Skip to content

සිකුරාදා රෑ…

සැප්තැම්බර් 19, 2008

ම්… කාලෙකට පස්සේ ප්‍රකෘති ස්වරූපයෙන්ම බ්ලොග් එක ලියනවා කියලා හිතාගෙන ආවඩා ආයුබෝ කියලා බ්ලොග් එක ලියන්නයි හදන්නේ. ලියන්න හැදුවාට මොකද ලියන්නයි කියලා වැඩි දෙයක් ඇත්තේ නෑ. හැබැයි ඉතින් අද දවසේ විශේෂත්වය කියන්නේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වීම. ඔන්න ඒක තමයි වැඩේ. වැඩිම ලකුණු ලබාගෙන තියෙන්නේ නංගිලා තුන්දෙනෙක් (අනේ හැබෑටම දැන් මලයලාගේ මොල වල අල බැහැලද මන්දා ඇත්තටම :D ) ඒ වගේම ඇරගෙන තියෙන වැඩිම ලකුණු ගාණත් ලකුණු 183යි. ‍ගිය අවුරුද්දේ ලකුණු 200ම ඇරගත්ත නිසා විභාග ප්‍රශ්න පත්‍ර හදන මාමලාට ඒකට තරහා ගිහිල්ලා වෙන්න ඇති ප්‍රශ්න පත්තරේ අමාරු කරන්න හිතුනේ. අනේ මන්දා ලංකාවේ අධ්‍යාපනේට නම් බඩුම තමා. :D ඒවා මේවා අස්සේ අබාගේ කතාවත් හීන් සිරූවේ ඇදීගෙන ඇදීගෙන යනවා. ඔන්න තහනමක් ගේන්නලු හදන්නේ… එළ එළ! එච්චරයි අඩුවකට තිබු‍නේ. “අබා ගැන තප්පුලන්න” නම් මම යන්නේ නෑ ඕං. අබා ගැන දැනට එච්චරයි. පහු පහු වෙනකොට තව හොඳ ‍හොඳ දේවල් දැනගන්න ලැබේවි. වැඩේ කියන්නේ අබා නිසා හැමෝම රෙදි ගලවගෙන වලි. (වලියක් දිහා බලලා සතුටු වෙන එක නම් හොඳ නෑ තමා. ඒත් ඉතින් ඒකෙත් පොඩි වින්දනයක් තියෙනවා.) ලංකාවේ ඉතිහාස‍යේ සංකීර්ණ කම නම් හිතාගන්නවත් අමාරු දෙයක්. ලොකු පරාසයකට ලංකාවේ ඉතිහාසය විහිදිලා ‍තියෙනවා.

ආරන්චි විදිහට සාමාන්‍ය පෙළ විභෘගේ පටන් ගන්න දින තියලා තියෙන්නේ දෙසැම්බර් අට වෙනිදාටලු. ඒ නිළ නොවිච්ච ආරන්චියක්. විභාගෙත් අත ළඟ වෙච්චි, කොරේ පිටට මරේ කියලා ලෙඩ කන්දරාවකුත් ඇඟ උඩට කඩාගෙන වැටුනා. කැස්ස, උණ, හෙම්බිරිස්සා (බලාගෙන ගියාම ලෙඩ වාට්ටුවක් නොවැ) ඒක නිසා ‍වුනේ ඉස්කෝලේ යන්න බැරි වෙච්ච එක තමයි. හැබැයි පෙරලුනු පිට හොඳයි කියාගෙන, පැමිණි දුක් පැණි රසයි කියාගෙන වැඩේ අතඇරියේ නෑ. උදේ ඉඳලා හවස් වෙනකන් පාඩම්, පාඩම්, පාඩම් තමයි. දැන්නම් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, ප්‍රංශ විප්ලවය, දෙවෙනි ලෝක යුද්ධය වගේ හැම දෙයක්ම ඔළුව වටේ කැරකැවෙනවා වගේ. පාඩම් කරන එකත් ආතල් වැඩේ. මට නම් ඉතිහාසය පාඩම් කරන එක තමයි ආතල්ම. හැබැයි විද්‍යාව පොඩ්ඩක් අප්සැට් වගේ. අවුලක් නෑ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයත් ඔන්න හෙට පටන් ගන්නවා. පොත් ප්‍රදර්ශණය කියනකොට හදවත නිකන් රාන් රූං ගානවා. (මේ… හතිය නිසාද මන්දා… :D ) ඒ පොත් වල මිල නිසා. හැබැයි පොත් ප්‍රදර්ශනෙන් හොඳ වට්ටම් ටිකක් ලැබුනොත් ගොඩම තමා. පොත් කියනකොට කටට කෙළත් උනනවා. (යකෝ පොත් තියෙන්නේ කන්නද?) නෑ නෑ පොත් තියෙන්නේ කන්න නෙවෙයි හැබැයි අළුත් පොත් වල සුවඳ නිකන් දැනී දැනී යනකොට (සුවඳ දැනී… දැනී.. දැනෙනවා… කියලා රූකාන්ත ගුණතිලක මහත්මයා‍ගේ සින්දුවකුත් තියෙනවා නේද?) ඉවසුම් නෑ කොයි වෙලාවේද බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවට රිංගන්නේ කියලා. :D හොඳයි දැන් කට්ටි‍යගෙන් ලොකු උදව්වක් ඉල්ලන්න තියෙනවා…

අනේ නෝනා, මහත්තයා ගැත්තා ගැන අනුකම්පා කරලා…

මට දෙන්නකෝ හොඳවයින් පොත් ලැයිස්තුවක්. සාමාන්‍ය පෙළ ලියලා ඉවරවෙලා ගෙදර ඉන්න කාලේ, කියවන්න පොත් ටිකක් එකතු කරගන්න පොඩි උදව්වක් දෙන්න. මට කියන්න මොනවාද හොඳ පොත් කියලා. කියවන්න ආසා හිතෙන හොඳ සිංහල පොත් ලැයිස්තුවක් ඕනේ. ඒ වගේම මට කියන්න, මෙන්න මේ යටින් තියෙන පොත් දෙක අඩුවට ගන්න හොඳම කඩ කාමරේ මොකක්ද කියලාත්, මම හෙටම යන්නේ නෑ. ඉස්කෝලේ ගියපු දවසක යාළුවෙක් එක්කම යනවා.

ඉර හඳ නැඟි රට – අරිසෙන් අහුබුදු.
චන්දන මෙන්ඩිස්ගේ නවතම ෂර්ලොක් හෝම්ස් පරිවර්තනය

ඒ වගේම මට ඕන කරලා තියෙන්නේ මෙන්න මේවා ගැන තියෙන පොත්.
+ ශ්‍රී ලංකා ඉතිහාසය
+ ලෝක ඉතිහාසය
+ ගණිතය ගැන ලි‍යවිලා තියෙන රසවත් පොත්

ඒ ව‍ගේම ඔයාලා දෙන පොත් ලැයිස්තුවේ මෙන්න මේ වගේ කතා තියෙනවානම් කියලා වැඩක් නෑ…

+ රහස් පරීක්ෂණ කතා
+ අත්භූත ජනක කතා
+ විද්‍යා ප්‍රබන්ධ කතා
+ කෙටි කතා එකතු
+ වික්‍රමාන්චිත නව කතා
+ හාස්‍ය ජනක කතා

ඔන්න එහෙනම් යන්න වෙලාව හරි. මේ ටික කියෙව්වාට බොහොම ස්තූතියි. ඇත්තටම අර්ථවත් දෙයක් නෑ තමයි. ඒත් ගණන් ගන්න එපා. :D මම සාමාන්‍ය පෙළ ලියලා ඉවරවෙනකම් දත කට මැදගෙන ඉන්නකෝ… ;)

ප්‍රතිචාර 10 leave one →
  1. සැප්තැම්බර් 20, 2008 9:16 පෙ.ව.

    අනේ කොල්ලො පොතක් කියවපු කාලයක් මතක නෑ :D කොහොම වුණත් අද ලියලා තියෙන ස්ටයිල් එක නම් මල් හතයි! ;)

  2. සැප්තැම්බර් 20, 2008 11:58 ප.ව.

    ඉක්මනින් සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳින් පාඩම් කරන්න, සා. පෙළ හොඳින් සමත් වෙන්න සුභා පැතුම්. පොත් ප්‍රදර්ශනේට මට යන්න වෙන්නේ නම් නෑ, ඒත් අර අලුත් පොත් වල සුවඳ ගැන මල්ලී කියූ කතාව ඇත්ත, මමත් ආසයි ඒ සුවඳට. හරිම නැවුම් බවක් දැනෙනවා ඒතුලින්. දිගටම ලියන්න නෙමෙයි හොඳටම පාඩම් කරන්න කියලා තමයි මම නම් ලියන්නේ

  3. Malee_msg permalink
    සැප්තැම්බර් 21, 2008 1:56 ප.ව.

    Malli me wenakota gihin iwarada danne nehe mama nam iiyema gihin awa :-)
    poth gena kiyanawa nam mama nam wediyen kiyawanne pariwarthana ewa oni nam Wijesuriya prakashana Kurulu prakashana peththe giyoth ganna puluwan wei
    hema thenama 20% ka wattamak lebena nisa poddak laabai
    me aurudde sahithya sammana lebila thiyana
    keti katha sangrahaya – Wil thera maranaya (Gunadasa amarasekara )
    Nawakathawa – Atawaka puththu (Liyana ge Amarakirthi( meka nam O/L iwara welama kiyawanna )

    anith ayagen ahanawata wada oyama gihin thorala hoda poth tikak kanna meyaa

  4. සැප්තැම්බර් 21, 2008 8:27 ප.ව.

