Skip to content

සංවේගයෙන් දැනුම්දීමයි – යසරුවන් ගුණතිලකගේ හදිසි අභාවය

අප්‍රේල් 17, 2008

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ද, අපේ සිංහල බ්ලොග් අවකාශයේ මිතුරකු ද, බ්ලොග්කරුවකු ද වූ යසරුවන් ගුණතිලක ඊයේ හදිසියේ මෙලොවින් සමුගත් බව මේ දැන් ආරංචි වුණෘ. ඔහු හෙට පැවැත්වෙන අපේ මැරතන් ඉසවුවට ද උද්යෝගීමත් ව සහභාගී වීමට සූදානමින් සිටි බැවින් මේ හදිසි වියෝ වීමේ පුවත අදහා ගත නොහැකි තරම් කම්පනයක් අප සැම තුළ ඇති කළා. හෙට ඔහුගේ දේහය පිළිබඳ අවසාන කටයුතු සිදු වන බව ඔහුගේ සොහොයුරු සඳරුවන් අපට ප්‍රකාශ කළා.

ඔහු අවසන් ගමන් යන හෙට දිනයේ ම රෑ 8ට ආරම්භ වන අපේ සිංහල බ්ලොග් මැරතන් ඉසවුවේ ආරම්භක සටහන් යසරුවන් වෙනුවෙන් හිස් ව තැබීමට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය සියලු සහභාගී වන්නන්ගෙන් ඉල්ලා සිටිනවා. “යසරුවන් වෙනුවෙන්” යන මාතෘකාව සහිත ව හිස් බ්ලොග් සටහනක් (blank post) හෙට රාත්‍රී 8ට මැරතන් අරඹන මොහොතේ පළ කිරීමෙන් අපේ සාමූහික ශෝකය බෙදාහදා ගැනීමට එක් වන්න.

මේ එම සිදු වීම අද දිවයින පුවත් පත වාර්තා කර තිබුණු අයුරුයි.

අත්වැල්තොට ඇල්ලේ දියනෑමට ගිය තරුණයා සැඩපහරට හසුව මිය යයි. (දිවයින, අපේල් 17 වැනි බ්‍රහස්පතින්දාල 3 පිටුව)

- දයානන්ද ජයනෙත්ති. බදුරලිය

අවුරුදු නෑගමි පැමිණ අත්වැල්තොට දිය ඇල්ලේ දිය නෑමට ගිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවකු එම දිය ඇල්ලේ සැඩ පහරට ලක් ව දියේ ගිලී ඊයේ (16 වෙනි දා) මරුමුවට පත් ව ඇත. මෙසේ මරුමුවට පත් ව ඇත්තේ රත්නපුර වෙරළුප පදිංචි යසරුවන් ගුණතිලක (23යි) නමැති අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මේ යසරුවන්ගේ බ්ලොග් අඩවියයි.

http://yasaruwan.gunathilake.com/

ප්‍රතිචාර 2 leave one →
  1. අප්‍රේල් 17, 2008 9:29 පෙ.ව.

    විශ්වාස කරන්නත් බෑ. 100% මේක ඇත්තද?

  2. අප්‍රේල් 17, 2008 11:30 පෙ.ව.

    ඔව්, හරිම ශෝක ජනක සිදුවීමක්. මම මේ සටහන දැම්මේ බ්ලොග්කරුවන්ගේ සංසදයෙන් ලැබුනු විද්‍යුත් ලිපියක තිබූ ආකාරයෙන්මයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers