Skip to content

ඒහි පස්සිකෝ බ්ලොග් මැරතන්!

අප්‍රේල් 14, 2008

බ්ලොග් මැරතන් වලට තව දින කිහිපයයි. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ කට්ටිය ගජරාමෙට හිටු කියලා වැඩ. හැම දෙනාම අඩු වැඩි වශයෙන් වැඩ. ඒ අතුරින් අපේ ආනන්දවර්ධන, මලින්ත, කාලිංග, වරුණ කනිෂ්ක නම් අමතක කරන්න බෑ. ඒ වගේම ඔක්කොම දමලා ගහලා ගියපු ටිරෝන්වත් (ටිරොන්ගේ අදහස හරිද වැරදිද කියලා ඔබත් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වෙබ් අඩවිය බලලා තීරණය කරන්න) අමතක කරන්න බෑ. ඇමරිකන් කුස්සි අම්මාගේ මැරතන් දායාදය අපේ කරගන්නයි මේ හදන්නේ. අළුත් අවුරුද්දේ සාමයෙන් සමඟියෙන් කට්ටිය එකතු වෙලා බ්ලොග් මැරතන් එකටයි ලියන්න සූදානම. තමන් කැමති දෙයක්, කැමති විදිහකට, තමන්ගේ විදිහට ලියන්නයි තියෙන්නේ. බ්ලොග් මැරතන් එකේ ප්‍රධාන ‍අරමණු කිහිපයක් තියෙනවා.

ඒවා නම්,

  • බ්ලොග්කරුවන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම
  • සිංහල භාෂාවට අන්තර්ජාතික මට්ටමින් ප්‍රචාරණයක් ලබාදීම
  • සිංහල අන්තර්ජාල, පුද්ගලික, පුරවැසි මාධ්‍යකරණය පුළුල් කිරීම
  • සහ තවත් බොහෝ දෑ…

සිංහල භාෂාවෙන් බ්ලොග් ලියන බොහෝ දෙනෙක් මෙවර ප්‍රථම සිංහල බ්ලොග් මැරතන් ඉසව්වට සහභාගී වන බවට දන්වා තිබෙනවා. ඔබ තාමත් ප්‍රමාද නෑ. 18වෙනිදා උදාවෙන්න කලින්ම ඔබේ සහභාගීත්වය සනිටුහන් කරන්න. ඒ වගේම ඔබට මේ ඉසව්ව මඟ‍ දෙපස හිටගෙන, හාන්සි වෙලා, දන ගහගෙන ඕන විදිහකට නැරඹීමට හැකි වන විදිහට සියලුම වැඩ කටයුතු සලස්වලායි තියෙන්නේ. ඔබට මේ තරඟය නැරඹීමට තිබිය යුතු එකම සුදුසු කම තමයි, සිංහල යුනිකේත සහය ඔබගේ පරිගණකයේ තිබීම. ඒ වගේම මේ තරඟය නැරඹීමේදී ඔබට පූර්ණ නිදහස තියෙනවා මැරතන් දුවන අයව දිරිගන්වන්න, වතුර ගහන්න (හැබැයි මොනිටර් එකට වතුර ගහලා මොනිටර් එක නම් නාස්ති කරගන්න එපා!) විතරක් නෙමෙයි බනින්නත් පුළුවන් (අසභ්‍ය වචන නම් පාවිච්චි කරන්න එපා) ඒ වගේම බෝම්බ වලට බයවෙන්න ඕනෙත් නෑ, කට්ටිය පෙරළගන්න ඕනෙත් නෑ. නිවි සැනසිල්ලේ තේකක් බොනගමන් වුනත් මේ තරඟය බලන්න පුළුවන්. ඒ තරමට මේ අවරුදු මැරතන් එකේ ප්‍රේක්ෂකයන්ට පූර්ණ නිදහස තියෙනවා. ඒ වගේම වෙනදා ගම හරහා, රට හරහා මැරතන් දුවපු අයට පුළුවන් සියළු බාධක බිඳලා ලෝකේ හරහාම මැරතන් දුවන්න. කම්මැලි කමක් දැනු‍නොත් (කම්මැලි කමක් දැනෙන එකක් නෑ. ඒත් හදිස්සියේ දැනුනොත්?) චිත්‍රපටියක් බලන්න, යූ ටියුබ් එක පැත්තේ යන්නත් පුළුවන්. ඒ එක්කම අපේ පාර්ලිමේන්තුව ඇතුලේ කතා ඇතුලත් වීඩියෝ පට තියෙනවානම් ඒවා බලන්නත් අමතක කරන්න එපා හො‍‍ඳේ..’

බ්ලොග් මැරතන් එක ගැන වැඩියෙනු‍ත් එක්ක කිව්වාද මන්දා… ඔන්න එහෙනම් බ්ලොග් මැරතන් බලන විදිය පිළිබඳව පොඩ්ඩක් දැනගන්න…

පළමු ක්‍රමය – මැරතන් සින්ඩ්කේටරය.

http://marathon.sinhalabloggers.com වෙබ් අඩවියට පිවිසීම තුලින් ඔබට විනාඩි පහළෙ‍ාවෙන් පහළොවට යාවත්කාලීන වල, බ්ලොග් මැරතන් වලට සහභාගී වන සියළු දෙනාගේ සටහන් රසවිඳීමට හැකියි. මේ අඩවිය Bookmark කරගන්න අමතක කරන්න නම් එපා!

දෙවන ක්‍රමේ – යාහූ පයිප්පේ!

මේ පයිප්පේ අපේ සීයලා පාවිච්චි කරපු වගේ පයිප්පයක් වගේ නම් නෙමේ. ඒකට වඩා ගොඩක් දියුණ පයිප්පයක්. හැබැයි මේ පයිප්පෙන් මැරතන් බලලා මත් වුනොත් එහෙම ඕන් අපිට කරන්න නම් දෙයක් නෑ (විහිළුවක් කරේ!) මම නම් ඉතින් පොඩි එක‍ානේ, ඒක නිසා සුරාමේරය මජ්ජපමාදට්ඨානං වේරමණී සික්ඛාපදං සමාදියාමි! අහ් මැරතන් මාර්ගයෙන් පැන්නා නේද? එහෙනම් නැවත මාතෘකාවට පිවිසෙමු. යාහූ පයිප්පෙන් මැරතන් රසවිඳින්න පිවිසෙන්න;

තුන්වන පිම්ම! – ගූ-කතා හරහා!

කැතයි වගේද දන්නේ නෑ. ඒත් ඉතින් සිංහල ක්‍රමේට Google Talk කෙටි කරා එහෙම නේද කියන්නේ? ඔබ Google Talk භාවිතා කරනවානම්, marathon@sinhalabloggers.com
විද්‍යුත් තැපැල් ලිපිනය මිතුරෙකු ලෙසට එකතු කරගන්න. මේක තමයි මම අංක එකට නිර්දේශ කරන ක්‍රමය. ලේසියි. පහසුයි.

සිව් වැනි ක්‍රමේ – ට්වී‍ටරේ මැරතන්!

වැඩි විස්තරයක් ඕනේ නෑ http://twitter.com/BlogMarathon පස්සෙන් මැරතන් දුවන්නයි ඕනේ (Follow කරන්න) වැඩිය මහන්සි වෙන්න ඕනේ නෑ. පුටුවේ ඉඳගෙනම ෆලෝ එකක් දෙන්නයි ඕනේ.

ඔන්න ඔහොමයි පින්වතුනි බ්ලොග් මැරතන් බලන්නේ.  ඉතින් මැරතන් දුවන හැමෝටම චියර් එකක් දෙන්න අමතක කරන්න එපා. මම දුවනකොට මෙන්න මෙහෙම චියර් කරන්න…

කවුද බෝයි! – සුදාරක…

තව පාරක්! – සුදාරක…
තව හයියෙන් – සුදාරක…

සු…!
දා…!
ර…!
ක…!

සුදාරක!
අනිත් අයටත් මේ විදිහම චියර් කරන්න හොඳේ!

ප්‍රතිචාර 9 leave one →
  1. අප්‍රේල් 14, 2008 1:20 පෙ.ව.

    එළ ප්ලේන්ටි…. (ඇයි ප්ලේන්ටි කියන්නේ කියල මලින්තගෙන්ම අහන්න) අපි සෙට්…. බලමු මොකද වෙන්නේ කියලා……

  2. අප්‍රේල් 14, 2008 1:22 පෙ.ව.

    අනර්ඝයි සුදාරක! මෙය ලිවීම ගැන මගේ බලවක් ප්‍රනාමය :)
    ආ … අපෙ පයිප්පේ ලිපිනය දෙන්න
    http://pipes.yahoo.com/pipes/pipe.info?_id=8uPSZn0H3RGw0cZb6kjTQA

    ඊයා! අර මොනවද අර… කතා :D

  3. අප්‍රේල් 14, 2008 1:31 පෙ.ව.

    හිහි දැන් මලයා නියමෙට ලියනවනෙ! මල් හතයි! :D

  4. අප්‍රේල් 14, 2008 1:40 පෙ.ව.

    එළ එළ… ඔන්න තොරණේ විස්තරේ නියමෙට කියවිලා…දැන් තියෙන්නේ තොරණ බලන්න එන්න විතරයි..

    : )

  5. අගෝස්තු 11, 2008 12:41 ප.ව.

    සුදාරක Blog එක ලස්සනයි
    මම ගොඩක් සතුටෙන් ඉන්නේ මොකද ඔයා නිසා මට සිංහල ගන්න පුලුවන් උනා

    සුදාරක ඔයා ගේ Blog එක ලස්සනයි නියමයි I Think Your Very Good Friend

    waruna

  6. නොවැම්බර් 22, 2008 2:31 ප.ව.

    මට නම් තාම නෝ-අයි-ඩියා :-S

  7. නොවැම්බර් 22, 2008 2:33 ප.ව.

    හපොයි වැරදි තැන කමෙන්ට් එක ලිව්වෙ. මෙතෙන්ට ඕක අදාල වෙන්නෙ :-/
    http://www.blog.sudaraka.com/?p=262

Trackbacks

  1. දුවමුද මැරතන්? | සුදාරකගේ අන්තර්ජාල සටහන
  2. දුවමුද මැරතන්? « සුදාරකගේ අන්තර්ජාල සටහන

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 60 other followers