Categories
විචිත්‍ර

ෂර්ලොක් හෝම්ස් ගැන…

Sherlock Holmes

මේ ටිකත් ලියන්න හිතුවේ ෂර්ලොක් හෝම්ස් ගැන නොදන්නා අය හට ෂර්ලොක් හෝම්ස් පිළිබඳ කුඩා හැඳින්වීමක් කරන්නයි.

ෂර්ලොක් හෝම්ස්, ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද්දා වූ මේ සුවිශේෂී චරිතය පාදක කරගනිමින් ශ්‍රීමත් කොනන් ඩොයිල් විසින් දීර්ඝ රහස් පරීක්ෂක කතා 4ක් සමඟ කෙටි කතා 56ක් නිර්මාණක කර තිබෙනවා. ඔහුගේ අභාවයෙන් පසුව විවිධ කතා රචකයින් එම චරිතය පදනම් කරගනිමින් කතා නිර්මාණය කරනු ලැබූවත් එම කතා ශ්‍රීමත් ආතර් කොනන්ඩොයිල් විසින් රචිත කතා තරම් රසවත් වූයේ නෑ. එමෙන්ම වැඩි ජනප්‍රියත්වයක් ලැබුවේත් නෑ. මෙහි කතා සියල්ලම සිංහල භාෂාවට පරිවර්තනය වී ඇති අතර එම පරිවර්තකයින් අතරින් වැඩි ජනප්‍රසාදයක් ලැ‍බුවේ චන්දන මෙන්ඩිස් මහතායි. ඔහු ඒ කතා සියල්ල පරිවර්තනය කරාක් මෙන්ම ඔහුගේ ස්වතන්ත්‍ර නිර්මාණයද ෂර්ලොක් හෝම්ස් චරිතය යොදාගනිමින් නිර්මාණය කර ලැබ තියෙනවා.

ෂර්ලොක් හෝම්ස් ඇතුලත් ප්‍රථම කතාව ලෙසින් එළිදැක්වුනේ A Study in Scarlet (එසේත් නැතිනම් “ලෝහිත පරීක්ෂණය” – චන්දන මෙන්ඩිස්) එම කතාව කොටස් දෙකකින් නිර්මිත වූ අතර පළමු කොටස වර්තමාන කතාව පිළිබඳවත් එම අපරාධයට පාදක වූ අතීත කතාව දෙවන කොටසින් රචනා කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම කතාවට අනෙකුත් කතාන්දර තරම් වැඩි ප්‍රතිචාර නොලැබුනා එයට හේතුව වීමට ඇ‍ත්තේ ඒ කතාව තුලින් ෂර්ලොක් හෝම්ස්ගේ විද්‍යාත්මක පරීක්ෂණය පිළිබඳව වැඩි අවධානයක් නොයොදවා ඒ තුල වූ ආදර කතාව ඉස්මතු කරවා දැක්වීම විය හැකි බව කොනන් ඩොයිල් විසින් පසුව The Sign of the Four (එසේත් නැතිනම් “සිව් රහස් සළකුණ” – චන්දන මෙන්ඩිස්) කෘතියේ දක්වා සිටිනවා. ෂර්ලොක් හෝම්ස් සිය රහස් පරීක්ෂණ සඳහා යොදාගත් අවිධිමත් නමුත් විද්‍යානුකූල ක්‍රම තුලින් මෙම කතා මාලාවට වැඩි වශයෙන් පාඨකයින් පිරිසක් ඇඳ බැඳ තබාගෙන සිටිනවා. ගිරවකුගේ වන් උල් නාසයක්, තියුණු උකුස් ඇස් හා මනා දේහයකින් යුත් මේ චරිතයට ඉතාමත් ආකර්ෂණීය ලෙසින් තෙලි තුඩින් පන පෙවූයේ සිඩ්නි පැජට් නම් චිත්‍ර ශිල්පියායි.

ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ප්‍රධාන, දීර්ඝ කතා 4 මෙසේයි.

  • A Study in Scarlet (ලෝහිත පරීක්ෂණය නමින් චන්දන මෙන්ඩිස් විසින් පරිවර්තනය කර ඇත)
  • The Sign of the Four (සිව් රහස් සළකුණ නමින් චන්දන මෙන්ඩිස් විසින් පරිවර්තනය කර ඇත)
  • The Hound of the Baskervilles (සුනඛ ශාපය නමින් චන්දන මෙන්ඩිස් විසින් පරිවර්තනය කර ඇත)
  • The Valley of Fear (බිහිසුණු නිම්නය නමින් චන්දන මෙන්ඩිස් විසින් පරිවර්තනය කර ඇත)

සිංහල පාඨකයින්ට බොහෝ දෙනා මේ ෂර්ලොක් හෝම්ස් චරිතය ළඟා කරවීමට උත්සාහ කරත්, ඒ පියවර ජය ගැනීමට හැකි වූයේ චන්දන මෙන්ඩිස්ට බව කීම අතිශටයෝක්තියක් නම් නොවෙයි. ඔ‍හුගේ රසවත් ලේඛන ශෛලියෙන්, ෂර්ලොක් හෝම්ස් චරිතය වඩාත් පාඨකයින් පිරිසකට ළං වුනා. අපි නේවාසිකාගාරයේ ඉඳිද්දි චන්දන මෙන්ඩිස්ගේ ෂර්ලොක් හෝම්ස් පරිවර්තන පොත් වලට පොරකාපු හැටි මතක් වෙනකොටත් හිනායනවා. ඒකට හේතුව වුනේ චන්දන මෙන්ඩිස් ලියලා තිබුනේ ෂර්ලොක් හෝම්ස් කතා විතරක් නොවන නිසා. කතා ලියන ගමන්ම ඔහු විසින් ෂර්ලොක් හෝම්ස් පිළිබඳව බොහෝ විස්තර ඒ පොත් වලට එකතු කර තිබුනා. ඉතින් ඔබටත් ෂර්ලොක් හෝම්ස් ගැන දැනගන්න ඕනේ නම් ඒ පොත් කියවන්න අමතක කරන්න එපා. ඒ වගේම අන්තර්ජාලයේ ෂර්ලොක් හෝම්ස් පිළිබඳව බොහෝ තොරතුරු ඔබට ලබා ගැනීමට හැකි වේවි.

ෂර්ලොක් හෝම්ස් ගැන දැනගන්න ඔබට මේ වෙබ් පිටු වලට පිවිසී බලන්න පුළුවන්.

විකීපිඩියා – http://en.wikipedia.org/wiki/Sherlock_Holmes

ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරය – http://www.sherlock-holmes.co.uk/

තවත් වෙබ් අඩවි තියෙනවා. Sherlock Holmes සෙවුම් යෙදුම භාවිතා කරලා ඔබට ගොඩක් දේවල් හොයාගන්න පුළුවන් වේවි.

2 replies on “ෂර්ලොක් හෝම්ස් ගැන…”

ෂර්ලොක් හෝම්ස් කියවන්න කවුද අකමැති? ලමයින් තුල කියවීමේ පදනම ඇති කරන්න එවැනි පොත් කියවන්න උනන්දු කරන එක වැදගත්.

Leave a Reply to dishishi Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.