Categories
විවිධ

ආරාධිත සටහන: ජනත් විසින්

පෙර සටහන : මෙම සටහන http://champike.blogspot.com/2008/07/iphone.html බ්ලොග් සටහනට ප්‍රතිචාරයක් වශයෙන් ජනත් විසින් සටහන් කරන ලද්දකි. ඔහු විසින් මා වෙත ආරාධිත සටහනක් වශයෙන් එවන ලද ඒ සටහන ආරාධිත ලිපියක් වශයෙන් මෙවර සුදාරකගේ අන්තර්ජාල සටහන ‍අලංකෘත කරයි.

————————————————-

හැමෝගෙම බ්ලොග් අඩ්වි දැකලා මටත් හිතුනා හැමෝටම තේරෙන භාෂාවෙන් පොඩි කමෙන්ට් එකක් ලියන්න. මේකට මම පදනම කර ගන්නේ Apple iPhone එක ගැන ලියවුණු සටහන. මෙම සටහනේ තිබුනා අරුම පුදුම මිලකට අලෙවි වන iPhone 3G දුරකතනය ගැන. ඒ ගැන මම ලියපු කමෙන්ට් එක හරියට තේරුම් ගියේ නැහැ කියන අදහස හිතට වැදුණු නිසා තමයි තවත් කමෙන්ට් එකක් ලියන්න පෙළඹුණේ.

දැන් පටන් ගන්නම් විස්තරය,

යුරෝපීය රටවල් සහ ඇමරිකානු රටවල් වල ජංගම දුරකතන අලවිය සිද්ද වෙන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, සිංගපූරුව ආදී ආසියාතික රටවල් වල ජංගම දුරකතන අලවිය සිද්ද වෙන විදියට නොවේ. එම රටවල් වලට නව මාදිලියක ජංගම දුරකතනයක් හඳුන්වා දෙන්නේ ජංගම දුරකතන සේවා සපයන සමාගම විසින්ම තමයි. එම සමාගම් දුරකතනය ඉතා අඩු මුදලකට ලබා දෙනවා. හැබැයි කොන්දේසි ගනනාවක් මත.

මුල්ම කොන්දේසිය තමයි අඩුම වශයෙන් අවු. 2ක් වගේ කාලයක් මෙම දුරකතනය භාවිතා කරන බව.

දෙවන කොන්දේසිය තමයි එම කාලය පුරාවට (අවු. 2ක්) ඇම්තුම් ගාස්තු වලට අමතරව නිශ්චිත මුදලක් සමාගමට ගෙවීම.

මෙන්න මේ වගේ කොන්දේසි නිසා සමාගමටත් පාරිභෝගිකයාටත් යම් යම් වාසි ඇති වෙනවා. iPhone 3G දුරකතනයේ මිලත් අඩු මට්ටමක පවතිනවා වගේ අපිට හැඟෙන්නේ ඒ නිසාම තමයි. ඇත්තටම එම මිල, කල් බදු ක්‍රමයේ (Leasing/ Installment scheme) ප්‍රථම වාරිකය වගෙයි.

දැන් මම ටිකක් වෙනස් කතාවක් කියන්නම්

කලින් කියපු විදියට දුරකතනයක් මිලදී ගන්න සමහර අවස්ථා වලදී, එම දුරකථනයට රක්ෂණ ආවරණයක් ලබා දෙනවා. ඒ කුමක් හෝ දෝෂයක් නිසා දුරකතනය නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අලුත් දුරකතනයක් ලබාදීම සඳහායි. ඒ වගේම මෙම දුරකතනයට සේවා සපයන සමාගම විසින් ආරක්ෂක අගුලක් (Password) යෙදීමකුත් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. මෙම ආරක්ෂක අගුල තමයි අපි විසින් Country Lock එකක් ලෙස හඳුන්වන්නේ.

දැන් කියන්නම් ගොඩක් දෙනෙක් අත්විදින හැබැයි හරියටම නොදන්න කතාව

ඥාතීන් පිටරට ගියාම කරන වැඩක් මේක,

ඒ අයත් කලින් කියපු විදියට නව මාදිලියේ (ලංකවේදී) මිල අධික දුරකතනයක් මිලදී ගන්නවා. ටික දවසක් (මාසයක් දෙකක්) පාවිච්චි කරල හරි නොකර හරි ගත්තු දුරකතනය ලංකාවට එවනවා. (මේක එවන්නේ තමන්ගෙ යාළුවෙක් හො ඥාතියෙක් අතේ) ඊට පස්සේ අදාල දුරකතන සමාගමට දැනුම් දෙනවා තමන්ගේ දුරකතනය නැති වුණා කියලා. ඊට පස්සේ අදාල සමාගම රක්ෂණය යටතේ එම වර්ගයේම තවත් අළුත් දුරකතනයක් ලබා දෙනවා. කොහොමද වැඩේ, එක මිලට දුරකතන දෙකයි. එකත් ගෙවන්න ඕන අවු. දෙකකින්.

දැන් බලමු ලංකාවට එන දුරකතනයට මොකද වෙන්නෙ කියල,

දැන් එම දුරකතනය ලංකාවට ගෙනැල්ලා ලංකාවේ ජංගම දුරකතන සේවා සමාගම් 4න් එකකට අයත් SIM (Subscriber Identification Module) එකක් දානවා. ඔන්න එතකොට පණිවිඩයක් එනවා ආරක්ෂිත අගුල (Password / Country Lock ඒක ) ඇතුලත් කරන්න කියලා. නමුත් මේ ආරක්ෂිත අගුල තියෙන්නේ මුල් දුරකතන සමාගම සතුවයි. ඔන්න ඔතන ඉඳලා තමයි අපි ගොඩක් දෙනෙක් දන්න කතාව පටන් ගන්නෙ

අපේ රටේ බොහොමයක්, කුඩා දුරකතන අලවි සැල් වල බොහොම ජනප්‍රිය සේවාවක් ප්‍රචාරණය කරනවා “Phone Unlocking” කියල. මේ සේවාව සඳහා නම් දරාපු අයත් ඉන්නවා. සමහර වෙලෙන්දන් මේ ව්‍යාපාරයේදි අතරමැදියන් බවට පත් වෙනවා. ඒ කියන්නෙ වැඩි මුදලකට වැඩේ භාර අරගෙන වෙනත් කෙනෙකුන් ලවා කරවා ගන්නවා. ඒක නිසා ඔබත් මෙවන්නක් කරවා ගන්න බලාපොරොත්තු වෙනවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න.

ඉතින් එවන් පුද්ගලයකු විසින් සිදුකරන්නේ අර මුල් දුරකතන සමාගම මගින් යොදල තියෙන ආරක්ෂක අගුල ඉවත් කිරීමයි. මේක කරන්නේ කොහොමද කියල නම් මම හරියටම දන්නෙ නැහැ. නමුත් අදාල දුරකතනයේ Model Number (Nokia N95) එක සමග Unlock වචනය යොදල Google Search එකක් කරහම (Eg. Unlock Nokia N95) ලැබෙන සමහර ප්‍රතිඵල වලින් තමන්ටම මේ වැඩේ කරගන්න පුළුවන් කියල මම හිතනව.

ඔන්න ඕක තමයි අඩුමිලට දුරකතන ලබාදෙන විදිය.

————————————————-

පසු සටහන : ජනත්, ඔබ විසින් සපයන ලද ආරාධිත සටහනින්, සුදාරකගේ අන්තර්ජාල සටහන වර්ණවත් කිරීම වෙනුවෙන් ස්තූතියි.

One reply on “ආරාධිත සටහන: ජනත් විසින්”

Small correction
When you get a phone with a contract, the insurance doesn’t come with it. You have to buy it separately, but most of the time people don’t buy it. But I guess if you are planning on pulling a trick like this you could buy the insurance.
But one bad point would be all your transactions and claims are recorded against your SSN (Social Security Number, it’s like the National ID card number in SL). I don’t know about mobile insurance, but when you make a claim for an accident on your car insurance, next time when you are buying insurance you will have to pay a higher rate.

Off Topic (Sorry)
Also when you get a traffic violation ticket like a speeding ticket your insurance premium will go up. Actually I think they should implement this in SL too, so that when these maniac private bus drivers get speeding tickets the bus owners will have to pay higher insurance premiums. Then they will start looking for drivers with lower number of traffic violations and drivers would drive much more safely if they want to keep their job.

Leave a Reply to Dhanu Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.