Categories
විවිධ

ඇයි අපිට මෙහෙම වුනේ!?

ඉතිහාසය, ලෝකයේ තියෙන විශේෂ මාතකාවක්. අතීතය විසින් වර්තමානය නිර්මාණය කර ඇත. වර්තමානය විසින් අනාගතය නිර්මාණය කර ඇත. මැරතන් වෙලාව නිසා මේ නිර්වචන ඉදිරිපත් කරපු අවය මතකයට ගන්න අමාරුයි. කිව්වේ කවුද කියලා දන්නවානම් ප්‍රතිචාරයක් විදිහට පල කරන්න. වර්තමානය තේරුම් ගැනීමේ යතුර ලෙස ඉතිහාසය භාවිතා කර හැකි බවට හා තවත් නිර්වචන ගණනාවක් ඉතිහාසය සම්බන්ධයෙන් පවසා තිබීමෙන් පැහැදිලි වනුයේ ඉතිහාසය පිළිබඳ නිශ්චිත නිගමනයට පැමිණීමට නොහැකි බවයි. කෙසේ වෙතත් රටක් වශයෙන් අඩුම තරම එම රටේ ඉතිහාසය පිළිබඳ දැනගෙන සිටීම වැදගත්. යුරෝපයේ කාර්මික විප්ලවය ඇතිවීම, පුනරුදය ඇතිවීම නිසා. එතෙක් ‍ශ්‍රේෂඨව වැජඹුනු යුරෝපීය ගෝත්‍ර සමහරක් ආ යටත් විජිත වූ ඉන්දියාව ශ්‍රී ලංකාව වැනි රටවල් ඇතුලු නිවහල් රාජ්‍ය අන්ත අසරණ භාවයකට පත්වුනා. කාර්මික විප්ලවය නිසා එම යුරෝපීය රටවල නිෂ්පාදන අතිරික්තයක් ඇතිවුනා. එම අතිරික්තය කෙසේ හෝ විකුණා ගැනීමේ අදහසින් යටත් විජිත පුළුල් කිරීමේදී, ඒ ඒ ගෝත්‍ර, නිවහල් ස්වාධීන රාජ්‍ය යටත් විජිත කරගැනීමට එවකට බලවත් වූ යුරෝපීය ජාතික රාජ්‍ය පෙළඹුනා. ටිකෙන් ටික ටිකෙන් ටික ඒ ඒ රාජ්‍ය වල ස්වාධීන බව බිඳී යාමත් සමඟ නැවතත් නැගී සිටීමට අපහසු ආකාරයෙන් ඇද වැටීමකට ලක්වුනා. ඒ අනුව ශ්‍රී ලාංකිකයින් වශයෙන් අද අපට අත්වී ඇති ඉරණමට මූලිකව වගකිවයුත්තේ යුරෝපීය ජාතිකයින්. ඔවුන්ගේ බලවන්ත භාවයට යටත් වීමට අපට සිදුවීම වැලැක්වීමට ඇති හැකියාවේ සම්භාවිතාවය ඉතාමත් සුළු ප්‍රමණායක්, ඇත්තෙන්ම එහෙම නැගී සිටිමේ හැකියාවක් ඒ කාලයේ තිබ්බේ නැති තරම්. දැන් අපි ඉන්නේ වර්තමානයේනේ. දැන් ලෝකය එකම විශ්ව ගම්මානයක් බවට පත්වෙලා ඉවරයි. එම නිසා අපි එක් ජාතියක් ලෙස නැගී සිටීමට අවශ්‍ය වන්නාවූ ඕනෑ තරම් සම්පත් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එම නිසා අද අපට අවශ්‍යව ඇත්තේ එම සම්පත් කළමණාකරණය කිරීමට හැකියාව ඇති පුද්ගලයින් පිරිසක් බිහි කිරීමයි. මෙන්න මේදේ කරන්න නම්, රටේ අධ්‍යාපනය ක්‍රමය සීඝ්‍ර වෙනස් වීමකට භාජනය විය යුතුයි. වර්තමානයේ සුළු සුළු විශය නිර්දේශයන් ඇති වීම තුලින් අපට පෙනී යන්නේ මේ සම්බන්ධව යම් කිසි පිරිසක් සිතන බවයි. නමුත්? කවදාද අප නිවැරදි මාවතට පිවිසෙන්නේ? මේ කිව්වේ සුළු කාරණයක් විතරයි. තව බොහෝ හේතුන් තියෙනවා ජාතියක් වශයෙන් ලාංකිකයින්‍ගේ ඇද වැටීමට, එවා ඔබත් දන්නවා ඇති, හිතේ තියාගෙන ඉන්න එපා, මැරතන් වෙලාවේම ඔබේ අදහස් දක්වන්න…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.