Categories
විවිධ

රේස්!

මැරතන් එකක් අ‍ස්සේ මේ ලියන්න ලෑස්ති වෙන්නේ රේස් එකක් ගැන. රේස් තමයි මෑතකදී ඉන්දියාවේ නිෂ්පාදනය වූ දැවැන්තම හින්දි සිනමා නිර්මාණය. මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත කිහිපයක්ම තිබෙනවා. ඒ අතිරිනුත් ප්‍රධාන වනුයේ සයි‍‍ෆ් ඛාන් හා අක්ශේ ඛන්නා ගේ චරිත. මේ චරිත අතරය හාස්‍යක් එක් කරන ප්‍රධාන චරිතය වනුයේ අනිල් කපූර්ගේ චරිතයයි. සියල්ල මුදලට යටවූ සමාජ තත්ත්වයක් පිළිබඳව ගෙන එන මේ චිත්‍රපටි‍ය නම් මම නැරඹුවේ නෑ. ඒත් සින්දු නම් ඇහුවා. මට මේ චිත්‍රපටියේ සින්දු වල නම් කිසි සියුම් රසයක් දැනෙන්නේ නෑ. ප්‍රධාන වශයෙන් ශබ්ද රසයම විතරයි. මේ චිත්‍රපටියේ සංගීතය නිර්මාණය කර තිබෙන්නේත්, ජබ් වී මෙට් චිත්‍රපටියේ සංගීතය නිර්මාණය කරන ලද්දා වූ ප්‍රීතම් චක්‍රබෝතීම තමයි. වැඩි විස්තර පසුව බලාපොරොත්තු වන්න. මැරතන් බලලා / ලියලා මහන්සියි වගේ නම් රේස් චිත්‍රපටියේ මේ ගීතය රස විඳින්න…
[youtube=http://www.youtube.com/watch?v=4tnbHSmlrCc&hl=en]

රූප ගැන හිතන්න එපා. සින්දුව විතරක් අහන්න.. 😀

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.