Categories
ශ්‍රී ලංකා

අපට ඇත ගොඩනගන්නට රටක්

රාවණ රජු එදා විසූ රටක්,
චුම්බක බලයෙන් ගුවන් ගමන් ගිය රටක්,
තෙවරක් උතුම් ගෞතම බුදුන්ගේ පහස ලැබූ රටක්,
පණ්ඩුකාභය වැනි රජුන් ගොඩනැගි රටක්,
දහසක් මහා වැව් බැඳි රටක්,
නිර්මල උතුම් බුදු දහම රැකි රටක්,
හතුරා‍ටත් රජෙකු සේ සැලකූ දුටුගැමුණුගේ රටක්,
අහසින් වැටෙන එක් දිය බිඳක් නික‍රුනේ මුහුදට ගලා නොගිය රටක්,
පෘතුගීසීන්ට පෙරදිගදී හිමිවූ විශාල පරාජය හිමිකරදුන් රටක්,
ඔබට ඇත මෙරට වෙනුවෙන් කරන්නට යමක්,
කරව එය නොකර අඳුර‍ට සාපයක්,
අපට ඇත ගොඩනගන්නට රටක්,
යළි ගොඩනගමු අපේම ශක්තිමත් රටක්…

හෙට තියෙන ඉතිහාස පේපරේ ගැන උදේ බස් එකේ යන ගමන් හිත හිත යනකොට නිකන් අහම්බෙන් මේ සිතුවිලි පහළ වුනා. මම ඉතින් කොහොමත් කවි, නිසඳැස් එහෙම ලියන්න නම් දස්සයා නෙවෙයි. ඒත් ඉතින් ආපු සිතිවිලි වලින් ප්‍රයෝජනයක් ඇරගන්නේ නැතිව නිකන් ඕහේ අමතක වෙලා යන්න නොදී ගෙදර ආවාම බ්ලොග් එකේ ලියන්න, මාත් පහන් අයියාගේ බ්ලොග් ලියන ක්‍රමෙන් ප්‍ර‍යෝජනයක් ගත්තා.

අහසින් වැටෙන එක ජල බිඳුවක් වත් ප්‍රයෝජනයක් නැතිව මුහුදට ගලාගෙන යන්න නොදී රට සහළින් ස්වයංපෝෂිත කරපු පරාක්‍රමබාහු රජතුමාව ආදර්ශයට ඇරගෙන, හිතට නැගෙන එක සිතුවිලි බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන ඔහේ අමතක වී යන්න නොදී ප්‍රයෝජනයක් ගන්න නම්…

සිංහල බ්ලොග් නියම තැන!
😉

12 replies on “අපට ඇත ගොඩනගන්නට රටක්”

නියමයි මල්ලි! අනේ ඔය අදහස් ටික හැම පත්තරේකම මුල් පිටුවේ දාලා පොස්ටර් ටිකකුත් ගහන්න කවුරු හරි ඉන්නවා නම්!

ලස්සන , අර්ථවත් අදහස් වලින් පිරුණු අවංක සිතුවිල්ලක්

Kiwwata tharaha ganna epa. Atheethaya sihinayak pamanai. Jathiyak hetiyata issarahata yanna anagathaya gena sithamu!

“හිතට නැගෙන එක සිතුවිලි බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන ඔහේ අමතක වී යන්න නොදී ප්‍රයෝජනයක් ගන්න නම්…

සිංහල බ්ලොග් නියම තැන!”

අන්න ඒක නං අනර්ඝයි 😀

මට නම් සිතිවිලි පහළ වෙන්නේම බස් එකේදී. සිතිවිලි බිඳක්වත් අමතක වෙන්න කලින් phone එකේ save කරගන්නවා.
@ සුදාරක
මගේ බ්ලොග් සටහනෙන් ප්‍රයොජනයක් ගත්ත කෙනෙක් ඉන්නවා කියල අහන්නත් සන්තෝෂයි.

එළකිරි ,ඔහොම යං ඔහොම යං
“නූතන පරාක්‍රමබාහු පරපුරක් කරා” හික් හික්

@ “Me” – මොකට තරහා වෙනවාද? 😉 මගේ නම් අදහස අතීතයෙනුයි වර්තමානය ගොඩනැගිලා තියෙන්නේ. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අනාගතය යහපත් කරගන්න තමයි අපි වැඩකරන්න ඕනේ. අතීතය නිකම්ම නිකම් සිහිනයක් නෙවෙයි. 🙂

@ මහාචාර්ය ස්නේප්! – ඇයි ඒක විතරද අනර්ඝ? 😛 අනිත්වා අනර්ඝ නැත්ද? 😀

@ ප්‍රදීපය – “එළකිරි ,ඔහොම යං ඔහොම යං
“නූතන පරාක්‍රමබාහු පරපුරක් කරා””
අනිවා! 😉

ඔව් අර අනිත් සමහර ඒවා තනිකර කෙප්ප නෙව, චුම්බක බලයෙං ගිය කතා අරව මේව. ඒ නිසා ඇත්ත කෑලි ටික විතරක් අනර්ඝයි

Leave a Reply to Me Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.