Skip to content

අනේ අපොයි සහ තවත් බොහෝ දෑ…

ඔක්තෝබර් 11, 2008

සාමාන්‍යයෙන් කෙනෙක්ට අනේ අපොයි කියලා කියැවෙන්නේ කරදරයක් වුනාම. ඔව්! මටත් දැන් අනේ අපොයි කියැවුනේ ඒක නිසාම තමයි! කරදර ගොඩකට මැදිවෙන්න වුනා කලින් මේ බ්ලොග් එක තිබ්බ සේවාදායකයත් (Server) එක්ක. ඒක නිසා මට හිතුනා මගේම ‍තැන හොඳයි කියලා. ඕන් ඒක නිසාම, ආපහු මගේ තැනටම මාරු වුනා. ඒක තමයි පළවෙනි කාරණය. මේ දෙවැනි කාරණය. සාමාන්‍ය පෙළට තව මාස දෙකයි. ඒත් තාම ජාතික හැඳුනුම්පත නම් දකින්න ලැබුනේ නෑ. ඕන් අද එක්කෙනෙක් පන්තියට ඇවිල්ලා කියාපි, ජාතික හැඳුනුම්පත් දැන්ම හැදෙන්නේ නෑ ඒක නිසා ඉක්මනට තැපැල් හැඳුනුම්පත හදාගන්නයි කියලා! හත්තිලව්වට ගහපු කලා‍බරේ කිව්වාලු! ඇයි දෙයියනේ දැන් මේ හදිස්සියේ දුවපන්කෝ තැපැල් කාර්යාලේ. අනික… මේ දවස්වල ඉස්කෝලේ මඟහරින්නත් බෑ. සෙනසුරාදා තමයි වැඩිපුර පාඩම් කරන දවස. කොච්චර පාඩම් කරලා හිටියත් විභාගෙට ලියන්න බැරිවෙන නිසා සෙනසුරාදා දවසක් නිරපරා‍‍දේ වියදම් කරන්න නම් අනිවාර්ය‍යෙන්ම වෙනවා. මොනවා කරන්නද? මේක අපේ ඉස්කෝලේවත්, පණිවිඩේ ගෙනාපු කෙනාගේවත් වරදක් නෙවෙයි. සම්පූර්ණ වරද තියෙන්නේ පුද්ගලයින් ලියාපදිංච් කිරීමේ දෙපාර්තමේන්තුවේ! මුළු ලංකාවටම හැඳුනුම් පත් හදන්න භාරව ඉන්න මේකේ පරිගණක අංශයේ ඉන්නේ පස් දෙනයිලු! මල කෙළියයි! පස් දෙනෙක්ගෙන් කොහොමද මුළු රටටම හැඳුනුම් පත් හදන්නේ? අනේ මන්දා එතකොට අපේ හැඳුනුම්පත් හැදිලා ලැබෙනකොට දත් වැටිලා, කොණ්ඩේ ඉදිලා නාකි වෙලා තියෙයි!

ඔන්න ඔහොමයි හැටි. මම ඉතින් ඕවාට කට අරි‍න්න යන‍්නේ නෑ. මොකද මට වෙන වැඩ තියෙන නිසා. පස්සේ වෙලාවක බලාගමුකෝ… :D දැනට බේරුනා කියලා හිතාගනින්! ;)