    @ Malinthe – ම්… පොත් කියවපු කාලයක් මතක නෑ කිව්වා! ඒක නම් හොඳ දෙයක් නෙවෙයි ගොයියෝ… ;) මේ ස්ටයිල් එක හොඳයි කියලා මටත් හිතෙනවා. බලමුකෝ ඉස්සරහට :D

    @ බෝ අක්කා – අක්කාගේ ප්‍රාර්ථනය නිසාද දන්නේ නෑ දැන්නම් 90%ක්ම ‍ලෙඩේ හොඳයි :) බොහොම ස්තූතියි. ඔව්, ලිවිල්ල කෙසේ වෙතත් දැන් නම් පාඩම් කරන්න තමයි වෙලා තියෙන්නේ. අර කිව්වා වගේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන දැන් න්‍යෂ්ටිය වටා කැරකැවීම කෙසේවෙතත් මගේ ඔළුව වටේ කැරකැවෙනවා.

    @ ඇබ්නෝර්මල් මලී අක්කා – නෑ නෑ මම තාම ගියේ නෑ. හෙට තමයි යන්න ඉන්නේ. වට්ටම් ලැබෙන එක නම් ලොකු දෙයක්. ඒක ලොකු…ඌඌඌ… සහනයක්.
    ඔය පොත් දෙක නම් අනිවාර්යයෙන්ම ක(ග)න්න බලන්න ඕනෑ :D

    @ තුන්දෙනා – ප්‍රතිචාර වලට බොහෝම ස්තූතියි!

  5. සැප්තැම්බර් 21, 2008 10:35 ප.ව.

    මට වැඩිය පොත් ගන්න ඕන වුණේ නෑ. දැන් මම දන්න සහ මගේ රුචිකත්වයම තියෙන පොත් පිස්සො කීප දෙනෙක් සහ එක පිස්සියක් මම දන්නවනේ. ඉතිං මම බැලුවෙ කාලෙකට කලින් මම කියවපු පොත් තියේද කියලයි. ඒ අතරින් මම ගත්තා ක්ලාක්ගෙ මිහිකතේ ගීතය එස්. එම්. බන්දුසීල මහත්මයාගෙ පරිවර්තනය. ඇල්බෙයා කැමූගෙ මහාමාරිය. සරත් විජේසූරිය සහ කුසුමා කරුණාරත්ත සංයෝජනය කරපු විදේශීය කෙටිකතා සංග්‍රහය. ටිකක් කියවද්දි හිතුණා මේක කලින් අරගත්තාවත්ද කියල. හික් හික්… ඔයාට හොඳ පොත් නම් මම දන්නෙ නෑ. දවසක් ගෙවල ‍තෝරගන්න බලන්න.

  6. බෝමන් permalink
    සැප්තැම්බර් 21, 2008 10:38 ප.ව.

    මේ පාර පොත් ප්‍රදර්ශනයේදී මම සෑහෙන කාලයක් තිස්සේ හොයමින් සිටි මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ බව තරණය නවකතාව හොයාගන්න ලැබුණා. ඒක මට ලොකු සතුටක්.

    ලංකා ඉතිහාසය සහ අතීත තොරතුරු රැගත් කෘතියක් වන බ්‍රෝහියර් හදුනාගත් ලංකාව කියන පොත මට රුපියල් 260ක් වැනි අඩු මුදලකට මිලදී ගන්න ලැබුනා. තවම කියවන්නට බැරි උනත් උඩින් පල්ලෙන් බලද්දි වටිනා තොරතුරු රාශියක් තිබෙන බව පෙනෙනවා ඒ පොතේ.

    චන්දන වික්‍රමසිංහ මහතා විසින් පරිවර්තනය කරන ලද ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ට කෙටිකතා දෙවැනි එකතුවකුත් නිකුත් වී තිබුනු නිසා මම එයත් මිලදී ගත්තා.

  7. සැප්තැම්බර් 22, 2008 5:22 ප.ව.

    Your BLOG ROCKS, keep it up

  8. Bila permalink
    ඔක්තෝබර් 12, 2008 12:07 ප.ව.

    hr bro……….
    ths s gud….n yup…..study well…………
    hr u read deas books………thse ar superb…..

    Gamperaliya…..
    Kaliyugaya……..
    Yuganthaya……
    Viragaya…..
    Soma…
    Airangani….
    Kaluwara Gedara….n…………………..du u need sm mor…?
    hehe ayya aththatama lassanai me poth tika……………………
    written by Mr.Martin Wickramasinghe…hehe :D

  9. ඔක්තෝබර් 12, 2008 12:38 ප.ව.

    @ TimesEye – Thanks yaar :)

    @ Bila – අයියෝ පොත් ලිස්ට් එක දෙන්නේ පරක්කු වෙලානේ ;)
    මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ හැම පොතක්ම වගේ ලස්සනයි නොවැ :D

  10. රැපා permalink
    ඔක්තෝබර් 15, 2008 12:40 ප.ව.

    “සැබෑ මිනිසෙකුගේ කතාව” මෙක රුසියනු ප‍්රිවථණයක්.
    ප. ලි – මම හිතුවේ මේ මම ලියපු සිකුරදා රෑමද කියල.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers