Skip to content

පණ්ඩුකාභය කතාව මහාවංශයේ මුසාවක්ද?

ජූලි 13, 2008

සුදාරකගේ සටහන

කාලෙකට පස්සේ ඉතිහාසය ගවේෂණය කරන්න වෙලාව ඇවිල්ලා. ඒත් මේ දවස්වල විභාග කටයුතු නිසා මොකක්වත් කරන්න වෙලාව නෑ. ඉතින් අවධානය යොමු කරන්න අවශ්‍ය සටහනට කලින් පොඩි ශීර්ෂ සටහනක් යොදලා ඉන්නම්.

මහාවංශය කියන්නේ ලංකාවේ දැනට පිළිගැනෙන විශේෂය ඉතිහාසමය මූලාශ්‍රය. ඒ වුනත් මහාවංශය කියනේ සම්පූර්ණ වශයෙන් දේශපාලන ඉතිහාසයක් අන්තර්ගත මධ්‍යස්ත කෘතියක් නොවේ. ඒ වගේම බොහෝ දුරට කතෲ හිමිනමට අවශ්‍ය වූ දේ ඉස්මතු කරලා පෙන්නන්නත්, කතෲ හිමියන් අකමැති වූ කරුණු යටගහන්නත් උත්සාහ කරලා තියෙනවා. මෙන්න මේ හේතුව නිසා අද බොහෝ දෙනෙක් මහාවංශයේ ඉතිහාස කරුණු සමඟ ඝට්ඨනයක් ඇතිවෙලා තියෙනවා. ඉතිහාසය ගැන දැනගන්න මගේ තියෙන අවශ්‍යතාවය (මේකට කියන්නේ අතීතකාමය කියන වචනේද දන්නේ නෑ) මෙවර උච්ජත්වයට පත්කරේ මෙවර රිවිර පුවත්පතේ ලිපියක්. ඇත්තටම අපි ‍නොදන්න ගොඩක් දේවල් අපේ ඉතිහාසයේ හැංගිලා තියෙන පාටයි. සිංහල යන ජාතියේ මූලාරම්භය සිදුවන්නේ කෙසේද කියන දේ ගැන ලොකු කුතුහලයක් තමයි මගේ තියෙන්නේ. ඉතින් කොහොමින් හරි වැඩි අටුවා ටීකා නැතිව, ඔබව රිවිර පුවත්පතේ සටහනට යොමු කරන්නම්.

http://www.rivira.lk/2008/07/13/rividahara1.htm

ඔබත් පිව්සි‍ලා නිවාඩු පාඩුවේ කියවලා බලන්න. ඉතිහාසය ගැන හිතේ කුතුහලයක් තියෙන අයට කියාපු ලිපිය.

හෙට (2008.07.14) අපිට සාමාන්‍ය පෙළ විභාගයට ළකුණු එකතු වෙන දවසක් ඒ කියන්නේ හරියට සා.පෙ පටන්ගත්තා වගේ තමයි. හෙට අපිට තියෙනවා නාට්‍ය හා රංගකලාව ප්‍රායෝගික පරීක්ෂණය. ඒත් එක්කම දෙවැනි වාර විභාගෙත් පටන්ගන්නවා. ඒක නිසා VHOST වල පාරිභෝගිකයන්ට දුරකථනයෙන් පාරිභෝගික සහාය ටික කාලයකට ලබාදෙන්නනම් බැරිවේවි. කොහොම වුනත් ගිණූමේ ගැටළුවක් මතුවුනොත් cs@vhost1st.com වෙතට ලිපියක් යොමු කරන්න. කාල සටහනේ හැටියට අනිවාර්යයෙන්ම පිළිතුරු ලබාදෙන්න උත්සාහ ගන්නම්.

එහෙනම් මම ගියා! නැවතත් සුදාරකගේ අන්තර්ජාල සටහනෙන් හමුවෙමු.

අහ්! තව එකක් කියන්න අමතක වුනා. සිංහල බ්ලොග් අවකාශයේ හැම දෙනාම දන්න අඳුරන කෙනා තමයි මලින්ත කියලා කියන්නේ. හෙට මලින්ත අයියාගේ උපන්දිනේ! සුභ උපන්දිනයක් වේවා මලින්ත අයියේ!
:)

ප්‍රතිචාර 7 leave one →
  1. ජූලි 13, 2008 10:32 ප.ව.

    මුල සෙවුම යන්න තමයි නවීන විද්‍යාවේ පැවත්ම. නමුත් මේ කිසිම දෙයක මුල හෝ අග නැහැ. මේවා චක්‍ර. මහා වංශය හැටියට මුල සිංහයා. එතකොට සිංහයගේ පියා. මේ විදිහට තව ඇදෙනවා. මෙ දිය මුල, මෙ විශ්වයේ මුල ආදි වශයෙන් බොහෝ මුල් සොයනවා. නමුත් නවතින්නේ අප සිටින තැනමයි. කාලයේ මුල කොතනද?

  2. dilandamith permalink
    ජූලි 13, 2008 11:36 ප.ව.

    ආ. මල්ලී විභාගේ හොදින් කරන්න හොදේ.

  3. ජූලි 14, 2008 7:29 පෙ.ව.

    ‍බොහෝවිට ඉතිහාසය ගැන අපිට දැන ගත හැක්කේ එක්කො ඒ පිළිබඳ ලියූ වංශකතා මඟින් නැතිනම් පුරාවිද්‍යාත්මක ගවේශන නිසා. මේ සෑම දෙයක්ම සම්පුර්ණයෙන්ම සත්‍ය නොවෙයි. ඒත් මේ දෙවල් වලින් ඉතිහාසය සම්බන්ධයෙන් යම් දැක්මක් අපට ලැබෙනවා.
    එහෙත් මේ ඉතිහාස කතා කොන්දේසි විරහිතව පූර්ණ සත්‍ය ලෙස ගැනීමත්, ඒ තුල ඉදගෙන ලෝකය දෙස බැලීමත් නිවැරදි නැහැ.

    මමත් සුභ පතනවා විභාගය හොඳට කරන්න කියල.

  4. ජූලි 14, 2008 7:41 පෙ.ව.

    ආ මල්ලි බොහොම ස්තූතියි සුබ පැතුමට! :)

  5. ජූලි 17, 2008 8:32 ප.ව.

    විභාගේ හොඳට සමත් වෙන්න
    250GB රු.600 දෙන එකනම් විශ්ම කර්ම වැඩක්

  6. ජූලි 29, 2011 12:37 ප.ව.

    මේක පොඩ්ඩක් කියවන්න
    මහා වංශයේ දක්නට ලැබෙනා ගැටළු සහගත කාල නිර්ණයන්::අග්නිදිග විශ්වවිද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමයSinhala Literary Association

Trackbacks

  1. සුදාරකගේ අන්තර්ජාල සටහන » Blog Archive » 08.08.08ට පෙර

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers