Categories
අන්තර්ජාලය තොරතුරු තාක්ෂණය විවිධ

දිවිය පහසු කරන සම්පත් බැංකුව හා දිවියට කෙළවන ශ්‍රී ලංකා ටෙලිකොම්

අපේ පවුලේ බැංකුව සම්පත් බැංකුව තමයි ඉතින්. ඒක ඉතින් මලින්ත හරහා වක්‍රව දැනගන්න ඇතිනේ… 😉 ඉතින් මේ ළඟදී මරු වැඩක් වුනා. ටෙලිකොම් බිල ගෙවන්න දවසක් පරක්කු වුනා විතරයි මෙන්න බොලේ දුරකථන සම්බන්ධතාවය නවත්තලා. කනෙක්ෂන් දෙන්න සතිගණන් මාස ගණන් රැ‍ග් එක දෙන ශ්‍රී ලංකා ටෙලිකොම්, මෙන්න බිල ගෙවන්න දවසක් පරක්කු වෙච්ච ගමන් සම්බන්ධතාවය අයින් කරලා. ඉතින් මොකද කරේ ගත්තා 0112303030 මේක තමයි සම්පත් බැංකුවේ ටෙලි බෑන්කින්ග් සේවා දුරකථන අංකය. නියම සේවාවක්. දුරකථ‍නයෙන් ගිණුම් ශේෂය බලාගන්න, ගිණුම් අතර මුදල් මාරුකරන්න. Mobile Cash වගේම ඉතාමත් කාර්යක්ෂම හා මිත්‍රශීලීව ගණුදෙනුකරුවන්ට සහායත් ලබාදෙනවා. මේ ‍සේවාවේ තවත් අංශයක් තියෙනවා අපේ බැංකු ගිණුමින් එක් එක් සේවාවන් සඳහා (උදාහරණයක් වශයෙන් කිව්වොත් SLT) ගෙවීම් කරන්නත් පුළුවන්. ඉතින් සම්පත් ටෙලි බෑන්කින්ග් සේවාවට සම්බන්ධ වෙලා පහසුවෙන් ගෙවීම කරා. ඔන්න හිටියා දවසක් දෙකක්, සෙනසුරාදා ඉරිදත් ගතවුනා. තාම ‍ටෙලිකොම් එක සම්බන්ධතාවය දීලා නෑ. ‍ඒ වගේම මම උන්ගේ (මුන්ට මෙහෙම කතා කරලත් මදි) පාරිභෝගික සහය අංකේ 0112555555 අංකේට කතා කරන්න හැදුවාම කියනවා “ඔබේ දුරකථනයෙන් ඇමතුම් ලබා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත. විස්තර සඳහා කරුණාකර අංක 1242 අමතන්න කියලා” ඉතින් පාරිභෝගික සහය අමතන්නත් මුන්ට ගෙවලා ඉන්න ඕනේද? මගේ CDMA ෆෝන් එකේ නම් නොමිලේම පුළුවන් කම තිබ්බා. ඉතින් මොනවා කරන්නද? ඉතින් ඊට පස්සේ 1242 අංකේට ගත්තා. මෙන්න ආයෙමත් අර කුණුහරුපේ වාදනය‍ වෙනවා. ඉතින් මොකද කරේ… මගේ ජංගම දුරකථනේ ගත්තා. ඒක මොබිටෙල් නිසා ඒකේ Any8 අංක වලට 0112555555 අංකේ දාගත්තා. ඊට පස්සේ ජංගම දුරකථනෙන් පාරිභෝගික සහායට කතා කරා. පුදුමේ කියන්නේ වැඩි වෙලා යන්න කලින් ඉස්සුවා (සාමාන්‍යයෙන් ටෙලිකොම් දුරකථනෙකින් ගත්තොත් නම් අංකේ ඩයල් කරලා සහයට කෙනෙක් සෙට් වෙනකම් නාලා, කාලා, බීලා, අළුත් ඇඳුමකුත් ඇඳගෙන ආපහු දුරක‍ථනේ ළඟට එන්න වෙලාව තියෙනවා. ඒත් තව වෙලාවකුත් ඉතිරිවෙනවා) ඉතින් ඔන්න කතා කරා කියමුකෝ. ඊට පස්සේ කිව්වා මෙහෙම ටෙලි බෑන්කින්ග් වලින් ගෙව්වා. ඒත් තාම සම්බන්ධතාවය දීලා නැ කියලා. ඉතින් එහෙන් කියපි, තාම නම් අප්ඩේට් වෙලා නෑ. කොහොමද ගෙව්වේ අරකයි මේකයි කියලා ඊට පස්‍සේ එයා කිව්වා අපි මේක චෙක් කරලා ආපහු කරන්නම් කියලා මගේ අංකෙත් ඉල්ලගත්තා. අපරා‍දේ කියන්න බෑ ටෙලිකොම් එකේ බලු බල්ලෙක්වත් කතා කරේ නෑ. ඊටපස්සේ මම හිතුවා සම්පත් බැංකුවේ වරදක් ඇති ඒකයි. කියලා. සම්පත් බැංකුව නම් හැමදාම වේගවත් (මම කතා කරපු හැම දවසකම වගේ ඉක්මනින් ප්‍රතිචාර දක්වලා තියෙනවා) එතනට මම කිව්වා මෙහෙමයි. මම ගෙව්වා, තාම අප්ඩේට් වෙලා නෑ. එහෙන් කිව්වා සම්පත් බැංකුවෙන් අහන්න කියලා. ඊට පස්සේ මගෙන් දුරකථන අංකේ ඉල්ලගෙන කිව්වා. අපි තව ටිකකින් මේක පරික්ෂා කරලා කතා කරන්නම් කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ විනාඩි 15ක්වත් ගියේ නෑ. ‍සම්පත් බැංකුවෙන් කතා කරා. ඊට පස්සේ මගෙන් ටෙලිකොම් ගිණුම් අංකෙයි, බිල්පතේ ඉන්වොයිසි අංකෙයි අහලා ඉල්ලගත්තා. ඊට පස්සේ ආපහු විනාඩි 5කින් විතර කතා කරාම කිව්වා. මේක‍ ගෙවපු දවසට පස්සේ දවසෙම ටෙලිකොම් එකට ඊ-මේල් කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ වැරැද්ද තියෙන්නේ ටෙලිකොම් එකේ තමයි. ඉතින් ආපහු ගත්තා 0112555555ට ඊට පස්සේ එතනට කිව්වා බැංකුවේ වැරැද්දක් නෑ. මම දිනෙයි වෙලාවයි දෙකම කියලා කිව්වා ඒ වෙලාවට සම්පත් බැංකුවෙන් ටෙලිකොම් එකට මේල් කරලා කියලා. ඉතින් මෙන්න තව අංකයක් දීපි. ඔන්න ඉතින් ඒකටත් කතා කරා. ඒකට කතා කරාම තමයි එතනින් කිව්වේ ආ හරි මෙහාට එදාම ඇවිල්ලා කියලා. දැන් මේක අප්ඩේට් කරන්නම් කියලා. ඇයි හත්තිලව්වේ අපි කතාකරනකම්ම ඉන්න ඕනෑද බිල අප්ඩේට් කරන්න? මුන් හදන්නේ අපේ සල්ලි හොරාට ගහගන්නද කියලා කියන්නත් බෑ. අඩුගානේ මුලින් 0112555555ට කතා කරපු වෙලාවේ එතනින්වත් කිව්වානම් හරිනේ මේ අංකෙට කතා කරන්නයි කියලà·
. එතකොට රස්තියාදුවක් නෑනේ.

බලාගෙන ගියාම වැරැද්ද වෙන කාගේවත් නෙවෙයි අපේම තමයි. ටෙලිකොම් වගේ සේවා සපයන්ගෙන් සේවාව ලබාගන්න එකයි තියෙන ලොකුම වැරැද්ද. හැබැයි දැන් අර T.V එක වහලා දාන්න කිව්වා වගේ මේකටත් කෙනෙක්ට කියන්න පුළුවන් ඇයි ‍යකෝ ටෙලිකොම් වලින් සේවාව ගන්නේ වෙන එකක් ගනින් කියලා. ඒකත් ඇත්ත තමයි. ඒත් ඉතින් අඩුවටයි, මාස ගාණක් වෙහෙසවෙලා හරි පහසුවෙන් ඇරගන්න පුළුවන් ADSL සේවාවක් ලංකාවේ දෙන්නේ ටෙලිකොම් විතරයිනේ (ඒක හරියට ඒකාධිකාරියක් ව‍ගේ නේද?). තවත් එකක්. එතකොට කෙනෙක් අහන්න පුළුවන් දුරකථන සම්බන්ධතාවය අයින් කරලානම් තමුන්නාන්සේ කොහොමද බ්ලොග් එකේ ලියන්නේ කියලා. වැඩේ කියන්නේ මගේ දුරකථනයේ නවත්තලා තියෙන්නේ ඇමතුම් ගන්න එක විතරයි. මම හිතන්නේ ටෙලිකොම් එකට ම‍ගේ ADSL සම්බන්ධතාවය අයින් කරන්න අමතක වෙලා 😀 මේ ටෙලිකොම් එකේ හැමෝටම තියෙනවා ලොකු අමතක වීමේ රෝගයක්. එක වෙලාවට ‍ඒකෙන් පාරිභෝගිකයන්ට වාසියි. තව වෙලාවක පාරිභෝගිකයන්ට අවාසියි.

දැන් රටේ එළකිරි බොන්න පුරුදුකරගෙන යනවානේ. පාරිභෝගියන්ට කෙසේවෙතත් මුලින්ම ටෙලිකොම් එකට එළකිරි පොවලා ඉන්න ඕනේ. එතකොට මතක ශක්තිය වැඩිවෙනවා කියනවානේ. ඒ වගේම “අපි වවමු රට නගමු” ප්‍රතිපත්තිය යටතේ ලංකාවේ ගොටුකොල වවලා ඒ ඔක්කොම මුලි‍න්ම ටෙලිකොම් එකට කවලා තමයි ලංකාව දියුණු කරන්න පටන්ගන්න ඕනේ. මොකද අනාගතේ ලංකාවේ දියුණුවට තොරතුරු තාක්ෂණය බලපාන නිසා. ඉතින් ලංකාවේ තොරතුරු තාක්ෂණ ඒකාධිකාරිය තියෙන්නේ ටෙලිකොම් එක‍ටනේ. මේකට ඉක්මනට ක්‍රියාමාර්ග නොගත්තොත් ටෙලිකොම් නිසා අපේ දිවියට කෙළවෙන එක කෙසේවෙතත්, ලංකාවේ තොරතුරු තාක්ෂණයටත් කෙළවෙන දවස වැඩි ඈතක නොවේ!…

යාවත්කාලීන කිරීම – අපරාදේ කියන්න බෑ අර අප්ඩේට් කරනවා කිව්වාට පස්සේ මේ සටහන ලියන අතරතුරේ සම්බන්ධතාවය ලබාදීලා 😀 😀

19 replies on “දිවිය පහසු කරන සම්පත් බැංකුව හා දිවියට කෙළවන ශ්‍රී ලංකා ටෙලිකොම්”

ඔකුන් ඔහොමමයි .. බිල් එවන්නෙ නැතිව කියනව ගෙවල නෑ ලු.. බිල එවන්නෙ නැතිව කොහොමද ගෙවන්නෙ.. මාස ගානක්‌ පරක්‌කු වෙලා බිල් ටික ආවෙ.. බිල් ආපු දවසට පහුවෙනිද outgoing කපල.. මෝඩ හරක්‌.. හැබැයි outgoing කැපුවට ADSL කපන්නෙ නැ.. හි හි.. මක්‌ කොරන්න ද මේක විතරනෙ තියෙන්නෙ

සම්පත් බැංකුව ඔය සෙවාවත කියක් අය කරනවද?

I wanted obtain internet banking from Sampath and they said there is an annual fee. I told them that I am not willing to pay for Internet banking and told them many other banks provide it for free.

But the guy at the counter was very confident that internet banking was not free

@ janaka – සම්පත් නෙට් සේවාව භාවිතා කරද්දී පළවෙනි අවුරුද්දේ ගෙවන්න අවශ්‍ය රුපියල් 250/=යි දෙවැනි අවුරුද්දේ ඉඳලා රුපියල් 500/=ක් ගෙවන්න ඕනේ වාර්ෂිකව. සම්පත් ටෙලි බෑන්කින්ග් සේවාව ලබාගැනීමට නම් ගෙවන්න අවශ්‍ය නෑ. ඒක බැංකු ගිණුමක් විවෘත කරද්දී X-SET/SET කාඩ්පතත් එක්ක නොමිලේම ලබාදෙනවා.

සහතික ඇත්ත.! ටෙලිකොම් එකෙන් වෙලාවට කරන්නේ කපන වැඩේ විතරයි. පාරිභොගික සේවා නම් උපරිමයි …. පැයක් විතර උත්සහ කලොත් 56 වෙනි විනාඩියේ විතර කාව හරි සම්බන්ධ කරගන්න පුළුවන්

@supun

සම්පත් බැංකුව තෙරුම් ගන්න ඕනෙ මෙ වගෙ සෙවාවලට අය කරන එක හරි නෑ කියලා.
වෙනත්‍ බැංකු මේ සේවා නොමිලෙ ලබා දෙනවා HSBC, NDB, Nationtrust etc.
ඔන්ලයින් බැංකින් භාවිතයට මනිස්සු හුරු වෙනකොට කවුනටර්‍ වල තදබදය අඩු වෙනවා

ඊට අමතරව සෙට් කාඩ්‍ එකට 150 ක්. අපිව සම්පත් බැංකුව සූරාකනවා.

ah there are so any issues/storys about SLT !!!!!!

here’s one 🙂

we have 2 SLT lines with 2 ADSL (Office Express) at the Maradana Exchange, then we moved to a new place since we had the lines under our name i spoke to SLT about the line transfer since there’s a exchange transfer, (Maradana to Col 3) they told me, they cant give me the same number but the lines can be transfer to my new location, so they ask me to give a transfer letter and a disconnection letter to the Maradan so the Col 3 exchange can put new lines. i did what they ask me and they told me the ADSL lines cant be transfer so i have to request new ADSL lines for my new location. so after 2 weeks and going here and there finally i got my line and then i applied for the new ADSL lines. after other 1 week or so i got my new ADSL lines. and they removed all the lines etc at my old place.

but now, we get billed for ADSL for the last 6 months for the disconnected lines 😀 so who’s fault is it ? now they are saying i need to give them a disconnection letter one more, what the F**** ! when you remove the telephone lines, how the F*** ADSL works ?

so my responce to them is “MY ADSL is not Working at my old place so fix them” 😀 so there replace was “Sir, your telephone lines was removed” so i ask then “Why the F**** your billing me for an ADSL that does not exist ?” (Yes did say the F*** word) and the replay was, “Yes, We can see there is an issues with our end” duh !!!!!!!!!!!!

after another 3 months, they still bill for the NON existing ADSL lines 😀

janaka, දැනට සෙට් කාඩ් සදහා 150 මුදලක් අය නොකෙරේ, මේසදහා ඔබ මුදල් ලබාගන්නා සෑම වේලාවකම රු5ක මුද්දර ගාස්තුවක් අය කෙරෙයි.

අයියෝ. මටත් ඕකම උනා. අදුරන කෙනෙග්ගෙ ටෙලිකොම් එක කපල මාසයක් විතර. ඒත් ADSL වැඩ.
හැබැයි ලංකාබැංකුවෙනම් ඔය මුද්දර ගාස්තු, කාඩ් ගාස්තු නෑ නේද

මම දන්න විදිහට අනික්‍ බැංකුවල ඔය අමතර ගාස්තු නැ.

@Kalinga, MY problem is why Samapth is charging the customers in this unethical manner. Because of this and few other reasons I have stopped using Samapth Bank account, and I have just kept the minimum balance to keep the account active.

According to my experience, few other banks (NDB, HSBC, Nation Trust, Commercial Bank etc) are providing far superior services at very competitive rates.

Now the Telecom has come with new Megaline packages. If you purchase the top end package (ie. land line with ADSL), you get CLI, SMS and SLT plus without a rental.

I have ADSL and I also pay for CLI and SLT plus. I phoned them and ask now if they are going to waive these rentals for old customers? They said no.

I believe it is they should provide these concession to the existing ‘loyal’ customers as well. But, alas, it is only for the new customers!

@janaka,

yes with HSBC and some other banks do provide free internet banking, but all the banks charge for the ATM card one way or a another, HSBC take a annual account maintenance free 😀

ටෙලිකොම් බිල ගෙවන්න දවසක් පරක්කු උනාම telephone කපන කතාව තනිකර කෙප්පයක්..! මාස 2 ක් නොගෙවා හිටියොත් තමයි telephone කපන්නේ.අපි නොදන්න වෙස් කිව්වලු. ෆෝන් එක කැපුවත් ADSL Service එක දුන්න Telelecom එකට දණ ගහල වැදපන් කොල්ලෝ…!!

වෙලාවට බිල් ගෙව්වොත් ෆෝන් කපන්න ටෙලිකොම් එකට පිස්සුද?
එහෙනම් අපේ ෆෝනුත් කපන්න එපෑයැ..!
පිස්සු නැත්නම් හොදයි…

@ Chami – මම කිව්වේ බිලේ ගෙවන්න තිබ්බ දවසට පස්සේ දවසේම කපලා කියලා. ඒක ටෙලිකොම් එක පැත්තෙන් හරි. ඒත් ටෙලිෆෝන් ගන්න, කනෙක්ෂන් ගන්න මාස 3, 4 අපිව තම්බන එක හරිද? එහෙමත් තම්බලා මෙහෙම කපන එක හරිදැ? මොනවා වුනත්, මම මේ සටහනෙන් කියන්න හැදුවේ උන්ගේ පාරිභෝගික සේවාව ගැන. බිල නොගෙව්වාම වැඩි විස්තර දැනගන්න කියලා අමතන 1242 අංකෙට අමතන්න දෙන්නෙත් නැහැ. ටෙලි‍බෑන්කින්ග් වගේ ඒවායෙන් ඉක්මනට ගෙව්වාම අපි කතා කරවලා තමයි ඒක ගිණුමට දාගන්න ඕන. ඉතින් මේකට මොකද කියන්නේ?

@ s’ bandara – සටහන කියෙව්වේ නැද්දෝ??? බිල ගෙවන්න බැරි වෙච්ච නිසානේ කැපුවේ? මම මේ සටහනෙන් කියන්න හැදුවේ, ටෙලිකොම් එකේ සම්බන්ධතාවය කපන්න තියෙන කාර්යක්ෂමතාවය, සම්බන්ධතාවය අළුතෙන් දෙන්න හරි, නැවත සම්බන්ධ කරන්න නැත්තේ ඇයි කියලායි… ආපහු සටහන හොඳට කියවලා තේරුම් ගන්න 🙂

Leave a Reply to janaka Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.