මෙහෙමත් නින්දක්! 8

ජූලි මාසෙත් ලැබුවා එහෙනම්. පුදුමේ කියන්නේ 2008 අවුරුද්දත් යන ඉක්මන. කොහොමහරි ඉතින් මම නම් සාමාන්‍යයෙන් රැ 12 වෙනකම් පාඩම් කරනවා. පාඩම් කරනකොට නම් නිදිමත දැනෙන්නේ නෑ. ඒති ඉතින් උදේ නැගිට්ටාම තමයි රඟේ දැනේනේනේ. උදේ පාන්දර පාඩම් කරන්න වෙලාව නැති නිසා මටනම් ඉතින් පාඩම් කරන්න හොඳම වෙලාව තමයි රෑ. ඒත් පාඩම් කරන්නේ රෑ 12 වෙනකම් විතරයි. මොකද ආයු‍ර්වේදයේ කියලා තියෙනවානේ 12 යි 2යි අතරේ පාඩම් කරන දේවල් ගොඩක් වෙලාවට මතක හිටින්නේ නෑ කියලා. මට මතකයි මම කලින් කියලා තියෙනවා කියලා මට සාමාන්‍යයෙන් බස් එකකට නැග්ගාම නින්ද යනවා කියලා. ඇත්තටම මේක නරක පුරුද්දක් තමයි, ඒත් කරන්න දෙයක්නම් නෑ. කොහොම හරි මේ සතියේ මට මාර වැඩක් වුනා. ඉස්කෝලේ ඉවරවෙලා බස් එකට නැග්ගේ යාලුවෙක් එක්ක. ටික වෙලාවක් යද්දී මෙන්න ටික ටික නිදි මත වෙන්න ගත්තා. බලන්නකෝ මේ යාළුවා (මාළුවා) කරලා තියෙන්නේ. මේ යකා මාව වීඩියෝ කරලා, කොහොම හරි පිණ්සෙණ්ඩු වෙලා වීඩියෝ එක ඉල්ලගත්තා බ්ලොග් එකේ දාන්න. ඕන්න දැම්මා එහෙනම්…,

අනේ ඉතින් මටත් වෙන දේවල්!

8 thoughts on “මෙහෙමත් නින්දක්!

  1. Reply අනිලි Jul 4,2008 10:20 pm

    මල්ලියේ , පාඩම් කරන එක නම් ඉතා හොඳ දෙයක්. එත් බස්එකේ නිදා ගන්න නම් එපා. මේ දවස් වල බස් බෝම්බ තියෙනවානේ . විමසිලිමත්ව ගමන් කරන්න කියලා හැම තිස්සෙම කියනවානේ. ඒත් ‍ඔය‍ාගේ යාලුවා ඔයත් එක්ක යනකම් බය වෙන්න එපා. එයා හොද අවදියෙන් වගේ යන්නේ. මොනවා හරි උනොත් ඒකත් වීඩියෝ කරයි වගේ. මමත් පාසැල් යන කාලේ ගෙදර ලං වෙනකම්ම බස්‍ ‍එකේ නිදා ගත්තා. එතකොට බෝම්බ නැහැනේ.

  2. Reply කසුන් Jul 5,2008 9:08 am

    ඕවා ඉතිං සාමාන්‍ය දේවල්නේ 🙂

  3. Reply ඩිලාන් Jul 5,2008 8:00 pm

    පිස්සු නේ. (යාළුවාට)

  4. Reply නිදහස Jul 5,2008 9:32 pm

    අරයා එක්ක යනකොට වීඩියෝ කරන්න එපයි කියන්න. ගෙදර වාසය කරල හමාරයි.

  5. Reply Nevindaree Jul 14,2008 5:13 pm

    interesting Blog Post…!! 🙂

  6. Reply ayesha mihirani Nov 30,2009 10:05 am

    තනියම කවදාවත් බස් එකට නගින්න එපා මොකද බහින තැන මගහැරේවි

Leave a Reply

%d bloggers like this: