Skip to content

වෙබ් අඩවියට ප්‍රචාරය

අප්‍රේල් 18, 2008

මා කලින් ඔබට සඳහන් කරන ලද විදිහට වෙබ් අඩවියකින් ඔබට ඇති ප්‍රයෝජන බොහොමයි. ඔබේ අදහස් ලෝකය පුරාම ප්‍රචාරණය කරන්න, ඔබේම රසික පිරිසක් ඇති කරගන්න විතරක් නෙවෙයි තවත් බොහෝ දේ පුළුවන්. ඔබ දන්නවාද? ගූගල් වෙබ් අඩවිය මුලින්ම නිර්මාණය කරන ලද්දේ ගරාජයක් ඇතුලේ ඉඳගෙන කියලා? දැන් ගූගල් කියන්නේ ලෝකයේම ප්‍රචලිත, වැඩිම ආදායම් ලැබෙන වෙබ් අඩවි ජාලයක්. දැන් ගූගල් කියන්නේ සෙවුම් යන්ත්‍රයක් විතරක්ම නෙවෙයි. නොමිලේ විද්‍යුත් තැපැල් සේවා සපයන හා තවත් බොහෝ දෑ සපයන‍ වෙබ් අඩවියක් වෙලා ඉවරයි.

ඔන්න වෙබ් අඩවියක් හදලා, ඩොමේන් නාමයකුත් ඇරගෙන, වෙබ් අඩවිය අන්තර්ජාලයේ ස්ථාපනය කරා කියමුකෝ. ඒත් වැඩක් නෑ ඒ වෙබ් අඩවියට යම් කිසි ග්‍රාහක සංඛ්‍යාවක් පිවිසෙන්නේ නැතිනම්. ඉතින් ඔබේ වෙබ් අඩවියට ග්‍රාහකයින් ගෙන්වා ගැනීමට නම් ක්‍රම ගණනාවක්ම තියෙනවා. ඒ අතුරින් පළමු ලෙහෙසිම ක්‍රමය තමයි කටින් කට මේ වෙබ් අඩවියට ප්‍රචාරණය ලබාදීම, ඔබේ මිතුරන්ට පවසන්න ඔබේ වෙබ් අඩවියට පිවිසිලා බලන්න කියලා. ඔබේ වෙබ් අඩවියේ අන්තර්ගතය හොඳ නම්, ඔබේ මිතුරන්, ඔවුන්ගේ මිතුරන්ටත් පවසයි ඔබේ වෙබ් අඩවියටත් පිවිසෙන්නට කියලා.

මේ එක ක්‍රමයක් විතරයි. මැරතන් වෙලාව ඇතුලතදී තව කියන්නම්… දිගටම සුදාර‍කගේ අන්තර්ජාල සටහන සමඟින් රැඳී සිටින්න.

No comments yet

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers