Skip to content

අයියෝ ෂර්ලොක්!

මැයි 18, 2008

මම කලින් කිව්වා මතක ඇතිනේ ෂර්ලොක් හෝම්ස් කියලා ටෙලිනාට්‍ය පෙළක් රූපවාහිනියේ විකාශනය වෙනවා කියලා. ඉතින් ඒකට සමගාමීව මමත් ෂර්ලොක් හෝම්ස් ගැන සටහනකුත් දැම්මා. ඉතින් මම ගිය සතියේ සෙනසුරාදා ලේස්ති වෙලා ටී. වී එක ඉස්සරහා හරියටම 9.30ත් කලින් වාඩි වුනා. ෂික් නාට්ටේ මඟහැරිලාවත්ද? විනාඩි 10ක් විතර ගියා තාම නාට්ටේ පටන්ගත්තේ නෑ. ඉතින් මොකද කරේ නාට්ටේ බැලිල්ල අතඇරලා පුටුවෙන් නැගිට්ටා විතරයි මෙන්න පටන්ගත්තා. බලන්න පටන්ගත්තු තැන ඉඳලා කිසිම වින්දනයක් මට නම් ලැබුනේ නෑ. විනාඩි5ක්වත් රූප රාමු පෙන්නන්නේ නෑ දැන්වීම් දානවා. ඒක තමයි අප්පිරියම. එහෙම දැන්වීම් දාන්න හේතුව වෙන්න ඇත්තේ ඒ නාට්‍යය හදන්න ගොඩක් සල්ලි වියදම් කරන්න ඇති නිසා වෙන්න ඇති. ඒත් මටනම් හිතෙන්නේ…

“අප‍රාදේ හදන්න ගියපු සල්ලි!”

පලවෙනි කොටසින්ම නාට්ටේ එපා වුනා. අපි හැමෝගෙම වින්දනය වෙනස්නේ. මට නම් ඉතින් අප්පිරියයි… ඒකටත් හේතු ගොඩාආආආආයි!!!

නාට්‍යයේ ශෛලිගත භාවය වැඩියි.
හරිම අතාත්විකයි.
දුර්වල සංස්කරණ උපක්‍රම
සහ තවත් බොහෝ දෑ…

රංගන ශිල්පියෙක් වුනාම, ඒ චරිතය ඒ ආකාරයෙන්ම නිරූපනය කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒත් මේකේදී නියම ෂර්ලොක් හෝම්ස් ඉස්මතු වෙන්නේ නෑ. ඒ වගේම ෂර්ලොක් හෝම්ස් පොත මේකේ ප්‍රධාන නලුවා කියවලා තියෙනවාද දන්නෙත් නෑ. හැබැයි මට හිතෙනවා මේ ෂර්ලොක් හෝම්ස් චරිතයට ගැලපෙන නළුවෙක්. ඒ නළුවා තමයි රොජර් සෙනෙවිරත්න. අද ජීවතුන් අතර කොනන් ඩොයිල් හිටියානන් පෙරළි පෙරළි අඬාවි (සමහරවිට හිනාවෙන්නත් බැරිකමක් නෑ) මේ ගැන වැඩිය ලියන්න දෙයක් නෑ. ඔයා මොකක්ද හිතන්නේ මේ නාට්ටේ ගැන? හොඳයිද? නරකයිද? ප්‍රතිචාරයක් ලෙස සටහන් කරන්න…

ප්‍රතිචාර 9 leave one →
  1. මැයි 18, 2008 7:50 ප.ව.

    ලංකාව නේ…. ගනන්ගන්න එපා. මම නම් කොහොමත් පොතක් කියවද්දී ලැබන සතුට හා එය හිතෙන් මවා ගැනීම කොහොම කරත් ඒ රසය film වලින් වත් drams වලින්වත් දෙන්න අමාරුයි.

  2. මැයි 18, 2008 7:51 ප.ව.

    ආ.. මම ලංකාවේ නාලිකා බැලීම නවතල දැන් අවුරුදු 2 වෙන්න එනවා. මම ඕක නවත්නන්න සිරස හා ඔය වෙලද දැනිවීම් ගොඩක් බලපෑවා.

  3. මැයි 18, 2008 7:55 ප.ව.

    100% නෙමෙය 200% ඇත්ත. අපරාදෙ, එක සෑහෙන්න ලස්සනට කරන්න තිබුනා. හුගක් මහන්සි වෙලා තියෙනවා, ඒත් මහන්සිය අපරාදෙ. වැඩි වැඩ කරන්න ගිහින් අනාගෙන වගේ.

  4. මැයි 18, 2008 8:50 ප.ව.

    මටත් ඔය ටිකම තමයි හිතුණෙ. හැබැයි ඕක පටන්ගන්න කලින් ඉඳන්ම ඔහොම එකක් වෙයි කියලා හිතුණා :D

  5. මැයි 19, 2008 9:12 පෙ.ව.

    ලංකාවෙ පොත් වලින් නාට්‍ය හදන කොට වෙන්නඑ ගොඩක් වෙලාවට මුල් කෘියෙ රසය විනාශ වෙලා යන එක. “අග පිපි මල” පොත කියෙව්වනම් ඔය අත්දැකීම හොදදටම විඳින්න තිබුනා. ෂර්ලොක් හෝම්ස් නම් ශෛලිගත භාවය හොදදටම වැඩියි කියන එක මුල් දවසෙම හිතුනා. ඒක නිසා බලන එක අත ඇරල දැම්මා. නිර්මාණ කරණය ගැන මුල ඉඳන් ඉගෙන ගන්න වෙනවා මේක නිපදවපු අයට. අඩුම ගානෙ ප්‍රසන්න ජයකොඩි ගෙන් වත්.

    රොජර් ගැන කියපු කතාව නම් හරි. එයා තමයි නලඊවා. හැබැයි පාලිත පෙරේරා වරදකුත් නෑ.

  6. මැයි 19, 2008 10:45 පෙ.ව.

    මල්ලියා………

    ඔයාගේ තරමට නෙමේ වැඩ…
    ඔයා නම් ඇත්තටම වැඩකාරයෙක්.
    වැඩකිඩ ඔක්කොම දන්නවා.
    තව තව හොද වැඩ ඉගෙන ගෙන
    ඉස්සරහට හොද වැඩක් දෙන්න.

    එළකිරි………………
    ජයවේවා……………

    ප්‍රසාද් අයියා.

  7. මැයි 19, 2008 12:31 ප.ව.

    මමත් සම්පූර්ණයෙන්ම එකගවෙනවා. ටෙලිනාට්‍ය බැලුවහම ෂර්ලොක් හෝම්ස්වත් එපාවෙන‍වා…… අපරාදෙ තව සෑහෙන්න ලස්සනට කරන්න තිබුනා.

  8. මැයි 19, 2008 2:45 ප.ව.

    ඔබගේ කාරණය සත්‍යයකි.

    හුදෙක්ම එහි කැමරා කෝණයන් හෝ අදහස නිරූපන්‍ය වන අයුරින් චරිත නිරූපණය කිරීමට නළුන් සමත් වී නොමැත. කෙසේ වෙතත් මේ වැනි සම්භාව්‍ය නිර්මාණ කෘතියක්, ලෝකප්‍රසිද්ධ කෘතියක් ටෙලියකට නඟන විට එහි අධ්‍යක්‍ෂකවරියට මීට පෙර ඒ ආශ්‍රයෙන් නිර්මාණය වුණු ඉංග්‍රීසි මාධ්‍යයේ සිනමා කෘති නරඹා යම් අවබෝධයක් ලබා ගන්නට තිබුණා.

    කෙසේ නමුත් මුල් දින කොටස ඔබ කී පරිදි ඉතා ඇල්මැරුනු ස්වාභාවයක් ගනු ලැබීය. අපි ඉදිරියට බලමු එය කෙසේ මොන යම් ආකාරයකින් විකාශය වේවිද කියා.

    හුදෙක්ම මුල් කොටසින්ම නාට්‍යයේ ස්වරූපය තක්සේරු කළ නොහැකි කරුණකි.

    චානක ඉනෝජ්

  9. මැයි 19, 2008 10:09 ප.ව.

    ප්‍රතිචාර දැක්වූ සියලුම දෙනාට ස්තූතියි. ප්‍රසාද් අයියා අතිශයෝක්තියෙන්ම ලියලානේ :)

    @ චානක, මේකයි. අග කොටස් හොඳ වුනත්, ‍මුල කොටස් ටිකෙයි තමයි ප්‍රේක්ෂකයන් ඇදගන්නේ කියලා තමයි මට හිතෙන්නේ. ඒක නිසා මුල් කොටස් ටික ආකර්ෂණීයව නිර්මාණය කරොත් ප්‍රේක්ෂකයෝ දිගමට රැඳිලා ඉඳීවී…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers