Skip to content

එල්ලවෙන්න කලින් සැරසෙන්න!

අප්‍රේල් 18, 2008

අද තමා දවස! සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සංවිධානය කරනු ලබන ප්‍රථම ඉසව්ව! සිංහල බ්ලොග් මැරතන් ඉසව්ව පැවැත්වෙන්නේ අද දිනයේ බව අමුතුවෙන් කියන්න නම් දෙයක් නෑ. මෙවර සිංහල භාෂාවෙන් බ්ලොග් ලිවීමේ නිරත වන බ්ලොග්කරුවන් 30කට ආසන්න පිරිසක් බ්ලොග් මැරතන් ඉසව්වට සහභාගී වන බව දන්වා තිබීම සතුටට කාරණයක්. එමෙන්ම බ්ලොග් මැරතන් ඉසව්ව බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සියලු කටයුතු බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් කටයුතු සලසා තිබෙනවා. ඉතින්, අද රාත්‍රී 8.00 සිට පුරා පැය 24ක කාල පරාසය තුල විනාඩි 15න් 15වට බ්ලොග් ලිවීමේ නිරතවනවා. මේ අති උත්කර්ෂවත් අවස්ථාව පිළිබඳ තවත් වැඩි විස්තර දැනගැනීමට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය වන www.sinhalabloggers.com වෙත පිවිසෙන්න. 

No comments yet

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Note: You can use basic XHTML in your comments.

Subscribe to this comment feed via RSS