Categories
අන්තර්ජාලය තොරතුරු තාක්ෂණය විවිධ

ජාත්‍යන්තර විදුලි සන්දේශ දිනය අදයි…

අන්තර්ජාල පරිශීලකයින් වශයෙන් මෙන්ම, දුරකථන, ජංගම දුරකථන භාවිතාකරුවන් ලෙසින් අද අපට සුවිශේෂී දිනයක්. මාතෘකාවේ යොදා ඇති ලෙසින්ම අද (2008 මැයි මස 17 වැනිදා) ජාත්‍යන්තර විදුලි සන්දේශ දිනයයි.

කෙසේවෙතත් ලංකාවේ තොරතුරු සන්නිවේද‍නයේ වේගවත් භාවය හා නිති පතා වර්තාවෙන සබඳතා බිඳ වැටීම් නිසාවෙන් බොහෝ පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වෙලා තිබෙනවා. නමුත් විදුලි සන්දේශන සේවයේ වැදගත්ම අංශය වන අන්තර්ජාල පහසුකම පිළිබඳව නම් යම්තාක් දුරකට (100% ක් නොවේ) සෑහිමකට පත්විය හැකියි.

දිවයින පුරා නැනසළවල් බිහිකිරීමේ ව්‍යාපෘතිය ඉන් වැදගත් දෙයක්. ඒ වාගේම දකුණු ආසියාවේ වේගවත්ම HSDPA ජාලය ශ්‍රී ලංකාව සතුවීමද එක්තරා ජයග්‍රහණයක්. ඒ වාගේම දැනට ලංකාව තුල සාපේක්ෂව ADSL, WiMAX, DSL මෙන්ම චන්ද්‍රිකා රූපවාහිනී/අන්තර්ජාල සේවාවන් ව්‍යාප්ත වී තිබීම වැදගත්. නමුත් එයින් නිසි ප්‍රතිඵල ලබාගන්නේදැයි යන්න සැකයක්. උදාහරණයක් ලෙස පාසල් පරිගණක විද්‍යාගාර තුල අන්තර්ජාල පරිශීලනය වැඩි වශයෙන් සිදුවන්නේ නැති බවයි වාර්තාවන්නේ. නිසියාකාර ‍ෆිල්ටර් (පෙරහන්) භාවිතා කරමින් නුසුදුසු වෙබ් අඩවි ‍වලක්වාලමින් අන්තර්ජාල භාවිතා කිරීමට අවස්ථාව සිසුන්ට සැලැස්වීම වැදගත්. එමෙන්ම ලංකාවේ බ්ලොග්කරුවන්ගේ ප්‍රමාණය හා වෙබ් අඩවි නිර්මාණය වීමේ වර්ධනයකුත් දක්නට ලැබෙනවා. අන්තර්ජාලයට සිංහල යුනිකේත සම්මතය ආගමනය නිසාවෙන් එහි ‍අගය දෙගුණ තෙගුණ වී ඇති බව අතිශයෝක්තියක් නම් නොවෙයි. එමෙන්ම මෙම සේවා සපයන්නන්ගේ පාරිභෝගික සේවාව පිළිබඳවත් සෙවිය යුතුයි. නිසියාකාර පාරිභෝගික සේවාවක් ලබානොදීම නිසා හැමදේම අතඇරලා දාන්න තරම් පාරිභෝගිකයින්ට සිතෙනවාත් ඇති (මට නම් හොඳටම අත්දැකීම් තියෙනවා ඒ ගැන) ශ්‍රී ලංකාව තුල ප්‍රමුඛතම විදුලි සංදේශ ‍සේවා සම්පාදකයන් වන ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග් හා ටෙලිකොම් අනුබද්ධිත මොබිටෙල් යන සේවාදායකයින් ගැන කතාකරන්නම ඕනේ. ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් යන සේවා සම්පාදකයින් සේවාවන් සපයන්නේ එකිනෙකට අනුබද්ධිතවයි. පාරිභෝගික සේවා සැපයීම පිළිබඳව නම් විවිධ විවේචන ඇති නමුත් ‍සේවාව අ‍නිකුත් සේවා සම්පාදයකටයින් වඩා සාපේක්ෂව අඩු මුදලකට ලබා ගැනීමට හැකිවීම සහනයක්. නමුත් මොබිටෙල් Broadband පරිශීලකයින්ට මොඩමය වෙනුවෙන් රු 20,000කට වැඩි මුදලක් වැය කිරීමට සිදුවීමත්, සීමාසහිත බෑන්ඩ්විඩ්ත් එකත් (දත්ත පරාසය) නිසා මඳ අපහසුතාවයකට පත්වෙලා තිබෙනවා. ඩයලොග් Broadband සඳහා භාවිතා කරන්නේ WiMAX තාක්ෂණයයි. සීමා රහිත බෑන්ඩ්විඩ්ත් එකක් ලබාදුන්නත්, ඔවුන්ගේ Fair Usage Policy නිසා පාරිභෝගිකයින් තුළ යම්කිසි සැකයක් ඇති වෙලා තියෙනවා. ඒකට ‍හේතුව තමයි ඔවුන් වැඩිපුර දත්ත භාවිතා කරන්නන්ගේ කුලකයට ඇතුල්වීමට සිදුවු‍නොත් වේගය ඩයල්අප් සම්බන්ධතාවයකටත් වඩා අඩු වෙන බවට මතයක් ඉදිරිපත් වීමයි. එහි ඇත්ත නැත්ත නම් මා දන්නේ නෑ. මේ කතාව මට දැනගන්නට ලැබුනේ, ලැබුනු විද්‍යුත් ලිපි වලින් හා අන්තර්ජාල ‍ෆෝරම මාර්ගයෙන්. ඉ

තින් ඔන්න ඕක තමා තත්වේ. අන්තර්ජාල සම්බන්ධතා කෙසේවෙතත් මේ වන විට සේවා සපයන්නන් තුල ධනාත්මක තරඟයක් ඇතිවී තිබීම පාරිභෝගිකයින්ට නම් වාසියක් වේවි කියලා තමයි මගේ බලාපොරොත්තුව නම්. ඔබ මොනවාද අපේ විදුලි සන්දේශ සේවා ගැන හිතන්නේ? ප්‍රතිචාරයක් සටහන් කරන්න නම් අමතක කරන්න එපා…

7 replies on “ජාත්‍යන්තර විදුලි සන්දේශ දිනය අදයි…”

නියම අදහස් ටිකක්. ඇත්තටම මොබිටෙල් එකේ මිල ගණන් ටිකක් වැඩිවුණත් දැන් මට නම් එකම විකල්පය ඒක විතරයි. SLT එකෙන්වත් Dialog එකෙන්වත් අපේ ගෙවල් තියෙන පැත්ත ආවරණය කරලා නැති නිසාත්, මොබිටෙල් HSPA හොඳට වැඩ කරන නිසාත් – මේක විතරයි දැනට එකම විකල්පය. අනික දවසින් ගන්නත් පුළුවන් 🙂
Dialog, SLT මගින් මේ කලාපය කවදා ආවරණය කරයිද කියන්න බෑ. කොහොම වුණත් මට ADSL සම්බන්ධතාවයක් නම් දැන් අත්‍යවශ්‍ය වෙලා තියෙන්නෙ. පේන හැටියට නම් කාලයක් යනකල් ගන්න බැරිවේවි.

ආ මට මේක කියන්න බැරිවුනානේ. ටෙලිකොම් වලින් ළඟදී වයිමැක්ස් බ්රෝඩ්බෑන්ඩ් දෙන්න සැලසුම් කරගෙන යනවාලු

මම නම් ඔය Fair Usage Policy කැමතියි, මොකද අපි ඉන්න රට හැමවියම international bandwidth මත ඉන්න නිසා මේ නැතුවම බෑ, මොද ඔය හැම එකක්ම shard නිසා ඔය P2P file download කරන අය නිසා අනිත් අය අපහසුතාවයට පත් වෙනවා. මොකද ඒ අය නිකන් intentional bandwidth එකෙන් ගොඩක් බාවිතා කිරිම නිසා අනිත් අයගේත් internet speed අඩුවෙනවා. මොකද international bandwidth මිල අදිකයි. ඒක නිසා හැම කෙනාටම සාදාරනයක් වෙන්න තමයි ඔය Fair Usage Policy එක එන්නේ.

@නිදහස් අදහස්: ඒක තමයි කියන්නෙ. වන්නියටත් දෙන්න ඕන හරිනම්. sri lanka is ready කිව්වට එහෙම පාටක් පේන්නෙ නෑ මේ වගේ වැඩ නිසා.

ඩයලොග් ටිවි බලන අපිට සිරස ටි.වි දෙන්නේ කවදාද
peo tv වල දුන්නා වාගේ අපිටත් ලබා දෙන්න
email send me

Leave a Reply to නිදහස් අහස් Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.