ඉතින් කාලය ඔහොම ගතවෙද්දී අපේ ඉස්කෝලේ අපේ ශ්‍රේණියේ පන්තියක සහෝදරයන්ගේ ආරාධනාවකින් රාජකීය විද්‍යාලයට ආවා සුප්‍රසිද්ධ ධනාත්මක චින්තනය පිළිබඳ දේශකයෙක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි. ඒ තමයි නාලක හේවාමද්දුම මහතා. ඒ ආවේ වෙන මොකකටවත් නෙවෙයි! තව මාස දෙකකින් තියෙන සාමාන්‍ය පෙළ විභාගේ සමත්වෙන්නේ කොහොමද කියලා දේශනයක් තියන්න. 11 වසරේ අපි කවුරුත් වගේ දේශනයට සවන්දුන්නේ හරිම ආසාවෙන්. ඒ වගේම අපිට තියෙන ප්‍රශ්නත් අහන්න අවස්ථාව ලබලා දුනා ඉතින් හැමෝටම හොඳ උපදෙස් රාශියක් ලැබුනා. කට්ටිය වැඩියෙන්ම අහපු ප්‍රශ්නේ තමයි… (අනේ මන්දා…, කියන එකත් හරිද මන්දා… :D ) තමන්ගේ ගෑනු ළමයා මතක් වෙනවාලු පාඩම් කරනකොට. ඉතින් එයා දීපු උපදෙස තමයි, විභා‍ගේ දිනුවේ නැත්තන් ඔය කවුරුත් අපිට නැ. ඒක නිසා එයා ලබාගන්නවා කියලා හිතලාම විභාගෙන් සමත්වෙන්න පාඩම් කටයතු කරන්න කියලා. ‍(හොඳ වෙලාවට මට නම් එහෙම ප්‍රශ්නයක් නෑ තාම ;) )

මේ ඒ දේසනේට සවන්දෙන්න බැරිවෙච්ච ලංකාව වටේ ඉන්න අපේ එකොළහේ යාළුවන්ට… (සහ ඉදිරියට විභාග වලට සූදානම් වෙන්න ඉන්න හැමෝටම)
දැන් විභාගේ ලංවෙලා තියෙන නිසා, දැන් ඒක රේස් එකකට සූදානම් වෙනවා කියලා හිතාගන්න. දැන් තියෙන්නේ රේස් එකේ පිට්ටනියට බැහැලා දුවලා දුවලා පුරුදුවෙන්න කියලත් හිතාගන්න. ඒක නිසා… දැන් කරන්න තියෙන්නේ පනදාගෙන පාඩම් කරනවා වෙනුවට, ප්‍රශ්න පත්‍ර ලියලා පුරුදුවෙන එකයි. මොකද කට්ටිය ගොඩක් පාඩම් කරගෙන හිටියත් ප්‍රශ්න පත්තරේ දැක්කාම උත්තර මතක් වෙන්නේ නැති ගතියක් එහෙම තියෙනවා නේද? ඒක නිසා… දැන් කරන්න තියෙන හොඳම වැඩේ තමයි දවසකට අවම වශයෙන් පැය 4ක්වත් ආදර්ශ ප්‍රශ්න පත්‍ර තනිවම ලියන්න. ප්‍රශ්න වලට උත්තර දන්නේ නැත්තම් ඒත් කලබල වෙන්න එපා. ගන්න අච්චු පොත හරි ලියන පොත හරි. ඒකෙන් අවශ්‍ය පාඩම පෙරලාගෙන කියවලා උත්තරය ලියන්න. මේ වෙලාවේ ප්‍රශ්න පත්තරේ උත්තර පත්‍රය පෙරළගෙන ඒකේ තියෙන උත්තරේම ලියන්න එපා. වෙන්න ඕනේ තමන්ම අවබෝධයෙන් ප්‍රශ්නයට උත්තරය සොයාගැනීමයි.
ඒ වගේම රාත්‍ර 12.00 ත් 4.00ත් කාලයේ නින්ද ලබාගැනීම වැදගත් වගේම අවම වශයෙන් පැය 6ක්වත් නින්ද ලබාගන්න. ඒ වගේම දවල්ට නින්ද ලබාගන්න එක අඩුකරගන්න. මාත් මගේ බස් එකේ නිදාගන්න නරක පුරුද්ද අතඅරින්න ගොඩක් උත්සාහ කරනවා. ඒ වගේම තවත් දෙයක්! හැමවෙලාවෙම වගේ වතුර බොන්න. ඒ කියන්නේ බෝතල් ගනනින් නෙවෙයි! :D බෝතලක් ළඟ තියාගෙන උගුර වේලෙන්න දෙන්නේ නැතිව තියාගන්න. නැත්තන් එතකොට පාඩම් කරනකොට පොඩි stress ගතියක් දැනෙන්න එහෙම පුළුවන්. ඔන්න ඕක තමයි අපිට නාලක හේවාමද්දුම මහත්තයා කියලා දුන්නේ. ඔයාලටත් වැදගත් වේවි කියලා හිතෙන නිසයි බ්ලොග් එකේ දැම්මේ. ඒ ඇරෙන්න තමන් විසින්ම නිර්මාණය කරගත්තු පාඩම් ක්‍රම අනුගමනය කරන්න.

