Skip to content

කවි පද තේරීම

අප්‍රේල් 27, 2008

අපේ නවය වසරේ මල්ලී කෙනෙක් එයාගේ සිංහල පොත (මුද්‍රිත) ගෙනල්ලා මට කවියක් පෙන්නලා කිව්වා තේරුම කියලා දෙන්න කියලා පඬියා වගේ පොත අතට ගත්තාට මොකද තේරුම නම් හිතාගන්න බැරිවුනා. හැබැයි මට පුදුම හිතුනා ඇයි මේ වගේ බැරෑරුම් කවියක් 9ශ්‍රේණිය වගේ සාපේක්ෂව පොඩි පන්තියකට දීලා තියෙන්නේ කියලා. කොහොමහරි මෙන්න මේකයි කවිය,

මියගිය කොළ හා දොඩමින් තරුවක්
සිටියයි, මහ රෑ යාමේ,
හමන සුළඟ පමණයි, ඒ මොහොතේ
මගෙ තනියට හිටියේ

නුපුරුදු අසරණකමින් පෙළෙමින්
හවුල්වෙන්න හැදුවෙමි ඒ දෙබසට
එවිට තරුව හදිසියේ ම අහසින්
මහ පොළොවට බැස්සයි, හනි හනිකට

මිය ගිය කොළ අතරෙහි මා සැමතැන
සෙවුමුත් බැරිවිය, සොයා ගන්නට එය
කවදාවත් එය හමුවූයේ නැත

(ෂුබොයි ෂිගෙජි – ජපානය)
(පරිවර්තයනය – සිසිර රාත්‍රිය – ජිනදාස දනන්සූරිය)

මේ කවිය කියෙව්වාම ඔබට හිතෙන්නේ මොකක්ද? මේ කවියේ අදහස මොකක්ද කියලා ඔබ දන්නවානම් ප්‍රතිචාරයක් (Comment) විදිහට සටහන් කරන්න.

ප්‍රතිචාර 6 leave one →
  1. නිදහස permalink
    අප්‍රේල් 27, 2008 10:34 පෙ.ව.

    මේවට ද දන්නෙ නෑ හයිකු කවි කියල කියන්නෙ. නවය වසර වගේ වයසකට නම් මේවා හරි යන්නෙ නැති බව මට හිතෙනවා. මීට වඩා උද්යෝගිමත් සාහිතයයට ළමයින් ඇඳ බැඳ තබා ගන්න නිර්මාණ සිංහල කවියන් අතින් නිමවෙලා තියෙනවා. නූතන අධ්‍යාපන බලධාරින්ගේ මුග්ධ බව වෙනුවෙන් මගෙන් මල් මිටක්.

  2. අප්‍රේල් 27, 2008 1:50 ප.ව.

    (හොඳ වෙලාවට අවුරුදු 15කට විතර කලින් 9 වසර ගොඩ දැම්මේ. නැත්තම් තාමත් 11 පාස් නෑ!)

    හයිකු කියන්නේ මේ ජාතියේ කවිද කියන එකනම් මට ලොකුවට දැනීමක් නෑ, මම දන්න විදිහට හයිකු කවි වල පද තුනයි තියෙන්නේ. මට මේ කවිය ගැන නම් කියන්න තියෙන්නේ මෙච්චරයි, මම හිතන විදිහට මේ වගේ කවි තේරුම් ගන්න කවියාගේ පසුබිමත් ලියන්න හේතුවත් දැනගන්න ඕනෑ. නැත්තම් මේ වගේ කවිවලින් එක එක කෙනාගෙ හිතේ මැවෙන්නේ වෙන වෙන තේරුම්.(ඒකත් සමහර විට බලාපොරොත්තු වූ දෙයක් වෙන්න පුලුවන්.) මම හිතනවා මේ කවි පොතට අතුලු කරපු කට්ටිය ඒක ගැන හිතන්න ඇති කියලා. මොකද ප්‍රශ්න පත්‍රයකදී හැමෝගෙන්ම බලාපොරොත්තු වන්නේ එකම පිලිතුරක් නිසා.

  3. අප්‍රේල් 29, 2008 7:30 ප.ව.

    මේක කවියක්
    මේ වගේ ඒවාගේ තියෙන්නේ ධාරණා සමුච්චයක්
    මිසක්
    ප්‍රකාශන හෝ නිවේදනාත්මක දේ නෙමේ
    these are impressions
    not statements…

    එතකොට මේවායින් විදුලි කොටනවා වගේ ඇඟවෙන – ධ්වනිත වෙන අදහස් හෝ හැඟීම් තමයි කවියේ තේරුම…

    රාත්‍රියක දැකපු දේවල් ඒ ආශ්‍රිතව පහල වුනු හැඟීම් සහ පුද්ගලික ජීවිතයේ අත්දැකීම් මුසු වුනු ධාරනා කීපයක්, හැඟීම් කීපයක්.

    ඒක වින්දනය කරන එකයි තියෙන්නෙ -
    ඒකට පිවිසිලා ඒ හැඟීම එක්ක ගත කරන්න
    එයා අවස්ථාවක් ඇඟවුම් කරනවා, ඒ අවස්ථාවේ හාත්පස පරිසරය, වාතාවරනය සහ සීතල උනුසුමත් අපට දැනෙනව නෙ

    ඒ වගේ ම ඒකට ම බැඳුනු තනිකම සහ ඒ තනිකමේ මත් ආනන්දකර පැත්තකුත් පෙන්නනවා….
    ශෝකී ගතියකුත් තියෙනවා….

    ජීවිතය දිගේත් මේ ගැන හිතමින් යන්න පුලුවන්…. සමහර විට තනිකම නැති වුනා කියල මොහොතකට පෙනෙන දේත් එහෙමම නොවේ වෙන්නත් පුලුවන්…

    මේ ඔක්කොම එකට ගොනු කරලා “තේරුම” කියලා එකක් වෙනත් වාක්‍යවලට දාන්න පුලුවන් නම්….
    මේකෙ තේරුම මේකයි කියලා

    කවියක් අවශ්‍ය ම නෑ නෙ :)
    ඉතින් ඒ ධාරණා (impressions) සමුච්චය විඳින්න

  4. මැයි 10, 2008 12:51 පෙ.ව.

    ඒ වුනාට අපේ සාහිත්‍යය ඇතුලත මේ වයසට ගැලපෙන මීට වඩා හොදද නිර්මාණ නැද්ද? 9 වසරෙදි අවශ්‍යය වෙන්නෙ රස විඳීමට ආසාව ඇති කරවන නිර්මාණ. හරියට අපි ඒ වයසෙදි ටාර්සන් පොත් , මොන්ත ක්‍රිස්තෝ, ටොම් සෝයර් කියවල කියවීමට අඩිතාලමමා ගත්තා වගේ නේද?

  5. ජූනි 25, 2009 3:28 ප.ව.

    මෙන්න යක්කො මරු සිටෙ එකක්………

    නියමඉ මචන් හොඩටම හොඩඉ. අපෙනුත් මොනව හරි කෙරෙන්න ඔනනම් කියන්න

    මගෙ කෙටි චිත්‍රපටි බලන්න එන්න මෙන්න අඩ්ඩ්‍රෙස් එක

  6. ජූනි 25, 2009 3:30 ප.ව.

    මෙන්න යක්කො මරු සිටෙ එකක්. නියමඉ මචන් හොඩටම හොඩඉ. අපෙනුත් මොනව හරි කෙරෙන්න ඔනනම් කියන්න

    මගෙ කෙටි චිත්‍රපටි බලන්න එන්න මෙන්න අඩ්ඩ්‍රෙස් එක

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS