Skip to content

ප්‍රවෘත්ති පිට ප්‍රවෘත්ති

ඔක්තෝබර් 25, 2008

පළවෙනි ප්‍රවෘත්තිය

මේ ප්‍රවෘත්තියට හිනාවෙන්නද… අඬන්නද කියලා මට නම් හිතාගන්න බෑ. හිනාවුනත්, අඬලත් වැඩක් නෑ. සමහර විට මේක අපිටත් වෙන්න බැරිකමක් නෑ!. වැඩි අටුවාටීකා අවශ්‍ය නෑ. සමහර අය නම් මේ ගැන දන්නවා ඇති. ‍ෆේස්බුක් වෙබ් අඩවියේ තමන්ගේ profile එකේ තමන්ගේ සම්බන්ධතාවයන්ගේ තොරතුරු එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන් බැඳලාද?, එහෙම නැත්තන් තමන් සම්බන්ධතාවයක ඉන්නවාද? නැත්ද කියලා අනිත් අයට දැනගන්න ලියන්න පුළුවනි. ඉතින් හිතන්න පුළුවන්ද ඒක මාරු කරා කියලා තමන්ව මරන්න කවුරුහරි බලාගෙන ඉන්නවා කියලා? අහ්! බලාගෙන ඉන්න දෙයක් නෑ!! ඇත්ත‍ටම මරලා! අන්තර්ජාලය මිනිස්සුන්ගේ ජීවිතයත් එක්ක දැන් දැන් ගනුදෙනු කරන ආකාරය ගැන නම් හිතාගන්න බෑ.

ඔව් මේකයි කතාව

තමන්ගේ Relationship Status එක විවාහකයි (Married) කියන එකෙන් තනිකඩයි (Single) කියන එකට මාරු කරපු එකට තමන්ගේ බිරිඳ, තමන්ගේ දරුවන් දෙදෙනාගේ මවව සැමියා විසින් ඝාතනය කරලා. ‍හපෝයි!

වැඩි විස්තර මෙතැනින් ලබාගන්න
මේක නම් මාර ලෝකයක්! සමහර විට තමන්ගේ බිරිඳට උමතු ප්‍රේමයෙන් හිටියාද මන්දා…

දෙවෙනි ප්‍රවෘත්තිය

ලංකාවේ තවත් ශ්‍රේෂ්ඨ සංගීතඥයෙක් වන ප්‍රේමසිරි ‍කේමදාසයන් ඊයේ (2008.10.24) අපෙන් සමුගත්තා. ඉතින් ලංකාවේ සංගීතයට එතුමාගෙන් පස්සේ සේවය කරන්න ඉන්නේ තව කීයෙන් කීදෙනාද? මේක නම් කණගාටු දායක තත්ත්වයක්.

මගේ තුන්වෙනි ප්‍රවෘත්තිය
තුන්වෙනි ප්‍රවෘත්තිය මේ කලින් කියපු පළවෙනි ප්‍රවෘත්තියයි, දෙවැනි ප්‍රවෘත්තියක් එකට සම්බන්ධ කරන එකක්. ප්‍රේමසිරි කේමදාසයන් ඊයේ දිනයේ අභවප්‍රාප්ත වීම ඔබ හැමදෙනාටම වගේ මටත් හරිම සංවේගදායක ආරන්චියක්. පුද්ගලයා නැතිවුනාම හා සමාන දුකක් තමයි මට ‍ඒ වෙලාවේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රය පිළිබඳ ඇතිවුනේ. ඉතින් ලංකාවේ සංගීතය දියුණු කරන්න තව කීයෙන්‍ කීදෙනාද ඉතිරි වෙලා ඉන්නේ? ඉතින් ඒක නිසා මම ෆේස්බුක් එකේ status message එක මේ විදිහට මාරු කරා.

Supun Sudaraka is really really sad about the future of Sri Lankan Music කියලා…

ඒත් දෙවෙනි ප්‍රවෘත්තිය දැනගන්න බැරිවෙච්ච අය මගෙන් අහලා තිබ්බා ඒ ඇයි කියාලා… ඒ අයට එතැනදී පිළිතුරු දුන්නා. ඒ ව‍ගේම එක්තරා කෙනෙක් වැඩේ වරදවා තේරුම් ගෙන. මම කලින් සටහනේ කිව්වා නේ ලිට්ල් චෑම්ප්ස් ගැන… ඉතින් ඒකේ බාබී ගැනත් කිව්වානේ… ඉතින් එයා අහලා තිබුනා මෙන්න මෙහෙම…

ඔච්චර ඉක්මනට ශ්‍රී ලංකාවේ සංගීතය එපා වුනාද? බාබී සින්දු කියනකොට එයාගේ සින්දුවත් ලස්සනයි එයත් ලස්සනයි. ඒ නිසා‍ එහේ සංගීතෙත් හිතට ඇල්ලුවාද? අනේ ඒකනම් හොඳ ආරන්චියක් වෙන්න බෑ…

කියලා…

ඔන්න ඕකයි තත්වේ. ෆේස්බුක් කියන්නේ දැන් නම් දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ කියලා හොඳටම තේරුනේ එදා තමයි! දැන් නම් ෆේස්බුක් පාවිච්චි කරන්නේ හොඳට තේරුම් ඇරගෙන තමා…

ප්‍රවෘත්ති සාරාංශය

අන්තර්ජාලය මිනිසුන්ගේ ජීවිතයට මෙතෙක් කල් යම් යම් වශයෙන් බලපෑම් කරන ලද්දේ වුවද ඉදිරියේදී ඔබ ඝාතනය වීමටද ‍වුවද අන්තර්ජාලය හේතුවක් වනු නොඅනුමානය. එබැවින් අන්තර්ජාල පරිහරණයේදී ප්‍රවේශම් වනු…

සුදාර‍කගේ ප්‍රවෘත්ති ප්‍රකාශනය මෙයින් අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තූතියි…

ප්‍රතිචාර 5 leave one →
  1. ඔක්තෝබර් 25, 2008 5:58 ප.ව.

    ඔව් මටත් ආරංචියි FB සිද්ධිය.

    ඔයා දන්නවද ලංකාවේ අන්තර්ජාලය කෙසේ වෙතත් ජංගම දුරකතනය නිසා දික්කසාද වීම් සිදු වී ඇති බව?

    ඔස්ට්‍රේලියාවේ වාසය කරන අසමජ්ජාති ශ්‍රී ලාංකියයෙකු (ගම මොරටුව) සමඟ අන්තර්ජාලය හරහා මිතුරු වීම නිසා 2007 ජනවාරි මස විවාහ වීමට නියමිතව සිටි ප්‍රධානපෙලේ සංන්නිවේදන ආයතනයක සේවය කළ ගැහුණු ලමයෙකුට ඔහු දෙසැම්පර් මස පොල්ල තිබ්බා. :P

    එහෙම උනාම ඇතිවන මානසික පීඩනය හිතා ගන්න පුලුවන්නේ?

    ඉතින් ලංකාවටත් දැන් මිනී මැරිම් පමණයි අඩු!

  2. මලී permalink
    ඔක්තෝබර් 27, 2008 9:35 පෙ.ව.

    අතරමැද අනුග්‍රාහක භවතුන්ගේ දැන්වීම් නැති නිසා පුවත් ටික ඉක්මනින්ම කියවා අවසන් කලා ස්තූතියි

  3. Madhawa permalink
    නොවැම්බර් 3, 2008 2:44 ප.ව.

    Now we can’t comment on Facebook relationship changes. I recently updated. Did you notice it guys.
    Sry 4 using English guys…

Trackbacks

  1. තරු | සුදාරකගේ අන්තර්ජාල සටහන
  2. සිංහල බ්ලොග් කියවනය » Blog Archive » දැන් වෙලාව රාත්‍රී 10යි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers