Skip to content

මඳ විරාමයකින් පසු නැවතත්…

අප්‍රේල් 25, 2008

සිංහල බ්ලොග් මැරතන් එකට වැඩ කරපු නිසා ඇති වෙච්ච තෙ‍හෙට්ටුවයි, මේ සතියේ දෙවන පාසල් වාරය ආරම්භ කිරීම නිසායි මේ සතියේ බ්ලොග් එක ලියන්නම ලැබුනේ නෑ. තව දවස් ටිකයි නේ සාමාන්‍ය පෙළ විභාගෙට, ඒක නිසා ටිකක් රැ වෙනකන් පාඩම් කරනවා. නිවස පිහිටලා තියෙන්නේ පාසලට වඩා පොඩ්ඩක් දුරින් නිසා පාසලට යන්න උදෙන්ම නැගිටින්නත් ඕන නිසා කාල කළමණාකරණය කරගන්න එක තමයි ටිකක් අමාරු. ඒත් කොහොමහරි වැඩ ටික ගානට ගෙනියනවා. රැයින් පාඩම් කරන්නයි, උදෙන් නැගිටින්නයි වෙන නිසා නිදාගන්න බැරිවෙන වෙලාව අල්ලගන්නේ බස් එකේදී තමා. බස් එකට නැග්ග ගමන් කවුරුහරි නිදාගන්නවා දැක්කොත් ඔන්න ඉතින් ඒ මම තමයි! :D මේ දවස්වල අපේ හොස්ටල් එකේ අයත් මියැසි මීරාවය කියලා සංගීත සංදර්ශනයක් පවත්වන්න කටයුතු සූදානම් කරගෙන යනවා. ඒ කට්ටියත් රෑ වෙනකම්ම පුහුණුවීම් කරන නිසා, නිදාගන්න බැරි වෙන වෙලාව අල්ලගන්නේ පංතියේදී නිදාගෙන, ඒ අය නිදාගන්නවා දැක්කම මටත් නිකන්ම නින්දයන්න වගේ එනවා. ඒත් ඉතින් කොහොමහරි නැගිටලා පාඩම් වැඩ ටික කරනවා. අතිරේක පන්තියකට කියලා යන්නේ ඉතින් ගණිත පංතියට තමයි, ඒකත් ඉතින් මේ අවුරුද්දේ පටන් ගත්තේ. ඇත්තම කිව්වොත් මේ අවුරුද්දේ මුල වෙනකම් මම අතිරේක පංතියකට හරියට ගියේ නෑ. අතිරේක පංති නම් අරහං! :D ගෙදරින් බල කරන්නේත් නෑ අතිරේක පංති යන්න කියලා. අතිරේක දැනුම හොයාගන්න ඉතින් හොඳම මාර්ගය තමයි පොත් කියවන එක. මගේ විශ්වාසය නම් ඉතින් සාමාන්‍ය පෙළ ඉහළින් සමත්වෙන්න අතිරේක පංති අත්‍යවශ්‍ය නෑ කියන එක තමයි.

මේ පාර අළුත් අවුරුද්දට වෙච්ච ලොකුම පාඩුව තමයි ගමේ යන්න බැරිවෙච්ච එක. ඇත්තම කියනවානම් මේ පාර නිවාඩුව කිසි වැඩක් නෑ. නිවාඩු කාලය නම් හොඳටම අඩුයි. ගෙදරට වෙලා පොත් කියව කියවා, රසකැවිලි කකා, බ්ලොග් ලිය ලිය, බ්ලොග් බල බල තමයි වැඩි කාලයක් ගත කරේ. ඒක නිසාම තමයි මේ මාසේ වැඩිය බ්ලොග් සටහන් ප්‍රමාණයක් සටහන් කරන්න පුළුවන් වෙන්න ඇත්තේ. ඒත් වැඩක් නෑ, අවුරුද්දට ගමේ ගියාම ඉතින් උදේ 7ට 8ට පටන් ගත්තාම සෙල්ලම් ඉවරවෙන්නේ රැ8ට තමා. ඒත් ටිකෙන් ටික ලොකු වෙන්න ලොකු වෙන්න මේවා ඈත් වෙලා යනවානේ, ඒක තමයි ස්වභාවය. දුකයි වුනාට කරන්න දෙයක් නෑ. ජීවිතේ වැඩිපුරම සතුටෙන් ගත කරපු කාලේ මොකක්ද කියලා දැන් කවුරුහරි ඇහුවොත් ඉතින් මගේ උත්‍තරේ නම් මම 3වසරේ ඉඳලා 5වසරේ අන්තිම වෙනකම් ගත කරමු කාලේ තමයි. ශිෂ්‍යත්ව විභාගෙටත් පංති ගියේ නෑ. ඒ කාලේ මගේ වයසේ අය යන පංති කන්දරාව දැක්කාම ඒ කාලේ නම් මට පුදුමයි. මම අදත් මගේ දෙමව්පියන්ට ස්තූති කරනවා මගේ ළමා කාළය රොබෝ කෙනෙක් විදිහට නැතිව ළමයෙක් විදිහටම ගත කරන්න දීපු එක ගැන. මේ බක් පුර පසළොස්වක පෝය දවසේ සිරස රූපවාහිනියේ විකාශය වූ විදර්ශනා ටෙලි නාට්‍ය අහම්බෙන් වගේ තමයි බලන්න ලැබුනේ. ඒක දැක්කාම මතක් වුනේ මා බාල කාලේ තමයි.

හිතට අදහස් ආවට ලියන්න කම්මැලියි වගේ. ටිකක් නිදිමතයි වගේ. තවත් දේවල් පුළු පුළුවන් විදිහට ඉස්සරහට ලියන්නම්කෝ. එත‍කන් පොඩි විරාමයක් ලබා ගෙන ඉන්නම්. තරහ නෑනේ? :)

No comments yet

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers