Categories
විවිධ

සුදාරකගේ ADSL වික්‍රමය – 1

මගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ සුපිරි අශ්ව බල වේගය ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනේ. මම දැන් මේ බොහොම අමාරුවෙන් මන්දගාමීව තමයි දුවන්නේ. මොනවා කරන්නද? ඔන්න ඉතින් මාස 4ක් බලාගෙන ඉඳලා අද තමයි වැඩේ හරිගියේ ඒත් තාම මොඩම් එක විතරයි. අද උදේ ටෙලිකොම් එකෙන් කතා කරා ඉතින් ඔන්න මම ගියා නුගේගොඩ ටෙලිකොම් එකට, වැඩේ හරි අළුත් දුරකථන අංකයකුත් ලැබිලා! අවුරුදු කාලේ දීමනාවක් විදිහට නොමිලේම මොඩම් එකත් ලැබුනා. ඉතින් ඒක නිසා මොඩම් එකක් ගන්න සල්ලි වියදම් කරන්න වු‍නේ නෑ. ඒත් වැඩේ කියන්නේ මේකයි. මේ පාර මොඩම් එක ලැබුනාට ස්ථාවර දුරකථනේ නෑනේ! කලින් මතක ඇති මම කිව්වානේ මොබිටෙල් බ්රෝඩ්බෑන්ඩ් සිම් එක ලැබුනාට මොඩම ඒක තාම නෑ කියලා! මේ පාර ඒකේ අනිත්පැත්ත. මොකක් හරි අවුලක් තියෙනවා. දැන් මටම හිතෙනවා මම ගිය ආත්තේ ISP කෙනෙක්ද කොහේද, ඒකනේ මේ මට තාම හරි හැටි අන්තර්ජාල සම්බන්ධතාවයක් නැත්තේ!

දැනට මෙපමණයි. පස්සේ නුගේගොඩ ගමන ගැන කියන්නම්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.