Skip to content

අඬ අඬ බැලීම සහ බල බල ඇඬීම.

සැප්තැම්බර් 29, 2008

Taare Zameen Par Movie Poster

ඕන් සිරසෙන් හොඳ වැඩක් කලා ඊයේ. ඊයේම මේ සටහන ලියන්න හිටියාට පාඩම් වැඩ වැඩි නිසා මේක ඊයේ ලියලා දාන්න බැරිවුනා. වැඩේ කියන්නේ මං දැන් ඒක දාන්න කලින්ම අපේ අසාමාන්‍ය මලී අක්කා මේක ගැන ලියලා. ඉතින් මේ පෝස්ට් එකෙන් එයාට අසාධාරණයක් වෙයිද දන්නෙත් නෑ. මලී අක්කේ, අසාධාරණයක් වුනානම් සොරි ඩොට් කොම් හොඳේ… :D

සිරසෙන් හොඳ වැඩක් කිව්වාම දැන් මාව මරාගෙන කන්න වගේ නම් බලන්න එපා :D . ලෝක ළමා දිනය වෙනුවෙන් වෙන එකම නාලිකාවක්වත් කරපු නැති ‍විදියේ වැඩක් තමයි මෙවර සිරස නාලිකාව කලේ. ‍අනිත් නාලිකා වලත් ළමා දිනයට චිත්‍රපටි පෙන්නනවා තමයි, ඒත් ඉතින් ‍ඒ ළමයින්ට බලන්න පුළුවන් ඒවා විතරයි නේ. මේ පාර සිරස නම් එහෙම නෙමෙයි; ගුරුවරුන්ටයි දෙමව්පියන්ටයි අසාමාන්‍ය ළමයින් ගැන අවධානය යොමු කරන්න ඕන හැටි කියා‍ දෙන චිත්‍රපටියක් වෙන, ප්‍රවීණ නළුවෙක් වගේම ආධුනික (ආධුනික කිව්වාට තමන්ගේ පළවෙනි අධ්‍යක්ෂණයෙන්ම මේ වගේ සුපිරි ගණයේ චිත්‍රපටියක් නිර්මාණය කරපු එක නම් නියමයි!) අධ්‍යක්ෂකවරයෙකු වෙන ආමීර් ඛාන්ගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වෙන, තාරේ සමීන් පර් (Tare Zameen Par) චිත්‍රපටිය ප්‍රදර්ශණය කරපු එක නම් ලොකු දෙයක්. මෙන්න බොලේ චිත්‍රපටිය බලන්න ඇරගෙන ටික වෙලාවක් යද්දී ඇහෙන් කඳුළු හෝ ගාලා කඩාගෙන හැලෙනවා. හැබැයි එදා සිරස තව වරදක් කරා :D චිත්‍රපටියේ උච්ජතම අවස්තා වලදී දැන්වීම් දාපු එක තමයි ඒක. චිත්‍රපටියටම උචිත සංගීතයෙන් හා ගීත වලින් මේ චිත්‍රපටියේ හැඟීම් උත්සන්න කරන්න ගත්ත උත්සාහය නම් උපරිමයි. ඒ උත්සාහයත් මට නම් පේන්නේ හොඳටම සාර්ථකයි කියලායි. මේ ගැන මම තව කියන්නේ නෑ. මටත් වඩා හොඳට අපේ බෝ අක්කා මේක ගැන ලියලා තිබුනා කියලා මතකයි…. ම්…. ආ…. මේ තියෙන්නේ!

මේකේ ළමා නළුවා ගැන නම් විශේ‍ෂයෙන් මතක් කරන්න ඕනේ. එහෙම නැත්තන් එයාට කරන ලොකු අපරාධයක්. නමින් දර්ශීල් සෆාරි වෙන මේ පොඩ්ඩා සිනමාවට නම් දැන් නම් පොඩ්ඩෙක් නෙවෙයි! 2008 ෆිල්ම් ෆෙයාර් සිනමා උළලේ තව පොඩ්‍ඩන් ෂාරුක් ඛාන්ගේ සම්මානෙටත් ගහලා යනවා මේ පොඩ්ඩා නිසා :D ඒ කියන්නේ ඒ තරම්ම මෙයා දක්ෂයි කියන එකයි! ඔන්න සුදාරකගෙන් සුභ පැතුම්! ආමීර් මාමාවත් මතක් කරා කියන්නකෝ එයා‍ගේ ඔස්කාර් සම්මාන බලාපොරොත්තුවත් ඒ වගේම ඉටුවෙන්න ඕනෑ! කලාපේ රටක් විදිහට ඉතින් කාටද ආ…ඩම්බර ආ… නැද්ද මං අහන්නේ? :D

චිත්‍රපටිය බැලුවේ නැත්නම් දැන්ම හොයාගන්න! එහෙම නැත්තං ටොරන්ට් එකක් වත් හොයාගන්න. හැබැයි සිංහල උපසිරැසි එක්කම බැලුවා නම් තමයි වටින්නේ.

ඇනේ, ලියන්න නම් වැඩි වෙලාවක් නෑ. තාරේ සමීන් පර් ගැන වැඩිපුර දැනගන්න වෙබ් අඩවියට යන්න.
මෙන්න වෙබ් අඩවියේ ලිපිනය – http://www.taarezameenpar.com
විකීපීඩියා – http://en.wikipedia.org/wiki/Taare_Zameen_Par

ඇති යාන්තම්! සිරස හොඳ වැඩක් කරා! :P හැබැයි ඉතින් අඬවනවා කියලා ඔහොම අඬවන්නත් එපා! මං හිතන්නේ ගිය පාර ලියපු එකට හරියන්න සිරස මේ පාර චිත්‍රපටිය පෙන්නලා පළිය ගන්න ඇති :D

ප්‍රතිචාර 11 leave one →
  1. සැප්තැම්බර් 29, 2008 6:17 ප.ව.

    කියල වැඩක් නෑ අයියේ,ඒ චිත්‍රපටිය නම් මල් හතයි.මුලින් මුලින් බක බක ගාලා හිනා යනවා අන්තිම වෙනකොට ඇ‍ඬෙනවා.මම මේ දවස්වල ෆිල්ම් එකේ ඩී.වී.ඩී එක හොයනවා.

  2. සැප්තැම්බර් 29, 2008 7:25 ප.ව.

    අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. මේක බලමින් මමයි, අපේ නගයි, අම්මය තුන් දෙනාම ඇඬුව මාස කීපයකට කලින්. මට ලැබුණෙ නම් කඩේ තිබුණ ඉංග්‍රීසි උපසිරැසි තිබුණ එකක්. ඒව නැතත් කතාව හොඳට තේරෙනවා… නියමම චිත්‍රපටියක්!

  3. සැප්තැම්බර් 29, 2008 7:53 ප.ව.

    මම තම IE6 භාවිතාකරන්නෙ. කිවුවට තරහ වෙන්න එප මේ ලිපිය බොහොම අමරුවෙන් කියොගත්තෙ. වෙලවාක IE6 ව්ල බ්ලොග් එක පරීක්ශා කරල බලන්න Template එකේ පොඩිඅවුලක් තියෙනව. IE6 කියන්නෙ මන් භාවිතා කරන සවුත්තුම වෙබ් Browser එක ඒක නිස එක අතාරල දැම්මත් කමක් නැහැ.

  4. සැප්තැම්බර් 29, 2008 8:00 ප.ව.

    හික්,…
    අර කොල් එක නිසා නේද මේ සිරස ගැන ලියන්නේ ..
    හික් :D

  5. Malee_msg permalink
    සැප්තැම්බර් 29, 2008 8:22 ප.ව.

    බොහොම සන්තෝසයි මේ සටහන ගැන මල්ලියේ…මම බොහොම සාමාන්‍ය විදියට මම දැක්ක කථාව හා විස්තර ටික හා මට හිතුනු පොඩි දෙයක් විතරයි ලිව්වේ…ඔයා ‍මම නොදැන හිටි විස්තර ගොඩක් එක්ක මම මේ වෙනකොට දැනගෙන හිටිය ඒත් කියවලා නොතිබ්ච්ච බෝ අක්කාගේ සටහනත් එකතු කරලා තියෙනවා ස්තූතියි….

    අපෝ වෙළද දැන්වීම් ගැන නම් මතක් කරන්න එපා….ඒ ගැන කථා නොකරන තරමට හොදයි

  6. සැප්තැම්බර් 29, 2008 8:58 ප.ව.

    ඇයි කොල්ලො මේක දාන්නෙ නැද්ද? http://www.imdb.com/title/tt0986264 :)
    ක්ලාස් ගිහිල්ලා එනකොට ඉවරවෙන්නත් ළගයි. ඒත් ඉතින් ටිකක් හරි බලාගත්තනෙ. මොනවා වුණත් අර ඇඩ් දැමිල්ල නම් අන්තිම සවුත්තුයි. මේක නිතරම වෙන වැඩක්. ඒකට ඉතින් කරන්න දෙයක් නෑ ඩීවීඩී එකක් අරන් බලනවා මිසක්.

  7. සැප්තැම්බර් 29, 2008 9:56 ප.ව.

    @ ඔක්කොම – ප්‍රතිචාර වලට බොහෝම ස්තූතියි
    @ ම. ම – මම මේ පොඩි සෙල්ලම් වගයක් දදා හිටියේ :D . ඔන්න ආපහු පරණ තීම් එක දැම්මා. දැන් අවුලක් නැතිව පේනවාද?
    @ මලින්ත අයියා – ආ…හ් මට ඒක අමතක වුනා නොවැ :D

  8. ඔක්තෝබර් 1, 2008 11:41 පෙ.ව.

    දැන් සුදාරක මලය ඇත්තටම සිරසට බය වෙලා. :D

    මොනව උනත් මටත් මේ චිත්‍රපටය බලන්න බැරි වුනා. ඉංග්‍රීසි උපසිරැසි සහිත ගොනුවක් හමුවුනා. ඒකවත් බලන්න ඕනා. සිංහලින් තිබුනනම් දෙබස් ටික ඇතුලටම සිත ඇතුලටම කාවදිනවනෙ

  9. ඔක්තෝබර් 1, 2008 7:30 ප.ව.

    @ හර්ෂණ අයියා – නෑ නෑ සිරසට බය වෙලා නෑ! :D මම කිව්වේ ඉතින් සිරස යන්තම් හොඳ වැඩක් කරා කියලා…

    හහ්! අපි බයවෙයි සිරසට! :D

  10. ප්‍රසාද් නයනජිත් permalink
    දෙසැම්බර් 28, 2008 6:38 ප.ව.

    නියම චිත්‍රපටයක්… ලකුණු 10/10 ක් ම දෙන්න පුළුවන්… දැනට 3න් පාරක් බැලුව. තව බලන්න හිතෙනව…

  11. ජූනි 29, 2011 7:48 පෙ.ව.

    Great movie !!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers