Categories
විවිධ

ඔබාමා…!! දිනපා…න්!!!

ධනවාදයේ පියා වෙච්ච ඇමරිකාවට ඔන්න දැන් පා…න් කියාගන්නවත් බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඇමරිකාවේ මිනිස්සු දැන් කන්නේ ඇහැටලු. සුපර් මාර්කට් දිහා බලාගෙන යනවා විතරලු. තරු පහේ හෝටල් වලින් කෑම ගන්න යන්නේ නැතිව ගෙදර උයාගෙන කනවාලු.

මේකෙන් ආර්ථික පිපිරීමෙන් ඇමරිකාවට විතරක් නෙවෙයි පාඩු.

ලංකාවට සහ තවත් බොහෝ ආසියානු රටවල‍ට

ඇයි එ?

ලංකාවේ සුපිරි වර්ග‍‍‍යේ තේ, ඇඟලුම් මිළඳී ගන්න රටක් තමයි ඇමරිකාව කියන්නේ. ඉතින් ඒ රටේ මිනිස්සුන්ගේ වියදම් කිරී‍‍‍මේ හැකියාව‍ හීන වෙන නිසා, දැන් වැඩේ බරපතලයි. දැන් ඉල්ලුම අඩු වෙලා සැපයුම වැඩි වෙලා තේ මිල බැහැලා. ඔන්න දැන් තමයි ඇමරිකාවේ කඩා වැටීමේ උණුසුම ලංකාවට වැදෙන්න පටන් ඇරන් තියෙන්නේ. චීනයේ, ඇමරිකාවේ බබාලට සෙල්ලම් බඩු හදපු කර්මාන්ත ශාලා දැන් ටිකෙන් ටික වැහීගෙන යනවා. රැකියා වලින් එළියට වැටෙන්නේ ඇමරිකාවේ මිනිස්සු විතරක් නෙවෙයි. දැන් වෙනත් රට වල වැහිලා යන කර්මාන්ත ශාලා වල මිනිස්සුත් පාරට වැටිලා.

ඔන්න ධනවාදයේ උච්ජතම අවස්ථාව එළැඹිලා

එහෙනම්… සමාජවාදය හිස ඔසවයිද?

මේ හුටප්පර අ‍ස්සේ අමෙරිකාවේ ජනාධිපතිවරණයත් පවත්වන්නයි යන්නේ. හැබෑටම කවුරු දිනයිද? මට තාම හරියට තේරුම්ගන්න නම් බැරිවුනා මේ ජනාධිපතිවරණේ තියන ක්‍රමය. මගේ මීටරේ අප්සැට් එකක්ද? නැත්තන් අමෙරිකාවේ ක්‍රමය අප්සට් එකක්ද කියලා හරියටම ෂුවර් නැහැ. ඔය දන්න කෙනෙක් කියලා දෙන්නකෝ…

මම නම් කැමතියි ඔබාමා ජනාධිපති වු‍නොත්. මොකද දැන් අමෙරිකාව ලෝකයේ පොලිස් කාරයා කියන කතාව අවිවාදයි නේ. ඔය මැකේන් මහත්තයා හිතන්නේ අමෙරිකානු ජාතිය ගැන විතරයි (හරියට නිකන් හිට්ලර් වගේ) අනික මිනිහා පුල් යුධ වාදියා. ඊට වඩා ඔබාමා මාමා ලෝකය ගැන හිතන නිසා මැකේන්ට වඩා මට ඔබාමා මාමා හොඳා. ඒත් පොඩි පරහක් තියෙනවා. ඔබාමා මාමා පත් වුනත්, එයා බලාපොරොත්තු වෙන වෙනස කරන්න ව‍ටේ ඉන්න හෙන්චයියෝ ටික ඉඩ දෙයිද? ඒ වගේම දෙන්නාගෙම විදේශ ප්‍රතිපත්ති වල වැඩි වෙනස්කමක් නෑ. දෙන්නාගෙම අදහස අමෙරිකාව ලෝක නායකයා බවට පත් වෙන්න අවශ්‍යයි කියන එකමයි. ඉතින් එහෙව් එකේ ඔය මොකා ආවත් අනිත් රට වලට අත දාන කැත පුරුද්ද නතර කරගන්න නම් අමෙරිකාවට පුළුවන් වෙන එකක් නෑ.

ඉතින් අපි මොකද කරන්න ඕනේ?

අමෙරිකාවේ ආර්ථිකය හරියනකන් අපි බලන් ඉඳලා නම් හරියන්නේ නෑ මේ වෙලාවේ. යුද්ධය අවසන් කරනවාත් එක්කම වගේ ලංකාව ස්වයංපෝෂිත කරන්න අවශ්‍යයි. ශක්තිමත් අධ්‍යාපන ක්‍රමයක් (මම අධ්‍යාපන ක්‍රමය කතිකාවට ඉදිරියටම ගෙනියන්නම්. මේ දවස්වල විභාගෙට ලෑස්ති වෙන නිසා මට හිතන්න එච්චර වෙලාවක් නෑ. ඒක නිසා විභාගෙන් පස්සේ ඒ ගැන අනිවා ඩෙෆා ලියනවා) නිර්මාණය කරන්න අවශ්‍යයි, ජාතීන් අතර සහයෝගය තවදුරටත් වර්ධනය කරලා හැමදෙනාම ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට ඉදිරියට යන්න ලෑස්ති වෙන්න අවශ්‍යයි. පටු අරමුණු වලින් අයින් වෙලා වැඩ කරන්න ඕනේ. ශක්තිමත් මාර්ග පද්ධතියක්, ප්‍රවාහන පද්ධතියක්, විධිමත් සංචාරක ව්‍යාපාර පද්ධතියක් නිර්මාණය කරන්න අවශ්‍යයි.

ඔව්, ඔව්… මම දන්නවා… දන්නවා… කියනවා වගේ නෙමෙයි කරන්න ගියාම අමාරුයි කියලා. ඒත් දැන් ඇතිවෙලා තියෙන තත්ත්වෙත් එක්ක අපි අපේම ක්‍රමයක්. අපිට ඔය ධනවාදයයි, සමාජ වාදයයි දෙකටම නැති එකක් හරි දෙකේම හොඳ තැන් තෝරා බේරුම් කරගෙන හරි ක්‍රමයක් නිර්මාණය කරගන්න ඕ‍න්. වෙන මොනම රටකටවත් නැති ජලය, බලය කරගන්න ක්‍රමයක් හදාගන්න ඕනේ. වෙන මොනම රටකටවත් නැති අපිටම අනන්‍ය වූ ජෛව විවිධත්ව සම්පත ප්‍රයෝජනයට ගන්න ඕනේ. ගස් වැවීම, කැපීම සම්බන්ධයෙන් ශක්තිමත් ක්‍රියාමාර්ග ඇරගන්න ඕනේ. පන්ති අතර පරතරය අවම කරන්න ඕනේ. පරිසරය සහ ආර්ථිකය දෙකම රැකගෙන ඉදිරියට යන්න ක්‍රමයක් කල්පනා කරන්න ඕනේ. හීන වෙලා යන ඉන්ධන සම්පතට ආදේශණයක් වෙන ආහාර, ජීව බලශක්තිය නිපදවීමේ නවතම ක්‍රම නිර්මාණය කරගන්න ඕනේ. මේ සදහා දිගු කාලීන,‍ කෙටි කාලීන සැලසුම් නිර්මාණය කරන්නත් ඕනේ.

මිනිසුන්ට ජීවන බර නොදැනී, වගකීම් දැරිය හැකි ක්‍රමයක් නිර්මාණය කරගන්න පුළුවන් නම් වඩා හොඳයි.

කියෙව්වා වැඩිද මන්දා 😀 ඔබාමා මාමාට සුබ පතන ගමන් සටහන අවසන් කරලා නැවතත් පාඩමට බහින්නයි හදන්නේ. පස්සේ වෙලාවක කට්ටිය සෙට් වෙලා කතා කරමුකෝ 😉
ආ… ඒක නෙවෙයි….

ඔබාමා දිනයිද? 😀

19 replies on “ඔබාමා…!! දිනපා…න්!!!”

මම හිතන්නෙ වෙනසකටත් එක්ක ඔබාමා මාමා දිනන එක හොඳයි. නමුත් ඒකෙන් ලෝකයට ඇමරිකාවෙන් වෙන බලපෑම වෙනස් වෙන එකක් නෑ. මොනව වුනත් ඇමරිකාව හොඳ සමාජ වටපිටාවක් වෙත ගියොත් ඒක ආදර්ශෙට අරන් අපේ අයත් හැදෙන්න පුළුවන්… 😉

සුදාරක,

ඔයාලට ගොඩක් වෙලාවට වරදින තැන තමයි ප්‍රාතිහාර්යන් දිහා බලාගෙන ඉන්න එක. ඔයා හිතන විදිහට පිදෙල් කැස්ත්‍රො කියන්නෙ මුලු කියුබාවම ද? නෑ. කැස්ත්‍රො ට විතරක් නම් අවශ්‍යය වුනේ අද කියුබාව සමාජවාදී රාජ්‍යක් නෙවෙයි. කියුබාව එහෙම වුනේ ඒ රටේ මහජනතාව අතරින් ගොඩ නැගුනු සමාජ ව්‍යාපාරය නිසා. කැස්ත්‍රො කලේ ඒකට නායකත්වය දුන්න එක.

ඔබාමා ගැන අද මුලු ලෝකයම බලාගෙන හිටියට ඇමරිකාව ඇතුලෙ පවතින ප්‍රතිපත්ති සහ ආර්ථික රටාව වෙනස් කරන්න පුලුවන් සමාජ ව්‍යාපාරයක් ඇති වුනොතින් විතරයි ඇමරිකාව වෙනස් වෙන්නෙ . මට හිතෙන විදිහට තනි පුද්ගල ප්‍රතිරූප ඇදහුව පමණින් ඇමරිකාවේ ගමන් මාර්ගය වෙනස් වෙන්නෙ නෑ. ඔබාමා ට මේ තරම් අපේ අය පිස්සු වැටෙන්න හේතුව විදිහට මට පේන්නෙ තමන්ගෙ පෞද්ගලික වැඩ කටයුතු වල යෙදෙන කොට සමාජ දේශපාලන ව්‍යාපාර වලින් ඒවාට බාධා වෙන නිසා ඒවායින් ඈත් වෙලා හිටියට කවුරු හරි ඒ වැඩේ කරනවට ආස වීම.

හරියට “හවසට පොඩ්ඩක් බොන්නත් ඕනේ ……… පන්සල පැත්තෙ යන්නත් ඕනෙ ” වගේ තියරියක්.

ජල විදුලිය ඉබේ ලැබුනෙ නෑ. මහවැලි ගඟ හරස් කරල වේලි බැන්ද නිසා මිසක්.

@ නිදහස් අදහස් – ඒක තමයි මාත් කිව්වේ, ඔබාමාගේ අදහස් හොඳ වුනත්, ඒවා ක්‍රියාත්මක කරන්න වටේ ඉන්න හෙන්චයියෝ ඉඩ දෙයිද කියලා. ඒත් රටේ සාමාන්‍ය ජනයාගේ ඇඟේ දැන් මේ ආර්ථික පීඩනය කැකෑරෙනවා. ඉතින් අපි බලමු ඇමරිකාවේ ඊළඟ විප්ලවයක් ඇති වෙයිද කියලා. ධනවාදය විසින් නිර්මාණය කරපු ආර්ථික බුබුල දැන් පිපිරිලයි තියෙන්නේ.

අපි බලමුකෝ 😀

@ හරේෂ් – හැමදේටම ඇමරිකාව කොපි කරන කොපි කැට් රටක් වෙච්ච ලංකාවට ඉතින් හොඳ ඇමරිකාවක් නිර්මාණය වෙලා ඒක කොපි කරන්න හිතු‍නොත් නම් හොඳයි. 😉

එතකොට, ASP ලියනගේ මහත්තයා, ඔබාම දිනවන්න මෙහෙ පත්තර දැන්වීම් සිංහලෙන් දාන්නේ ඇයි? මට නම් නොතේරේ.

මන් නම් කියන්නේ මැකේන් අංකල් තමා දිනන්නේ. මොකද ඇමරිකන් සුද්දෝ තමන්ගේ හමට ආදරෙයි. අන්තිම දවස් ටිකේ ප්‍රතිඵලත් ටිකක් වෙනස් වුනා නේද?

ඔබාමා දිනනවා ඒකාන්තයි.

ඒයි බුවා… ඔය “මාම” කෑල්ල අයින් කරන්නකෝ… ළඟදි පුරුදු වෙච්ච වචනයක් වගේ… එහෙම කිව්වම කැතයි ද ? මන්දා මට හිතෙන හැටි… මම කියන ඒවා ගණන් ගන්න එපා… බ්ලොග් එක ඔයාගෙ නේ 😉

ජෝන් මැකුනත්, ඔබාමා අපිට බරක් වෙයි. ඔය කොයි ඇමරිකන් කාරයත් එකයි. කළු හම නිසා මිනිහාගේ ප්‍රතිපත්ති අපිට හොඳවෙයි කියා හිතුනට මිනිහත් බටහිර සංස්කෘතියේ මිනිහෙක්.

ඔයා විදුසරේ යන අපේ ප්‍රවාද ලිපිය කියවනව ද ? මහාචාර්ය නලින්ද සිල්වා මහත්මයා කියන දේවල් 100% ක් (තියා, බොහෝ දුරට වත්) ධාරණය කරගන්න තරම් මගේ මොළේ පෘෂ්ඨ වර්ගඵළය තවමත් ප්‍රමාණවත් නොවුනත් (මම පුරුස්ට වර්ග එලේ මැන්නෙ කෝමද කියල අහන්න එපා. මම පුටුවක් තියල ඒක උඩට නැගල ඔලුව ඇතුල බලල යි මැන්නේ.), මට තේරෙන විදියට එතුමගේ එක් ලිපියක තිබ්බ විදියට ඔබාමා කියන්නේ බටහිර සංස්කෘතියේ හැදුනු බටහිර චින්තනයම දරාගෙන ඉන්න එකෙකු නොවෙයි නම, එයාට ජනාධිපති කම තියා, අපේක්‍ෂක කමවත් ලැබෙන්නේ නැහැ !

ඒ නිසා හම කළු වීම මත මිනිහව මනින්න එපා !

දින්නොත් හොඳයි. මලය හොඳට පාඩම් කරන්න තව මාසයයිනේ… ඔයාට සුභ පැතුම්

samaajawaadayata yana ekak naha………samaajawaden ekthara durakata ratakata diyunu wenna puluwan wunaata ethanin thawa duratath idiriyata yanna baha…ekai samaajadadin danawaadeta maaruwune……

p.s
samaharu kiyanawa obama president wunoth lankaawata awul kiyala……ai danne na 😀 kohoma wunath dan obama mahaththaya presiya wela iwarai

@බුධජීව: නලීන් ද සිල්වා මහතා කීවා වගේම ඔබාමා ඇමරිකානු සංස්කෘතියට අනුගත නොවුනෙක් වුනා නම් ජනාධිපති කම තියා, අපේක්‍ෂක කමවත් ලැබෙන්නේ නැහැ තමයි. ඒත් ඒ හේතුව මත හරි කලක් (දැනටත් යම්තාක් දුරකට) තදින්ම වර්ණ-භේද වාදය ක්‍රියාත්ම වූ රටක කළු ජාතිකයෙකුට ඇමරිකාවේ ජනාධිපති වරයෙකු වෙන්න පුළුවන් වුනා. ඒත් ලංකාව තුල තත්වය කෙබඳු එකක්ද? ඔයා හිතනවද ජීවත්ව හිටියා වුනත් ජෙයරාජ් ඇමතිතුමාට හරි නැතිනම් කදිරගාමර් මහතාට හරි කවදාක හෝ ලංකාවේ ජනාධිපති අපේක්ෂකයා හරි වෙන්න පුළුවන් කමක් තිබුනා කියලා.

@ කසුන් :

ඇත්ත කතාව. ලංකාව ඒ තත්වයට එන්න තව අවුරුදු 15 ත් 20 ත් අතර කාලයක් යාවි කියලයි මට හිතෙන්නේ.

ඒකට හේතුව මෙන්න මේකයි,

(මෙහි යම් අදහස් මට ලැබුනේ “අපේ ප්‍රවාද” වලින් තමයි.)

ඉතිහාසයේ යම් කාල සීමාවකට පසු, ශ්‍රී ලාංකිකයන් අතර “දෙමළ” යන පදය “සතුරා” යන්නට පර්යාය පදයක් ලෙස භාවිතා වීඹ ඇරඹුනා. ඒ කියන්නේ, දකුණු ඉන්දියාවේ ද්‍රවිඪ රාජ්‍යයක් පවා නොතිබූ යුගයක රජරට ආක්‍රමණය කොට වසර 60 ගණනක් එය පාලනය කළ යම් විදේශිකයකු වන “එළාර” පවා “දෙමළ” ලෙස හඳුන්වන්නට මහාවංශයේ මුල් පරිච්ඡේද රචනා වන සමයේ මිනිසුන් පුරුදු ව සිටියා. ඉතින් මහාවංශය මූලික අපේ සාහිත්‍යයෙනුත් “දෙමළ” යන්නට ලැබෙන්නේ එතරම් ප්‍රසන්න හැඟීමක් නොවෙයි.

එකී දුර්මත ඉවත්කරගැනුමට තිබූ අවස්ථාව S.W.R.D. බණ්ඩාරනායක වැනි කාලකණ්නි, අදූරදර්ශී, බල ලෝභී පාලකයන්ගේ භාෂා පනත් වැනි මොට්ට තීරණ වලින් අහෝසි වී ගියා. (වැදගත් : මම එ.ජා. පාක්‍ෂිකයෙකු නොවෙමි.)

එකී තීරණ මගින් ඇතිවූ තත්වයන් මෙන්ම, 80 ගණන් වල දකුණේ ජීවත් වූ සිංහල යැයි කියාගත් බූරු වහන්සේලාගේ වැඩට ද පින් සිදුවන්නට, අදටත් වන්නියේ ජීවත් වන සමහර ජනයා තුල සිංහලයන් තුල වැරදි ආකල්ප ඇති බව මම සිතමි.

ඒ වුනාට කිව යුතුයි මම ආශ්‍රය කරන වයස් මට්ටමේ කට්ටිය අතර නම්, එහෙම හැඟීම් බොහෝදුරට නැති බව කියන්න පුළුවන්. මොකද ප්‍රශ්නය ඇත්තේ ත්‍රස්තවාදයේ මිස දෙමළ බවේ නොවන බව අපි දන්නවා.

නමුත් සමහර 70, 75 වුනු සීයලගෙන් ඇහුවම කියන්නේ “ඕකුං එකෙක් නෑර මේකෙං අතුගාල දාන්න ඕනය” කියල.

පේනවද පරම්පරා දෙකක චින්තන වෙනස් කම්. ඔය සීයල රොත්ත උංගෙ කුණු වෙච්ච මනස් සහ අදහස් එකක් ඉක්මනටම වල පල්ලට යන එක අපිට ගුණයි.

ඉතින් ඒකයි කියන්නේ කුණු වෙච්ච මනස් ඇති සියුලු දෙනා වලපල්ලට ගියාට පස්සේ ඔය කියන දේ සාර්ථක වේවි. ඒකට ඉතින් අවුරුදු 15-20 තව යාවි නේ ?

වැදගත්ම දේ “අපේ” ඔළුව ඔය විදියට කුණු කරන්නේ නැතිව, ජරා ආකල්ප දෙන්නේ නැතිව කාලකන්ණි ඊනියා ජාති වාදීන් කට පියාගෙන හිටියොත් මේක ඉක්මනටම කරන්න පුළුවන් වේ වි.

මෙහි අතීත සිදුවීම් පිළිබඳව මා දරන්නේ තොරතුරු මූලාශ්‍ර මගින් මගේ සිතේ ඇති වුනු හැඟීම් ය. මන්ද ඒවනවිට මා ඉපදී ද නොසිටි බැවිනි.

තේ ආර්ථිකය බිදවැටෙනුයේ ඇමරිකාව නිසා නොවෙයි. ලංකාවේ හොරැ සූපින් පටවන නිසා තේ කර්මාන්තය පිලිබද ලියන්න

Leave a Reply to අමල් ඉෂාන්ත Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.