Skip to content

"බබාටත් අයිඩෙන්ටියක්" සමඟින් තවත් බොහෝ දෑ!

ඔක්තෝබර් 23, 2008

:D

මුලින්ම පොඩි හිනාවක් දාලා පටන්ගන්නම්. මම කියලා තියෙනවානේ මට විභාග පීඩනයෙන් මිදෙන්න ‍කරන්න පුළුවන් හොඳම දේ බ්ලොග් ලිවිල්ලයි හින්දි චිත්‍රපටි බැලිල්ලයි කියලා. ඔව් ඔව් මං දන්නවා ඔයා අහන ප්‍රශ්නේ! ඉන්න මංම අහලා මංම උත්තර දීලා ඉන්නම්

තමුසේ ඉන්දියානු මැදිහත්වීමට විරුද්ධ නම් ඇයි ‍යකෝ හින්දි චිත්‍රපටි බලන්නේ?

ආ… ඒක මගේ රසවින්දනය පිළිබඳ ප්‍රශ්නයක් නම් තමයි. ඒත් මම කලින් සටහන් කරේ ඉන්දියාවේ දේශපාලනික තත්ත්වය පිළිබඳව දැනුවත් කරන්න. අනික ගොඩක් අළුතෙන් එන හින්දි චිත්‍රපටි පරණ හින්දි චිත්‍රපටි වගේ මල් ගස් වටේ දුව දුව ආ‍ද‍රේ කරන ඒවාත් නෙවෙයි. අන්න ඒකයි මම හින්දි චිත්‍රපටි බලන්නයි හින්දි ගීත අහන්නයි කැමති. දැන් හින්දි චිත්‍රපටි බලලා බලලාම හින්දි භාෂාවත් ටිකක් විතර පුළුවන් :D ඉතින් කෙනෙක්ට කියන්න පුළුවන් හින්දි චිත්‍රපටි හරහාත් බ්‍රේන්‍ වොෂ් කරන්න පුළුවන් කියලා. ඔව් ඒක හරි. ඒත් ගොඩක් හින්දි චිත්‍රපටි නිර්මාණය වෙන්නේ වාණිජ පරමාර්ථයක් එක්ක නිසා වැඩිපුර එහෙම දේවල් නිර්මාණය වෙනවා අඩුයි. ඒත් මට හිතෙනවා‍නම් චිත්‍රපටියක බ්‍රේන් වොෂ් කරන ගතියක් තියෙනවා කියලා චිත්‍රපටිය බලලා රසවිඳිනවා විතරයි. ඒකෙන් ඔළුව පුරවගන්න හිතන්නේ නෑ. හරියට මේ කනෙන් අහලා අනික් කනෙක් පිට කරා වගේ.

හොඳයි. දැන් මාතෘකාවේ ප්‍රධාන කාරණාවට බහිමු

මම කලින් සටහනක කිව්වානේ මට ජාතික හැඳුනුම්පතක් ගන්න ප්‍රමාදවෙනවා කියලා. ඉතින් මම හිටියේ තැපැල් හැඳුනුම්පතක් ගන්නනේ. ඒ වුනත් ජාතික හැඳුනුම්පතක් නැතුව හිතට මදි වගේ :D ඉතින් මොකද කරේ එක් දින සේවාවෙන් හැඳුනුම්පතක් ගන්න හිතුවා. මුලින්ම ජාවත්ත තියෙන්නේ ‍කො‍හේද කියලා හොයාගන්න ඕනේ වුනා. ඉතින් ඉස්සෙල්ලාම අන්තර්ජාලයේ හෙව්වා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හොයාගත්තා. (http://www.rpd.gov.lk) හොයාගෙන. වෙබ් අඩවියේ නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි දැක්ක ගමන්ම පුෂ්පේ පැන්නා :D ඒ මොකද කියලා කිව්වොත් ඒකේ පුවත් හා සිදුවීම් කියන අංශයේ තියෙන්නේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුවන පාසල් සිසුන් සඳහා ජාතික හැඳුනුම්පත් කියලානේ. ඉතින් පුෂ්පේ පනින්නේ නැතිව තියෙයියැ?

ඊට පස්සේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලිපිනයත් බලලා. ගත්තා 1919ට ඒක තමයි රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය. ගත්තේ නිකන් ආතල් එකකටත් එක්ක. ගත්තේ දවසෙන් හැඳුනුම්පත හදාගන්නේ කොහොමද කියලා දැනගන්න. ම්… වරදක් නෑ සතුටුදායකයි. ඒකෙනුත් ඉතාමත්ම සතුටුදායක විදිහට ප්‍රතිචාර ලැබුනා. දැන් තිබ්බ එකම ප්‍රශ්නේ තමයි කොහොමද දැන් ඕක තියෙන තැන හොයාගන්නේ කියලා! හික්! ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ… තියෙන්නේ කොළඹ 5 නිසා ගිහිල්ලා බැස්සේ කිරුළපණ. වැඩේ කියන්නේ උදේ ඉඳලාම වර්ශාවෙන් බාධා. මහවැලි ගඟ කොළඹට හැරෙව්වා ව‍ගේ තමා මහාමාර්ගය ගැන අතිශයෝක්තියෙන් කියනවානම්! :D ඉතින් ඊට පස්සේ නැග්ගා බස් එකක. ඒකෙන් ආවා නාරාහෙන්පිටට. නාරාහෙන්පිටින් නැග්ගා 173ක. කිව්වා පු.ලි.දෙ එක ලඟින් බස්සන්නයි කියලා. හුටා! කොන්දා කියාපි මේ පාරන් නම් පු.ලි.දෙ ළඟට යන්න බෑ. හැබැයි කෙටි පාරක් තියෙනවා එතනින් බස්සන්නම්. ඒ පාරෙන් යන්න කියලා. හරි ඔන්න දැන් එතැනින් බැස්සා කියමු‍කෝ… ගියා පාර දිගටම මල ‍කෙළියයි. මේ ගහලා තියෙන්නේ පුද්ගලික පාරකි කියලා නේ! දැන් මොකද කරන්නේ? ආවා ආපහු හැරිලා… ඔන්න ඔහොම ආපහු ‍එනකොට හම්බවුනා ත්‍රී රෝද රථ ‍සහෝදරයෙක්. එයා කිව්වා හරි හරි එය ගියපු පාරම තමයි කෙලින්ම යන්නයි කියලා. හරි ඉතින් ආපහු හැරිලා ගියා. යනකොට ඉතින් මුළු සප්ත මහා සාගරයම පාර්. වැහැලා වැහැලා මඩවෙලා! :D ඉතින් ඔන්න කොහොම කොහොම හරි ළඟා වුනා කියමුකෝ. වැස්සයි, රවුම් ගහන්න වුන නිසයි හොඳටම හෙම්බත් වෙලා තමයි හිටියේ. ඉතින් ඔන්න ඇතුලට ගියා. මම හිතේ මවාගෙන හිටපු අකාර්යක්ෂම ‍සේවය ගැන තිබ්බ අදහස නම් පොඩ්ඩක් අඩුවුනා මොකද එතන තියෙන විමසීම් කවුළුවෙන් පරිගණක ආශ්‍රිත දත්ත පද්ධතියකින් හැඳුනුම්පතේ අයදුම්පත පිළිබඳ විස්තර ලබාගන්න පුළුවන්. ඊට පස්සේ ගියා ඇතුලට හැබැයි එතන කට්ටියනම් පොඩ්ඩක් විතර කදේ දාගෙන හිටියේ කොහොමහරි මොකද පරක්කු‍ වෙන්න හේතුව කියලා හොයාලා බැලුවාම වැඩේ මාට්ටු වුනා. බැලුවාම වැරැද්ද තිබිලා තියෙන්නේ අපේ ඉස්කෝලේමයි. ප්‍රමාද වෙලා අයදුම්පත් ටික පු.ලි.දෙට බාර දීලා ඒ වැරැද්ද වහගන්න අපිට එක් දින සේවයෙන් අයදුම්පත් ගන්න කියලා. හොඳ වෙලාවට මම කලින් සටහනේ බැන්නේ නැතුව පස්සට කල් දැම්මේ.

දැක්කානේ…

හැමදේම වෙන්නේ හොඳටයි කියලා කියලා තියෙන්නේ කට කහනවට නෙවෙයි ;)

එක්දින සේවාව ලබාගන්න පළවෙනි කවුළුවට සල්ලි දිලා පැය 2ක් විතර බලන්න ඉන්න වුනා. ඒක නිසා කම්මැලි කම යන්නත් එක්ක ෆෝන් එකට ඊ බඩී දාගෙන මලින්ත අයියාත් එක්ක පොඩි සංවාදයකට සෙට් වෙලා හැඳුනුම්පත හදලා දෙනකන් බලං හිටියා. හරියටම පැය එකකුත් විනාඩි 45කින් විතර යන්තම් හැඳුනුම්පත ලබාගන්න පුළුවන් වුනා.

ඔන්න ඔහොමයි බබාට අයිඩෙන්ටිය හම්බවෙලා රටට වගකිවයුතු ‍මහ එකෙක් වුනේ! :D

ඔන්න පහුවදා ඉස්කෝලේ යනකොට අපේ ඉස්කෝලේ ලංවෙද්දී ලාවට වගේ දැක්කා කැප්පෙටිපොල මාවත කියලා පුවරුවක්. ඒත් එක්කම ව‍ගේ ඒ ළඟ තිබ්බ කඩේක පුවරුවකටත් ඇහැ යොමු වුනේ ‍පුදුම විදිහට. හුටා! කොළඹ 05!! මල කෙළියයි දැන් තමයි වැඩේ සුසර (Tune) වුනේ! ඊයේ එතකොට මම පු.ලි.දෙට යනවා කියලා රවුමක් ගහලා නෙව. බලනකොට මම හරියට පු.ලි.දෙ.ට ගිහිල්ලා තියෙන්නේ…

පරංගියා කෝට්ටේ ගියා වගේ
නේ!

ඔන්න එතකොට වැහි අඳුර තිබ්බ නිසා වහලා තිබ්බ බස් එකේ මගේ ඔළුවට උඩින් තිබ්බ ලයිට් එක ආපහු දැම්මා! බලන්නකෝ ඒකෙත් ගැලපීම! කාටූන් බලනවානම් ඔයාලා දන්නවා ඇතිනේ මොකක් හරි කාටූන් චරිතයකට අදහසක් හරි නුවණක් හරි පහල වුනාම ඔළුවට උඩින් දැල්වුනු බල්බ් එකක් මතු වෙනවා. ඉතින් මේක පුදුම සම්බන්ධයක්නේ! මට ඉතින් තනියම හිනා. මෙච්චර මේ පාරේ ඇවිදලා අදම මේ බෝඩ් එකට අවධානය යොමු වෙච්ච එක මාර පුදුමයක්නේ! හික්! පාරේ යනකොට හොඳට අවධානයෙන් යන්න ඕනේ කියන්නේ ඒක තමයි. ඔන්න ඕකට තමයි කියන්නේ…

ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බෑ කියලා!

මටත් ඉතින් මේ වගේ මරු වැඩ තමා වෙන්නේ!

හරි මේ ඊළඟ කතාව. අපේ නෑ වෙන අයියා කෙනෙක් මේ ළඟදී අපේ ගෙදර ආවා. ඉතින් ඒ ගමන් එයා සී. ඩී එකක් දුන්නා බලන්න. බලපු ගමන්ම තිබ්බ හින්දි පිස්සුව ඩබල් වුනා. මේක ‍පොඩි ළමයි හින්දි සින්දු කියන තරඟයක්. හරියට සුපර්ර්ර් ස්ටාර්ස් වගේ…

මේ අයත් ලොකු අයත් එක්ක හරි හරියටම ගැලපෙනවා වගේ! කියලා වැඩක් නෑ!! මාර ලස්සනයි. මේකේ නම තමයි Little Champs. සී. ඩී එකේ තිබ්බ ඒවායින් විතරක් සතුටු වෙන ජාතියේ කෙනෙක් නෙවෙයි මම නම්! කෙලින්ම ගියේ යූ ටියුබ් එක පැත්තට ගිහිල්ලා Little Champs කියන සෙවුම් වදන දාලා හොයලා බැලුවා… අප්පේ ‍මේක නම් එපා වෙන්නේ නෑ. පිස්සු හැදෙනවා!

මෙන්න මට අල්ලලා ගියපු වීඩියෝ ටිකක්!

මේ ඉන්නේ තන්මේ චතුර්වේදි‍ මෙයා මගේ අංක එක! හැබැයි තරඟයෙන් තුන් වෙනියා. බලන්නකෝ මේ පොඩි ‍කොල්ලා සින්දු කියන ලස්සන. එකක්! හින්දි වචන තේරුනේ නැති වුනාට අහලා බලන්න. මොකද සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්නේ… ;)

මුජ්සේ ෂාදී කරෝගී? :D

මෙරෙ සප්නොකි

දු පට්ටා මෙරා…

මෙයානේ නම වෛශාලි. මෙයාත් මාර ලස්සනට සින්දු කියනවා. කියලා වැඩක් නෑ බලන්නම ඕනේ මේකනම්! :)
පියා රේ…

මේ වෛශාලි‍ගේ දස්කම් වල එකතුවක්. මෙයාට අවසානය දක්වාම තරඟයේ ඉන්න බැරි වෙච්ච එක නම් දුකයි.

ආ… මේ තව එකක් තියෙනවා… මාර ශක්තිමත් හඬක් නොවැ මෙයාට තියෙන්නේ…

මේ බාබී… මගේ ඩ්‍රීමි ගර්ල්… ;) ෂහ්! මෙයා නම් මාර ලස්සනයි… මං කිව්වේ සින්දු කියන එක ගැන හොඳේ… ;)

මේ තව එකක්… පිස්සු හැදෙනවා!

ෂෝරී කී ආදත්… (මේකටත් පිස්සු හැදෙනවා)

මේ තියෙන්නේ එයාගේ දස්කම් වල එකතුවක්

මෙයාත් එළම තමා! මාර කට හඬක්. මේ ආමීර් හෆීස්…
මම කැමතිම චිත්‍රපටියේ කැමතිම සින්දුවක්…

මස්තී… මස්තී… මස්ති කලන්ඩර්…

චා…න්ද් චුපා…

ජාදු….

තව වීඩියෝ තියෙනවා YouTube වල ‍හොයලා බලන්න. කොහොමද කට්ටිය? ලංකාවෙත් මේ වගේ එකක් තියෙනවා තමයි! ඒකෙත් හොඳ අය නැතිවා නෙවෙයි. ඒත් මේ අය නම් සින්දු කියාගෙනම ඉපදිච්ච අය වගේ. අද සටහනෙන් යම් කිසි සතුටක් ලැබුවා කියලා හිතන ගමන් අදට නවතින්නයි හදන්නේ… නැවත හමුවෙමු!

ඔන්න… මාතෘකාව දැකලා…

උඹ බබා!

කියලා කියනවා එහෙම නෙවෙයි! ;) ආ ඒක නෙවෙයි! කොහොමද මගේ රූඪි, ප්‍රස්ථාව පිරුළු පාඩම එහෙම?

ප්‍රතිචාර 10 leave one →
  1. ඔක්තෝබර් 23, 2008 11:34 ප.ව.

    lol… nice nice!!! all the best with your new identity :D

  2. ඔක්තෝබර් 24, 2008 12:39 පෙ.ව.

    පිස්සු හැදෙනවා. Royal එකේ ඉදන් ජාවත්තට යන්න මාර රවුමක්නේ ගහලා තියෙන්නේ

  3. ඔක්තෝබර් 24, 2008 7:50 පෙ.ව.

    ආ දැන් පුතා බබා වෙලා නෙවැ! හැබැයි කතාව නං ඩ්‍රීම් ගර්ල් ගැන :D

  4. ඔක්තෝබර් 24, 2008 10:08 පෙ.ව.

    මුල ටික කියෙව්වා.. ඉතුරු ටික පස්සේ නිවාඩුවක් දාලා කියවන්නම් :D

    බබා මගෙන් ඇහුවා නම් මං කියනවනේ ජා.හැ.කා. ට යන ලේසිම විදිහ.. මම එතනට යන්නේ පයින්.. :p

    දැන් එක්දින සේවාව නැහැනේ.. ජාතික ආරක්ෂාව පතා ඒවා වෙනස් කළා. බබාලා එක්ක ගමන් යන්න ගියාම අනාගන්න වෙනවා කියන්නේ නිකන් ද ? ආයෙ කොළඹ 5 පැත්තේ ගමනක් යනවා නම් ඉස්සෙල්ලා ගූගල් බලලා පස්සේ මගෙනුත් අහලා යන්න.. හරිද ?

  5. ඔක්තෝබර් 24, 2008 11:13 පෙ.ව.

    ලංකාවෙ පුරවැසියෙක් වීම ගැන මෙන්න මගේ සුබ පැතුම්! :D

  6. ඔක්තෝබර් 24, 2008 4:30 ප.ව.

    කකොෙහම හරි මල්ලි ජාතික හැදුනුම්පතත් ගත්තනෙ කට්ටක් කාල, :)

    ආ Anamika Chaudhary තමයි 2008 Little Champs winner. මෙතරම් හින්දි චිත්‍රපටි බලන ‍මල්ලියා ටිකක් පරක්කුවෙලානනෙ අප්ඩේට් වෙලා තියයෙන්ෙන.

  7. ඔක්තෝබර් 24, 2008 4:50 ප.ව.

    @ Mr. Apramana -Thank you so much :)

    @ Dhanu – ඒක තමයි. මේක නම් ජීවිතේට අමතක නොවෙන අත්දැකීමක්! :D

    @ ඇන්ඩෲ අංකල් – හික් හික්! කොහොමද මගේ ඩ්‍රීම් ගර්ල්?

    @ සු අක්කා – ඉතුරු ටික නිවාඩුවක් දාලා කියවන්න නෙවෙයි බලන්න ;) අළුතෙන් ගන්න අයට එක් දින හැඳුනුම්පත් සේවය දෙනවා අස්ථානගත වෙච්ච අය‍ට තමයි එක්දින සේවාව දැන් දෙන්නේ නැත්තේ. අනිවාර්යයෙන්ම ආපහු කොළඹ පහේ යනවානම් ගූගල් කෙසේ වෙතත් අක්කාගෙන් තමයි මුලින්ම අහන්නේ!

    @ මලින්ත අයියා – හික්! හික්!! බෝම ස්තූතියි. මේ… අර අන්තිමට තියෙන වීඩියෝ ටික බැලුවේ නැද්ද? ;)

    @ හර්ෂණ අයියා – ආ ඔව් ඔව්. මගේ අවධානය වැඩිපුරම තිබ්බේ තරඟය ගැන නෙවෙයි සින්දු ගැන.‍ කො‍හොමත් මම මේ තරඟය ගැන දැනගන්නකොට ඒක ඉවරවෙලාත් ඉවරයි :D

    @ ඔක්කොම – ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි… :)

  8. ඔක්තෝබර් 24, 2008 7:56 ප.ව.

    ela !!!!!!!!!!!!!
    all da best machan `

  9. ඔක්තෝබර් 24, 2008 8:26 ප.ව.

    ඒකනෙ මම බලුවේ.. හහා.. මම අයිඩෙන්ටිය ගන්න පයින් නෙ ගියේ ඔතෙන්ට ..හික්‌ ..

  10. ඔක්තෝබර් 25, 2008 12:22 ප.ව.

    @සුදාරක: හපොයි නෑ මට මේවා එච්චර අල්ලන්නෙ නෑනෙ කොල්ලො :D

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers