Categories
විවිධ

සුදාරකට දහසයයි!

ඔන්න ඉතින් මම මේ ලෝකෙට ඇවිල්ලා අවුරුදු 16ක් නොදැනීම ගතවෙලා! ඉතින් මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ අන්තර්ජාලයේ මුලින්ම සුබ පතපු සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට හා SMS, E-Mail මඟින් සුබ පතපු අන්තර්ජාලයේ මිතුරන්ටත්. ඒ වගේම මට සුබ පතපු, සුබ නොපතපු, සුබ පතන්න අමතක වෙච්ච හැමදෙනාටම මේ අවස්ථාව කරගන්නවා මගේ බ්ලොග් අඩවිය සමඟ රැඳී සිටියාට ස්තූති කරන්න.

ලාංකීය වර්තමාන හැම ශිෂ්‍යයෙකුට තමන්ගේ 16වෙනි වසර කියන්නේ විශාල අභියෝග වලින් පිරුණු වසරක්. ඉතින් මේ අවුරුද්දේ 11ශ්‍රේණියේ හැමෝම සූදානම් වෙනවා තමන් ජීවිතේ පනින ලොකුම පිම්ම පනින්න. ඒක තමයි අධ්‍යන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය. ඉතින් මේ දවස්වල මාත් දිගටම වැඩ කරනවා. හොඳම වැඩේ තමයි කාලසටහනකට අනුව වැඩ කරන එක. එහෙම කරන කෙනාට කිසිම වැඩක් අතපසු වෙන එකක් නෑ.

ඉතින් මෙන්න මගෙන් කේක්, කැවුම්, කිරිබත්, ඉල්ලපු අයට තෑගි දෙන්න වෙලාව ඇවිල්ලා! VHOST වෙතින් නොමිලේම වෙබ් අඩවියට ඉඩ ලබාගන්න දැන් ඔබට පුලුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. www.vhost1st.com වෙබ් අඩවියට පිවිසිලා Student වෙබ් පැකේජය මිළදී ගැනීම සඳහා ඇනවුමක් යොමුකරන්න.

කෙලින්ම ඇනවුම් කිරීම සඳහා http://www.vhost1st.com/manage/cart.php?a=add&pid=2 වෙත පිවිසෙන්න. එහි ඇති පහසු පියවරයන් අනුගමනය කොට. පහත දැක්වෙන කූපන කේත (Coupon Codes) යොදා නොමිලේම වෙබ් ඉඩ ලබාගැනීමට හැකියි.

මේ කූපනය කේක් ඕනයි කිව්ව අයටයි – cake
මේ කූපනය කැවුම් ඕනයි කිව්ව අයටයි – kewum
ඒ වගේම මේ කූපනය කිරිබත් ඕන කිව්ව අයටයි – kiribath

ඔබට මෙම කුපන් කේත යොදා ලියාපදිංචි වී, ඔබ‍ගේම බ්ලොග් අඩවියක් WordPress හරහා ආරම්භ කර හැකියි. මෙම වෙබ් ඉඩ ඔබට ලබාදෙන්නේ, ඔබේ පුද්ගලික බ්ලොග් අඩවියක් සඳහා පමණක් බවත් මතක තබාගන්න. එමෙන්ම ඔබට මෙම වෙබ් අඩවිය ලබාගැනීම සඳහා ඩොමේන් නාමයක්ද තිබිය යුතුයි. මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. ඔබටම ඩොමේන් නාමයක් තියෙනවානම් එය සම්බන්ධ කළ හැකියි. එසේත් නැතිනම් www.co.cc වෙත පිවිස කෙටි ඩොමේන් නාමයක් ලියාපදිංචි කරගැනීමටද ඔබට හැකියාව තියෙනවා. එම කෙටි ඩොමේන් නාමය අ‍පගේ DNS සමඟ සම්බන්ධ කිරීමෙන් ඔබට ඔබේ වෙබ් අඩවිය ක්‍රියාත්මක කළ හැකියි.

ඔබට නොමිලේ ලැබෙන සේවාවන්…

  • මෙගාබයිට් 5,000ක (5,000MB / 5GB) වෙබ් ඉඩක්
  • මෙගාබයිට් 50,000ක (50,000MB / 50GB) දත්ත පරාසයක් (Bandwidth)
  • cPanel වෙබ් අඩවි පාලක පැනලය
  • Fantastico ස්වයංක්‍රීය වෙබ් මෘදුකාංග ස්ථාපනය කරවීමේ වැඩසටහන (වර්ඩ්ප්‍රෙස් ඇතුලු වැඩසටහන් රාශියක්)
  • Google Aps සඳහා සහයෝගීතාවය
  • හා තවත් බොහෝ දෑ.

ඉතින් දැන්ම www.vhost1st.com වෙත පිවිස ලියාපදිංචි වී මෙම විශේෂ දීමනාව අත්විඳින්න. මෙම විශේෂ දීමනාව ක්‍රියාත්මක වන්නේ කෙටි කාලයක් සඳහා පමණක් බැවින් දැන්ම ක්‍රියාත්මක වන්න.

ඉතින් අදට මෙපමණයි. සුබ පතපු, සුබ පතන ඔබ හැමදෙනාටම ස්තූතියි.

19 replies on “සුදාරකට දහසයයි!”

Dear Sudaraka,

You are doing a lot for a 16 year old. Hope the same enthusiasm will prevail when you get older. Thanks a lot for sharing your knowledge in technology with others through your blog. It is encouraging to see teenagers like you doing something useful while many use Internet only for fun. Hope you could get more youth to contribute something worthwhile to the blogsphere and the field of ICT. Also you can help others in different parts of Sri Lanka once your exam is over. Working alone is easy. Getting others to work is the difficult part. Good luck with your exam.

Send me a mail to wanni@wanni.info

ආයෙමත් වතාවක් උඹට සුබ පැතුම්. සාමාන්‍ය පෙළ හොඳින්ම ගොඩ යන්න වරම් ලැබේවා.

@ නිදහස – බොහොම ස්තූතියි නැවතත්! 🙂
@ Nandasiri Wanninayaka sir – It’s pleasure to see that you have commented on my Blog. Thank you so much sir. Thank you…

සුදාරක මලයා
මම ඔයාගෙ කේක් කෑල්ලක් කෑවා, ස්තුතියි, සුභ උපන්දිනක් නැවතත්,

කරදරයක් නැත්නම් උදව්වක් කරන්න –
මම vhost1st එකේ ලියාපදිංචි උනා, අලුතෙන් ඩොමේන් එකක් “sanjeblog.co.cc සහ wordpress බ්ලොග් පේජ් එකකුත් “sanjeewblog.wordpress.com” කියල හදා ගත්ත. ඊ ලගට මොකද කරන්නෙ

@ sanjeew kumar – කරන්න තියෙන්නේ සුලු දෙයයි. ඔබේ වෙබ් ලබා ගත් වෙබි ඉඩ නිසා ඔබට තව දුරටත් ඔබගේ වර්ඩ්ප්‍රෙස් ගිණුම අවශ්‍ය වන්නේ නෑ. ඔබගේ co.cc ඩොමේන් නාමය අපේ සේවාදායකට සම්බන්ධ කිරීමට කරුණාකර http://www.co.cc වෙබ් අඩවිය‍ට පිවිස ඔබ ලියාපදිංචි වූ විද්‍යුත් තැපැල් ලිපිනය හා රහස් වදන ‍ඇතුලත් කර sign-in වෙන්න. ඊට පස්සේ Manage Domain යටතේ ඔබ ලියාපදිංචි කරන ලද ඩොමේන් නාමය මත ක්ලික් කරන්න. අනතුරුව ඔබට ප්‍රවේශ නව මීළඟ පිටුවේ ඇති, Set Up button එක මත ක්ලික් කරන්න. ඊට පස්සේ 1. Manage DNS ටික් කරලා…,

Name Server 1 සඳහා – ns1.vhostmega.info
Name Server 2 සඳහා – ns2.vhostmega.info

ඇතුලත් කරන්න. අනතුරුව Set Up බොත්තම මත ක්ලික් කරන්න.
එපමණයි! ඔබගේ .co.cc ‍ඩොමේන් නාමය අපගේ සේවාදායක සමඟ සම්බන්ධ වන තෙක් පැය 24ක් වත් ඉවසන්න වෙනවා හැබැයි. 🙂

වැඩි විස්තර අවශ්‍ය නම් ඔබට ලැබී ඇති e-mail එක බලන්න.

ආනන්දවර්ධනටත් බොහොම ස්තූතියි. 🙂 කේක් කෑල්ලක් කෑවේ නැතෙයි? 😀

අහ් බ්ලොග්කරුවන්ගේ සංසදේ සුබ පැතුවට මෙතන සුබ පතන්න බැරිවුණා නෙව 😀
ජයවේවා මලයා!

@කාලිංග – ඇයි නැත්තේ! තව තියෙනවා! කේක් නැත්තන් කන්නකෝ කැවුම්! 😀

ඔන්න අපිත් කේක් කෑවා. ජීර්නය වුනාද කියලා තාම ෂුවර් නැහැ 🙂
සංග්‍රහයට ස්තුතියි.

@ Anandawardhana & කසුන්! – සංග්‍රහය භුක්ති වින්දාට ස්තූතියි.

@ හැමදෙනාටම 🙂 – ඔබගේ සුබ පැතුම් වලට බොහොම ස්තූතියි නැවතවාරයක්! කොහොම හරි මගේ නොමිලේ හෝස්ටින්ග් සාදය නම් දැනට ඉවරයි! 🙂

O/L කියන්නෙ ලොකුම පිම්ම නෙමෙයි මල්ලියා. O/L එච්චර අමාරූ නෑ. O/L එහෙම පාස් වෙලා A/L තමයි ලොකුම පිම්ම.

😀 Happy B’Day

Leave a Reply to sanjeew kumar Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.