ගඳ!)
කොම්පියුටරේ උස්සල පොළ‍වේ ගහන්න හිතුවට ඒකට පණත් නෑ
යාළුවෙක්ට ෆෝන් එකෙන් කතා කරන්න හිතෙන්නේ නෑ

මොකක්ද අප්පා මම කරන්නේ????????? මට ‍මොන මංගල්ලයක්ද මේ වෙලා තියෙන්නේ?
මේ සා.පෙ නම් සාපයක්ම තමයි! හතුරෙක්ටවත් සා.පෙ සාපයක් නොවේවා!
මට ආපහු එක වසරේ ඉඳලා ඉස්කෝලේ යන්න තියෙනවා, ශිෂ්‍යත්වේ පාස් නොවුනානම් කියලා හිතෙනවා, රෝයල් නොආවානම් කියලා හිතෙනවා…
එතකොට තිස්සට වෙලා ගැන්සි බැහැලා ඕන මඟුලක යතෑකි!!!

ෂික්!

මම ළිඳේ පනිනවෝ!!!

ජබොඃ!

ප්‍රතිචාර 20 leave one →
  1. දෙසැම්බර් 26, 2008 6:26 ප.ව.

    ආ පුතේ ඕකට තමා කියන්නෙ වයසෙ වැරැද්ද කියල.

    හොහ් හොහ් හොහ්
    :D

  2. දෙසැම්බර් 26, 2008 6:27 ප.ව.

    මමනම් ලිදේපනිනවා…
    වතුර බීලා මැරෙනවා…
    හුස්ම ටිකක් හිරවෙනකොට… ගොඩ පීනනවා…

  3. දෙසැම්බර් 26, 2008 6:29 ප.ව.

    ආ මල්ලියෝ මේ ලෙඩේ වැඩි කරගන්නෙ නැතිව පුළුවන් ඉක්මනින් සුවකරගන්න. නැතිනම් ලොකු ප්‍රශ්නයක් වේවි.

  4. දෙසැම්බර් 26, 2008 6:31 ප.ව.

    මේක ඉබේ සනීප වෙන්නෙ නෑ. නිසි කල එන තුරු ;-)

    පේන්නෙ නැද්ද අනික් එක්කෙනාගෙ තත්වෙ :D
    දැන් ඉතින් දෙන්නෙක්ගෙ ඒව අහගෙන ඉන්ට එපාය

  5. දෙසැම්බර් 26, 2008 6:49 ප.ව.

    මටත් මේ දවස් වල ඔය ලෙඩේ. :(
    ශික් මට පනින්න ළිඳක් නෑ. වැවක් නම් තියෙනවා. මේ පැත්තෙ. හැබයි අපිරිසිදුයි.
    මැරෙන්න වුණත් ඕනෙ ටිකක් වැදගත් විදියට. :P

  6. Chanuka permalink
    දෙසැම්බර් 26, 2008 8:29 ප.ව.

    දෙන්නටම තියෙන්නේ එකම ලෙඩේ. ජීවිතේ යම් කිසි අරමුණක් තිබිය යුතුයි. අප කිසිම කෙනෙකුට හිතන හිතන දෙවල් කරන්න පුළුවන් කමක් නෑ. තමන්ගේ අරමුණ තීරණය කර ගැනීමෙන් පසුව ඒ සඳහා අප අකමැති දේවල් පවා කරන්න සූදානම් වෙන්න ඕනේ. හිතෙන හිතෙන පාරවල් වල ගමන් කරල අන්තිමේ වෙන්නෙ අතරමං වෙන එක විතරයි. අඩු ගණනේ හොඳට දන්න පාරක ටික දුරක් ගිහින් බලන්න.

    මාත් ඔය වයසෙදි ඔහොම තමයි. ඒත් එයින් අදහස් වෙන්නෙ නෑ මා කළ ගොන්කම් ඊට විසි වසරකට පසුව කවුරුන් හෝ එසේම කළ යුතුයි කියලා. අපට වැරදුණු තැන් වලින් ඉගෙන ගන්න.

  7. දෙසැම්බර් 26, 2008 9:05 ප.ව.

    ළිඳේ පනින්න එපා. මිනිය පිම්බිලා කැතවෙලා මූණ කළුවෙලා තියේවි.. මැරුණත් ලස්සනට ඉන්න එපාය..වෙන විදිහක් බලන්න

  8. දෙසැම්බර් 26, 2008 9:09 ප.ව.

    මල්ලි මටත් පහුගිය දවස් වල ඔය ලෙඩේ තිබ්බට දැන් ඒක අඩුයි. ඕකට හොඳටම විසඳුමක් විදියට මං දකින්නෙ getting busy! විවිධ වැඩ ගොඩක් යොදාගෙන ඒවයෙ නිරතවෙන එක සාර්ථක වැඩක්. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.

  9. keerthi permalink
    දෙසැම්බර් 26, 2008 9:58 ප.ව.

    @Sakunthala
    ළිඳට පැනල ගොඩ පීනන්නේ කොහොමද? අළුත් ගැජට් එකක්වත් තියෙනවද?

  10. keerthi permalink
    දෙසැම්බර් 26, 2008 10:00 ප.ව.

    අනේ සොරි. සාකුන්තලට නෙවෙයි. ඒක කිව්වේ කාලිංගට.

  11. දෙසැම්බර් 26, 2008 10:08 ප.ව.

    @ keerthi – ළිඳේ වතුර නැතිනම්…, ඔන්න ගොඩ පීනතෑකි ;)

  12. දෙසැම්බර් 26, 2008 10:56 ප.ව.

    මට ඔය කාලෙ කෙනෙක් දීපු උපදෙසක් Research එකක් කරන්න. මමත් කළා… මොකක්ද? නිදාගැනීම ගැන. හැබැයි whitepapers නෑ. :D

  13. දෙසැම්බර් 27, 2008 12:51 පෙ.ව.

    සාපේ ඉවරායි කිව්වට ඉවරම නෑ. මල්ලිල නිකං ඉන්නවට කොමාට දුක හිතිල මං හිතන්නේ :D
    http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=36188

  14. නාගයා permalink
    දෙසැම්බර් 27, 2008 9:29 පෙ.ව.

    එහෙනම් අපි මේ අපූරුවට ඉන්නේ උපෙ ලියලාත් ;) මම නම් සාපෙ ලිව්වද කියලත් ගානක් තිබ්බේ නෑ බන් ඒ කාලේ….ක්ලාස් ගියා…වැඩ කලා…ෆිල්ම් බැලුවා…කොම්පියුටරේ පිස්සු කෙලියා ලිනක්ස් දාගෙන(වින්ඩෝස් නැතුව)…*** බැලුවා (මේක කරන්න එපා)….

  15. දෙසැම්බර් 27, 2008 9:44 පෙ.ව.

    හෙට අන්ද්ද AL ක්ලාස් පටන් ගත්තම ඕව හරියනවා. ඊට කලින් යාළුවො කට්ටියත් එක්ක ට්‍රිප් එකක් වගේ සෙට් කරගත්තොත් නරකද?

  16. Malee_msg permalink
    දෙසැම්බර් 27, 2008 1:19 ප.ව.

    මේ මේ එඩ්රස් එක දීලා මැරෙන්නවා…මළගමට බැරි උනොත් හැම දානේටම එනවා ප්‍රොමිස්!

  17. දෙසැම්බර් 27, 2008 1:28 ප.ව.

    @Malee_msg : හිහ් හිහ්… good idea :P

  18. Malee_msg permalink
    දෙසැම්බර් 27, 2008 5:56 ප.ව.

    @ චතුර – හිකිස් මම ම ඉන්න ‍ඕනි ඉතිං ඔය වගේ අයිඩියා දෙන්න…

  19. දෙසැම්බර් 27, 2008 6:16 ප.ව.

    @Malee_msg : නැත්ද දුවන්නෙ මැරතන්??

  20. දෙසැම්බර් 31, 2008 9:14 පෙ.ව.

    ඔව් ඔව් trip එකක් ගිහින් film එකක් බලලා ජොලියෙ ඉන්න මෙ දවස් ටිකෙ. AL පටන් ගත්තම ඉතින් දිවිල්ල පටන් ගන්න එපැයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers