සිරසක් නැති සිරස!
ඕන ඉතින් ආයුබෝවන් කිව්වා. කාලේකට පස්සේ දීර්ඝ ලිපියක් ලියන්න හිතුවා. ලිපියට මාතාකාව කරගන්න හිතුනේ වැඩි දෙනා අතර කතා බහට ලක් වෙලා තියෙන, එක එක නමින් හැඳින්වෙන (ජනතාවගේ නාලිකාව, කොටි සිරස, ත්‍රිකෝණ වාහිනිය, කොටි හඬ හා තවත් නම්…) සිරස TV නාලිකාව ගැන. මුලින්ම අන්තර්ජාලයේ අහු මුළු වලින් හම්බවෙච්ච දේවල් ටිකක් පෙන්නලා ඉන්න හිතුනා.

ඉතින් ඔන්න ඕකයි තත්ත්වේ. කොහොමහරි සිරස නාලිකාව ගැන මේ වෙනකොට විශාල කතිකාවතක් නිර්මාණය වේගෙන යනවා. සිරස සුපර් ස්ටාර්ස්, ඩාන්සින්ග් ස්ටාර්ස් වගේ දේවල් ගැනත්, සිරසේ ප්‍රවෘත්ති ප්‍රකාශ ගැනත් විශාල කතාබහක් නිර්මාණය වේගෙන යනවා. කොහොමින් කොහොමින් හරි මේකෙන් වෙන්නේ ඒ නාලිකාවට අනවශ්‍ය ප්‍රචාරයක් ලැබෙන එක තමයි. ඒත් කරන්න දෙයක් නෑ කතා කරන්නම වෙනවා. මෙන්න මේකයි මගේ මතය.
කතා දෙකක් නෑ සිරස තමයි දැනට ලංකාවේ තියෙන විශාලම වාණිජ ජාලයකට අයත් රූපවාහිනී නාලිකාව. කොහේ හරි නෑ ගෙදරකට, යාළුවෙකුගේ ගෙදරකට ගොඩවුනත් දැන් රූපවාහිනියේ දාලා තියෙන්නේම සිරස නාලිකාව තමයි. ඒකට එක හේතුවක් තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ජනතාව ඉල්ලන යම්කිසි රසාස්වාදයක් (ඔවුන් බොහෝ දෙනෙකුට මහා ලොකු දැනුමක්, සම්භාව්‍ය දෑ පිළිබඳ දැනුමක් නෑ කියන දේ පිළිගන්න වෙනවා) මේ නාලිකාවෙන් ලබා දෙනවා. ඇත්තටම කාටූන් වලට වයස් පරතරයකින් තොරව කැමතියි කියන එකත් අපිට පිළිගන්න වෙනවා. මම හිතන විදිහට දැනට ලංකාවේ සූරපප්පා, දඟයා, ස්කූබි ඩූ වගේ කාටූන් නොබලපු සාමාන්‍ය පුරවැසියෙක්, පොඩි ළමයෙක් නැත්තේම නැතිව ඇති. ඒ වගේම අපි නොදන්න ලයිව් වැඩසටහනත් ඉතාම ජනප්‍රිය වැඩසටහනක් (Season 2 එකට නම් දැන් වැඩිය හිනා යන්නේ නෑ. ඒක වෙනම කාරණයක්). ඔය විදිහට කියාගෙන ගියොත් ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම කෙලින් කතාව (ඇත්තටම මේක CNN වල Larry King Live වැඩසටහනේ කොපියක්. ඒත් Larry King Live වැඩසටහනේ ලංකාවේ අය සිංහලෙන් සංවාදයට ඇරගෙන එන්නේ නෑනේ…) වැඩසටහන නම් මාත් අනිවාර්යයෙන්ම බලනවා. ඔය ආකාරයට සිරස නාලිකාව ලංකාවේ සාමාන්‍ය ප්‍රේක්ෂකයන් ඉල්ලන රසාස්වාදයත් ලබාදෙනවා.
මම දන්න අඳුරන එක්කෙනෙක්ගෙන් මම ඇහුවා, ඇයි ඔය මහගෙදර, ප්‍රවීනා වගේ හින්දි නාට්‍ය බලන්නේ? ඒවායේ කිසි තේරුමක් නෑනේ?
එතකොට එයා දීපු උත්තරේ තමයි මේක,
ඇත්තටම ඒකේ ගන්න දෙයක් නෑ තමයි. ඒත් ඉතින් ඒක ඉන්න නිළියන්ගේ රඟපෑම බලන්නයි වැඩිපුරම මහගෙදර, ප්‍රවීනා බලන්නේ. ඇත්තටම ඒ වගේ ලස්සනට අපේ නිළියන්ට රඟපාන්න පුළුවන්ද?
ඔන්න ඕකයි තත්වේ. සිරස නාලිකාව සාමාන්‍ය රූපවාහිනි ප්‍රේක්ෂකයා ඉල්ලන (පහත්) රසාස්වාදයක් අර මුලින් කියපු මහගෙදර, ප්‍රවිනා හා, හින්දි අනුකාරක සිංහල නාට්‍ය හරහා ලබාදෙනවා. මේක නිසා සිරස නාලිකාව සාමාන්‍ය රූපවාහිනී ප්‍රේක්ෂයන්ගේ මානසිකත්වය ආක්‍රමණය කරලා.
දැන් මේ වගේ නාලිකාවකට සාමාන්‍ය මිනිස්සු ඇදිලා යන කරුණක් තියෙනවා. එකක් තමයි දැන් මේ වර්තමානේ ලංකාවේ ඇති වෙලා තියෙන තත්ත්වය. බෝම්බ, අපරාධ ගැන ප්‍රවෘත්ති වලින් හෙම්බත් වෙලා. තමන් කරන රස්සාවෙන් හෙම්බත් වෙලා, මෙන්න මේ වගේ කරුණු නිසා මේ රූපවාහිනී නාලිකාවට ගොඩක් සාමාන්‍ය රූපවාහිනී ප්‍රේක්ෂකයන් ඇබ්බැහි වෙලා කිව්වොත් වරදක් නෑ.
සුපර්ස්ටාර්ස් වගේ දේවල් වලිනුත් අර විදිහට හෙම්බත් වෙලා ඉන්න ප්‍රේක්ෂකයින්ට සින්දුවක් දෙකක් අහන්න සලස්වලා. ගායක ගායිකාවන්ට ඇඳුමක් දෙකක් අන්දලා පොඩි කික් එකක් දෙනවා. ඒකට ගොඩක් ප්‍රේක්ෂකයින් කැමතියි. ඒක නිසාම අපේ අයත් ඇඟිල් කැඩෙනකන්, රීලෝඩ් කර කර, සල්ලි නාස්ති කරගෙන කෙටි පණිවිඩ යවන්නත් පෙළඹිලා. ඒ අතරට ආපු සිරස කුමරිය. දැන් මෑතකදි අහවර වෙච්ච ඩාන්සින්ග් ස්ටාර්ස් වගේ ඒවායිනුත් කරේ පොඩ්ඩක් මිල අඩු, රෙදි අඩු ඇඳුමක් දෙකක් අන්දලා ප්‍රේක්ෂකයන්ට පොඩි කික් එකක් දෙන එක තමයි. (ඇත්තටම මේ වැඩසටහන් සිරස විසින්ම නිර්මාණය කරපු දේවල් නෙවෙයි. ඒ වැඩසටහන් බටහින American Idol, Dancing with Stars වැනි වැඩසටහන් වල අනුකාරක වැඩසටහන්. ඒත් ඒ වැඩසටහන් වල මොකෝ සිංහල සිංදු කියනවා වත්, ලංකාවේ නළු නිළියෝ නටනවා වත් යැ?) ඔන්න ඕකයි සිරස වින්දනාත්මක පැත්ත.
දැන් එන්නේ පොඩ්ඩක් අන්තරාදායක පැත්තටයි. ඒ තමයි මේ නාලිකාවේ දේශපාලනික ක්‍රියාකාරීත්වය (ඇත්තටම මේ බ්ලොග් අඩවියෙන් දේශපාලනය ගැන මගේ දැක්ම කතා කරන්න කැමති නෑ. ඒත් කතා කරන්න වෙනවා අවස්තාව අනුව) දැන් ලංකාවේ පවතින තත්ත්වය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑනේ. ටිකක් යුධමය වාතාවරණයක්. ඒත් මේ සිරස නාලිකාව අර උතුරේ අපේ හමුදාවන් කෙරෙන සටන් ගැන කියවෙන ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්නේ මතු පිටින් පොඩ්ඩක් කියලා විතරයි. අනිත් ප්‍රවෘත්ති හොයාගෙන උඩ පැනගෙන යන මේ නාලිකාව, ඇයි මේ වගේ යුධමය ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් ඉවත්වෙලා ඉන්නේ කියන එක ටිකක් සැක සහිතයි. ඒ වගේම මේ නාලිකාවේ ආර්ථික තත්ත්වයත් ශක්තිමත්. ඉතින් මේ නාලිකාව ඔවුන්ගේ ආර්ථික තත්ත්වය හරහා ලංකාවේ දේශපාලනයත් අත ගහනවා කියන දේත් ප්‍රසිද්ධ රහසක්. ඇත්තටම දැන් වර්තමානයේ ත්‍රිවිධ හමුදාව සිදු කරන්නේ යුගයේ අවශ්‍යතාවයක්. ඒත් ඇයි මේ වගේ නාලිකාවක් ඒක තේරුම් නොගන්නේ? ඒක ඔවුන්ගේ රහසිගත දේශපාලනික උපක්‍රමයක්වත්ද? ඒ වගේම මේ ළඟදී කතාබහට ලක්වෙච්ච දෙයක් තමයි ඔවුන් රුධිර මධ්‍යස්ථානය පිළිබඳ වාර්තා කරන ලද අසත්‍ය ප්‍රවෘත්තිය. ඒ වගේම තවත් දෙයක් තියෙනවා ඔවුන් මුලින් ඔවුන්ගේ ප්‍රවෘත්ති සඳහා යොදාගත්ත ආදර්ශ පාඨය තමයි, We Report You Decide කියන වදන් වැල. නමුත් ඒකත් ඔවුන්ගේ ආදර්ශ පාඨයක් නොවේ. ජාත්‍යන්තර ෆොක්ස් නාලිකාවේ ආදර්ශ පාඨයක්. ඉතින් ඔය විදිහට කියාගෙන ගියොත් සිරස කියන්නේ හරියට ෆොටෝ කොපි මැසිමක් වගේ නාලිකාවක්. ඇයි මේ නාලිකාවට බැරි තමන්ගේම දෙයක්. තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගා ගන්න. ඇත්තටම ඔවුන්ගේ දැන් පාඨය වෙලා තියෙන්නේ “TV අළුත් කරන සිරස” කියන එකයි. ඉතින් මේක මෙන විහිළුවක්ද? හැම පිටරට වැඩසටහනක්ම මෙහාට ගැලපෙන අයිසින් දාලා ප්‍රචාරය කරත්, කරන්නේ පරණ දේම නේද? ඉතින් මේක හරි විහිළුවක් නේද? හැබැයි මහජනයා ඇත්ත දැනගන්න කාලය ඇවිල්ලා. දැන් සිරසේ වැඩ ගැන හැමදෙනාම කතා වෙනවා. සිරසට ඕන ඕන විදිහට නටන්න බැරි කාලයක් දැන් ඇවිල්ලා තියෙනවා. කෙලින්ම කිව්වෙත් සිරසට විරුද්ධව ගොඩක් තැන්වල කතා බහ ඇතිවෙලා තියෙනවා. ඔබ පොඩ්ඩක් ElaKiri වෙබ් අඩවියේ ෆෝරමය සෝදිසි කරලා බැලුවොත් ඒක තේරුම්ගන්න පුළුවන් වේවි.
ඒ වගේම පහත සටහන් කියවන්න අමතක කරන්නත් එපා!
- ලේ-සිරස-ආණ්ඩුව හා යුද්ධය (සඳගිර බ්ලොග් අඩවිය)
- සදාචාරය, සභ්‍යත්වය හා එල්.ටී.ටී.ඊ වාහිනිය (ආදරණීය අඩවිය)
මේ ගැන ඔබ මොනවාද හිතන්නේ? ඇත්තටම සිරස දේශ ද්‍රෝහී නාලිකාවක්ද? නැත්නම් ඒක නිකම්ම නිකන් නාලිකාවක්ද? සංවාදයට විවෘතයි!



මේක තමයි සථ්‍යය, සිරස අපේ ගෑනුන්ගේ මොළ නරක් කරනවා මදිවට රටේ නමටත් පහර පිට පහර දෙනවා. සිරසට විරුද්ධව සංවිධානගත වෙනවා නම් මාත් අනිවාර්‍යයෙන්ම ඒ සඳහා හවුල් වෙනවා.
ඔව් අයියා කියන කතාව සහතික ඇත්ත. ඇත්තටම ආණ්ඩුවට බැරිද රජ fm වගේ මේකත් තහනම් කරන්න. ළමා පරපුරේ මනසිකත්වය වලපල්ලට ඇදලා දාන මේ වගේ නාලිකාවක් තහනම් කරන්න ඇයි ආණ්ඩුව උත්සුක වෙන් නැත්තේ
සිරස ගැන මගේ අදහසත් කියන්නම්.
මම දකින විදියට නම් සිරසේ මේ හැසිරීමට සම්පූර්ණයෙන් වග කියන්න ඕන ආණ්ඩුව. මොකද රටක ආණ්ඩුවක් තියෙන්නේ පිට රටින් එන ඕන බූරුවෙක්ට මේ රටේ බඩ පිනුම් ගහන්න ඇරලා බකංනිලන් ඉන්න නෙමෙයි.
මම දකින විදියට ආණ්ඩුව තමන්ගේ වගකීම් පැහැර හැරලා කියෙන ආකාරය;
1. ජාතියක් වශයෙන් යුද්ධයක් කරනකොට සියලුම මිනිස්සු, සංවිධාන, හා මාධ්‍ය ආයතන එක මතයකට ගෙනඒමේ වැඩපිළිවෙලක් දියත් නොකිරීම. (එලිපිට හෝ රහසිගතව). ඇමරිකාව ඉරාක ආක්‍රමණයේදී කළා වගේ. ජාතියක් යුධ වදින වෙලාවක අඟේ ඉඳන් කණ කන ජාතියේ එවුන්ට පිස්සු නටන්න දෙන්නේ ඇයි?
2. ඔය සිරසෙන් ඉදිරිපත් කරන පහත් පෙලේ රසවින්දනයක් ඇති වැඩසටහන් වලට නම් බැනලා වැඩක් නෑ. රටේ සංස්කෘතිය හා සභ්‍යත්වය ගැන මහ ලොකුවට කතා කරන අනෙකුත් නාලිකා කුදුමහත් ජනතාවගේ රසවින්දනයට ගැලපෙන වැඩසටහන් (අලුත් හෝ කොපි) නිෂ්පාදනය නොකරනතාක්කල් සිරසට ඉල්ලුමක් තියෙයි. දැන් බලන්න ස්වාධීන රූපවාහිනය හා ජාතික රූපවාහිනිය, මෙලෝ මනුස්සයෙක්ට එක දිගට බලාගෙන ඉන්න පුළුවන් වැඩසටහන් කීයක් තියද? 2-3කට වැඩිය නෑ. ඒවත් පුළුවන්තරම් අඩුම වියදමෙන් කරන්න යන්නේ, කිසිම අලංකාරයක් (සෝබනයක්) නෑ. උදාහරණයක් විදියට අර සුදර්මන් විසින් කරන “තුලාව” සහ කිංස්ලි විසින් කරන “මුහුණට මුහුණ” (නම හරිද දන්නෑ) වැඩසටහන් දෙක සන්සන්දනය කරල බලන්න.
කිංස්ලිට සාපේක්ෂව සුදර්මන් “නින්දෙන් ඇහැරපු හෝතඹුවෙක්” වගේ, කිංස්ලි පිළිවෙලකට ඇඳලා, රැවුල කපලා, මිනිස්සුන්ගේ චිත්ත සන්තාපයේ ඉන්න “මහත්මයෙක්” ගේ මට්ටමට පුළුවන් තරම් කිට්ටු වෙන්න උත්සාහ ගනිද්දී, සුදර්මන් “ගරිල්ලාකාරයෝ” අඳින ඩබල්පොකට් කමිසයක් ඇඳගෙන, අත් දෙක නමාගෙන, අතේ එක එක නූල් සීයක් විතර බැඳගෙන, කොණ්ඩෙ උඩට පීරලා, මිනිස්සුන්ගේ චිත්ත සන්තාපයේ ඉන්න “රස්තියාදුකාරයෙක්ගේ” මට්ටමට පුළුවන්තරම් කිට්ටු වෙන්නයි උත්සාහ කරන්නේ. අනික බැලූ බැල්මට පේනවා කිංස්ලිට තැනක් ලැබී තියෙන්නේ ඔහුගේ දක්ෂතා නිසා බවත්, සුදර්මන්ට දේශපාලන ගැතිභාවය නිසා බවත්. අනිත් කාරණය වැඩසටහන් දෙකේ මේස දෙක සංසන්දනය කරන්න, කිංස්ලිගේ මේසේ වටිනා, දිලිසෙන, පිරිසිදු, හොඳ පෙනුමක් තියෙන එකක්. සුදර්මන්ගේ මේසය අයිටීඑන් එකේ අය විසින්ම හදපු ෆෝමිකා අලවපු, පතුරු ගැලවුනු, අශෝබන (කිසිම ගතියක්, කලාවක් නැති) එකක්. (මේ අඩුපාඩු දැකලා නැත්නම්, ඊළඟ වැඩසටහනේ ඉඳලා හොඳට නිරීක්ෂණය කරන්න). අනික ආලෝකකරණය, පසුබිම, makeup, presentation ආදී සියලුම කාරණා වලින් කිංස්ලිගේ වැඩසටහන ගව් ගානක් ඉදිරියෙන් ඉන්නවා. ඉතින් මිනිස්සු වැඩියෙන්ම ආකර්ෂණය වන්නේ ඒ වගේ “තත්වයෙන් උසස්” (හරයක් නැති ඒවගේ උනත්) වැඩසටහන් වලට.
එකම රටේ එකම වෙළඳපොලක ජාතික නාලිකා දෙකටත්, සිරසටත් ඇති ඉල්ලුමේ මේ වෙනසට ප්‍රධාන හේතුව තමයි වැඩසටහන් වල “තත්වය (quality)”, “නිර්මාණාත්මක හැකියාව”, “දරන වියදම”, සහ “තාක්ෂණය”. සුපර් ස්ටාර් American Idol එකේ් කොපියක් උනාට සිරස ඒ සඳහා හොඳ වෙලඳ ප්‍රචාරණයක් දී, අත දිගහැර වියදම් කරලා, රැල්ලක් හදලා “ගානක් හොයාගන්න” හරියට කොපි කළා. නමුත් සිරස කොපි කරපු ස්වාධීන රූපවාහිනියේ “තුරුණු තරු” වලට මොකද උනේ? ඉල්ලුමක් තිබ්බද? නෑ. මෝඩයෝ වගේ මිනිස්සු ඔක්කොම සුපර්ස්ටාර් වලට ආකර්ෂණව වෙලා හිටිය වෙලාවේ “රත් වෙලා තියෙන තැටියේ නොමිලේ රොටියක් පුච්චගන්න” ගිහින් කෙලවගත්තා. ඒකට එක හේතුවක් තමයි වැඩසටහනක් කරන්න කලින් ශක්‍යතා අධ්‍යයනයක් කරන්නේ නැතිකම.
මෙහෙම ලිව්‍වොත් පොතක් ලිව්වැහැකි.
3. සිරස තාක්ෂණික හා මානසික උපක්‍රම කීපයකුත් කරනවා මිනිස්සු ආකර්ෂණය කරගන්න. දියුණුම තාක්ෂණික උපකරණ භාවිතාව, ඉහල වැටුප් ගෙවා හොඳම නිර්මාණකරුවන්, නිවේදක නිවේදිකාවන්, අධ්‍යක්ෂකවරුන්, පරිපාලකයින් ආදී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයේ හොඳම මානම සම්පත අයිතිකරගන්නවා. ඒකෙ කිසි වරදක් නෑ. දියුණු වෙන්න ඕන නම් ඒක තමයි කරන්න ඕන. නමුත් ජාතික නාලිකා වල මේකෙ අනිත්පැත්ත. අඩුම පඩියක් ගෙවලා වැඩගන්න පුලුවන් කවුරුහරි දාලා වැඩසටහන් කරනවා.
අනික සිරස මානසික උපක්‍රමයක් විදියට තමන්ගේ නාලිකාවේ රූප වලට විශේෂයෙන් රතු පැහැය එකතු කිරීමක් කරනවා. ඒක කවුරුත් දන්න දෙයක් නේ. රතුපැහැය කියන්නේ මිනිස්සුන්ව මානසිකව ආකර්ෂණය කරගන්න පුළුවන් පැහැයක්.
එකී මෙකී නොකී ගොඩක් දෑ තියනවා කියන්න, ඒත් වෙලාවක් නෑ.
මගේ නිගමනය නම් ආණ්ඩුව ජාතික රූපවාහිනිය හෝ ස්වාධීන රූපවාහිනය කියන දෙකෙන් එකක් තෝරාගෙන අත දිගඇරලා වියදම් කරලා (සිරසෙ ඉන්න හොඳම අය සල්ලිවලට ඇරන්) සිරසට වැටෙන්න ගහන්නේ නැතුව, සිරසට මේ කොටින්ට කඩේයන අවජාතක හැදියාව නවත්වන්න වෙන හොඳ ක්‍රමයක් නෑ.
කථාවනම් සම්පූර්ණ ඇත්ත. මේ කොටි අඩුගානෙ ඩාන්සින් ස්‍ටාර් යන දවස්වල අපේ කොල්‍ලන් අමාරැවෙන් කරන් යන යුද්දෙ ගැන පොඩ්ඩක් කීවද? හැබැයි හමුදාව පරාද උනානම්? අපේ අයගෙ මානසිකත්වෙ පල්ලෙහා දාන්න මොන හරි නිවුස් තිබ්බොත් මුලින් ලොකුවට කියනව.
ඒ දවස් වල කරපු ඒ වැඩ ගැන අපිට කීවෙ අපේ ගුරැවරයෙක්. මොකද මම සාමාන්‍යයෙන් සිරස බලන්නෙ නෑ. ඒත් ගොන් දෙපැයෙන් 45 මිනිත්තු හා කාටුන් බලනව. මේ වගේ ගුරැවරැ ඉන්න එක ගැනත් සතුටුයි.
මේ මොනව තිබ්බත් වැඩක්නෑ. අපේ වගකිවයුත්තන්‍ට කොන්දක් තියෙන්න ඕනෙ. ඒත් මේ අතින් ස්වර්නවාහිනි හොදා. ප්‍රවුත්ති වලත් මුලින්ම කියන්නෙ අපේ කොල්ලන්ගෙ වැඩ. කොපි අඩුයි.
අවුඩුදු 12ක් නොමිලෙ ඉස්කෝලෙ යවල, සමහරුනට ඔය මගුලටට යන්න ඇදුනුත් දීල, දවල්ට කන්න කෑමත් දීල, ලංගම බංකොලොත් වෙනකම් ලාබෙට සීසොං නූත් දීලා, ඔයීට පස්සේ, ලෝකෙ කිසිරටක නැති විදිහට උසස් අධ්‍යාපනේත් නොමේලෙ දීලා මේ මිස්සුන්ට ඉගැන්නුවයීන් පස්සේ, සිරස රූපවාහිනිය මුන්ගේ ඔලූ නරක් කොරනවා කියනවානම්, මුන්ට නොවෙයී, මුන්ගේ ගුරුවරුන්ටයී මඩුවලිගෙන් තලන්න වෙන්නේ.
ඔය රූප පෙට්ටියෙ, බොත්තම් දෙකක් තියනවා. එකක් මිරිකුවහම මලදානෙ වැහැනවා. අනික මිරිකුවහම නාලිකා මාරු වෙනවා. හැම දේම ආංඩුවකරනකන් අත වන වනා නිකන් ඉන්න පුරුදු වෙලා ඉන්න ජාතිය, දැන් රූප පෙට්ටිය මාරු කොරන්නත් ආංඩුව එනකම් බලාගෙන ඉන්නෙ නැතිව, කම්මලිකම නැතිව පුටුවෙන් නැගිටල ගිහිල්ලා, බොත්තම මිරිකල, මලදානෙ වහල හොද පොතක් කියෙව්වනම් හොදයී කියලා තමයී මම හිතන්නේ.
අපේ වත්තේ පහල ගජරාමෙට නියගලා අල වැවිලා. මල් වැවිලා, රතුම රතුයී. මේ යන විදිහට ගියෝතින්, ලගදීම ආංඩුවට නියගලා ගස් තහනම් කොරන්නත් වෙයී. මොකැයී, අපේ උදවිය තමන්ට අගුන දේ පරිහරනය නොකර ඉන්න තමන්ගේය කියලා දැනීමක් නැහැ නොවැ. අනේ අපෝයී, අධ්‍යාපනේ හැන්දෙන් පොවලා අපිත් කොරගත්ත හදියක්.
Very good article. Please pardon me for writing in English. Sirasa has made “prime time” TV in Sri Lanka as Gon Depaya. There is a way to make some impact to this Gon Depaya. It is not to patronize the advertises who are advertising in this Gon Depaya and also make you protest heard to advertises.
Hope you would be able to write an action plan about this.
Sam කියපු දේ නම් 100% හරි. මසුරන් කථාව !!!
This article was completely true.
ඇත්තම කිව්වොත් සිරස කියන්නෙ අපේරට විනාශ ක‍්රන්න ආපු පිලිකාවක්
එල්. ටී. ටී. ඊ එකට යුද්ධ්යෙන් කර්න්න බැරි දෙය උන් සිරස හ‍්රහා ක‍්රනව කියලයි මම් නම් හිතන්නෙ
මෙකට රටෙ නායකත්වය මෙඩදිහත් වෙලා විසදුමක් දෙන්න ඔනි.
මේකත් බලන්න
http://www.divaina.com/2008/08/03/feature17.html
දැන් අළුතින් එන රෑප පෙට්ටිවල (අළුත්මත් නෑ) Remote කියල දෙයක් තියනව නේද? ඒක ඔබාගන්න බැරි කට්ටියක් Net එකට ඇවිල්ල සිරසට බනිනව එක් එක් දේවල් ඇදල අරගෙන.
තමුන් බලන්නෙ නැත්නම් වෙන එකක් බලපිය… නැත්නම් Off කරපිය…
සිරස බල බල සිරසටම බනිනව.. ගොන් යක්කු…
(පුළුවන්නම් කියපිය සිරසට/LTTEයට කඩේ යනව කියල… එච්චරනෙ දන්නෙ… අනුන්ට බැන බැන ඉන්න…)
දොස් කියන්න වුවත් බලන්න අවැසි නේ. මේක තමයි ඔය වගේ සන්නිවේදන ආයතන වල උපක්‍රමය. බනින දේ කරනවා, නැතිනම් විචාරන්න දෙයක් කරනවා. විචාරන්නත් ඒ ගැන දැන ගත යුතු නිසා එය බලනවා. එසේ නරඹා විචාරනවා. එසේ දොස් නැගීම තුලින් ම එය පරසිඳු වෙනවා. මෙය කරනු ලබන්නේ ඔවුන් පමණක් නොවේ. කුප්‍රකට tamilnet වෙබය, එසේම lankaenews ආදිය ත් භාවිතා කරනුයේ මේ උපක්‍රමය යි. ඔය දේවල් ගනන් ගන්න එපා. අපි කොහේ නමුත් ඇති හොඳ දෙයක් හොදයි කියමු. නමුත් තරහ ගියහම ඔය වගේ දේවල් වලට බැනීම සාධාරණයි.
@ sam සහ පිස්සු මෑන් – ලංකාවේ නොමිලේ අධ්‍යාපන දෙනවා? ඒක මොන මඤ්ඤං කතාවක්ද? අපේ දෙමව්පියෝ ඔවුන්ටත් නොදැනීම අම්බානකට බදු ගෙවනවා, ඒවායින් තමයි අපිට නොමිලේ (නාමිකව නොමිලේ) දෙන්නේ, සාපේක්ෂව දුප්පත් පවුලක ළමයෙක්ගේ දෙමව්පියන්ට වැඩිපුර බද්දක් ගෙවන්නේ නෑ. ඒක නිසා නොමිලේ අධ්‍යාපන ක්‍රමයේ වාසිය දුප්පත් පවුල් වලට යම්තාක් දුරකට හිමිවෙනවා. ඇත්තෙන්ම නොමිලේ අධ්‍යාපනය නිසා තමයි ලංකාවේ යම් තාක් දුරකට හරි ගණිකා වෘත්තිය අඩු වෙලා තියෙන්නේ (සම්පූර්ණයෙන්ම නොවෙයි) ඒ ඒ කාලේට ආණ්ඩු කරන උදවියගේ පවු ඔක්කොම යන්නෙත් අපේ දෙමව්පියන්ගේ කර පිටින් තමයි. ඒ වෙලාවට ඔය අච්චු පොත්, ඇඳුම් රෙදි ඇරන් දෙන්න ඔවුන්ට තවත් බරක් දරන්න වෙනවා නේද? ඒ වගේම ආණ්ඩුව කියන්නේ ලාභ ලබන ආයතනයක් නොවෙයි. ඔවුන් යම් කිසි ලාභයක් උපයනවානම්, නැවතත් එය වාසිදායක ආයෝජනයකට ඉදිරිපත් කර යුතුයි. (ලංකාවේ ආණ්ඩුව ගැන කතා කරන්න මට අවශ්‍ය නෑ. මේකයි ලංකාවේ යම් කිසි ආණ්ඩුවක් පිළිපැදිය යුතු මූල ධර්මය) ඔන්න ඕකයි මට පේන නොමිලේ අධ්‍යාපනයේ කතාව. (සමහර විට ඔබ මුදල් වියදම් කරලා ජාත්‍යන්තර පාසලකට හෝ පිටරට පාසලකට ගියා වෙන්න පුළුවන්. ඒකේ කිසි වරදක් දකින්නේ නෑ. ඒත් දුප්පත් ශිෂ්‍යයෝ? ඒ අය ඔයාලගේ ගෙවල් වල පොල් ගස් වල ගෙඩි හැදුනාම පොල් කඩන්න ගෙන්න ගන්න සේවකයෝ විදිහට තියාගන්න ඕනේද? එහෙම නැත්නං එක එක අයගේ සෙරෙප්පු ලෙවකන්නද ඒ අය ඉන්නේ? කුඩු හුවමාරු කරන්නද?)
අපිට අධ්‍යාපනයක් ලැබිච්චි නිසා අපි දන්නවා අපිට නිදහසේ කතා කිරීමේ අයිතියක් තියෙනවා කියලා. අයිතිවාසිකම විතරක් තියාගෙන මදි අයිතිවාසිකටම සරිලන යුතුකමත් ඉටු කරන්න ඕනේ. ඉතින් අපි අපිට දැනෙන දේ මුළු රටටම බ්ලොග් එකකින් කියනවා. ඒ, යම් කිසි කෙනෙක්, යම් කිසි මිථ්‍යාවක පැටලිලා ඉන්නවානම් ගොඩ එන්න. බුදු රජාණන් වහන්ස් බුද්ධත්වයට පත්වෙලා පිරිණිවන් පානකොට තමන් දත් දේ තමාටම විතරක් එක් රැස් කරගෙන හිටියේ නෑ නේද? අනිත් අයටත් ඒ මාර්ගය පෙන්වූවා නේද? ජේසුස් තුමාත් තමාගේ මතය, තමන්ගේ ආගම තමන්ගේ අනුගාමිකයන්ට පෙන්වූවා නේද? මම බුදු රජාණන් වහන්සේ වගේ වත්, ජේසුස් තුමා වගේ වත් කෙනෙක් නෙවෙයි තමයි. ඒත් මම බ්ලොග් ලියන්නෙක්. වක්‍රව කිව්වොත් “web 2.0″ තොරතුරු ප්‍රචාරණය කරන්නෙක්. ඉතින් බ්ලොග් ලියන කෙනෙක් විදිහට මටත් පුළුවන් දෙයක් කරනවා. ඒ වගේම මම සිරසේ හොඳ නරක දෙකම කිව්වා. (ඒකෙන් අදහස් කරේ දිව දෙකේ පුද්ගලයෙක් කියන අදහස නෙවෙයි. අපක්ෂපාතී, මධ්‍යස්ථ සටහනක් ඉදිරිපත් කිරීමට උත්සාහ දැරුවෙමි.)
ඉතින් ඇයි මම ආත්මාර්ථකාමී වෙලා මගේ T.V එක විතරක් වහන්නේ? ඇයි මම දන්න දේ අනිත් අයටත් දැනගන්න ඇරියාම මොකක්ද සිදුවෙන වරද? අපි ආත්මාර්ථකාමී වෙලා බෑ නේද? මේ වගේ වෙලාවක? ඒ වගේම මේ ගැන දන්න අයට පුළුවන් මම වැරදි නම් ඒ ගැන ප්‍රතිචාරයකින් දක්වන්න. මම කිසිදු ප්‍රතිචාරයක් සංස්කරණය කරන්නේ නෑ. ඉතින් ඔබට සිරස ගැන යහපත් දෙයක් තියෙනවානම් ඒකත්, සටහන් කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම මාත් කැමතියි ඇත්ත දැනගන්න. ඒ වගේම ඇත්ත දැනගන්න අපේ අනිත් අයටත් අයිතිය තියෙනවා. අන්න ඒක නිසා තමයි මම මගේ T.V එක විතරක් වහගන්න උත්සාහ කරේ නැත්තේ.
පිස්සු මෑන් කියන නමේම අර්ථය හැමෝම දන්නවා කියලා හිතෙන නිසා වැඩි දෙයක් ලියන්න උත්සාහ ගන්නේ නෑ. මේ ලිව්වා ඇති. තවත් මොනවාහරි අදහස් තියෙනවාද?
මතක තියාගන්න යමක් කියන්නම්. ලංකාව කියන්න ආත්මාර්තකාමී මින්සුන්ගෙන් පිරිච්ච රටක්! ඒක නිසා තමයි අපි ගල් යුගයෙනුත් එහාට ගිහිල්ලා ලෝකේ අංක එකේ වඳවීගෙන යන ජාතියක් වෙලා තියෙන්නේ!
සිරස සුපර් ස්ටාර්, ඩාන්සින් ස්ටාර්, කෙළින් කතාව වගේ දේවල් ලංකාවට ගෙනල්ල Reality මාධ්‍ය සංස්කෘතිය ලංකාවට හදුන්වල දුන්නෙ සිරස කියන එක් හැමෝටම කිසිම තර්කයකින් තොරව පිළිගන්න වෙනව. මම හිතන විදිහට ඒ වැඩසටහන් ඉතාමත් හොදයි. (10/10)
ඊලගට මහගෙදර, ප්‍රවීනා ගැන කතා කරනව. ඒත් එක්කෙනෙක්වත් කතා කරනවද ස්වර්ණවාහිනියේ යන අවංකා ගැන. ඒක බලල දෙකෙන් වඩාත්ම රට කන්නෙ මොකක්ද කියල කතා කරමු.
අනෙක් රූපවාහිනී නාලිකා වගේම සිරස නාලිකාවත් කරන්නෙ තමන්ගෙ රාජකාරිය (Job එක). අන්තර්ජාලයේ කුණුහරුප වෙඩ් අඩවි තියනව කියල ඒවට බැන බැන කවුරුත් ඉන්නෙ නෑනෙ. නොබලන අය නොබල ඉන්නව, බලන අය හරි ජොලියෙ ඒව බලනව. ඒඅයත් කරන්නේ ඒ අයගෙ වෘත්තීය. වෙන චැනල් එකක මොන දහජරාවක් පෙන්නුවත් ඒව ගැන කිසිවක් කතාකරන්නෙ නැතුව සිරසෙ මොකක්හරි ඇදල අරගෙන බනින ඒ වැරදියි කියලයි මම කියන්නෙ.
අවසාන වශයෙන් සිරස CNN (මට මතක හැටියට) නාලිකාවෙන් දිනුමක් ලබාගත්තු එක ගැන කවුරුත් කතා කරන්නෙ නෑ.
News 1st Sri Lanka has won the CNN Award for Best World Report – Best Feature Story at the CNN Awards 2008. The award ceremony will be held in Atlanta, USA in August.
මොකක්ද මේකට හේතුව???
සිරිස කියන්නේ අපේ මෝඩ මිනිස්සුන්ව මෝඩයෝ කරගෙන මුදල් හා සිංහලයන්ව මොට්ට කරන දෙයක්. දන්නවාද සිංහලෙන් හඩ කවපු කාටූන් සිරසේ යනකොට ඒ කාටුන්ම ෂක්ති එකේ ඉන්ගිරිසියෙන් යනවා… මොකද මේ ? ඇයි ඒවා දෙමලෙන් දාන්න බැරිද ? නෑ… අපේ ලමයින්ගේ ඉන්ගිරිසි මොට්ට කරන්න කරන තවත් එක දෙයක් පමනයි.
“සිරිස කියන්නේ අපේ මෝඩ මිනිස්සුන්ව මෝඩයෝ කරගෙන මුදල් හා සිංහලයන්ව මොට්ට කරන දෙයක්. දන්නවාද සිංහලෙන් හඩ කවපු කාටූන් සිරසේ යනකොට ඒ කාටුන්ම ෂක්ති එකේ ඉන්ගිරිසියෙන් යනවා… මොකද මේ ? ඇයි ඒවා දෙමලෙන් දාන්න බැරිද ? නෑ… අපේ ලමයින්ගේ ඉන්ගිරිසි මොට්ට කරන්න කරන තවත් එක දෙයක් පමනයි.”
ඇත්තට… මාරායිනෙ… දෙමළෙන් හඩ කවපුව යන්නෙම නැද්ද අනේ… ඔයා ෂුවර් එකටම ලංකාවේ තියන සිරස/ෂක්ති චැනල් ගැනද කතා කරන්නෙ?
මේවාද කියවීමට අමතක නොකරන්න… > http://sannasa.org/index.php?option=com_content&task=view&id=692&Itemid=31
පිස්සන් හා සිරසක් නැති උන් එක්ක මේක ගැන කතා කරල වැඩක් නෑ !
අයියා, මට අහම්බෙනුයි මේ පිටුව කියවන්න ලැබුනේ ඉතින් මට කියන්න තියෙන්නේ සිරසට කඩේ යන ,තාර්කික චින්තනය යන වචනය වත් අහල නැති පිස්සො ඉන්නකම් සිරස අපේ අහිංසක කිරිසප්පයෝ ටිකටත් සිරස නැති පිස්සො වෙන්න පාර කියාවී.
hapooo ubala nam mara mantel dial thama !! SIRASA kiyanne akak tv chanel akak witharei….. thawa kochchara nam dewal thiyanawada me rate wenas wenna ony?? me blog aka liyapu aka inne sirasa v aka gawada?? un ge kattiya ubala ge gedarata panala balen sirasa dala duwanawada?? naththam uba ge TV ake ahu wenne sirasa witharada?? owa gen mokaka unath wenna puluwan ne?? LOL machan nikam boruwata akek banin paliyata baninna apa ubalama hithala balapallaaa…. hariyata nikam aka nariyek huu wak kiwwama anith serama un hu kiyanawa wage !!! HIKZZZ…… ubalata sirasa balana kota kohe hari kasanawa wage nam wena chanal akaka dapallaaa….. !!!! anith aka thama ara cartoon gana dala thiyana gon kathawa !! machan sinhalen danne podi lamaeinta theruma ganna lesi wenna.. samanyayen cartoon balanne godak podi lamei, ubala ge pathi wala ubalath agilla kate gahanna cartoon balanawa wage LOL !
lanakawata Reality wadasatahan kiyala dunneth sirasa thama….. sirasen sms awanna kiyaddi patta yanna banapu un dan un ge awatath awa da gena innawa.. dan jathiketa SMS seen aka nathuwama baha !!
me para nidahas dawase LTTE aken army camp ahekata GAS dala sebalu 400k marapu wela we jathike aka gana wachanayak wath kiwwada??
Aka nisa machan GON ATHAL ganne nathuwa wena wadak karapan !! SIRASA balanna amaru nam wena chanel akak balahan….
“සිරිස කියන්නේ අපේ මෝඩ මිනිස්සුන්ව මෝඩයෝ කරගෙන මුදල් හා සිංහලයන්ව මොට්ට කරන දෙයක්. දන්නවාද සිංහලෙන් හඩ කවපු කාටූන් සිරසේ යනකොට ඒ කාටුන්ම ෂක්ති එකේ ඉන්ගිරිසියෙන් යනවා… මොකද මේ ? ඇයි ඒවා දෙමලෙන් දාන්න බැරිද ? නෑ… අපේ ලමයින්ගේ ඉන්ගිරිසි මොට්ට කරන්න කරන තවත් එක දෙයක් පමනයි.”
Uba baluwe sakthida naththam wena mokaka hari da?? yakoo ake demala cartoon wahi wahala. Aei machan uba pana da gena wena chanel walata kade yanne????
මේ ගැන මෝඩයෝ එක්ක කතා කරලා වැඩක් නෑ. අමතක කරන්න එපා මේ රටේ සිරස විතරක්ම බලන ගොන්නු පිරිසක් ඉන්න්වය කියල .ඒ කීපදෙනෙක් අදහස් දක්වල තියන බවත් පේනව. හොඳ ලිපියක් මම නම් 100% ක් ම එකඟයි