ඒ අතරේ විභාග පීඩනයෙන් මිදෙන්න කරන වැඩ දෙකෙන් එකක් තමයි බ්ලොග් එක ලියන එක. ඒ වගේම ඉඩ තියෙන වෙලාවක හොඳ හින්දි චිත්‍රපටියක් බලන්න අමතක කරන්නේ නෑ. මේ ළඟදී බලපු හින්දි චිත්‍රපටි දෙකක් තියෙනවා. එයින් එකක් තමයි…

කිස්මත් කනෙක්ෂන් (Kismat Konnection)
හරිම අපූරු හින්දි චිත්‍රපටියක්. රඟපාන්නේ වෙන කවුරුවත් නෙවෙයි සායිඩ් කපූර් සමඟින් විද්‍යා බාලන්. හැබැයි මට සායිඩ් කපූර්ව නම් මේ චිත්‍රපටියේ පෙනුනේ ෂාරුක් ඛාන් විදිහට. මට විතරක් නෙවෙයි, මේ හින්දි චිත්‍රපටිය බලපු මගේ යාළුවෙකුටත් පෙනිලා තියෙන්නේ ඒ විදියට. ඒ කියන්නේ… සායිඩ් කපූර් ෂාරුක් ඛාන්ව අනුකරණය කරනවා වත්ද? හැබැයි නැටුම් ගැන නම් කියලා වැඩක් නෑ! එළම එළ කිරී!

බොරු නම් බලන්කෝ! සින්දුත් ඒ වගේමයි.

ඔන්න මේ චිත්‍රපටිය නම් බලන්න අමතක කරන්න එපා! ටොරන්ට් ඇති හොයලා බලන්න (14ට වැඩි අයට ;) )

මේ දෙවෙනි එක

බච්නා ඒ හසීනෝ (Bachna Ae Haseeno)
සාවරියා චිත්‍රපටිය රංගන දිවිය ආරම්භ කරපු රන්බීර් කපූර්ගේ මේ චිත්‍රපටියෙත් රඟපෑම හොඳයි. හැබැයි උසස්ම නිර්මාණයක් විදිහට මම නම් දකින්නේ නෑ. ඒ වුනාට සාමාන්‍ය වශයෙන් හොඳයි. බටහිර රොමෑන්ස් කොමඩි චිත්‍රපටි අනුගමනය (හෝ අනුකරණය) කරමින් නිර්මාණය කරලා තියෙන මේ චිත්‍රපටියේ රඟපාන්න තවත් නිළියන් තුන්දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් දීපිකා පදුකෝන්, අනිත් කෙනා බිපාෂා බාසු, අනිත් කෙ‍නාගේ නම නම් මතක නෑ :D . ඒ වුනාට එයත් ‍‍හොඳට රඟපානවා කියලා කියන්න පුළුවන්. පොඩ්ඩක් හොයලා බැලුවොත් අළුතෙන්ම නිකුත් කරපු DVD එකේ DVDRip එක හොයාගන්න බැරිවෙන එකක් එහෙම නෑ. (මෙන්න හොරූ…ඌ… :P ) මේ චිත්‍රපටිය හැබැයි 15ට වැඩි අයට ;)

ආ මේක මතක් වුනේ පහුවෙලා :D
ලෝක ගුරු දිනය යෙදිලා තිබුනේ මේ ළඟදී නේ… අපේ මාධ්‍ය ඒකකයේ ල රෝයාල්, (LÈ ROYALE) කණ්ඩායම ඒ වෙනුවෙන් අපේ පාසලේ පවත්වපු උත්සවේ වීඩියෝ කිහිපයක් අන්තර්ජාලයට එකතු කරලා තියෙනවා දැක්කා. ඒ වගේම සිංහල සාහිත්‍ය දිනයේ වීඩි‍යෝ කිහිපයකුත් එකතු කරලා තිබුනා ඒ ඔක්කොම බලන්න http://www.leroyale.tv හරහා යූටියුබ් නාලිකාවට පිවිසෙන්න අමතක කරන්න එපා. ආ කියන්න හැදුවේ ගුරු දිනය ගැනනේ. ගුරුදිනය වෙනුවෙන් උත්සවය සමරන වෙලාවේ අපේ පන්තියේ අයත් ගුරුදිනය ඉහළින්ම සැමරුවා. පන්තිය මැද්දේ පොඩි ගිනි මැලයක් ගහලා කට්ටිය ඒක වටේ පොඩි ගෝත්‍රික නැටුමක් දාලා ඉතාම සතුටෙන් ගුරු දිනය සැමරුවේ එදා හැම ගුරුව‍රයෙක් වගේම මේ උත්සවයට සහභාගි වෙලා හිටපු නිසයි :D කියලා වැඩක් නෑ එදා ගත්ත ආතල් එක :D . මම මේ පොඩි සිදුවීමක් කිව්වේ. දන්නේ නැද්ද ඉතින්, පන්ති ගිහිල්ලා විභාග ලියලා, තවත් ලියන්න හෙම්බත් වෙලා ඉන්න කොල්ලෝ සෙට්ටෙක ඉතින් මේ වගේ අවස්ථාවක් ආවාම මඟහරින්න කොහොමවත් කැමති නෑ නොවැ :D . හැබැයි ඒකෙන් කාටවත් හිරිහැරයක් වුනේ නෑ. ඒක නිසා ප්‍රශ්නයකුත් නෑ ;)

ඒක නම් සුබම සුබ ගුරුදිනයක්!

ආ…
මලින්ත අයියා අළුත් සයිට් දෙකක් ඇරලා. අම්මේ… ලස්සනේ බෑ :D කෙල ‍බේරෙනවා! නැද්ද මං අහන්නේ?
ගිහිල්ලාම බලන්නකෝ..
මැගී ආච්චි – www.maggieaachchi.com
ලංකා කොමික්ස් – www.lankacomics.com

තවත් සිදුවීම් එමටයි. ඒත් ඉතින් ඒවා ලියන්න ගියොත් මට පාඩම් කරන්න හම්බවෙන්නේ නෑ! ඒවා පස්සට…. හ්ම්… දැන් පාඩමට! ගම‍නේ… යා!!!

ප්‍රතිචාර 20 leave one →
  1. ඔක්තෝබර් 11, 2008 12:00 ප.ව.

    ආහ්, ඔක්කොම එක පොදියටම ලියල තියෙන්නෙ, මලින්ත ගේ සයිට් දෙක නම් මරු.

  2. Malin permalink
    ඔක්තෝබර් 11, 2008 1:21 ප.ව.

    All the Best..!!!!!!!!!!!

  3. ඔක්තෝබර් 11, 2008 5:26 ප.ව.

    හප්පා… ඔහොම ලිව්වම කෝකටද අප්පා අදහසක් දෙන්නේ? හික් හික්…

    මම නම් දැන් හින්දි චිත්‍රපටි බලන්නෙම නැති තරම්. ඒව බලනවට වඩා දුවන්නෙම නැති පාඩු සහිත ඉංග්‍රීසි චිත්‍රපටියක් බලන එක හොඳයි… මැගි ආච්චි නම් මොලා කලයිද දල්ලෙ ලෑ. ලංකා කොමික්ස් එක තිබුණොත් මටත් වැඩ තියෙයි ;)

  4. ඔක්තෝබර් 11, 2008 7:57 ප.ව.

    @ හර්ෂණ අයියා – ඔක්කොම එකට ලියන්න වුනේ මේ දවල්වල අම්බානකට වැඩ නිසා. වෙන වෙනම ලියනවාට වඩා එක පාරම ඔක්කොම ලියලා දැම්මා :D

    @ මලින් – Thank you, Machan.

    @ හරේෂ් අයියා – අයියෝ හින්දි චිත්‍රපටි බලන්න එපායැ :D අළුතෙන් එන චිත්‍රපටි නම් හොඳයි. මේ චිත්‍රපටි දෙකවත් බලන්නකෝ :) ආ ලංකා කොමික්ස් එකට කාටූන් අඳින්න ඔයාටත් පුළුවන්නේ… අදම පටන්ගන්න ;)

  5. ඔක්තෝබර් 11, 2008 10:21 ප.ව.

    උසස් ජයග්‍රහණයකට සුභ පැතුම්!!

    විභාගෙ ඉවර වෙලා පු.ලි.දෙ.ට හොද ආණ්ඩු මට්ටුවක් දෙමු ;)

  6. ඇන්ඩෲ අංකල් permalink
    ඔක්තෝබර් 12, 2008 8:57 පෙ.ව.

    ආ පුතේ :D
    මම බොහොම කැමතියි මේ ලිවීමේ ශෛලියට. විභාගෙත් උඩින් ම සමත් වේවා කියල පතනව. ඔහොම යං ඔහොම යං

  7. ඔක්තෝබර් 12, 2008 10:06 පෙ.ව.

    එළ අයියෙ ඔහොම යං
    විභාගෙ පාස් වේවා කියල මමත් පතනව.
    මලින්ත අයියගෙ සයිට් දෙකට නම් කෙළ හැලෙන බව සහතික ඇත්ත

  8. රැපා permalink
    ඔක්තෝබර් 13, 2008 4:26 ප.ව.

    මේකා හින්දි පිස්සෙක් නොවැ, හික් හික්

  9. ඔක්තෝබර් 14, 2008 7:12 පෙ.ව.

    ගිනි මැලේ සීන් එකනම් පට්ට නේද මචං!

  10. ඔක්තෝබර් 14, 2008 10:32 පෙ.ව.

    @ ඔක්කොම – බොහොම ස්තූතියි සුභ පැතුම් වලට
    @ රැපා – ආයෙත් අහලා! මුල්ලේරියාවෙයි, ඉන්දියාවෙයි වත් නැතුව ඇති මෙහෙම හින්දි චිත්‍රපටි පිස්සෙක් :D
    @ ඉද්දා – මම පොඩ්ඩයි නොවැ කිව්වේ. අපි නේ දන්නේ ආතල් එක. නේද මචන්! :D

  11. රැපා permalink
    ඔක්තෝබර් 15, 2008 12:33 ප.ව.

    මට අමතක උනා නොවැ සුභ පතන්න :)
    තව එකක්, මම නම් දැඩි හින්දි විරෝධියෙක්.

  12. ඔක්තෝබර් 15, 2008 4:25 ප.ව.

    @රැපා – මම නම් දැඩි හින්දි ටෙලි නාට්‍ය විරෝධියෙක් :D චිත්‍රපටි නම් හොඳයි. පැය දෙකක් හෝ තුනක් නේ… ඒකට ටෙලි නාට්‍ය, අවුරුදු ගානක් චාටරේ කන්න වෙනවා :D

  13. රැපා permalink
    ඔක්තෝබර් 15, 2008 4:48 ප.ව.

    මට නම් ඔය කොයිකත් එකයි :P

  14. ඔක්තෝබර් 15, 2008 5:06 ප.ව.

    හික් හික්…! මං කියනවාට ඔය කිස්මත් කනෙක්ෂන් චිත්‍රපටිය බලන්න වෙලාවක. ;)
    තව හොඳ චිත්‍රපටි තියෙනවා. මේවාත් නිදහස් වෙලාවක බලන්න
    1. ඕම් ශාන්තී ඕම්
    2. රංග් දේ බසන්තී
    3. වෙල්කම් (2007)
    එකිනෙකට වෙනස්ම විදිහක චිත්‍රපටි තුනක්. අන්තර්ජාලයේ ඕනෑ තරම් DVDRip ඇති. නිකමට කියනවාට බලන්න‍කෝ… ;)

  15. රැපා permalink
    ඔක්තෝබර් 15, 2008 6:06 ප.ව.

    ස්තුති කිව්වට!, නිකන් දුන්නත් එපෝ …..

  16. ඔක්තෝබර් 15, 2008 6:08 ප.ව.

    @ රැපා – එපානම් ඉතින් අපිට මොකෝ… :D

  17. Gihan permalink
    ඔක්තෝබර් 15, 2008 7:34 ප.ව.

    මරායි නේ

  18. ඔක්තෝබර් 15, 2008 7:35 ප.ව.

    @ Gihan – මාර නෑ මාර නෑ ;)

  19. ඩී.ආර්. permalink
    ඔක්තෝබර් 18, 2008 1:43 ප.ව.

    මේක මෙතනට අදාල වෙන්නෙ නැති උනත් කියන්න කියල හිතුනා.

    මේ අවුරැද්දට නියමිත Annual leave ගත්තෙ නැති හින්ද ගිය සුමානෙ මාව බලෙන්ම වගේ සති 2 කට නිවාඩු යැව්වා. (ගෙවීමක්ද සහිතව. :) )

    කලින් යොදාගත්ත වැඩ මොකුත් තිබ්බෙ නැති නිසා ගොඩක් වෙලාවට ගෙද‍රමයි හිටියෙ. කම්මැලි කමටත් එක්ක පත්ත‍රේ දැකල රාජ්ය (මේකෙ යන්සය හොයා ගන්න බැහැ) ළමා නාට්ය උළෙල බලන්න ගියා. 7 වෙනිදා. නාට්ටි 2ක් බැලුවා. නියමයි. ඒක නිසාම 9 වෙනිදත් ගියා. එදා පසුගිය වස‍රෙ ජය ගත්තු නාට්ටිය ඇතුලු නාට්ටි 3 ක් බැලුවා. පැමිණ සිටියෙ 300 ක වගේ පිරිසක්. නමුත් ඔක්කොම නාට්ටි ඉතා අනර්ඝ මට්ටමක තිබුනා. පැමිනි පිරිස ළමයින්ද ඇතුලුව ලොකු වින්දනයක් ලැබුවා. මේවාට දෙන publicity එක අඩුවීම ගැන ඇත්තටම ඇති වුනේ දුකක්. නැත්නම් මීට වඩා පිරිසක් එනබව සහතිකයි.

    මේක හැම අවුරුද්දෙම තියන බව මෙතනදි දැනගත්තා. ලෝක ළමා දිනේට සමගාමීව සැප්තැම්බර් / ඔක්තෝබර් මාස වල. අවස්ථාවක් ලැබුනොත් අමතක නොක‍ර ලබන අවුරැදෙ එක පාරක් බලන්න. ගතකල වේලාව ගැන පසුතැවෙන්න වෙන්න නැහැ.

  20. ඔක්තෝබර් 18, 2008 8:04 ප.ව.

    @ ඩී. ආර් – ඔව්, මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල නම් පංකාදුයි කියලා තමයි හැමදෙනාගෙන්ම ආරන්චි වුනේ. අපේ හොස්ටල් එකේ අය එක්කගෙන ගිහිල්ලා තිබ්බා රාජකීය විද්‍යාලය විසින් ඉදිරිපත් කරපු නාට්‍ය පෙන්වන්න. මාත් යන්න හිටියත් යන්න බැරිවුනා. ලබන අවුරුද්දේ එකටවත් යන්න ඕනෑ.

    ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers