Skip to content

වීරයා ඔබයි…

නොවැම්බර් 15, 2008

ආරක්ෂක හමුදාවන් විසින් යුධමය වශයෙන් වැදගත් පුනරින් ප්‍රදේශය කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්ත ග්‍රහණයෙන් මුදවාගැනීමේ චිත්ත ප්‍රීතිය නිමිත්තෙනි.

(ජායාරූපය උපුටාගැනීම ශ්‍රී ලංකා හමුදා වෙබ් අඩවියෙනි.)

එකම රටක් තුළ. එකම ශ්‍රී ලාංකීය ජාතියක් වෙනුවෙන්. සිහළ, දමිළ, මුස්ලිම් සියල්ලන් වෙනුවෙන්. සිය දිවිය දෙවැනි කොට මාතෲ භූමිය පෙරට තබා සිය සිතට ධෛර්ය ගෙන, ගතට වීර්ය ගෙන, මානුෂීය හැඟුමින් තුවක්කුව අතට ගත් ඔබ…

අපට මහා විරුවෙකි.

නුදුරු දිනකදී මේ මහා පුණ්‍ය භූමිය ඒක ඡත්‍ර කොට, නිවහල් ශ්‍රී ලාංකීය ජාතියක් නිර්මාණය කරනුයේ ඔබේ දෑතේ සවියෙනි. ඔබේ රුධිරය මතින් ඉදිරි දිනෙක ඔබේ දූ දරුවන් මේ මහා ලෝකය ජයගනු ඇත. එය සනාතන සත්‍යයකි. ඔබේ නාමය අපේ හදවතේ ගලේ කෙටූ අකුරක් මෙන් සනිටුහන් වනු ඇත. රන් මලක් ලෙස දෙව් බඹුන් පිදූ මේ භූමියේ ආශිර්වාදය ඔබට සදා ලැබෙනු ඇත. ඔබේ නාමය ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙනු ඇත. නුදුරේම සිහල දමිළ හා මුස්ලිම් ජනයා එකා වන්ව එකමුතුවනු ඇත. ඒ ඔබේ දහඩිය හා රුධිරය මතිනි. කුරිරු ත්‍රස්තවාදයෙන් දමිළ ජනයා, සිහළ ජනයා හා මුස්ලිම් ජනයා මුදාගනිමින් ඔබ කරන්නාවූ මේ මානුෂීය‍ මෙහෙයුම ඇගයීමට වදන් අප වාග් කෝෂයේ ඇත්‍දැයි සැක සහිතය. එපමණටම ඔබේ මානුෂීය මෙහෙයුම උතුම් වේ. යුධබිමට පැමිණීමට තරම් අප සිත්හි ධෛර්ය නොමැති වුවද අප හදවත්වලින් ඔබ යුධබිමේ තනි කරලීමට, ඒ බැඳීම බිඳහෙළීමට දෙවියන්ටවත් නොහැකි වනු ඇත.

කුරිරු ත්‍රස්තවාදය මේ මහා පුණ්‍ය භූමියෙන් තුරන් කරළන දිනය වැඩි ඈතක නොවේ!

චිරං ජයතු!!!


පුනරින් මුදාගැනී‍මේ වැඩි විස්තර – http://www.army.lk/morenews.php?id=18144

ප්‍රතිචාර 2 leave one →
  1. නොවැම්බර් 16, 2008 1:09 ප.ව.

    දෙවන ඊළාම් යුද්ධයෙන් වසර 15 පසු එනම් 1993 වසරෙන් පසු පුනරීන් අත්පත් කර ගත් රණවිරුවන්ට මාගේ ප්‍රණාමය.

    චිරං ජයතු!ශ්‍රී ලාංකා

  2. නොවැම්බර් 16, 2008 11:09 ප.ව.

    අපගේ ප්‍රණාමය…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS