මැරතන් අවසන්!

අප්පා ඇති යන්තම්. ඔන්න සිංහල මිනි බ්ලොග් මැරතන් ඉවරයි. දැන් ඉතින් නිදාගත්ත හැකි. ආ ඒ විතරක් නෙවෙයි. මේ වෙලාවේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසයේ පාලකයිනුයි, චැට් රූම් එකට සැට් වෙච්ච ඔක්කොටමයි, Shedule වෙන්න දාලා හරි බ්ලොග් එකේ විනාඩි 15න් 15ට බ්ලොග් එක ලියපු හැමදෙනාටම බොහොම ස්තූතියි… මේක මිනි මැරතන් නිසා, අවසාන සටහනත් පොඩියටම ලියලා ඉවර කරනවා. ඇයි ...

ඕම් ශාන්තී ඕම් ද?, ඩූම් 2 ද?, රේස් ද? එහෙමත් නැත්නම් රිදී රැයක් ද? 7

වෙන දවස්වල නම් අවුරුද්ද අවසානේ ලංකාවේ අපේ රූපවාහිනී නාලිකාවල දෙසැම්බර් 31 වෙනිදාට පෙන්නුවේ සංගීත ප්‍රසංගයක්. ඒ වුනාට දැන් ලංකාවේ තත්ත්වෙත් එක්ක සංගීත ප්‍රසංග වලට එච්චර තැනක් නෑ. ඉතින් දැන්, රූපවාහිනී නාලිකාවල අන්තිම දවසේ පෙන්නන්නේ චිත්‍රපටි. මේ පාර හොඳම වර්ගයේ හින්දි චිත්‍රපටි 3ක් පෙන්නනවා. ඒ, ස්වර්ණවාහිනියේ ඕම් ශාන්තී ඕම්, සිරසේ ඩූම් ටූ (2) සහ TV දෙරණේ ...

චාන්ද්නී චෝව්ක් ටු චයිනා – Chandni Chowk To China 6

කවුරුහරි මගෙන් ඇහුවොත් කවුද ‍මේ වෙනකොට ඉන්දියාවේ සාර්ථකම නළුවා කවුද කියලා… නෑ පිස්සුද? මම කියන්නේ ෂාරුක් ඛාන් නම් නෙවෙයි. මම කියන්නේ ආක්ෂේ කුමාර්. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි. ආක්ෂේ කුමාර් මේ වසර තුනේ 2006, 2007, 2008 රඟපාපු චිත්‍රපටිවලින් එකදිගට, ඒ හැම චිත්‍රපටියක්ම අති සාර්ථකයි. මේ ඔක්කොම බොක්ස් ඔෆිස් හිට්ස්! ඒ ටිකක් කිව්වොත්, ෆැමිලි – ටයිස් ...

කම්මැලියි වගේ…

මට නම් මාර කම්මැලියි. කෝ මේ රේඩියෝවේ හොඳ හින්දි සින්දුවක් දාන එකක්යැ.

දැන් වෙලාව රාත්‍රී 10යි!

හප්පා, දැන්නම් තෙහෙට්ටුයි. අම්මට කියලා කෝපි එකක්වත් හදාගෙන බොන්න ඕනේ. ඒ අස්සේ දැන් කතාවෙන්නේ සිරස ඩාන්සින් ස්ටාර් වල නටන අ‍යගේ කොටම කොට ඇඳුන් ගැන…

තව ටිකයි! ඒ ටිකක් දුවමු

මැරතන් අවසානයට හරියටම තව පැය දෙකයි විනාඩි 15යි තියෙන්නේ. මට නම් මොනවා ලියන්නද කියලා හිතට එන්නේම නෑ අයියෝ. චැට් රූම් එකයි, රේඩියෝවයි තමයි ඉතින් තනියට ඉන්නේ…

මඩ ගැහිලි, බාල්දි පෙරලීම් පිරුණ මැරතන් චැ‍ට් කාමරයේ

නාට්‍යය වුනත් ගැටුම තමයි උච්ජතම අවස්ථාව කියලා තියෙන්නේ. ඔන්න අපේ චැට් රූම් එකේ මඩ වරුසාවයි. සින්දු ඇහිල්ලෙන් පටන් ගත්තු අවුල දැන් නම් උඩටම නැගලා වගේ. හික්! මේ මොනවා වුනත් විහිළුවට හොඳේ… මොනවා හරි වැරදි දෙයක් කියවුනානං සමාවෙන්ඩ ඕනේ!

චැට්, චැට් චැට් 5

කට්ටිය මැරතන් අල්ලලා දාලා රේඩියෝ එකයි, චැට් රූම් එකයි අල්ලගෙන වගේ දැන්නම්. ඒ මදිවට රේඩියෝ එක Rock සින්දු දාලා අපායේ කම්මල වගේ… මගේ කන රිදෙනවෝ!

Quick Press 1

අළුත් වෙච්ච වර්ඩ්ප්‍රෙස් එක්ක ඇවිල්ලා තියෙන මේ QuickPress විශේෂාංගය නම්, උත්කුරුස්ටයි! එහෙම කියන්නේ මැරතන් වෙලාවේ ටක් ගාලා ලියලා දාන්න පුළුවන් නිසානේ. වර්ඩ්ප්‍රෙස් හොයාගත්ත අයට පිං දෙන්න හිතෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි. WordPress Rocks!

ඔබේම බ්ලොග් අඩවියක්, ඔ‍බේම තැනක, ඔබේම විදිහට

දැන් බොලිවුඩ් ගියා ඇති. තව ටිකකින් ආපහු එක්ක යන්නම් කැමති නම්. මිනි මැරතන් වෙලාවේ සිංහලෙන් බ්ලොග් ලියන අයටයි, බ්ලොග් දිහා බලාගෙන ඉන්න අයටයි දැනගන්නත් එක්ක, ටිකක් තාක්ෂණික වටිනාකමක් තියෙන බ්ලොග් සටහනක් ලියන්න හිතුනා. මේ ලියන්නේ බ්ලොග් ගැන. ඒ කියන්නේ බ්ලොග් එකක් තමන්ගේ තැනක කරගෙන යන්නේ කොහොමද කියලා පොඩි හැඳින්වීමක් කරන්නයි. බොහෝ දෙනෙක් කැමතියි තමන්ගේ කියලා ...